සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 28

September 30, 2018
අල්-සුවයිඩා-රිෆ් ඩිමැෂ්ක් කාන්තාරයේ අල්-සෆා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු ස්ථාන වෙත,සිරියානු අරාබි හමුදා සහ එහි මිත්‍ර කණ්ඩායම් සෙමින් ළඟාවෙමින් සිටිති.එහිදී රජයේ හමුදා ත්‍රස්තවාදීන් කණ්ඩායම් දෙකකට සැඟව සිට ප්‍රහාර එල්ල කර තිබෙන අතර ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 6 දෙනෙක් මරණයට පත්ව එක් රථයක් විනාශ වී ඇත.

ඒ කෙසේවුවත් ප්‍රදේශයේ වැඩි කොටසක බලය තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු වේ.ගැටුම්වලදී රජයේ හමුදා සෙබලුන් 15දෙනෙක් වත් මිය යන්නට ඇතැයි සැලකේ.

නැගෙනහිර ඩාරා හි අල්-හරාහ් ගම්මානයේ තිබූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලක් වටලන්නට සිරියානු ගුවන් හමුදා බුද්ධි අංශය සමත් විය.එහිදී සැකකරුවන් පස්දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම මෙහෙයුමේදී එක් නිලධාරියෙක් මරණයට පත් වූ අතර මරා දමන ලද ත්‍රස්තවාදීන්ගේ ගණන සම්බන්ධව නිවැරදි ගණනය කිරීමක් නොමැත.

ඩරාට් ඊසා නගරයේ ප්‍රහාර කිහිපයක් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලද හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙක් බටහිර ඇලපෝ හිදී අත් අඩංගුවට ගන්නට නූර් අල්-ඩින් අල්-සෙන්කි නම් සටන්කාමී කණ්ඩායම ක්‍රියා කරන ලදි.ඊට අමතරව එම කණ්ඩායම අල්-ෂික් බරකට් කදුකරයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට අයත් ස්ථාන කිහිපයක්ද සිය පාලනයට නතු කර ගත්තේය.ඊට ප්‍රතිචාර ලෙස හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ප්‍රදේශයට අමතර භට පිරිස් යවා තිබේ.

යුද මුක්ත කලාපයක් පිහිටුවීමට තුර්කිය සහ රුසියාව එකඟවීමත් සමග ඉඩ්ලිබ් සහ බටහිර ඇලපෝ හි සටන්කාමී කණ්ඩායම් අතර අසමගියක් වර්ධනය වන බව පෙනෙන්නට තිබේ.

සැප්තැම්බර් මස 26 දා පවත්වන ලද ඇමෙරිකානු එක්සත් ජනපද සන්නද්ධ සේවා කොමිටු මන්ත්‍රී මණ්ඩලයේ අනු කාරක සභා හමුවේදී ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු සඳහා වූ සහායක ආරක්ෂක ලේකම් රොබර්ට් කරෙම් අෂාඩ් රජයට සහ රුසියාවට චෝදනා කලේ ඉඩ්ලිබ් පළාත සිරියාව තුල ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් බවට පත් කල බව කියමින්ය.

"ඉඩ්ලිබ් විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට බඹර කූඩුවක් බවට පත් ව තිබේ යන්නට කිසිම විවාදයක් නොමැත.සිරියාවේ ගොඩබිම් පාලනය තවදුරටත් ශක්තිමත් කිරීමේ රුසියා සහ අෂාඩ් රජයේ අභික්‍රමණයේ ඵලය මෙයයි.ඔවුන් යුද මුක්ත කලාප සහ ප්‍රාදේශීය සාමදාන ගිවිසුම් හරහා සිරියාවේ අනෙකුත් ප්‍රදේශ පවිත්‍ර කර ඉඩ්ලිබ් නික්ෂේපණ භූමියක් ලෙස යොදා ගත්හ.එසේම නරකම ත්‍රස්තවාදීන්ට ඉඩ්ලිබ් වෙත යෑමට නිදහස් මාර්ග විවර කරන්නට ඔවුන් ඉඩලබා දුන්හ." මේ ප්‍රකාශය හරහා ඔහු නොකියා කියන්නේ සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය සිරියාව තුල ත්‍රස්තවාදී තර්ජනය වර්ධනය වීමට ඉඩලබා දුන් බවයි.

ඉරාන ආක්‍රමණශීලීත්වය මැඩපැවැත්වීම සඳහා ඊශ්‍රායලය සිරියාව,ඉරාකය සහ ලෙබනනයේ ක්‍රියාත්මක වන්නේ යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නැවත වරක් මුරණ්ඩු ලෙස ප්‍රකාශ කරන ලද්දේ සැප්තැම්බර් මස 27දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්ය.

 න්‍යෂ්ඨික අමුද්‍රව්‍ය ටොන් 300 පමණ ගබඩා කල හැකි රහසිගත න්‍යෂ්ඨික ගුදමක් ඉරානයේ ටෙහෙරාන් නගරාසන්නයේ පිහිටා තිබේ යැයි ඔහු අලුත් චෝදනාවක් එල්ල කලේය.

ඔහුගේ කතාවේදී හෙළි කල සමහර තොරතුරු නෙතන්යාහු විසින්ම 2018 අප්‍රේල් මාසයේ සිදු කල දේශනයකදී ප්‍රදර්ශනය කල ඒවාය.

ඒ අතරතුර,මැදපෙරදිග කලාපය තුල ඉරාන බලපෑමට අභියෝග කිරීමට අරාබි නේටෝවක් බිහි කිරීමේ සිය උත්සාහය අලුත් කරන්නට එක්සත් ජනපදය ක්‍රියා කලේය.

අරාබි ගල්ෆ් සබදතා සම්බන්ධව එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ටිම් ලෙන්ඩර්කින්ට අනුව අරාබි නේටෝවට ඇතුලත් වන්නේ සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,කුවේට්,බහරේන්,කටාර්,ඕමාන්,ඊජිප්තුව සහ ජෝර්දානය යන රටවල්ය.

නැගී එන ඉරානය බලය එරෙහි වීමටත් ,මැදපෙරදිග බල තුලනය හැසිරවීමටත් එක්සත් ජනපදය-ඊශ්‍රායලය යන පක්ෂය සිය හමුදාමය,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික බලයන් දිගින් දිගටම යොදාගන්නා බව මේ හරහා පෙනෙන්නට තිබේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 28 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 28 Reviewed by HarshaLulzSec on September 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 27

September 29, 2018
යුරෝපා රටවල් කිහිපයකින් සිරියාවේ ඉඩ්ලිබ් පළාත වෙත රසායනික අවි සංරචක සපයා ඇතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවි සීමා කිරීම සහ පාලන දෙපාර්තුමේන්තු අධ්‍යක්ෂක ව්ලැඩිමීර් යෙර්මාකොව් සැප්තැම්බර් මස 25දා පැවසීය.ඉඩ්ලිබ් පළාත තුල රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීමේ තර්ජනය තවමත් මුලුමනින්ම පහව ගොස් නැතැයි රුසියානු විදේශ අමාත්‍ය ප්‍රකාශිකා මරියා සහරොව් සැප්තැම්බර්  මස 20දා ප්‍රකාශ කලාය.හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ඔවුන්ගේ සමීපතම සටන්කාමී කණ්ඩායම් වෙත මෙම රසායනික අවි බෙදා හැර තිබේ යැ‍යි ඇය තවදුරටත් කීය.

රුසියානු පාර්ශ්වයේ මෙම ප්‍රකාශන වලින් පෙනෙන්නේ ඉඩ්ලිබ් හි තත්ත්වය තවමත් සංකීර්ණ අඩියක පවතින බවත්,මෙම මාසයේ මුලදී එකඟ වූ යුද මුක්ත කලාප ගිවිසුම කඩාකප්පල් කිරීමට සටන්කාමීන් උත්සාහ කලහොත් අලුතින් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙන බවත්ය.

ඒ අතරතුර රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව එස්-300 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීමට අමතරව රුසියාව කෙටි-මධ්‍යම දුර ගුවන් ආරක්ෂක පද්ධති කට්ටලයක්ද සිරියාවට යවනු ඇත.මෙම වාර්තා තවමත් තහවුරු කර නොමැත.

අල්-ගාඩ් ජෝර්දාන පුවත්පතට අනුව ජෝර්දානය සහ සිරියාව නසිබ් දේශසීමා පැන්නුම ඔක්තෝම්බර් මස පළමු භාගයේදී විවෘත කරනු ඇත.සිරියාව පාර්ශ්වයෙන් දේශසීමා පැන්නුම යථා තත්ත්වයට පත් කර ඇතැයි සිරියානු අගමැති ඉමාඩ් කමිස් සැප්තැම්බර් මස 25දා කීය.

මෙය සත්‍යයක් නම්,මෙම වසරේ මුල් කාර්තුවේදී රජයේ හමුදා විසින් මුදාගත් දකුණු දිග සිරියාව ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ එක් අධිරයක් මේ ක්‍රියාමාර්ගය හරහා සලකුණු වනු ඇත.ඒ හරහා ජෝර්දානයේ සිටින සිරියානු සරණාගතයන්ට සිය නිවෙස් බලා පැමිණීමට අවස්ථාව හිමිවේ.

ජෝර්දානය,කුවේට් සහ බහරේන් යන රටවල ස්ථානගත කර තිබූ 'පේට්‍රියට්' ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති 4ක් ඉවත් කර ගන්න යැ‍යි එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් නියෝග කර තිබේ යැ‍යි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සැප්තැම්බර් මස 26දා වාර්තා කර තිබුණේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් උපුටා දක්වමින්ය.

එක්සත් ජනපදය ගන්නා ලද මෙම තීරණයේ අභිප්‍රාය වන්නේ තම ගෝලීය මූලෝපාය සීරුමාරු කිරීම හරහා චීනය සහ රුසියාව ගෝලීය තර්ජනයන් ලෙස දැකීමත්,ඔවුන් එරෙහිව ක්‍රියා කිරීමත්ය.වර්තමාන එක්සත් ජනපද රාජ්‍යතන්ත්‍රයේ විදේශ ප්‍රතිපත්තියේ වැදගත්ම කරුණක් වන්නේ ඉරානය සමග අර්බුදයේදී ඊශ්‍රායලයට සහාය ලබාදීමයි.මේ බව ජනපති ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී පෙන්වාදී තිබේ.ඊට අමතරව ඔහුගේ පාලනතන්ත්‍රය එදිශාව වෙත පියවර ගණනාවක් ගෙන ඇත.පසුගිය සමයේ සිරියාවේ තත්ත්වය,ඉලියුෂන්-20 යානය බිම හෙළීම සහ සිරියානු හමුදාව එස්-300 මිසයිල පද්ධති ලබා දීමේ රුසියානු තීරණය ආදිය හමුවේ මැදපෙරදිග කෙරෙහි ඇමෙරිකානු යුදමය,රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික මැදිහත්වීම නුදුරේදීම පහළ දමනු ඇතැයි අනුමාන කල නොහැකිය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 27 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 27 Reviewed by HarshaLulzSec on September 29, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 26

September 27, 2018
ඉලියුෂන්-20 යානය බිම හෙළීමත්,රුසියාව සිරියානු හමුදාවට එස්-300 ගුවන් යානා නාශක මිසයිල පද්ධති ලබා දීමට ගත් තීරණයත් නොසලකා හරිමින් සිරියාවේ ඉලක්ක වෙත දිගටම පහරදෙන්නට,සැප්තැම්බර් මස 26 දා ඊශ්‍රායලයේ ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ කැබිනට් රැස්වීමකදී තීරණය කර තිබේ.

සිරියාව තුල ඉරානයේ යුදමය ගොඩනැංවීම් වැළැක්වීම මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට මාරක අවි සැපයීමේ උත්සාහයන් වැළැක්වීමටත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා සාර්ථකව ක්‍රියා කරමින් සිටින බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.ඊට අමතරව ඉලියුෂන්-20 යානය බිම හෙළීම සම්බන්ධව අගමැතිවරයා නැවත වරක් සිරියාවට චෝදනා කලේ එය ඊශ්‍රායලයේ සතුරු ක්‍රියාවක් නිසාවෙන් සිදුවූයේ යැ‍යි රුසියාව කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්ය.

සිරියාව තුල සිටින සිය හමුදා කණ්ඩායමේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාවන් ඉහළ නැංවීම සඳහා රුසියානු සන්නද්ධ හමුදා අමතර ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධති යොදවමින් සිටිතැයි රුසියානු මාධ්‍ය සඳහන් කරයි.එසේ යොදවන පද්ධති වර්ග හෝ ගණන සම්බන්ධව තොරතුරු හෙළිවී නොමැත.කෙසේවෙතත් මූලාශ්‍රවලට අනුව මේවා 'ක්‍රසූකා-4' නම් බහුකාර්යය අවහිර කිරීමේ පද්ධතිය සහ 'ආර්-330 සිටෙල්' නම් ජංගම දුරකතන සහ චන්ද්‍රිකා සන්නිවේදන ජාල අවහිර කිරීමේ පද්ධති යැයි විශ්වාස කෙරේ.

Kommersant පුවත්පතට අනුව සිරියානු ගුවන් ආරක්ෂක බලකාවලට අවම වශයෙන් එස්-300 ගුවන් ආරක්ෂක පද්ධති සහිත රෙජිමේන්තු කට්ටල 2ක් ලැබෙනු ඇත.පුවත්පත් මූලාශ්‍රයට අනුව මෙය සැපයුමේ පළමු අධියරය වන අතර ලබාදෙන එස්-300 පද්ධති සහිත රෙජිමේන්තු කට්ටල ගණන 4ක් හෝ 6-8 දක්වා වැඩි විය හැකිය.

වාර්තාවට අනුව සපයනු ලබන පද්ධතිවලින් සිරියාවේ වෙරළබද ප්‍රදේශ මෙන්ම ඊශ්‍රායලය,ලෙබනනය ,ජෝර්දානය සහ ඉරාකය යන රටවල් සමග තිබෙන දේශසීමා ආරක්ෂා කරනු ඇත.

යුද මුක්ත කලාප එකඟතාවය නිවේදනය කිරීමෙන් පසුව ඉඩ්ලිබ් පළාතේ තත්ත්වය සන්සුන් වී තිබේ.කලාපය බලාත්මක කිරීම ඔක්තෝම්බර් මස 15 සිදු කිරීමට නියමිතය.

ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ක්‍රමයෙන් යුප්‍රටීස් ගංගා නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු හජින් නගරය දෙසට ඇදෙමින් සිටිති.ඔවුහු ෂජ්ලාහ් ප්‍රදේශය අල්ලාගෙන සෆෆිනාහ් දෙසට ගමන් කරමින් සිටියි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 26 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 26 Reviewed by HarshaLulzSec on September 27, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 25

September 26, 2018
ඊශ්‍රායල එෆ්-16 යානා වල සතුරු ක්‍රියාමාර්ග නිසා ඉලියුෂන් -20 යානය අනතුරට ලක් වීමෙන් පසුව ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව ක්‍රියාමාර්ග ගණනාවක් නිවේදනය කරන ලදි.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂෙයිගු විසින් සැප්තැම්බර් මස 24දා නිකුත් කල ප්‍රකාශයට අනුව ,රුසියාව සති 2ක් ඇතුලත සිරියානු හමුදාවට එස්-300 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සපයනු ඇත.රුසියානුවන් සිරියානු ගුවන් ආරක්ෂක බලකාවල මූලස්ථාන වෙත සපයනු ඇතැයි කියන ස්වයංක්‍රීය ක්‍රියාවලි-පාලන පද්ධති මගින් සිරියානු ගුවන් ආරක්ෂක බලකා වෙත අනර්ඝ බුද්ධි තොරතුරු සහ ඉලක්ක කිරීමේ දත්ත ලබාදීමත්,සිරියාව තුල ස්ථානගත කර සිටින රුසියානු හමුදා කණ්ඩායම සමග සමගාමීව ක්‍රියා කිරීමත් හැකියාව ලැබේ.ඊට අමතරව නැගෙනහිර මධ්‍යධරණී මුහුද දෙසින් සිරියාවට එල්ල වන ප්‍රහාරයකදී සතුරු සන්නිවේදනයන්,රේඩාර් සහ චන්ද්‍රිකා මාර්ගෝපදේශනයන් රුසියානු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති හරහා මැඩපවත්වනු ඇත.


ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට අනුව සිරියාවේ ලටාකියා හි මෙයිමිම් ගුවන් හමුදා කඳවුර ආශ්‍රිත ගුවන් ප්‍රවාහන ක්‍රියාකාරකම් ඉහළ ගොස් තිබේ.අවම වශයෙන් සුකොයි-30 එස් එම් යානා සහ සුකොයි-35 ෆයිටර් ජෙට් යානා 8 ක් සිරියාවේ සංග්‍රාමික මෙහෙයුම් සඳහා යොදවා ඇතැයි වාර්තා වේ.

සැප්තැම්බර් මස 24දා පවත්වන ලද මාධ්‍ය හමුවකදී,ඉලියුෂන්-20 යානා අනතුර සම්බන්ධව ඊශ්‍රායල කියන කතාව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නැවත වතාවක් සමච්චලයට ලක් කලේය.මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙන එස්-400 ගුවන් ආරක්ෂක පද්ධතිවල රේඩාර් ඔස්සේ ලබා ගත් දත්ත හරහා සිරියානු ගුවන් ආරක්ෂක වෙඩි ප්‍රහාර හමුවේ ඊශ්‍රායල එෆ්-16 යානා,රුසියානු ඉලියුෂන්-20 යානය ආවරණයක් ලෙස භාවිතා කල අයුරු දැක්වෙන විස්තරයක් මුදා හරින්නට එම අමාත්‍යාංශය ක්‍රියා කලේය.

"අද දින තොරතුරු තවදුරටත් නොකියා කියනවා පමණ නොව,රුසියානු ඉලියුෂන්-20 යානයේ ඛේදවාචකය සම්පුර්ණයෙන්ම ඊශ්‍රායල ගුවන් හමුදාව සහ එවැනි ක්‍රියාවක් කිරීමට අවසරය ලබාදුන් අය මතත් පැටවෙන බව පැහැදිලිවම ඔප්පු කරනවා "  යනුවෙන් අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් පැවසීය.

මීට පෙර ඊශ්‍රායල හමුදාව කියා සිටියේ සිරියානු එස්-200 මිසයිලයක් නිසා අහම්ඹෙන් රුසියානු ඔත්තු බැලීමේ යානය බිම හෙළද්දී තම එෆ්-16 ජෙට් යානා ඊශ්‍රායල ගුවන් අවකාශයේ තිබූ බවයි.


රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල ගුවන් යානා අනතුරට අදාලා ත්‍රිමාන සිතියම් පැහැදිලි කිරීම


සිරියාවට එස්-300 මිසයිල පද්ධති සැපයීමේ තීරණයට දැනටමත් ඊශ්‍රායල සහ ඇමෙරිකානු මාධ්‍යවලට දැඩි අවධානයට ලක්ව තිබේ.මෙම මිසයිල පද්ධති සිරියාවට ලබා නොදෙන්න යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දුරකතන ඇමතුමක් හරහා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටීන්ගෙන් ඉල්ලා තිබේ.

"දියුණු අවි පද්ධති වගකීම් රහිත දෑත් වෙත ලබා දීම කලාපයේ අන්තරායකාරී බව වැඩි කරාවි" යැයි නෙතන්යාහු පුටීන් වෙත පවසා තිබේ.සැප්තැම්බර් මස 25දා ඊශ්‍රායලයේ ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද කැබිනට් රැස්වීමකදී අගමැතිවරයා කියා සිටියේ "තම රටේ සුරක්ෂිතභාවය සහ එහි ඇලුම්කම් නොකඩවා ආරක්ෂා කරන බවයි".

සිරියාවට එස්-300 පද්ධති සැපයීම සම්බන්ධ තීරණයක් ගැන පළමුවරට වාර්තා වූයේ 2018 අප්‍රේල් මාසයේදී එක්සත ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් ඩැමැස්කස් රජයේ මර්මස්ථාන ඉලක්ක කරගෙන එල්ල කල මිසයිල ප්‍රහාරවලින් පසුවයි.ඉන්පසුව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලීබ්‍රමන් තර්ජනය කලේ මිසයිල පද්ධති සිරියාවේ ස්ථානගත කල හොත් ඒවා ඊශ්‍රායල හමුදාවන් විසින් වනසා දමනවා කියමින්ය.

සැප්තැම්බර් 24දා ,එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ට අනුව රුසියානු ගුවන් යානය අනතුරට වගකිව යුත්තේ ඉරානයයි.

"මෙහි කිසිම වරදවා වටහා ගැනීමක් නැත...සිරියාව සහ ලෙබනනයේ ප්‍රහාර සඳහා වගකිවයුතු සේම රුසියානු ගුවන් යානය බිම හෙළීමට වගකිව යුත්තේද ඉරානයයි" යනුවෙන් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කලේය.

ඊශ්‍රායල හමුදාව රුසියානු ගුවන් කණ්ඩායම වෙත දක්වන ලද සතුරු ප්‍රවේශයේ ප්‍රතිපලයක් ලෙස සහ සිරියාව එරෙහි දක්වන ලද ආක්‍රමණශීලීත්වය නිසා සිදුවූ අනතුරට එක්සත් ජනපදය-ඊශ්‍රායලය යන පාර්ශ්වය ඉරානය ඇතුලුව සියලුදෙනාටම චෝදනා කිරීමට දරන උත්සාහය මෙහිදී වඩාත් කැපී පෙනෙයි.

 



source:southfront.org

 
සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 25 සිරියානු යුද වාර්තාව -  2018 සැප්තැම්බර් 25 Reviewed by HarshaLulzSec on September 26, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 24

September 25, 2018
තුර්කිය සහ රුසියාව අලුතින් ඇති කර ගත් ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතාවය සම්බන්ධව ඉඩ්ලිබ් හි සටන්කාමී කණ්ඩායම් අතර පොදු එකඟතාවයක් නැති වීම නිසා භේදයක් හටගෙන තිබේ.

විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ නම් සටන්කාමී කණ්ඩායම්වල එකමුතුව සැප්තැම්බර් මස 22දා නිකුත් කල නිල ප්‍රකාශනයකට අනුව ඔවුහු මෙම එකඟතාවයට කැමැත්ත ප්‍රකාශ කර ඇත.එකඟතාවය හරහා 'අසාධාරණ යුද්ධය' වැළකී ගිය බවත් තුර්කිය තම මිත්‍රයෙක් බවත් ඔවුහු පවසති.තමන් රුසියාව,සිරියානු රජය සහ ඉරානය විශ්වාස නොකරන බවත් එම පාර්ශ්වයන් අවස්ථා රැසකදී සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කල බවත් සටන්කාමීන් කියයි.

විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ යනු උතුරුදිග සිරියාවේ ක්‍රියාත්මක තුර්කියේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වල විශාලතම මිත්‍ර සන්ධානයයි.එය පිහිටුවා ගන්නා ලද්දේ 2018 මැයි 28 දාය.ඒ ඉඩ්ලිබ් පළාත තුල තුර්කි බලපෑම තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව,සටන්කාමී කණ්ඩායම් ගණනාවක එකතුවෙනි.එතැන් පටන් මෙම පෙරමුණ තුර්කි ප්‍රතිපත්තිය ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන බව ප්‍රදර්ශනය කරමින් සිටියි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතාවයට කැමැත්ත ප්‍රකාශ කල දෙවන සටන්කාමී කණ්ඩායම වන්නේ විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණයි.සැප්තැම්බර් මස 20දා ජයිස් අල්-ඊසා කණ්ඩායමත් එකඟතාවයට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි.

ඔක්තෝම්බර් 15දා බලාත්මක කිරීමට සැලසුම් කර තිබෙන සටන්කාමීන්ට සහ රජයේ හමුදාවන්ට අයත් ප්‍රදේශ ඡේදනය වන සේ නිර්මාණය කෙරෙන කිලෝ මීටර් 15-20 අතර පළලක් සහිත යුද මුක්ත කලාපය පිළි ගැනීමට ඉඩ්ලිබ් හි අනෙකුත් සටන්කාමී කණ්ඩායම් වලට තවමත් කඩිමුඩියක් නොමැති බව පෙනේ.අල්කයිඩාවට අනුබද්ධ හොරාස් අල්-ඩීන් කණ්ඩායම නිකුත් කල නිල නිවේදනයකින් මෙම එකඟතාවය ප්‍රතික්ෂේප කර තිබූ අතර එය "කුමන්ත්‍රණයක්" යැ‍යිද පවසති.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සමග ක්‍රියාත්මක වන ඉඩ්ලිබ් හි වැඩි බලයක් හිමි,අල්කයිඩාවට අනුබද්ධ කණ්ඩායමක් වන්නේ 2018 පෙබරවාරි 27දා ස්ථාපිත කරන ලද හොරස් අල්-ඩීන් කණ්ඩායමයි.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට පක්ෂපාතී මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍ය,මෙම යුද මුක්ත කලාප එකඟතාවය විවේචනය කරන ලදි.තවද එම කණ්ඩායම ඒ සම්බන්ධව නිල ප්‍රකාශනයක්ද නිකුත් කර නොමැත.මීට හේතුව යැයි විශ්වාස කල හැක්කේ තිරය පිටුපස,තුර්කි බුද්ධි අංශත් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමත් අතර සාකච්ඡා සිදුවෙමින් පැවතීමයි.

තම නිරීක්ෂණ මුර පොළවල් ශක්තිමත් කිරීම සඳහා සැප්තැම්බර් මස 22දා තුර්කි හමුදාව කොමාන්ඩෝ බ්‍රිගේඩයක් ඉඩ්ලිබ් පළාතට කැදවන ලදි.පසුගිය සති කිහිපය තුලදී තුර්කි හමුදාව අමතර යුද ටැංකි සහ සන්නද්ධ රථද මෙම ප්‍රදේශවලට යවන ලදි.

මෙම ක්‍රියාමාර්ග වලින් ඇඟවෙන්නේ ඉඩ්ලිබ් සටන්කාමීන් යුද මුක්ත කලාප එකඟතාවයට කීකරු කර ගන්නට තුර්කි රජය සිය බලය ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් පාලනය කරන උතුරුදිග සිරියාවේ දේශසීමාව ආසන්න නගරයක් වන ටෙල් අබියාඩ් අසලට තුර්කි හමුදාව සන්නාහ සන්නද්ධ රථ,යුද ටැංකි සහ ට්‍රක් රථ සිය ගණනක් යවා ඇතැයි කුර්දි  'හවාර්' නම් පුවත් සේවය සැප්තැම්බර් මස 20දා වාර්තා කර තිබිණි.

සිරියානු මූලාශ්‍රවලට අනුව අන්කාරා රජය සූදානම් වන්නේ මැන්බිජ් වලින් කුර්දි හමුදා පසුබැස්ස වූ ආකාරයෙන් මෙම නගරයෙන්ද කුර්දි ඒකක ඉවත් කිරීමටයි.

ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ හජින් පොකට්ටුව අල්ලා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටිති.එම හමුදා ,එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරක සහාය ඇතුව  සුසාහ් සහ ෂජ්ලාහ් දෙසට ඇදිමින් සිටියි.

සැප්තැම්බර් මස 23දා පවත්වන ලද මාධ්‍ය හමුවකදී,සැප්තැම්බර් 17 දා රුසියානු ඉලියුෂන්-20 යානය බිම හෙළීම සම්බන්ධව අමතර තොරතුරු රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙළිදරවු කරන ලදි.මෙම ඛේදවාචකයට වගකියුතු පාර්ශ්වය ලෙස මොස්කව් රජය දකින්නේ ඊශ්‍රායලය යැ‍යි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙව්කොව් නැවත වරක් අවධාරණය කලේය.

ඊට හේතුවූයේ සිරියානු ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙද්දී ඊශ්‍රායල එෆ්-16 යානා රුසියානු ඉලියුෂන්-20 යානය ආවරණයක් ලෙස භාවිතා කිරීමත්,ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය සාවද්‍ය තොරතුරු සැපයීම සහ රුසියා-ඊශ්‍රායල ගැටුමක් ඇතිවීම වැළැක්වීමට පිහිටුවන ලද ගිවිසුම ඊශ්‍රායලය අවස්ථා ගණනාවකදී උල්ලංඝනය කිරීමයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව ගත් රුසියානු ඉලියුෂන්-20 යානය කෙරෙහි ගත් ක්‍රියාමාර්ග හරහා ශිෂ්ඨ සම්පන්න සබදතාවල සීමාව ඉක්මවා ගිය බව මේජර් ජෙනරල් කොනෂෙන්කොව් කීය.

සැප්තැම්බර් 17දා සිදුවීමට සිරියාව,ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය වගකිව යුතු බව පවසන ඊශ්‍රායලය,රුසියානු හමුදාව අනතුර සම්බන්ධව සපයන තොරතුරු ප්‍රතික්ෂේප කලේය.

පසුගිය සතියේදී ඊශ්‍රායල හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් මොස්කව් හි සිදු කල සංචාරය හරහා රුසියාව සමග ඇතිවූ අර්බුදයේ තීව්‍රතාවය අවම කරන්නට හැකිව නැති බව පෙනෙන්නට තිබේ.තත්ත්වය මෙලෙස ම පැවතුන හොත් සිරියානු අර්බුදය සම්බන්ධව ගැනීමට නියමිත රාජ්‍යතාන්ත්‍රික විසඳුම ඊශ්‍රායලයට ඝෘණාත්මක අයුරින් බලපෑම් කරනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 24 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 24 Reviewed by HarshaLulzSec on September 25, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 21

September 22, 2018
වයඹදිග සිරියාවේ සිටින විශාලතම නිදහස් සිරියානු හමුදා සටන්කාමීන් කණ්ඩායමක් වන ජයිස් අල්-ඊසා,ඉඩ්ලිබ් හි නවතම යුද මුක්ත කලාපය ක්‍රියාවට නැංවීමට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි.සැප්තැම්බර් මස මුල් භාගයේදී තුර්කිය සහ රුසියාව විසින් ඇති කර ගත් මෙම එකඟතාවයට ජයිස් අල්-ඊසා කණ්ඩායම සහාය දෙන බව විරුද්ධ පක්ෂයේ ඉනාබ් බලාඩි නම් මාධ්‍ය විසින් පසුගිය 20දා වාර්තා කර තිබිණි.

