සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 30

August 31, 2018
නැගෙනහිර ඩීර් එසෝර් හි අල්-අස් රාක් තෙල් නිධිය ආශ්‍රිතව ස්ථානගත වී සිටි ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු අගෝස්තු මස 28දා ප්‍රහාරයක් එල්ල කරන ලදි.මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණායතනයට අනුව ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ගුවන් ප්‍රහාරක සහායත් ඇතිව එම ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කර තිබේ.

අගෝස්තු මාසය තුල ඩීර් එසෝර් හි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ස්ථාන වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල දෙවන ප්‍රධාන ප්‍රහාරය මෙයයි.පළමු ප්‍රහාරය එල්ල වූයේ අගෝස්තු මස 20දා ගිණිකොණ දිග ඩීර් එසෝර් හි අල්-ඔමාර් තෙල් නිධි ආශ්‍රිතව ස්ථානගත වී සිටි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙතයි.

සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සම්පුර්ණයෙන්ම පරාජය කලේ යැ‍යි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය කරන ප්‍රකාශ,මෙම ප්‍රහාර හරහා සත්‍යය නොවන බව පෙන්වා දෙයි.ඒ අනුව අදාල ප්‍රදේශයේ තවමත් ත්‍රස්තවාදීන්ගේ රහසිගත තිප් පොලවල් ක්‍රියාත්මකය.

උතුරු හමා හි හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා මීට පෙර නිදහස් සිරියානු හමුදාවේ සේවය කල සාමාජිකයෝ විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුලදී ඉදිරි ආරක්ෂක වළලු වෙත යවන්නට සිරියානු හමුදාව ක්‍රියා කර තිබිණි.මෙම පිරිස කලකට පෙර නැගෙනහිර ඩැමැස්කස් හි රාජ්‍ය විරෝධී කැරලිකරුවන් ලෙස සිට සිරියානු රජය සමග සාමදාන වූ අයයි.

සිරියානු මාධ්‍ය වාර්තාවලට අනුව ඉදිරියේදී මෙම ප්‍රදේශයට ඩැමැස්කස් ආසන්නයේ ක්‍රියාත්මක වූ නිදහස් සිරියානු හමුදාවේ හිටපු සාමාජිකයෝද යොදවනු ඇත.ඉදිරියේදී සිදු කිරීමට නියමිත හයාට් ටරිර් අල්-ෂාම් සංවිධානයට එරෙහි සටනට මෙම කණ්ඩායම් සහභාගී වීම හරහා පෙන්නේ හයාට් ටරිර් අල්-ෂාම් යනු වනසා දැමිය යුතු දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් යන්න සිරියානු ප්‍රජාවේ සියලුම කොටස් අවබෝධ කරගෙන සිටින බවයි.

ඉඩ්ලිබ් කැරලිකරුවන් සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන මිනිස් පළිහක් ලෙස භාවිතා කරන්නට උත්සාහ කරන බවත් ඒ නිසා ඔවුන් මුලිනුපුටා දැමිය යුතු යැ‍යි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව් රෝයි අගෝස්තු මස 29 ප්‍රකාශ කලේ සෞදි අරාබි විදේශ අමාත්‍ය අබ්ඩෙල් අල්-ජුබෙයිර් හමුවූ අවස්ථාවේදීය.

ඔහු කියා සිටියේ අනෙකුත් කැරලිකරුවන් ජබාත් අල්-නුස්රා ත්‍රස්තවාදීන්ගෙන් වෙන් කිරීම වහාම සහ අනිවාර්යෙන්ම කල යුතු කාර්යයක් බවයි.ඊට සමකාලීනව මෙම ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමත්,සිවිල් වැසියන්ට ඉන් සිදුවන හානිය හැකි තරම් අවම කිරීමට කල හැකි සියල්ල කල යුතු බවත් ඔහු කීය.