ඉඩ්ලිබ් සහ අවට ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත් කිරීමට ගිය සිරියානු අරාබි හමුදා ප්‍රමුඛ රජයේ හමුදාවල යුද මෙහෙයුම වළක්වාලීමට ක්‍රියා කිරීම සම්බන්ධව ජයිස් අල්-ඊසා සටන්කාමීන් නිකුත් කල ප්‍රකාශනයෙන් තුර්කියට ස්තුති කර තිබේ.

ජයිස් අල්-ඊසා යනු වයඹදිග සහ උතුරු හමා ප්‍රදේශවල ක්‍රියාත්මක සටන්කාමීන් කණ්ඩායමකි.ඔවුන් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සමීපතම මිත්‍රයෙකි.මෙම සිදුවීමෙන් පෙනෙන්නේ ඔක්තෝම්බර් මස 20දා පටන් ක්‍රියාත්මක කිරීමට නියමිත යුද මුක්ත කලාප එකඟතාවයට ප්‍රදේශයේ සටන්කාමීන් කණ්ඩායම් එකඟ කරවා ගැනීමට සඳහා අවශ්‍ය බලපෑම් කිරීමේ හැකියාව සහ බලය තුර්කිය සතු බවයි.කෙසේවෙතත් තත්ත්වය තවමත් ව්‍යාකූලය.

ඉඩ්ලිබ් හි රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීමේ හැකියාව තවමත් පහව ගොස් නැතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සහරොවා සැප්තැම්බර් මස 20දා මාධ්‍ය හමුවකදී පැවසීය.ඇයට අනුව හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් මෙම කාර්යය සඳහා අවශ්‍ය රසායනික විෂ අනෙකුත් මිත්‍ර සටන්කාමී කණ්ඩායම් වෙත සපයමින් සිටියි.

ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යුප්‍රටීස් නිම්නයේ ඉදිරියට ගමන් කරද්දී බාගුස් අල්-ෆව්කානි සහ හජින් ආසන්නයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 31 දෙනෙක් මරා දමා වාහන දෙකක්,මෝටාර් අවි කිහිපයක් සහ බෝම්බ සවි කල වාහන 5ක් විනාශ කරන්නට සමත් විය.

නොබෝදා ,එම හමුදාවන් විසින් බාගුස් හි සම්පුර්ණ පාලනය සියතට ගත් අතර ත්‍රස්තවාදී සතු අල්-ෆව්කානි අල්-සුසා ගම්මානය දෙසට ගමන් කිරීම ආරම්භ කලේය.

ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාරවල එක් අරමුණක් වන්නේ සිරියානු හමුදාව ඔවුන්ගේ මිසයිල ප්‍රහාරක හැකියාව ඉහළ නංවා ගැනීම වැළැක්වීම යැ‍යි හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලාහ් සැප්තැම්බර් මස 19දා පැවසීය.

"ප්‍රහාරයේ අරමුණ හිස්බුල්ලා සංවිධානයේ අවි යැ‍යි කීම ඊශ්‍රායලයේ මුසාවකි.සිරියාව කෙරෙහි ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වය තවදුරටත් ඉවසිය නොහැකි සේම වහාම නවතා දැමිය යුතුය." - හසාන් නසරල්ලාහ්

අපිට සිරියාවෙන් ඉවත් වෙන්න යැ‍යි කිසිවෙකුට බල කල නොහැකිය.ඩැමැස්කස් රජයේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් පමණක් තම සංවිධානය සිරියාවෙන් ඉවත් වන බවත් ඔහු පැවසීය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 21 සිරියානු යුද වාර්තාව -  2018 සැප්තැම්බර් 21 Reviewed by HarshaLulzSec on September 22, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 20

September 21, 2018
සැප්තැම්බර් මස 17දා රුසියානු ඉලියුෂන්-20 ගුවන් යානය බිම හෙළීම සම්බන්ධවූ සිරියාවේ ලටාකියා පළාතේ සිටි සිරියානු අරාබි හමුදාවට අයත් 44වන බ්‍රිගේඩයට අයත් සෙබලුන් සහ නිලධාරීන් සියලුදෙනා රුසියානු හමුදා පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ යැයි සැප්තැම්බර් මස 19දා අරාබි,බටහිර සහ රුසියානු මාධ්‍ය වාර්තා පළවී තිබිණි.අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයෝ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තාවල සඳහන් විය.

මෙම වාර්තා සඳහා තොරතුරු ලබාගත් ප්‍රධානම මූලාශ්‍රයක් වන්නේ අල්-ටන්ෆ් හි සිටින සටන්කාමී කණ්ඩායම්වලට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට සම්බන්ධ Hammurabi's Justice News නම් බ්ලොග් අඩවියයි.ඔවුන්ගේ මතය සනාථ කිරීම අවශ්‍ය කිසිදු සාක්ෂියක් එම බ්ලොග් අඩවිය සපයා නැත.සිරියානු ගුවන් ආරක්ෂක බලකා වලට අනුව හමුදාවේ 44 වන බ්‍රිගේඩයක්ද නොමැත.

එදිනම රුසියානු හමුදා නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයේ යුද අභ්‍යාසයක් ආරම්භ කලේය.එය සැප්තැම්බර් මස 26 දා තෙක් පැවැත්වීමට නියමිතය.ඉලියුෂන්-20 යානය බිම හෙළීමට හේතුවූ ඊශ්‍රායල ක්‍රියා කලාපය පිළිගත නොහැකි බව පැවසූ රුසියානු බලධාරීන්,ඊශ්‍රායලයට අනතුර ඇඟවීමට හෝ සිය ශක්තිය පෙන්වීමට  මෙම යුද අභ්‍යාසය සංවිධානය කලේ යැ‍යි සමහරක් විශේෂඥයෝ පවසති.

ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපය සම්බන්ධ තුර්කි-රුසියා ගිවිසුම කඩාකප්පල් කිරීම ඊශ්‍රායල ප්‍රහාරයේ අරමුණ වන්නට ඇතැයි තුර්කි ජනපතිගේ උපදේශකයෙක් වන යසින් අක්ටායි පැවසීය.

ඒ අතරතුර ඩීර් එසෝර් පළාතේ අල්-බුගුස් අල්-ෆව්කානි ජනාවාසයේ සිටින සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට එම හමුදා සමත්විය.එහිදී ත්‍රස්තවාදීන්ට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැදවූ බෝම්බ සවි කල රථ 2ක් විනාශ කරන ලදි.ඉන්පසුව ත්‍රස්තවාදීන් රැදි සිටින අල්-ෂාඩ්ඩාහ්  සහ අල්-කස්‍රාහ් වෙත ප්‍රහාර එල්ල කරන ලදි.

දැන් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අල්-සුසාහ් ප්‍රදේශය දෙසට ගමන් කරමින් සිටිති.

රුසියානු හමුදාව සිරියාවේ සිය හමුදා කඳවුරු වල ආරක්ෂාව දැඩි කිරීමටත්,වැඩි දියුණු කල ආරක්ෂක පද්ධති පිහිටුවීමටත් අවදානය යොමු කර ඇතැයි එරට උප අගමැති යූරි බොරිසොව් සැප්තැම්බර් මස 19දා මාධ්‍ය වෙත පැවසීය.සිරියාව තුල සිටින රුසියානු සෙබලුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි පියවර ගන්නේ යැයි ජනපති පුටීන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.




 source:southfront.org

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 20 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 20 Reviewed by HarshaLulzSec on September 21, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 19

September 20, 2018
සැප්තැම්බර් මස 17දා රුසියානු සහ තුර්කි ජනාධිපතිවරුන් සිදු කල මුහුණට මුහුණ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් වූ ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපය ක්‍රියාවට නැංවීම සිතන තරම් සරල කර්තව්‍යයක් නොවන බව බොහෝ විශේෂඥයෝ පවසයි.

අලුත් එකඟතාවයට අනුව ගිවිස ගත් සීමාවෙන් සිය හමුදා සහ යුදෝපකරණ ඉවත් කර ගැනීමත්,එකඟතාවය පිළිගැනීමත් හයාට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය,ජයිස් අල්-ඊසා සහ හොරස් අඩින් යන සටන්කාමී කණ්ඩායම්  විසින් සැප්තැම්බර් මස 18 දා ප්‍රතික්ෂේප කරන ලදි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල නව ආරක්ෂක පද්ධතියක් ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු සැප්තැම්බර් මස 18දා පැවසීය.සියලුම බර අවි ඔක්තෝම්බර් මස 10 දා වන විට යුද මුක්ත කලාපයෙන් ඉවත් කර ගත යුතු බවත්,ඔක්තෝම්බර් මස් 15දා වන විට අන්තවාදී කණ්ඩායම් ඔවුන්ගේ හමුදා ඉවත් කර ගැනීමත් සිදු කල යුතු බවත් ඔහු කීය.

අලුතින් බලාත්මක කිරීමට යන යුද මුක්ත කලාපය

සැලසුම් කල දිනයට යුද මුක්ත කලාපය බලාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සටන්කාමීන්ට එකඟතාවය පිළිගන්නා ලෙස බල කරන්නට තුර්කියට සහ සිරියා-ඉරාන-රුසියා සන්ධානයට සිදුවේවි.හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම් වල ක්‍රියා කලාපය නිදහසට කරුණක් ලෙස ගෙන එකඟතාවයේ තම භූමිකාව පුර්ණ ලෙස ක්‍රියාත්මක නොකරන්නට ඩැමැස්කස් රජය කටයුතු කරාවි යැ‍යි කියමින් සටන්කාමීන්ට පක්ෂපාතී මාධ්‍ය දැනටමත් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාර ප්‍රදේශයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකකට සැඟව සිට ප්‍රහාර එල්ල කරන්නට සිරියානු අරාබි හමුදාව ක්‍රියා කර තිබිණි.එහිදී ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මිය අතර හත්දෙනෙක් අත් අඩංගුවට පත්ව ඇත.පැල්මයිරා නගරයට කි.මී.30 ක් නිරිතදිගින්  සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසුව ත්‍රස්තවාදීන්ට අයත් අවි සහ මෝටර් සයිකල් 6ක් සොයා ගන්නට රජයේ හමුදා සමත් විය.ඊට අමතරව පැල්මයිරා නගරයට ගිනිකොණ දිශාවේ කි.මී.70ක් දුරින් වූ ෆ්‍රෝවා ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් 7 දෙනෙක් අත් අඩංගුවට ගන්නත්,මෝටර් සයිකල් 10,ගංජා සහිත පාර්සල් 146ක්,කැප්ටගන් පෙති දසදහසක් පමණ අඩංගු බෑග් 10 සොයා ගන්නත් සිරියානු අරාබි හමුදාවට හැකිවිය.

සැප්තැම්බර් මස 17දා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අතරතුර බිම හෙළු රුසියානු ඔත්තු බැලීමේ යානය සම්බන්ධව තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ.ප්‍රහාරයෙන් පසුව රුසියානු ආරක්ෂක අමාත්‍ය ෂොයිගු පැවසුවේ අනතුර සම්බන්ධව සම්පුර්ණ වගකීම ඊශ්‍රායල බාර ගත යුතු බවත්,ඊට ප්‍රතිචාර දැක්වීමට මොස්කව් රජයට අයිතියක් තිබෙන බවත්ය.ජනපති පුටීන් කියා සිටියේ මෙම සිදුවීම ඛේදවාචක වැලක තවත් එක් අවස්ථාවක් බවයි.ඊට ප්‍රතිචාර වශයෙන් ගත හැකි පළමු සහ ප්‍රමුඛතම ක්‍රියා මාර්ගය වන්නේ සිරියාවේ සිටින රුසියානු සෙබලුන් සහ රුසියාවට අයත් සම්පත්වල ආරක්ෂාව දැඩි කිරීම යැයිද ඔහු කීය.


ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහු,අනතුරින් මිය ගිය රුසියානුවන් සම්බන්ධව ශෝකය ප්‍රකාශ කලද සිදුවීමට වගකිව යුත්තේ සිරියාව,ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය බව කීය.

රුසියානු ඔත්තු බැලීමේ යානය බිම හෙළීම සිදුවූයේ කෙසේද යන්න පිළිබදව අර්ථකථනය කරන සංස්කරණ දෙකක් තිබේ.රුසියාව කියන්නේ ඊශ්‍රායල එෆ්-16 යානා සිරියානු ප්‍රතිප්‍රහාරවලින් බේරීමට්,ඉලියුෂන්-20 යානය ආවරණයක් ලෙස භාවිතා කල බවයි.ඊශ්‍රායලයට අනුව අනතුර සිදුවන විට තම ගුවන් යානා අදාල ප්‍රදේශයේ නොතිබුණු බවත්,රුසියානු යානය බිම හෙළුවේ සිරියානු ගුවන් ආරක්ෂක බලකාවල නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන්ය.කෙසේවෙතත් සැප්තැම්බර් මස 17දා සිදුවීම නිසා කලාපය තුල තත්ත්වය තවත් නරක අතට හැරිණි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 19 සිරියානු යුද වාර්තාව -  2018 සැප්තැම්බර් 19 Reviewed by HarshaLulzSec on September 20, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 18

September 19, 2018
සැප්තැම්බර් මස 17දා අපර භාගයේදී සිරියාවේ ලටාකියා පළාත මහා පරිමාණ ගුවන් ප්‍රහාරයකට ලක් වූ අතර එහි ඉලක්ක බවට පත්ව තිබුණේ විදුලි බලාගාරයක් සහ සිරියානු රජයේ හමුදාවට අයත් ගොඩනැගිලි සංකීර්ණ දෙකකි.ඊට අමතර රටේ අනෙකුත් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වන මුත් ඒවා තහවුරු කර නොමැත.

සිරියානු රජයේ මාධ්‍යට අනුව මුහුද දෙසින් පැමිණි මිසයිල විශාල ප්‍රමාණයක් අතරමග දී බිම හෙලන්නට සිරියානු හමුදා සමත්ව තිබේ.කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසුව මුදා හරින ලද ඡායාරූප සහ වීඩියෝවලින් පෙනෙන්නේ යම් මිසයිල ප්‍රමාණයක් ඉලක්ක වෙත පතිතව තිබෙන බවයි.ප්‍රහාරයට එක්සත් ජනපදයේ මැදිහත් වීමක් නැතැයි පෙන්ටගනයේ ප්‍රකාශක නාවික හමුදා අණදෙන නිලධාරී ෂෝන් රොබර්ට්සන් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදි.

සැප්තැම්බර් මස 18දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හෙළිදරව් කලේ ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය එෆ්-16 ප්‍රහාරක යානා 4ක් භාවිතා කල බවයි.ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කාර්ය මණ්ඩලය 14 දෙනෙක් සහිතව පියාසර කරමින් තිබූ රුසියාවට අයත් ඉලියුෂන්-20 වර්ගයේ ඔත්තු බැලීමේ ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදට ඉහල අහසේදී අතුරුදහන් වී තිබේ."යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වෙද්දී එය සිරියානු වෙරළට කි.මී. 35 ඈතින් පියාසර කරමින් තිබුණු අතර යළිත් මෙයිමිම් ගුවන් හමුදා කඳවුර වෙත ළඟාවෙමින් සිට තිබේ." යැ‍යි එම අමාත්‍යාංශය පැවසීය.


ඊට සමගාමීව අදාල මුහුදු ප්‍රදේශයේ තිබූ ප්‍රංශයට අයත් "Auvergne"නම් ෆ්‍රිගට් වර්ගයේ යුද නෞකාව මිසයිලයක් දියත් කරන අයුරු රුසියානු රේඩාර් පද්ධති විසින් ග්‍රහණය කර ගත් බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්පසුව,රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ඉලියුෂන් -20 යානය කඩා වැටුණේ සිරියාවේ එස්-200 මිසයිල පද්ධතියක ඉලක්කයක් බවට පත් වීමෙන් බවයි.මෙම අනතුරට හේතු වූයේ සිරියානු ප්‍රතිප්‍රහාර වලින් බේරීමට ඊශ්‍රායල යුද ගුවන් යානා හිතාමතාම,රුසියානු ඔත්තු බැලීමේ යානය ආවරණයක් ලෙස භාවිතා කිරීමයි.

කඩා වැටුණු යානය සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකය.

ඉලියුෂන්-20 යනු පුළුල් පරාස ඇන්ටෙනා,අධෝරක්ත සහ ප්‍රකාශ සංවේදක සහිත ඉලෙක්ට්‍රොනික බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ ගුවන් යානයකි.


සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සටන්කාමීන් සහ රජයේ හමුදා අතර යුද මුක්ත කලාපයක් පිහිටුවීම සඳහා ජනපති ව්ලැඩ්මීර් පුටීන් සහ තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් එකඟත්වය ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව සිරියාව සැප්තැම්බර් මස 17දා ප්‍රහාරයට මුහුණු දුන්නේය.

"ඔක්තෝම්බර් 15දාට පෙර රජයේ හමුදා සහ සටන්කාමීන් අතර යුද මුක්ත කලාපයක් පිහිටුවන්නට අපි එකඟ වුනා.මෙම කලාපය කි.මී. 15-20 පළල සහ ජබාත් අල්-නුස්රා(දැන් හයාට් ටරිර් අල්-ෂාම් නමින් හඳුන්වයි) වැනි අන්තවාදීන්ගෙන් තොර එකක් වේවි." යැයි පුටීන් කීය.

අලුතින් පිහිටුවීමට යන යුද මුක්ත කලාපය දැක්වෙන තුර්කි සිතියමක්

ඔක්තෝම්බර් මස 10දාට පෙර එම කලාපයේ තිබෙන කාලතුවක්කු සහ යුද ටැංකි ඇතුලු බර අවි ඉවත් කර ගත යුතුය.ඉන්පසුව කලාපය පුරා තුර්කි සහ රුසියානු හමුදා මුර සංචාර සිදු කරනු ලබාවි.මෙම වසර අවසානයේදී ඇලපෝ සහ හමා අතරත්,ඇලපෝ සහ ලටාකියා අතරත් මහා මාර්ගයන් ගමනාගමනය සඳහා විවෘත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.පුටීන්ට අනුව මෙම එකඟතාවයට සිරියානු රජයේ කැමැත්ත ලැබී තිබේ.

කෙසෙවෙතත් හයාට් ටරිර් අල්-ෂාම් සහ එහි මිත්‍ර ත්‍රස්ත කණ්ඩායම් වල පාලනය යටතේ තිබෙන ප්‍රදේශය හරහා කි.මී. 15-20 පළල යුද මුක්ත කලාපයක් පිහිටුවීමට එම ත්‍රස්ත කණ්ඩායම්,යුදමය ක්‍රියාමාර්ගයකින් තොරව අවනත කරගන්න්නේ කෙසේද යන්න නොපැහැදිලිය.




southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 18 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 18 Reviewed by HarshaLulzSec on September 19, 2018 Rating: 5

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුර රුසියානු ගුවන් යානයක් අතුරුදහන්

September 18, 2018
සැප්තැම්බර් මස 17දා සිරියාවට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.ඒ අතරතුර රුසියාවට අයටත් ඉලියුෂන්-20 නම් ඔත්තු බැලීමේ ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදට ඉහළ අහසේදී අතුරුදහන්ව තිබේ.ඒ විට එහි රුසියානු කාර්ය මණ්ඩල සාමාජිකයෝ 14ක් සිටියහ.

"සැප්තැම්බර් මස 17දා මොස්කව් වේලාවෙන් උදෑසන 11.00 පමණ මෙයිමිම් ගුවන් කඳවුර බලා එමින් සිටි රුසියානු ඉලියුෂන්-20 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමග වූ සබදතා ඇණිහිටි අතර ඒ වනවිට යානය සිරියානු වෙරළේ සිට කි.මී. 35ක් ඈතින් පියාසර කරමින් තිබිණි" - රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඉලියුෂන්-20  ඔත්තු බැලීමේ ගුවන් යානයක්

අමාත්‍යාංශයේ බලධාරියෙකුට අනුව යානය අතුරුදහන් වන්නේ ඊශ්‍රායලයට අයත් එෆ්-16 යානා හතරකින් සිරියාවේ ලටාකියා හි රජයේ මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදීය.

ඊට සමගාමීව එම ප්‍රදේශයේ යාත්‍රා කල ප්‍රංශයට අයත් ඔවේග්නේ නම් ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාව මිසයිලයක් දියත් කරන අයුරු තහවුරු කර ගන්නට රුසියානු රේඩාර් පද්ධති සමත්ව තිබෙන බවත් අමාත්‍යාංශය පැවසීය.

ඔවේග්නේ නම් ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාව

රුසියානු කාර්ය මණ්ඩලයේ ඉරණම කෙසේ විසඳුනේද යන්න තවමත් නොදනියි.මෙයිමිම් ගුවන් හමුදා කඳවුරෙන් දියත් කරන ලද රුසියානු හමුදා විසින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

රුසියානු ඉලියුෂන්-20 යානාය බිම හෙළුවේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ක්‍රියා කරමින් සිටි සිරියානු ගුවන් ආරක්ෂක බලකා විසින් බවට නම් ඇමෙරිකානු පුවත් නාලිකාව නම සඳහන් නොකරන මූලාශ්‍ර උපුටා දක්වමින් පවසයි.ta

"සිදුවීම සම්බන්ධව දන්නා ඇමෙරිකානු බලධාරියෙකුට අනුව සඳුදා දිනයේදී එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරමින් සිටි සිරියානු රජයේ ගුවන් යානා නාශක අවි නිසා රුසියානු නාවික මුර සංචාරක ගුවන් යානය කඩා වැටිණි.

සැබවින්ම සිරියානු රජය උත්සාහ කලේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාර වැළැක්වීමට යැ‍යි ඇමෙරිකානු බලධාරියා කීය.සිරියානු රජයට එල්ල කල මිසයිල ප්‍රහාරවලට වගකිව යුත්තේ ඊශ්‍රායලය බව දෙවන ඇමෙරිකානු බලධාරියා තහවුරු කලේය." - යනුවෙන් පුවත් සේවය වාර්තා කරන ලදි.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධව බටහිර ගැති මාධ්‍යවල ප්‍රධානතම අර්ථ කථනයද මෙය වනු ඇත.

 ඉලියුෂන්-20 යනු ඉලෙක්ට්‍රොනික් බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා අවශ්‍ය පුළුල් පරාසයක් ආවරණය කල හැකි ඇන්ටනා,අධෝරක්ත සහ ප්‍රකාශ සංවේදක සහිත ඔත්තු බැලීමේ ගුවන් යානයකි.සමහරක් මූලාශ්‍රවලට අනුව ඊශ්‍රායලය හෝ එහි මිත්‍ර රටවල්, රුසියානු ගුවන් යානය බිම හෙළුවේ අත්වැරදීමකින් හෝ සිරියානු හමුදාවට ප්‍රහාරයේදී සංවේදී තොරතුරු සැපයීමේ රුසියානු හැකියාව සීමා කිරීමට විය හැකිය.

සැප්තැම්බර් මස 17දා සිරියාවේ ලටාකියා නගරයට මහා පරිමාණ ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර එහි ඉලක්ක වූයේ විදුලි බලාගාරයක් සහ සිරියානු හමුදාවට යටත් ගොඩනැගිලි දෙකකි.මුහුද දෙසින් පැමිණි මිසයිල විශාල ප්‍රමාණයක් අතරමගදී බිම හෙළන්නට සමත් වූ බව සිරියානු රජයේ මාධ්‍ය පැවසීය.කෙසේවෙතත් ඡායාරූප සහ විඩියෝවලට අනුව සමහර මිසයිල ඉලක්ක වෙත පතිතව තිබිණි.




source:southfront.org


ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුර රුසියානු ගුවන් යානයක් අතුරුදහන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුර රුසියානු ගුවන් යානයක් අතුරුදහන් Reviewed by HarshaLulzSec on September 18, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 14

September 15, 2018
සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව තුර්කි සන්නද්ධ හමුදා සැප්තැම්බර් මස 13දා යුද ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ කිහිපයක් උතුරුදිග හමා හි මුරාක් නගරය ආසන්නයේ ඔවුන්ගේ නිරීක්ෂණ මුර පොල අවට ස්ථාන ගත කර තිබේ.

තුර්කි සන්නද්ධ හමුදා ඔවුන්ගේ බර  අවි මෙම ප්‍රදේශයේ දියත් කල ප්‍රථම වතාව මෙයයි.මෙම බර අවි දියත් කිරීම  හරහා ඉඩ්ලිබ් පළාතේ සහ අවට ප්‍රදේශවල සිටින හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියානු අරාබි හමුදාව දියත් කිරීමට නියමිත යුද මෙහෙයුම වැළැක්වීමට තුර්කි නායකත්වය ප්‍රයත්න දරන බව සිරියානු රජයට පක්ෂපාතී ක්‍රියාකාරීන්ට කියයි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය තුල තුර්කි රජයේ හමුදා සතු නිරීක්ෂණ මුරපොලවල් 12ක් පිහිටා තිබේ.ඒවායින් බොහොමයක් පිහිටා තිබෙන්නේ ජාත්‍යන්තරව ත්‍රස්තවාදී සංවිධාන ලෙස පිළිගත් කණ්ඩායම්වල සෘජු පාලනයට යටත් හෝ ඒ ආසන්න ප්‍රදේශවලයි.

එදිනම උතුරුදිග හමා හි මසානා හි ජයිස් අල්-ඊසා(හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සමීපතම මිත්‍රයෙක්)කණ්ඩායමේ ස්ථාන වෙත සිරියානු අරාබි හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.ඊට අමතරව දකුණුදිග ඉඩ්ලිබ් හි අල්-ටමානාහ් ආසන්නයේ පිහිටා ඇති හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ මූලස්ථානයකට එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මරණයට පත්ව ඇත.

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් ඉලක්ක කරගෙන දියත් කල මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව,ටී-3 පොම්පාගාර සංකීර්ණය දෙසට දිවෙන මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන සිරියානු අරාබි හමුදාවට ත්‍රස්තවාදීන් දමා ගිය අවි,වෛද්‍ය සැපයුම්,චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ සහ එක් රථයක් හමු විය.

සැප්තැම්බර් මස 12දා ෆොක්ස් නිවුස් ආයතනයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිත නිකී හේලි කියා සිටියේ,අෂාඩ් රජය ඉඩ්ලිබ් හි සිදුකල හැකි රසායනික අවි ප්‍රහාරයක් පමණක් නොව සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කරන ඕනෑම ප්‍රහාරයකට දඩුවම් දීමට එක්සත් ජනපදය සහ එහි මිත්‍රයෝ සූදානම් බවයි.

රසායනික අවි ඉඩ්ලිබ් හි භාවිතා කිරීමට අෂාඩ් රජය දැනටමත් නියෝග කර ඇතැයි යන චෝදනාවද ඇය විසින් එල්ල කලේය.

සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානයට අනුව ඩැමැස්කස් රජයට එරෙහි ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයට යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යාජ හේතුවක් නිර්මාණය කිරීමට උවමනා රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීමට ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන් සූදානම්ය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 14 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 14 Reviewed by HarshaLulzSec on September 15, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 13

September 14, 2018
2013 වර්ෂයේ තුර්කියේ රෙහන්ලි නගරයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ යැ‍යි සැක කරන යූසුෆ් නාසික් නැමැත්තා සිරියාවේ ලටාකියා නගරයේදී පැහැරගෙන තුර්කියට රැගෙන ගිය බව තුර්කි බුද්ධි තොරතුරු සංවිධානය සැප්තැම්බර් මස 12දා නිවේදනය කලේය.එම සංවිධානයට අනුව සිරියානු බුද්ධි අංශ ඒකකවල නියෝග පරිදි 2013 ප්‍රහාරය සඳහා තමන් සහභාගී වූ බව නාසික් පිළිගෙන තිබේ.ඔහුට එල්ල වන චෝදනා වන්නේ ප්‍රහාරයට පෙර ඔත්තු බැලීම සඳහා සහභාගී වීමත් සිරියාවේ සිට තුර්කියට පුපුරණද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමත්ය.

2013 මැයි මස 11දා තුර්කියේ හටයි පළාතේ රෙහන්ලි නගරයේ පිපිරී ගිය කාර් බෝම්බ දෙකක් නිසා පුද්ගලයින් 53 දෙනෙකුට දිවි අහිමි විය.ඉන්පසු තුර්කිය චෝදනා කලේ ප්‍රහාර පිටුපස සිටින්නේ සිරියානු බුද්ධි අංශත්,ඇසිල්සිලර් නම් තුර්කි මාක්ස්වාදී කණ්ඩායම බවයි.නමුත් සිරියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කලේය.

ඉන්පසුව,ප්‍රහාරයේ වගකීම තුර්කි බලධාරීන් සතු යැ‍යි සිරියානු තොරතුරු අමාත්‍ය ඔම් රන් අල්-සුබි පැවසීය."දේශ සීමාව හරහා සිරියාවට අවි,පුපුරණ ද්‍රව්‍ය,වාහන,සටන්කරුවන් සහ මුදල් ගලා ඒමට පහසුකම් සැලසුවේ තුර්කි රජයයි.ඔවුන් මෙම දේශසීමා ප්‍රදේශ, ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කේන්ද්‍රයන් බවට හරවන ලදි." යනුවෙන් අමාත්‍යවරයා තුර්කි රජයට බරපතල ලෙස චෝදනා එල්ල කලේය.

මෙම සිදුවීමේ අනෙක් සංස්කරණය වන්නේ,මෙම ප්‍රහාර පිටුපස සිටින්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්,ජබාත් අල්-නුස්රා සහ අල්කයිඩාවට සම්බන්ධ මෙම කලාපයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් බවයි.

2013 වර්ෂයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයක් මත පදනම්ව නසික් සිර භාරයට ගැනීමත්,ඩැමැස්කස් රජයට තුර්කිය අලුතින් එල්ල කරන චෝදනාවලටත් හේතුව ඉඩ්ලිබ් සම්බන්ධ ගැටලුවයි.ඒ හරහා සිරියානු රජය ත්‍රස්තවාදයට සහාය දෙන රටක් ලෙස හුවා දක්වා සිරියාව සම්බන්ධව තුර්කියේ ඇලුම්කම් තවදුරටත් සාධාරණීකරණය කිරීම මෙම උත්සාහයේ සැබෑ අරමුණයි.මෙම ඇලුම්කම් වල එක් කොටසක් වන්නේ ඉඩ්ලිබ් හි ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායම් මුදා ගැනීමත් ,එම ප්‍රදේශය ඩැමැස්කස් රජයේ පාලනයෙන් ස්වාධීනව තබා ගැනීම හරහා සිරියාව තුල තුර්කිය පාලනයට නතු තවත් බිම් කඩක් ඇති කිරීමයි.මීට පෙර තුර්කිය දෙවතාවක් සිරියාව ආක්‍රමණය කරන ලදි.

තුර්කිය ඉඩ්ලිබ් සහ ඒ ආසන්න ප්‍රදේශවල කැරලිකරුවන්ට සපයන නියාමක නොවන රොකට් ඇතුලු අවි සැපයුම් වැඩි කර තිබේ යැ‍යි තුර්කියට පක්ෂපාතී නිදහස් සිරියානු හමුදා කණ්ඩායම්වල අණදෙන නිලධාරීන් සැප්තැම්බර් මස 12දා රොයිටර් පුවත් සේවයට අනාවරණය කරන ලදි.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සටන්කාමීන්ට තුර්කිය ලබා දුන් රොකට් මේවන විටත් ඔවුන්ගේ ප්‍රහාර සඳහා පාවිච්චි කරමින් තිබේ.එම රොකට් යොදාගෙන ඔවුන් රජයේ පාලනය යටතේ ඇති ලටාකියා නගරයට උතුරින් වූ ස්කුබින්,අල්-කන්ජරා,ඩෙම්සර්කො සහ උගරිට් යන ප්‍රදේශ වෙත පහර දුන්හ.

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොලවල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක මෙහෙයුම්වලදී සිරියානු අරාබි හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා විසින් වාඩි සලුබ් සහ බිර් හජ්ජා ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරන ලදි.රජයේ හමුදා දැන් ටී 3 පොම්පාගාර සංකීර්ණය දෙසට දිවෙන සම්පුර්ණ මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීමෙහි නිරතව සිටියි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ඉන්පසුව ඔවුන්ට ඩුබයිට් ගෑස් නිධිය සහ බිර් නජි,බරාබිජ්,සරායිම් සහ නයිරියා යන ජනාවාස සුරක්ෂිත කිරීමට හැකිවේ.

හජින් නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමේ පලමු පැය 48 තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 41ක් මරා දමා අල්-බගුස් ෆව්කනි සහ අල්-කස්රාහ් යන ගම්මාන අත්පත් කර ගන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් විය.

එක්සත් ජනපදයේ සහාය ලබන හමුදා යුප්‍රටීස් නිම්නයේ බටහිර ඉවුරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකොටුව මුලිනුපුටා දැමීමේ මෙහෙයුමේ නිරතව සිටිති.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 13 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 13 Reviewed by HarshaLulzSec on September 14, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 12

September 13, 2018
යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ හජින් හි පොකට්ටුව අතුගා දැමීමට යුද මෙහෙයුමක් ආරම්භ කල බව එක්සත් ජනපදය නායකත්වය දරන මිත්‍ර සන්ධානය සහ ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සැප්තැම්බර් මස 11දා නිවේදනය කලේය.

හජින් සහ ආසන්න ගම්මාන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු සිරියාවේ ඉතිරිව තිබෙන එකම සහ ප්‍රධානතම බලකොටුව වන අතර,මෙම ත්‍රස්තවාදී කණ්ඩායම යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරට සහ බටහිර ඉවුරට ප්‍රහාර එල්ල කරන්නේ මෙම ප්‍රදේශයේ සිටයි.තමන් මෙම පොකට්ටුව අතුගා දැමීමට යන බව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා මීට පෙර අවස්ථා කිහිපයකදීම නිවේදනය කරන ලදි.කෙසේවෙතත් සැප්තැම්බර් මස 11දා වන තෙක් මේ දක්වා ඒ වෙනුවෙන් සැබෑ උත්සාහයක් ගෙන තිබුණේ නැත.

ඔවුන්ට හජින් පොකට්ටුව යටත් කරගත හොත්,යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට හැකිවේ.

සැප්තැම්බර් මස 8 වනදා පෙන්ටගනය සිදු කල නිවේදනයකට අනුව ඇමෙරිකානු මැරීන් හමුදා භටයින් 100කට වැඩි පිරිසක් සිරියාවේ අල්-ටන්ෆ් බලකොටුව වෙත යවා තිබේ.සිරියාව තුල ඇමෙරිකා-රුසියා ගැටුමක අවදානම ඉහළ යෑමත් සමග ආත්මාරක්ෂක පියවරක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත්තේ යැ‍යි බටහිර ගැති මාධ්‍ය සඳහන් කරයි.

සිරියානු සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානය සැප්තැම්බර් මස 11දා සිදුකල හෙළිදරව්වකට අනුව රාජ්‍ය විරෝධී සටන්කාමීන් විසින් ඉඩ්ලිබ් පළාතේ  ජයිසර් අල්-ෂුගුර් නගරයේදී රසායනික අවි ප්‍රහාරයක් චිත්‍රපට ගත කිරීම ආරම්භ කර තිබේ.

"ඉඩ්ලිබ් පළාතේ පදිංචිකරුවන්ගෙන් ලැබෙන තොරතුරුවලට අනුව,සටන්කාමීන් විසින්  ජයිසර් අල්-ෂුගුර් නගරයේ රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වෙන අයුරු පටිගත කරමින් සිටියි.මෙම ප්‍රහාරය සිරියානු රජයේ හමුදා සිවිල් වැසියන් ඉලක්ක කරගෙන කල එකක් යැ‍යි ලෝකයට පෙන්වීම ඔවුන්ගේ අරමුණයි.පටිගත කිරීම සඳහා සහභාගී වන්නේ උදෑසන  ජයිසර් අල්-ෂුගුර්  නගරයට පැමිණි මැදපෙරදිග රූපවාහිනී නාලිකාවල සහ කලාපීය සම්බන්ධ ඇමෙරිකාවේ ප්‍රධානතම රූපවාහිනී පුවත් ජාලයකි"  - සිරියානු සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානය

මෙහි කතා වස්තුව වන්නේ සිරියානු රජයේ හමුදා විෂ මුසු බැරල් බෝම්බ හෙළීමෙන් පසුව 'වයිට් හෙල්මට්ස්' සංවිධානයේ සාමාජිකයෝ සිවිල් වැසියන්ට උදව් කරන කීරීමයි.

එදිනම,රුසියානු නියෝජිත වැසිලි නෙබෙන්ස්යා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී ප්‍රකාශ කලේ "ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන් සියලුදෙනා කිනම් ආකාරයකින් හෝ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ නිසා ඔවුන් ආරක්ෂා නොකල යුතු බවයි".

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු දෙයක් වන්නේ,ඉඩ්ලිබ් හි වර්තමාන තත්ත්වය හමුවේ සිරියා-ඉරාන-රුසියා සන්ධානයත් තුර්කියත් අරන වෙනස මනාව ඉස්මතු වීමයි.ඩැමැස්කස්,ටෙහෙරාන් සහ මොස්කව් රජයන් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට සක්‍රීය දායකත්වය ලබාදෙන අතරේ අන්කාරා රජය,වොෂින්ටනය සමග එක්ව ත්‍රස්තවාදීන්ගේ එක් ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරමින් සිටිති.

"ඉඩ්ලිබ් සටන පෙනෙන මානයේදී ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජිකයෝ ඔවුන්ගේ වගකීම් අවබෝධ කර ගත යුතුය." යනුවෙන් තුර්කි ජනපති  රිසෙප් එර්ඩොගන් සැප්තැම්බර් මස 10දා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට පවසා තිබිණි.

සිරියානු රජයේ ආක්‍රමණය හරහා බරපතල මානුෂීය සහ ආරක්ෂක තර්ජනයක් තුර්කියටත්,යුරෝපයටත් ඉන් එහාටත් ඇති කරාවි යැයි ජනපති  එර්ඩොගන් කී අතර සිරියානු රජයට එරෙහිව අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම්,ක්‍රමානුකූලව වදහිංසාවට පත් කිරීම,නඩු විභාගයකින් තොරව මරණ දඩුවම දීම්,බැරල් බෝම්බ සහ රසායනික අවි භාවිතා කිරීම ආදී චෝදනා එල්ල කලේය.

තුර්කිය ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද මෙහෙයුමට විරුද්ධ වන්නේ ඒ හරහා සිරියාව තුල තවදුරටත් සිය බලපෑම පැතිර වීමේ සැලැස්ම අනතුරේ හෙළන නිසාත්,විපක්ෂ හමුදාවල හරය වන සිරියානු රජයේ හමුදාවට සැබෑ ප්‍රතිරෝධයක් දැක්විය හැකි හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්- නුස්රා,සිරියාවේ අල්කයිඩා ශාඛාව) නම් ත්‍රස්තවාදී කණ්ඩායම මුදා ගැනීමත් අරමුණු කරගෙනය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 12 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 12 Reviewed by HarshaLulzSec on September 13, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 11

September 12, 2018
ඉඩ්ලිබ් සහ ලටාකියා පළාත්වල සටන්කාමීන්ගේ ඉලක්ක වෙත සිරියානු සහ රුසියානු ගුවන් හමුදා විසින් එල්ල කරන තදබල ගුවන් ප්‍රහාර තවමත් ක්‍රියාත්මකය.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව සිරියානු ගුවන් හමුදාවේ බොහොමයක් ප්‍රහාර වල ඉලක්ක වූයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති කාන් ෂයිකුන්,කෆ ර් සීටා,අල්-ලටාමිහ් සහ ඒ ආසන්න ප්‍රදේශයි.සිරියානු හමුදාවේ කාලතුවක්කු සහ රොකට් විදින ඉදිරි ආරක්ෂ වළලු ආසන්නයේ සටන්කාමී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි.

ඉඩ්ලිබ් මෙහෙයුම ආරම්භ කිරීමට සූදානම් යැ‍යි රජයට පක්ෂපාතී මාධ්‍ය ප්‍රකාශ කලද රජයේ හමුදා තවමත් ගොඩබිම් ආක්‍රමණය ආරම්භ කර නොමැත.

සැප්තැම්බර් මස 8 දා ඩීර් එසෝර් පළාතේ හජින් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහරදීමේදී එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සුදු පොස්පරස් බෝම්බ භාවිතා කලේ යැ‍යි විරුද්ධ පක්ෂවල සමගිසන්ධානය උදෙසා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී ව්ලැඩිමීර් සව්චෙන්කො සැප්තැම්බර් මස 10දා පැවසීය.ඔහුගේ ප්‍රකාශයට අනුව මෙම බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ඇමෙරිකානු ගුවන් හමුදාවේ එෆ්-15 වර්ගයේ යුද ගුවන් යානා දෙකකිනි.

අදාල ප්‍රදේශයේ සිටින කිසිදු හමුදා ඒකකයක් සුදු පොස්පරස් සහිත බෝම්බ භාවිතා නොකරන බව පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් රොබට්සන් පැවසුවේ රුසියාවේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්ය.

ඉඩ්ලිබ් පළාතේ සහ ඒ අවට සටන්කාමීන්ට එරෙහි සටනේදී ක්ලෝරීන් වායුව භාවිතා කරන්නට සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ් අනුමැතිය දුන් බව ,නම් සඳහන් නොකල ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබිණි.

සිරියානු හමුදා ඉඩ්ලිබ් හි සමූල ඝාතනයක් සිදු කලහොත් ඩැමැස්කස් රජයේ මර්මස්ථාන වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කලේ යැ‍යි එම පුවත්පතම නාදුනන මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කරන ලදි.

එක්සත් ජනපද හමුදාව සිරියාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීම සලකා බලමින් සිටින බවත්,ජනපති ට්‍රම්ප් මේ දක්වා ඒ සම්බන්ධව අවසාන තීරණය ගෙන නැතැයිද එම පුවත්පත සඳහන් කරයි.

සිරියාව තුල අවසාන සහ ප්‍රධානතම ත්‍රස්තවාදී බලකොටුව වන ඉඩ්ලිබ් රැක ගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ පක්ෂය දරන උත්සාහයන් සාධාරණීකරණයට නිර්මාණය කල දැනට ක්‍රියාත්මක ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම වාර්තාවත් කලින් බටහිර ගැති මාධ්‍ය සහ බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෝ එල්ල කල චෝදනාත් සැලකිය හැකිය.කෙසේවෙතත් ඉඩ්ලිබ් වෙනුවෙන් හඩ නගන බොහෝදෙනාට සහ මාධ්‍ය වලට අමතකව තිබෙන කරුණක් වන්නේ ඉඩ්ලිබ් හි ප්‍රධාන රාජ්‍ය විරෝධී හමුදාව වන්නේ කාලයක් සිරියාවේ අල්කයිඩා ශාඛාව ලෙස කටයුතු කල,ජාත්‍යන්තරව ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස පිළිගන්නා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම යන්නයි.

ඊට සමගාමීව සිරියානු ජනාධිපතිවරයාට අයටත් යූ ටියුබ් නාලිකාව,සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ රාජ්‍ය රූපවාහිනිය වන සානා ඇතුලුව සිරියානු රජය සහ ඊට පක්ෂපාතී යූ ටියුබ් චැනල් ගණනාවක් තහනම් කරන්නට යූ ටියුබ් වෙබ් අඩවිය ක්‍රියා කර තිබේ.මෙම තහනමට හේතුව ලෙස යූ ටියුබ් හි හිමිකරුවන් විසින් දක්වා තිබෙන්නේ එම වෙබ් අඩවියේ කොන්දේසි සහ සේවා උල්ලංඝණය කිරීම ලෙසයි.

මෙහි අරමුණ වන්නේ සිරියානු යුද්ධය වාර්තා කරන බටහිර ගැති නොවන මාධ්‍ය යටපත් කිරීමයි.සමහර සිරියානු විශේෂඥයින්ගේ මතය වන්නේ,මෙය රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීම සඳහා වූ පෙර සූදානමේ සංඥාවක් බවයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 11 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 11 Reviewed by HarshaLulzSec on September 12, 2018 Rating: 5

වොස්ටොක් 2018 - රුසියා චීන යුද අභ්‍යාස

September 11, 2018
රුසියාවේ නැගෙනහිර සහ මධ්‍යම යන හමුදා දිස්ත්‍රික්ක නියෝජනය කරන හමුදා සාමාජිකයෝ 300,000කට වැඩි ගණනක් සහභාගී වන නූතන රුසියාවේ දැවැන්තම යුද අභ්‍යාස මාලාව එනම් 'වොස්ටොක්-2018 - Vostok-2018' සම්බන්ධව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු 2018 අගෝස්තු මාසයේදී නිල ප්‍රකාශයක් සිදු කරන ලදි.මෙය දින පහක් පුරා පැවැත්වෙන යුද අභ්‍යාස මාලාවකි.ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙසේ සඳහන්ය.

වොස්ටොක්-2018 සැප්තැම්බර් මස 11 සිට 17 දක්වා පැවැත් වෙන්නේ හමුදා පුහුණු භූමි 5ක්,ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක බලකා වල පුහුණු භූමි 4ක් මෙන්ම ජපාන,බීරිං සහ ඕකොට්ස්ක් යන මුහුදු ප්‍රදේශවලයි.ඒ සඳහා මධ්‍යම සහ නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කවල භට පිරිස්,උතුරුදිග නාවික බල ඇණිය,වාසර බලකා,දිගු දුර සහ හමුදා ප්‍රවාහන ඒකකයේ සෙබලුන් සහභාගී වේ.

යුද අභ්‍යාස පැවැත්වෙන ප්‍රදේශ

හමුදා ඒකක යොදවන්නේ ඔවුන්ට නුපුරුදු පුහුණු භූමිවලටයි.ඔවුන්ට එහිදී සංග්‍රාමික කාර්යයන් පුහුණු වීමට සිදුවේ.ගුවන් යානාවලට පැවරී තිබෙන්නේ දිගු දුර පියාසැරි,ගුවනේදී ඉන්ධන ලබා ගනිමින් සම්පුර්ණ කිරීමටත්,ක්‍රියාත්මක තත්ත්වයේ ගුවන් පථවලට ගොඩබෑමටත්ය.නෞකා සහ අනෙකුත් යාත්‍රා,වෙඩි තැබීම් අභ්‍යාස කරමින් සංග්‍රාමික පුහුණුව සිදු කල යුතුය.


වොස්ටොක් 2018 යුද අභ්‍යාස මාලාව සඳහා 300,000ක් පමණ හමුදා සාමාජිකයෝ,1000කට වැඩි ගුවන් යානා,හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන් යානාද නෞකා 80ක් සහ යුද ටැංකි,පුද්ගල ප්‍රවාහන රථ ඇතුලුව අනෙකුත් වාහන 36,000ක් සහභාගී කර ගැනේ.

චීනයේ මහජන විමුක්ති හමුදාවේ සෙබලුන් 3,500ක්  එහි ප්‍රධාන යුද අභ්‍යාසයට සහභාගී වේ.එය පැවැත් වෙන්නේ නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ සුගොල් නම් පුහුණු භූමියේදීය.


වොස්ටොක්-2018 සඳහා චීනය සහභාගී වන බව එරට ආරක්ෂක අමාත්‍යාංශය 2018 අගෝස්තු මස 20දා තහවුරු කලේය."චීනයත් රුසියාවත් අතර ඇති කරගත් ගිවිසුමකට අනුව රුසියාවේ ට්‍රාන්ස්-බයිකාල් කලාපයේ සුගොල් පුහුණු භූමියේදී සැප්තැම්බර් 11-15 කාල සීමාව තුල දෙරට ඒකාබද්ධ යුද අභ්‍යාසවල නිරත වීමට නියමිතය" යනුවෙන් අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන් වේ.තවද මෙම යුද අභ්‍යාස හරහා චීනය සහ රුසියාව අතර උපායමාර්ගික යුදමය හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීමටත්,විවිධාකාරයේ තර්ජන වලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේ දෙරටේ හැකියාව වර්ධනය කර ගැනීමත්,කලාපීය සාමය,ස්ථාවරත්වය සහ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට හැකි යැ‍යි චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

චීන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව යුද අභ්‍යාස මාලාවට චීන සෙබලුන් 3,200ක්,900කට වැඩි යුදෝපකරණ, ගුවන් යානා සහ හෙලිකොප්ටර් 30ක් රුසියාවට යවා තිබේ.

බටහිර රටවල් කුපිත කරවන සුළු සහ අතිශය බියජනක ප්‍රචාරයක් දැක්වූ රුසියාව පසුගිය වසරේ පවත්වන ලද 'සපාඩ්-2017  - Zapad-2017' නම් යුද අභ්‍යාස මාලාවට වඩා වොස්ටොක්-2018 විශාල එකකි.සපාඩ්-2017 සඳහා සෙබලුන් 12,700ක්,යුද ගුවන් යානා 70ක්,නෞකා 10ක් සහ යුද ටැංකි ඇතුලුව රථ 680ක් පමණ ඊට සහභාගි වූ නමුත් බටහිර රටවලින් ලැබුණු ප්‍රතිචාරය වූයේ රුසියාව ඉදිරිපත් කල වාර්තාවලට වඩා සෙබලුන් සහ යුදෝපකරණ යොදාගෙන යුද අභ්‍යාස සිදු කල බවත්,සැබවින්ම එය යුද අභ්‍යාසයක් ලෙස හඟවමින් අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීමට සිදුකල පුහුණුවක් බවයි.

බෙලරුසියාවේ පැවති සපාඩ්-2017 යුද අභ්‍යාස මාලාවට එක් වූ රුසියානු යුද ටැංකි,2017 සැප්තැම්බර්.

සපාඩ් යුද අභ්‍යාස සිදු කරන්නේ ආරක්ෂාව පිණිස වුවත් නේටෝ බලධාරීන් සහ ඔවුන්ගේ මාධ්‍ය මෙම යුද අභ්‍යාස "රුසියානු චණ්ඩභාවය" ලෙසද හුවාදක්වමින් නේටෝව නැගෙනහිර යුරෝපයේ යුදමය සූදානම සහ ගොඩනැංවීම් සාධාරණීකරණය කලේය.රුසියාවට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය,ජර්මනිය,ලැට්වියාව,ලිතුවේනියාව,ස්ලෝවැකියාව,ඉතාලිය,බල්ගේරියාව,රුමේනියාව,ජෝර්ජියාව සහ යුක්‍රේනය නියෝජනය කල හමුදා පෝලන්තයේදී 'ඩ්‍රැගන් 17 - Dragon 17' යනුවෙන් යුද අභ්‍යාස මාලාවක් පවත්වන ලදි.ඩ්‍රැගන්-17 සඳහා සහභාගී වූ සෙබලුන් ප්‍රමාණය 17,000ක් වූ අතර යුදෝපකරණ ප්‍රමාණය 3,500ක් විය.ඒ අනුව නේටෝවේ ඩ්‍රැගන්-17 සහභාගීත්වය අතින් රුසියාවේ සපාඩ්-2017 ඉක්මවා ගිය යුද අභ්‍යාසයකි.

ඉන්පසුව රුසියානු දේශසීමාව ආසන්නයේ නේටෝව පවත්වන යුද අභ්‍යාස ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන්නට විය.ජූනි මාසයේදී රටවල් 19 ක් නියෝජනය කරමින් සෙබලුන් 18,000ක් සහභාගී වූ "සේබර් ස්ට්‍රයික් - Saber Strike" යුද අභ්‍යාසය පෝලන්තය සහ බෝල්ටික් රටවල් මුල් කරගෙන සති දෙකක් පුරාවට පැවැත්විණි.අගෝස්තු මස 20දා තවත් යුද අභ්‍යාසයක් ලැට්වියාවේදී ආරම්භ විය.ලැට්වියාව නිදහස ලැබීමෙන් පසුව එරට තුල පවත්වන ලද විශාලතම යුද අභ්‍යාසය ලෙසද එය ඉතිහාස ගත විය.

2014 වර්ෂයේදී පැවැත් වූ 'වොස්ටොක්' යුද අභ්‍යාස මාලාවද දැවැන්ත එකක් විය.ඊට සෙබලුන් 100,000-155,00 අතර පිරිසක්,යුද ටැංකි 1,500ක් සහ යුද නෞකා 70 සහභාගී වූ බව සඳහන් වේ.වොස්ටොක් යන්නේ අර්ථය නැගෙනහිර යන්නයි.එනම් එය පැවැත් වෙන්නේ ඈත පෙරදිග කලාපයේය.පසුගිය වසරේ සපාඩ්-2017 යුද අභ්‍යාස මාලාව නැගෙනහිර රුසියාවේ සහ බෙලරුසියාවේ පැවැත් වූයේ අසල්වැසි නේටෝ රටවල් සමග සිදු කරන යුද්ධයක පෙර පුහුණුවක් ලෙසයි.වොස්ටොක් යුද අභ්‍යාස මාලාව රුසියාවේ සයිබීරියාව සහ ඈත පෙරදිග කලාපයේ පවත්වනු ලැබේ.

 සෝවියට් දේශය 1981 වර්ෂයේදී පවත්වන ලද සපාඩ්-81 යුද අභ්‍යාස මාලාව එරට ඉතිහාසයේ විශාලතම යුද අභ්‍යාසය යැ‍යි සැලකේ.පහත දැක්වෙන්නේ එය පැවැත්වූ අයුරුය.


වොස්ටොක් අභ්‍යාසවල පුර්ව අංගයන් වන්නේ බටහිර රුසියාවේ  ගුවන් යානා සහ පාබල හමුදා සීඝ්‍රයෙන් රුසියාවේ ඈත පෙරදිග කලාපයට යැවීමයි.එහි අරුත බීරිං සමුද්‍ර සන්ධිය තරණය කර එනම් ඇමෙරිකානු ඒබ්‍රම්ස් යුද ටැංකි දියත් කරාවි යැ‍යි සිතන ගොඩබිම් ආක්‍රමණයක් ගැන රුසියාව බරපතල ලෙස වද වන බවද?

ඇත්තෙන්ම නැහැ.වොස්ටොක් යුද අභ්‍යාසවල සැබෑ අරමුණ චීනය සටනකදී පරාජය කිරීමට සූදානම් වීමයි.

බටහිර රටවලට බොහෝදෙනාට අප්‍රකට වුවද 1960 සහ 1970 දශකවලදී චීනයත් සෝවියට් දේශයත් අතර ඇති වූ දේශසීමා ගැටුම්,මහා පරිමාණ ගොඩබිම් යුද්ධයක් හෝ න්‍යෂ්ඨික යුද්ධයක් ආසන්නයට ළඟා විය.සෝවියට් දේශය විසුරුවා හැරීමෙන් පසුව මොස්කව්-බීජිං සබදතා සුවිශේෂී ලෙස වර්ධනය වුවද මේ යුදමය බලවතුන් දෙදෙනා අනාගත උපායමාර්ගික තරඟය නිසා පරෙස්සමින් කටයුතු කරයි.


බොහොමයක් විශ්ලේෂකයෝ අවදානය යොමු කර තිබෙන්නේ වොස්ටොක් 2018 හි දැවැන්තභාවය සම්බන්ධවයි.චීන සෙබලුන් 3000 කට වැඩි පිරිසක් සහභාගී වීමද සුවිශේෂී සිද්ධියකි.වොස්ටොක් යුද අභ්‍යාස මාලාවේ අරමුණ චීනයෙන් එල්ල වන තර්ජනවලින් ආරක්ෂා වීම නොවේ නම්,එක්සත් ජනපදයේ "අතිශය ආක්‍රමණශීලීභාවය සහ මිත්‍රශීලී නොවන හැසිරීමට" මොස්කව් සහ බීජිං රජයන් එකමුතුවීම යැ‍යි අදහස් කල හැකිය.


මේ සංඥාවේ අරුත රුසියා-චීන නව ආරක්ෂක සන්ධානයක්ද? දෙරට විසින් නිකුත් කරන ලද ප්‍රකාශවලින් එකිනෙකට වෙනස් අර්ථකථන ලබා දෙයි.

චීනයේ සහභාගීත්වය හරහා ඔවුන් සියලුම ක්ෂේත්‍රවලදී සහයෝගයෙන් ක්‍රියා කරන බව ප්‍රදර්ශනය කරන්නේ යැයි ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොව් කීය.කෙසේවෙතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ යුද අභ්‍යාස මාලාවෙන් "වෙනස් තර්ජනයන්ට එරෙහිව ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේදී දෙපාර්ශ්වයන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගත හැකිය" කියාය.වොස්ටොක්-2018 යුද අභ්‍යාස මාලාවට චීනය සහභාගී වීම හරහා නව චීන-රුසියා හමුදා සන්ධානයක් බිහිවන බව ප්‍රකාශ කරන්නට චීන ආරක්ෂක විශ්ලේෂකයෝ ඉක්මණ් නොවීය.කෙසේවෙතත්,ෂැන්ග් හයි සහයෝගීතා සංවිධානය විසින් සංවිධානය කරන ලද යුද අභ්‍යාසය ඇතුලුව ඒකාබද්ධ යුද අභ්‍යාස කිහිපයක් මෙම වසර තුල සිදු කරන්නට චීනය සහ රුසියාව පියවර ගෙන තිබිණි.


1979 වර්ෂයේ උතුරු වියට්නාමයේ සිදු කල කෙටි ආක්‍රමණයෙන් පසුව යුද්ධ වැදී නැති චීන හමුදාව,රුසියාව සිරියානු යුද්ධයේදී ලබාගත් සංග්‍රාමික අත්දැකීම්වල අලුත් උපක්‍රම වොස්ටොක් 2018 හිදී හඳුනාගනිවි යැ‍යි චීන මාධ්‍ය  අවධාරණය කරති.යුද අභ්‍යාස මාලාවේදී රුසියා,චීන සහ මොන්ගෝලියා දේශසීමා ආසන්නයේ සුගොල් පුහුණු භූමිය චීන හමුදා කණ්ඩායම්වල නවාතැන් පොල වනු ඇත.

චීනයේ ස්වයංපාලන ප්‍රාන්තයක් වන අභ්‍යන්තර මොන්ගෝලියාවේ උතුරු-නැගෙනහිර දේශසීමාවේ මැන්සුලි නගරය හරහා දුම්රිය ඔස්සේ රුසියාවට ළඟාවන 'ටයිප් 99' යුද ටැංකි 13ක් සහ පාබල හමුදා ප්‍රහාරක රථ 2ක් දැක්වෙන ඡායාරූප පසුව මුදා හැර තිබිණි.ටයිප් 99 යනු චීනයේ වඩාත් නවීනතම යුද ටැංකිය වන අතර එය විදෙස් රටක දියත් කිරීම කලාතුරකින් සිදුවන දෙයකි.

 චීන යුද ටැංකි රුසියාවට ළඟාවන අයුරු



වොස්ටොක්-2018 යුද අභ්‍යාස මාලාවට ආරාධනා කර තිබෙන අනෙක් රට මොන්ගෝලියාවයි.චීනයේ චින්ග් රාජවංශය ක්‍රි.ව. 1690 දී මොන්ගෝලියා යටත් කරගත් අතර අද වනවිට මොන්ගෝලියානු ජාතිකයෝ බහුතරයක් අභ්‍යන්තර මොන්ගෝලියාව නම් චීනයේ ස්වයංපාලන ප්‍රාන්තයේ ජීවත් වෙයි.කෙසේවෙතත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව මොස්කව් රජය,ස්වාධීන මොන්ගෝලියා ජනරජයට මැදිහත් වන අතර එරට ස්වාධීනත්වය පිළිගන්න යැ‍යි චීනය කැමති කරවා ගනියි.මොන්ගෝලියාවේ මිලියන 3ක් පමණ වන ජනතාව එතැන් පටන් රුසියාව සමග සමීප මිත්‍රත්වයකින් කටයුතු කරන මුත් පශ්චාත් කොමියුනිස්ට් යුගය තුලදී බීජිං රජය සමග සබදතා සුවිශේෂී අයුරින් වර්ධනය කරගත්තේය.ඒ කෙසේවෙතත් මොන්ගෝලියාවේ ජනගහනයෙන් ඌණ දැවැන්ත තැනිතලා චීනය සමග උපායමාර්ගික බාධකයක් ලෙස ක්‍රියා කරයි.එය මොස්කව් පාලනයට යම් සහනයකි.

නේටෝ සංවිධානයට මෙම යුද අභ්‍යාස නිරීක්ෂණය කිරීමට ආරාධනා කර තිබිණි.නමුත් රුසියාව සහ චීනය යන දෙරට සමග භූමි ප්‍රදේශ සම්බන්ධව ආරවුල් පවතින ජපානයට ඒ හරහා තැතිගැනීමක් ඇති විය.ඒ අතරතුර රුසියාව නෞකා 30 පමණ යොදාගෙන මධ්‍යධරණී මුහුදේ මහා පරිමාණ නාවික යුද අභ්‍යාසයක් සිදු කරන ලදි.

 



source:rt.com, nationalinterest.org


වොස්ටොක් 2018 - රුසියා චීන යුද අභ්‍යාස වොස්ටොක් 2018 - රුසියා චීන යුද අභ්‍යාස Reviewed by HarshaLulzSec on September 11, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 10

September 10, 2018
සිරියානු අරාබි හමුදාව වයඹදිග සිරියාවේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ගොඩබිම් මෙහෙයුමක් ඇරඹීමට සූදානම් වෙමින් තිබෙන මොහොතක,එක්සත් ජනපදයේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක සිරියානු-ඉරාන-රුසියානු සන්ධානය එරෙහි ප්‍රචාරණ සංග්‍රාමය අලුත් මට්ටමකට ළඟා වී ඇත.

"ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින්නට අවශ්‍ය යැ‍යි රුසියාව සහ අෂාඩ් රජය කීවද,ඔවුන් සැබවින්ම සිදු කරන්නේ පාසල්,රෝහල් සහ නිවාස වෙත බෝම්බ හෙළීමයි.ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ අෂාඩ්ට එරෙහිව නැගී සිටීමට ධෛර්යය තිබෙන සිවිල් වැසියන්ට දඩුවම් කිරීමටයි." යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නියෝජිත නිකී හේලී සැප්තැම්බර් මස 7 පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සැසිවාරයකදී ප්‍රකාශ කරන ලදි.සාම සාකච්ඡා අනතුරේ හෙළන මෙම ඉඩ්ලිබ් ආක්‍රමණය අෂාඩ් රජය වහාම නැවැත්විය යුතු බවද ඇය කීය.

"ඉඩ්ලිබ් වෙත සිදුකරන ඕනෑම ආක්‍රමණයක් සිරියානු යුද්ධයේ භයානක ගැටුමක් බවට පත් වේවි යැ‍යි අපි තකනවා.අෂාඩ්,රුසියාව සහ ඉරානය එය නොනවත්වා කරගෙන ගිය හොත් ප්‍රතිවිපාක දරුණු වේවි" - නිකී හේලි.

නම සඳහන් නොකල එක්සත් ජනපද බලධාරීන් මත පදනම්ව තව කල්පිත වාර්තාවක් එදිනම ප්‍රසිද්ධ කිරීමට නම් ඇමෙරිකානු රූපවාහිනී සේවය ක්‍රියා කර තිබිණි.එම වාර්තාවට අනුව,සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටා ඇති එක්සත් ජනපදයේ හමුදා කඳවුර වටා තිබෙන කිලෝ මීටර් 55 කලාපයේ රැඳී සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන්නට සිරියානු හමුදාව සහ සිය හමුදා  සූදානම් බවට රුසියාව දෙවරක්ම ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට අනතුරු අඟවා තිබේ.මෙම ප්‍රහාරය නිසා එහි සිටින ඇමෙරිකානු සෙබලුන්ගේ ජීවිත අනතුරේ බව කියා සිටින එම නාලිකාව,ඇමෙරිකානු හමුදා ත්‍රස්තවාදීන් සමග එක්ව කටයුතු නොකරන්නේ නම් එවැනි ප්‍රහාරයක් එල්ල වන්නේ කෙසේද යන්න විස්තර කරන්නට අසමත්ව තිබේ.

මිත්‍ර සන්ධානය ඇමෙරිකානු සෙබලුන් 100ක සහභාගීත්වයෙන් අල්-ටන්ෆ් ප්‍රදේශයේ යුද අභ්‍යාසයක් පැවැත් වූයේ යැයිද එම වාර්තාවේ සඳහන්ය.

"OIR ඒකකයේ මෙහෙයුම් ප්‍රදේශයේ ඕනෑම තැනකට සීග්‍රයෙන් කඩා වැදීම,සීග්‍රයෙන් දියත් කිරීමේ හැකියාව,ගුවන් සහ පාබල හමුදා සමග ඒකාබද්ධව ඉලක්කයක් වෙත ආක්‍රමණයක් දියත් කරන අයුරු අපේ හමුදා මෙහිදී ප්‍රදර්ශනය කලා." යනුවෙන් සෙන්ට්කොම් හි ප්‍රකාශක නාවික හමුදා කැප්ටන් බිල් අර්බන් ප්‍රකාශ කරන ලදි.

සැප්තැම්බර් මස 8දා සිරියාවේ අල්-කමිෂ්ලි නගරයේදී සිරියානු  හමුදා බුද්ධ අංශයත් එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාත් අතර ගැටුම් හටගෙන තිබේ.කුර්දි මූලාශ්‍රවලට අනුව මෙම ගැටුම් හටගත්තේ රජයේ හමුදා අවසරයකින් තොරව කුර්දි පාලන ප්‍රදේශයට ඇතුල් වීම නිසාය.රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන්නේ කුර්දි හමුදාවල ප්‍රහාරය කලින් සැලසුම් කල එකක් බවයි.මෙම සිදුවීමෙන් රජයේ හමුදාවේ 12ක් සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල 7 දෙනෙක් මරණයට පත් ව ඇත.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල දේශපාලන අංශය වන සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලය සැප්තැම්බර් මස 9දා නිකුත් කල වාර්තාවක සඳහන් වූයේ සිදුවීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කරන බවයි.

"ටෙහෙරානයේ පැවති සමුළුවට සමගාමීව මෙම සිද්ධියත් ඇති වීම සැකසහිතය" යනුවෙන් එම කවුන්සිලය ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ ගැටුමක් ඇති කිරීමට සිරියාව,රුසියාව,ඉරානය සහ තුර්කිය ක්‍රියා කරන බවට වක්‍රාකාරයෙන් චෝදනාවක් නගමින්ය.

ඒ අතරතුර,සිරියානු සහ රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර නිසා සිවිල් වැසියන්ට හානි සිදුවූ බවත් සිවිල් යටිතල පහසුකම් විනාශ වූ බවටත් කියමින් බටහිර මාධ්‍ය සහ කැරලිකරුවන්ට පක්ෂපාතී මාධ්‍ය ක්‍රියාකාරීන් වාර්තා විශාල වශයෙන් මුදා හරිමින් ඇත.මෙම වාර්තා නිකුත් වීමට පටන් ගන්නේ සිරියා සහ රුසියා ගුවන් හමුදා, හයාට් ටරිර් අල්-ෂාම් (කලින් ජබාත් අල්-නුස් රා,සිරියාවේ අල්කයිඩා ශාඛාව)
ත්‍රස්තවාදීන්ගේ සහ උතුරු ලටාකියා සහ දකුණු සහ වයඹදිග ඉඩ්ලිබ් හි තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂයේ ඉලක්ක වෙත බෝම්බ හෙළීමත් සමගයි.

සිරියානු අරාබි හමුදාවේ 4 වන සන්නාහ සන්නද්ධ සේනාංකයට අනුව ප්‍රදේශය ඉලක්ක කරගෙන දියත් කරන්නට යන ගොඩබිම් ආක්‍රමණයට සූදානමක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කරයි.කෙසේවෙතත් ගොඩබිම් ප්‍රහාරය ආරම්භය සම්බන්ධව තොරතුරු තවමත් හෙළි කර නොමැත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 10 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 10 Reviewed by HarshaLulzSec on September 10, 2018 Rating: 5

සිරියානු සටන්කාමීන්ගේ අවි රුසියාවේ ප්‍රදර්ශනය කෙරේ

September 08, 2018

සිරියාවේ සටන්කාමී කණ්ඩායම්වලින් අල්ලාගත් අවි සහ අනෙකුත් යුදෝපකරණ  රුසියාව විසින් 4 වන වරටත් පවත්වන ලද International Military Technical Forum Army 2018 නම් හමුදා තාක්ෂණික ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරන ලදි.මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත් වූයේ කුබින්කා නගරයේදීය.පහත දැක්වෙන්නේ වෙඩි උණ්ඩ,සුළු අවි සහ දෙවන ලෝක යුද්ධ සමයට අයත් යුද ටැංකිවලින් එල්ල වන ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට හැකි අයුරින් කෙටි කාලයක් තුල සන්නාහයන් යොදාගෙන වෙනස් කල හෝ ජංගම බර අවි සඳහා වේදිකාවක් බවට පත් කල සිවිල් රථයි.



සිරියානු සටන්කාමීන් විසින් භාවිතා කල තහඩුවලින් ආවරණය කල ISUZU "ELF" වර්ගයේ ජපානයේ නිෂ්පාදිත ට්‍රක් රථයක්




ප්‍රදර්ශනයට එක් කර තිබූ කාර් බෝම්බයක්




සිරියානු සටන්කාමීන් විසින් අගල් කැණීමට යොදාගත් ටොන් 30ක් බර කැණීම් යන්ත්‍රයක්




කුර්දි හමුදා භාවිතා කරන ඊගල් හෙඩ් නම් සන්නාහ සන්නද්ධ රථයක්




සටන්කාමීන් භාවිතා කල රොකට් විදින සහ මැෂින් තුවක්කුවකින් සන්නද්ධ කැබ් රථයක්




ටොයෝටා ලෑන්ඩ් කෲසර් පික් අප් රථයක් සන්නාහය තහඩුවලින් ආවරණය කර භාවිතා කර ඇති අයුරු




ගලක් ලෙස වෙස් ගැන්වූ මර උගුලක්




උමං මාර්ග තැනීම සඳහා සටන්කාමීන් භාවිතා කල යන්ත්‍රයක්




සටන්කාමීන්ගේ පාබල හමුදා ප්‍රහාරක රථයක් ඇතුලත දිස්වන අයුරු




සටන්කාමීන්ගෙන් අත්පත් කරගත් සුළු අවි තොගයක්




සටන්කාමීන් විසින් භාවිතා කල ස්නයිපර් රයිෆල් සහ අනෙකුත් දෑ




හම්වී රථයක් ප්‍රදර්ශනයට එක් කර තිබූ අයුරු




ලෑන්ඩ් කෲසර් රථයක් සන්නාහය තහඩුවලින් ආවරණය කර තිබෙන අයුරු




මාර්ගෝපදේශනයක් රහිත මිසයිල විදිනයක් සහිත පික් අප් රථයක්




ගෑස් සිලින්ඩරයක් බෝම්බයක් බවට පත් කර තිබෙන අයුරු




සටන්කාමීන් විසින් නිපදවන ලද ඩ්‍රෝන් යානා සහ වෙනත් රටවලින් ගෙන්වන ලද ඒවා




පික් අප් ට්‍රක් රථයක සවි කර තිබෙන රොකට් විදිනයක්




සටන්කාමීන්ගෙන් අල්ලාගත් 'සෙන්චූරියන්' යුද ටැංකියක්





source:sputniknews.com


සිරියානු සටන්කාමීන්ගේ අවි රුසියාවේ ප්‍රදර්ශනය කෙරේ සිරියානු සටන්කාමීන්ගේ අවි රුසියාවේ ප්‍රදර්ශනය කෙරේ Reviewed by HarshaLulzSec on September 08, 2018 Rating: 5

චෞර රාජ්‍යය - චීනයේ කොපිකැට් සංස්කෘතිය

September 08, 2018
චීනය යනු අතීතයේදී නව නිර්මාණ රැසක් ලෝකයට දායාද කල රටක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.ඔවුන් විසින් වෙඩි බෙහෙත්,කඩදාසි සහ මාලිමාව යන මිනිස් ශිෂ්ඨාචාරයේ භෞතික දියුණුවට විශාල දායක්තවයක් සැපයූ සොයාගැනීම් දායද කිරීමට සමත්විය.කෙසේවෙතත් පසුගිය දශක කිහිපය තුල ඔවුන් ලෝකය පුරා ප්‍රසිද්ධ වූයේ අනෙක් ජාතීන්ගේ නිර්මාණ අනුකරණය කිරීම නිසාය.

ව්‍යාජ IKEA ගෘහ භාණ්ඩ

ඔවුන් සතු අනුකරණය කිරීමේ හැකියාව අත්බෑගයේ සිට නූතන ස්මාට් ජංගම දුරකතනය,චිත්‍රපට සහ මධ්‍යසාරීය පානයන් තෙක් විහිදී යයි.ව්‍යාජ ඇපල් ස්ටෝර්ස්,ව්‍යාජ කේෆ්සී අවන්හල් සහ IKEA ගෘහ භාණ්ඩ අනුකරණ ආදිය ඒ අතරන් කැපී පෙනෙයි.යුරෝපා නගරවල ක්ලෝනයන් සිය රට තුල නිර්මාණය කිරීම දක්වා චීන කොපිකැට් සංස්කෘතිය ඔඩුදුවා තිබේ.සමහර බටහිර නිරීක්ෂකයන්ට අනුව මෙම අනුකරණය කිරීමේ සංස්කෘතික ආකල්පයේ මුලාරම්භය කොන්ෆියිසියස්වාදයේ අනුගාමිකයන් විශිෂ්ඨ නිර්මාණ අනුකරණය කරමින් ඉගෙන ගෙන ඒවා තව තවත් වැඩිදියුණු කිරීමෙන් සිදුවූ බවයි.චීනයේ නිපදවන අනුකරණ නිෂ්පාදන හඳුන්වන්නේ “Shanzhai” යන නමින්ය.මෙවැනි කර්මාන්තශාලා චීනයේ පිටිසර පළාත්වල පිහිටා තිබෙන බව කියවේ.චීනයේ නිපදවෙන අනුකරණ ඉලෙක්ට්‍රොනික් උපාංගවලට විශේෂයෙන් ජංගම දුරකතනවලට තුන්වන ලෝකයේ රටවල වැඩි ඉල්ලුමක් තිබෙන්නේ අඩු මිලට වැඩි අංග ගණනාවක් සහිතව ඒවා ලබාගත හැකි නිසාය.නමුත් මේවා ගුණාත්මකබවින් සහ කල්පැවැත්මෙන් ඉතා අඩුය.

ප්‍රංශ පැරිස් නගරයේ අයිෆල් කුළුණ ඇතුළු ප්‍රදේශයේ චීන අනුකරණය - Hangzhou අවට ප්‍රදේශයේ පිහිටා තිබේ

ඕලන්ද නගරයක චීන අනුකරණයක් - ෂැන්හයි හි පිහිටා තිබේ

ඕලන්ද නගර අනුකරණයේ ඉදිකල සුළං මෝලක්

ඊජිප්තුවේ ගීසා හි පිරමීඩයක් චීනුන් විසින් අනුකරණය කර ඇති අයුරු - චැන්ග්ෂා හි පිහිටා ඇත.

බ්‍රිතාන්‍යයේ Buckingham සහ Versailles මාළිගාවල චීන අනුකරණ-චීන නායකයෙක් වූ Deng Xiaoping ගේ පිළිරුවක් මෙහි ඉදිකර තිබේ.

ඕස්ට්‍රියාහි පිහිටා ඇති යුනිස්කෝ ලෝක උරුමයක් වන Hallstatt ගම්මානයේ චීන අනුකරණය - Huizhou හි පිහිටා ඇත.

පැරිස් නගරයේ පිහිටා ඇති Louvre පිරමීඩයේ චීන අනුකරණය අසල නිරූපිකාවකගේ ඡායාරූප ලබාගන්නා චීනුන් - මෙය Tianjin හි නිර්මාණය කර තිබේ

වතිකානුවේ St. Peter චතුරස්‍රයේ චීන අනුකරණය බීජින් නගරයේ නිර්මාණය කර තිබේ.

ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කල චීන ගමක්(Florentia)

Florentia ගම්මානය තුලින් දිවෙන ඇල මාර්ගයක් පිරිසිදු කරන චීනුන්

චීනයේ කොපිකැට් වෙළඳාම දැන් රට තුල පිහිටි දුෂ්කර පළාත්වලින් පිටත විත් මුඛ්‍යධාරාවට එක්ව තිබෙන්නේ රජයේද කැමැත්ත මතයි.සියලු ක්ෂේත්‍ර තුල මෙම ව්‍යාජ අනුකරණ නිෂ්පාදනය කිරීමට චීනුන් දැන් යොමුව තිබේ.අනෙක් රටවල නිෂ්පාදන සොරාගැනීම තුලින් තමන්ගේම දෙයක් නිෂ්පාදනය කිරීමට වැයවන කාලය සහ මුදල ඉතිරි කරගැනීමට චීනුන්ට පුලුවනි.

ව්‍යාජ කේෆ්සී අවන්හල්

චීනුන්ගේ චෞරත්වයේ සහ අනුකරණයේ විශිෂ්ඨත්වය පෙන්වන එක් ක්ෂේත්‍රයක් වන්නේ අවි නිෂ්පාදනයයි.චීනය යුද ශක්තියෙන් ප්‍රබල යැයි කීවද ඔවුන්ගේ බොහොමයක් අවි වෙනත් රටවලින් සොරාගත් ඒවාය.එක්සත් ජනපදයේ ගුවන් යානයක් වන F-35 සහ නියමුවන් රහිත Northrop Grumman X-47B යානයට සමාන චීන ගුවන් යානා නිපදවා තිබේ.මෙම අනුකරණ සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණයන්ගෙන් සමහරක් ලබාගෙන තිබෙන්නේ චීනය විසින් දියත් කල සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේය.

Nike පාවහන් වල චීන අනුකරණය

චීන හැකර්වරුන් විසින් ඇමෙරිකානු සමාගම්වලින් සොරාගත් සංවේදී තාක්ෂණික තොරතුරු ඔවුන්ගේ නවතම අවි සඳහා යොදාගෙන තිබේ.ඇමෙරිකානු අවි මිලදී ගන්නා ඇමෙරිකාවේ මිත්‍ර රාජ්‍යයන් සමග රහසිගතව සිදුකරන ගනුදෙනු ඔස්සේ වැදගත් තාක්ෂණික තොරතුරු ලබාගැනීමට පවා චීනය කටයුතු කර තිබෙන බව ඇමෙරිකානු නිලධාරීන් සැක පළකරයි.මේ හේතුව නිසා ඇමෙරිකාව ඔවුන් සතු නවීනතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය වනF-22 Raptor,වෙනත් රටවලට විකිණීම සිදුනොකිරීමට තීරණය කර තිබේ.

F-22 Raptor

චීනුන් විසින් සොරාගෙන තිබෙන්නේ ඇමෙරිකානු අවි සැලසුම් සහ තාක්ෂණය පමණක් නොවේ.රුසියාව ඇ.ඩො.බිලියන ගණන් ,වසර ගණනක් කාලයක් වැය කර බිහිකරන අවි සහ තාක්ෂණයන් චීනය විසින් සොරාගෙන තිබේ.සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු රුසියාවේ මූල්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීමට Sukhoi Su-27 යානා අලෙවි කිරීමට යොමුවිය.එහිදී චීනය විසින් එම ප්‍රහාරක යානා දුසිම් දෙකක් මිලදී ගත්තේය.ඉන්පසුව රුසියාවෙන් ගෙන්වන ලද ප්‍රධාන අමතර කොටස් යොදාගෙන සිය රට තුල එම යානා එකලස් කිරීමට චීනය බලපත්‍රයක් ලබාගැනීමට කතිකා කරගත්තේය.ඉන් වසර කිහිපයකට පසුව චීනය මෙම ගිවිසුම අවලංගු කලේ Su-27 යානයේ හැකියාවන් තමන් අපේක්ෂා කරන අවශ්‍යතාවයන් ඉටුනොකරන බව පවසමින්ය.පසුව රුසියානුවන්ගේ කෝපය මධ්‍යයේ චීනය විසින් රුසියානු Su-27 යානයට බොහෝ සමාන Shenyang J-11B නම් ප්‍රහාරක යානය මංගල ගුවන් දර්ශනය පවත්වන ලදි.

2010-2014 කාල සමය තුල චීනුන්ගේ අවි අපනයනය

නමුත් රුසියාව සිය අවි චීනයට විකිණීම ඔස්සේ ලබාගන්නා මුදල් නව තාක්ෂණයන් සංවර්ධනය කිරීමට යොදා ගත්තද පසුව චීනුන් විසින් ඒවා සොරාගන්නා ලදි.ඉන්පසු සිදුකල අවි මිලදී ගැනීම් කිහිපයකින් පසුව චීනය එම රුසියානු අවි Reverse engineering කර තමන්ගේම අවි මොඩලයන් නිපදවන ලදි.චීනයේ සැබෑ උවමනාව සහ චෞරත්වය තේරුම් ගැනීමට රුසියාවට අවසානයේදී හැකිවිය.තමන්ගේ අතිශය දියුණු අවි පද්ධති අත්හදා බැලීමට, චීනය කරන ඉල්ලීම් පවා ඉන්පසු රුසියාව විසින් ඉවත දමන ලදි.

අනුකරණ අවි ඔස්සේ අප්‍රිකාව තුල රුසියානු අවි වෙළඳපොල ක්‍රමයෙන් අල්ලා ගන්නා චීනය

රුසියාවේ තුවාලයට ලුණු දමමින් චීනය ඉන්පසු කලේ සිය රුසියානු අනුකරණ ජාත්‍යන්තර වෙළඳපොළට මුදා හැරීම ඔස්සේ රුසියානු අවි වෙළඳපොළට තිබෙන තැන අහිමි කිරීමට උත්සාහ කිරීමයි.නමුත් Louis Vuitton අත් බෑගයේ චීන අනුකරණය(දෝෂ සහිත සිප් එකක් තිබේ)මෙන් චීන ක්ලෝන අවිත් කාර්ය සාධනයට වඩා පිටත පෙනුම පමණක් සහිත ඒවා වීමට බොහෝ ඉඩක් තිබේ.

Louis Vuitton අත් බෑගයේ චීන අනුකරණය

නාවික විශේෂඥයෙක් වන එරික් වෙර්තෙයිම් චීන අනුකරණ අවි සම්බන්ධව මෙවැනි අදහසක් පවසා තිබේ."බටහිර රටවලින් අනුකරණය කල අවි ඇතුලු චීන අවි බොහෝමයක් සම්බන්ධව තිබෙන විශාලතම ප්‍රශ්නය වන්නේ ඒවා තවමත් කිසිම සංග්‍රාමයකදී අත්හදා බලා නොමැතිවීමයි.ඒවා කොයි ආකාරයකට ක්‍රියා කරයි දැයි අපි තවමත් දන්නේ නැත.කෙසේ වෙතත් වෙනත් චීන නිෂ්පාදන මෙන් මේවාද ඒවාහි මූලාකෘති වන බටහිර අවිවලට වඩා මිලෙන් අඩුය.නමුත් චීන අඩු මිල ජංගම දුරකතන භාවිතා කරන තුන්වන ලෝකය රටක් වුවද සංග්‍රාමයක්/හමුදාව උදෙසා අවි මිල දී ගනිද්දී යුද්ධයකදී අත්හදා බලා සාර්ථකත්වය පිරීක්ෂා නොබැලූ චීන ක්ලෝන අවි මිලදී ගැනීමට කැමැත්තක් නොදක්වන බව සහතිකය."

චීනයේ ව්‍යාජ Apple store එකක්

චීන ක්ලෝන අවි ඒවාහි මුලාකෘති මෙන් ගුණාත්මක සහ හැකියාවෙන් යුක්ත නොවන බව කියන එක්සත් ජනපද යුද සහ අවි නිෂ්පාදන කර්මාන්තයන්හි නිලධාරීන් ප්‍රකාශ කරන්නේ චීනය විසින් දියත් කර තිබෙන සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේ බටහිර අවි පද්ධතිවල සැලසුම් සහ තාක්ෂණයන් සොරාගැනීම තවත් වේගයෙන් සිදුවනු ඇතිබවයි.එසේම ඇමෙරිකානු පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා F-22 වන F-35 සහ යානාවල අඩංගු සියලුම අංග ලක්ෂණයන් සහිත චීන ගුවන් යානා ඉදිරියේදී නිපදවෙනු ඇතිබවයි ඔවුන්ගේ අදහස.

පහත දැක්වෙන්නේ චීනුන් අනෙක් ජාතීන්ගේ අවි සැලසුම් සොරා ගැනීමෙන් සහ අනුකරණයෙන් නිෂ්පාදනය කල අවි කිහිපයකි.

ගුවන් යානා


චීන Shenyang J-15 ප්‍රහාරක යානය, රුසියානු Sukhoi Su-33 යානයේ සැලැස්ම මත පදනම්ව නිපදවා තිබේ.




ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ F-35B Lightning යානය(එක්සත් ජනපදය) අනුකරණය කර නිපදවූ චීන Shenyang J-31 ප්‍රහාරක යානය අනාවරණය කෙරුණේ 2014 දීය.




රුසියානු ‍Yakovlev Yak-130 යානය අනුකරණයෙන් නිපදවූ චීන Hongdu L-15 යානය නියමුවන් පුහුණු කිරීමට සහ සැහැල්ලු ප්‍රහාරක යානයක් ලෙස යොදාගනියි.




චීනය සතු Shenyang J-11 ප්‍රහාරක යානය රුසියානු Sukhoi Su-27 යානය මුල් කරගෙන නිර්මාණය කර තිබේ.




ලොව විශාලතම ප්‍රවාහන ගුවන් යානය වන රුසියානු ඇන්ටොනොව් An-12 යානයේ චීන ක්ලෝනය වන්නේ Shaanxi Y-9 ය.





නියමුවන් රහිත යානා


එක්සත් ජනපදයේ Northrop Grumman X-47B යානයේ චීන අනුකරණය වන්නේ AVIC 601-S(Sharp Sword) ය.




ඇමෙරිකානුවන්ගේ නවතම නියමුවන් රහිත හෙලිකොප්ටරයක් වන Northrop Grumman MQ-8 Fire Scoutහි පවා චීන අනුකරණයක් තිබේ.ඒ SVU-200 Flying Tiger නම් යානයයි.




එක්සත් ජනපදය සතු General Atomics MQ-1 Predator ඩ්‍රෝන් යානයේ චීන ක්ලෝනය වන්නේ Wing Loong(Chengdu Pterodactyl)ය.





සන්නාහ සන්නද්ධ රථ


රථයකට සවි කල මෙම කාලතුවක්කු(Self-Propelled Howitzer) විශේෂයේ රුසියානු මොඩලය වන්නේ 2S19 "Msta-Sය.එහි චීන ක්ලෝනය වන්නේ PLZ-05 ය.




එක්සත් ජනපදයේ හම්වී(AM General HMMWV) රථයේ චීන අනුකරණය වන්නේ Dongfeng EQ2050 ය.




එකවිට රොකට් කිහිපයක් එල්ල කල හැකි රුසියානු BM-30 Smerch රථයේ චීන ක්ලෝනය වන්නේ PHL30 ය.




රුසියානු BMP-1 සන්නාහ සන්නද්ධ රථයේ චීන අනුකරණය වන්නේ WZ-501 ය





ගිනි අවි


එක්සත් ජනපදයේ M-4A1 රයිෆලයේ චීන අනුකරණය වන්නේ Norinco CQ රයිෆලයි.




එක්සත් ජනපදයේ FGM-148 Javelin නම් යුද ටැංකි නාශක මිසයිල විදිනයේ චීන ක්ලෝනය වන්නේ HJ-12(Red Arrow-12)ය.




source:News.usni.org


චෞර රාජ්‍යය - චීනයේ කොපිකැට් සංස්කෘතිය චෞර රාජ්‍යය - චීනයේ කොපිකැට් සංස්කෘතිය Reviewed by HarshaLulzSec on September 08, 2018 Rating: 5
Powered by Blogger.