පසුගිය ජූනි මාසයේදී සිරියාවේ සහ එක්සත් ජනපදයේ විශේෂ සේවා(බුද්ධි අංශ)වල ඉහළ පෙළේ නියෝජිතයෝ ඩැමැස්කස් හිදී හමූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය යැ‍යි,මැදපෙරදිග සහ අප්‍රිකාව සඳහා වූ රුසියානු ජනපති විශේෂ නියෝජිත නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිකායිල් බොග්ඩානොව් අගෝස්තු මස 29 දා ප්‍රකාශ කරන ලදි.ඔහු එම ප්‍රකාශය සිදු කලේ,ඇමෙරිකානු විශේෂ සේවාහි නියෝජිතයෝ ජූනි මාසයේදී ඩැමැස්කස් වෙත පැමිණ සිරියානු රජය සමග සාකච්ඡා කලේ යැ‍යි අල් අක්බා නම් ලෙබනන පුවත්පත පළ කර තිබූ වාර්තාවකට ප්‍රතිචාර වශයෙනි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 30 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 30 Reviewed by HarshaLulzSec on August 31, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 29

August 30, 2018
අල්-සුවයිඩා සහ රිෆ් ඩමාස්ක් පළාත්වල සීමා ආසන්නයේ වූ හටිල් වේල්ල සිය පාලනයට නතු කර ගන්නට සිරියානු රජයේ හමුදා සමත් වූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග ඇතිවූ සුළු සටන් කිහිපයකින් පසුවයි.අල්-සුවයිඩා ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදා ස්ථානගත වී සිටින හිර්බට් අබු කෂාබේ වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.

නොබෝදා සිදු වූ සටන් වලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සැලකියුතු මට්ටමේ හානි සිදුවූයේ යැ‍යි රජයේ මාධ්‍ය පවසයි.කෙසේවෙතත් මෙම වාර්තා සනාථ කිරීමට ප්‍රමාණවත් වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි අවමය.

හමා හි උතුරු ප්‍රදේශයේ ඉඩ්ලිබ් පළාත් සීමාව ආසන්නයේදී සිරියානු අරාබි හමුදාවත් ,හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)කැරලිකරුවනුත් අතර ගැටුම් හටගන්නා ලදි.සිරියානු අරාබි හමුදාව එල්ල කල කාලතුවක්කු ප්‍රහාර වලින් හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ගේ වාහන දෙකක් විනාශ වී,සටන්කාමීන් 5 දෙනෙක් පමණ මරණයට පත් වූ බව වාර්තා වේ.

කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවල අනුව රජයේ හමුදා එල්ල කල ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර  පතිත වූයේ අල්-ලටාමිනා,කෆ්ර් සයිටා සහ කලාට් අල්-මැඩික් යන ගම්මානවලටය.

ටයිගර් බලකා,4 වන සන්නාහ සන්නද්ධ සේනාංකය සහ රජයට පක්ෂපාතී අනෙකුත් සටන්කාමී කණ්ඩායම් තව තවත් අමතර භට පිරිස් සහ යුදෝපකරණ උතුරු ලටාකියා,උතුරු හමා සහ නිරිතදිග ඇලපෝ හි ඉදිරි ආරක්ෂක වළලු වෙත යවමින් සිටින බව රජයට පක්ෂපාතී මූලාශ්‍ර දිගින් දිගම වාර්තා කරයි.

දෙපාර්ශ්වය එකිනෙකාට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වුවද මහා පරිමාණ ගැටුමකට යෑම ප්‍රමාද වී තිබෙන්නේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය සම්බන්ධව තිබෙන නොපැහැදිලි රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරයයි.මාධ්‍ය වාර්තාවලට අනුව ඉඩ්ලිබ් කැරලිකරුවන්ගේ ප්‍රධානතම සහායක රාජ්‍යය ලෙස ක්‍රියා කරන තුර්කියට,හයාට් ටරිර් අල්-ෂාම් සහ ප්‍රදේශයේ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධව තීරණයක් ගැනීමට සැප්තැම්බර් මාසය අවසානය තෙක් කාලය ලබා දී තිබේ.තුර්කිය ඊට අසමත් වුවහොත් සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය එම ප්‍රශ්නය විසදීමට යුදමය ක්‍රියාමාර්ගයක් ගනිවි.

සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂාව සඳහා රුසියානු හමුදාව අමතර ටෝර්-එම් 2 ගුවන් ආරක්ෂක පද්ධති යොදවා ඇතැයි කොමෙර්සන්ට් පුවත්පත් අගෝස්තු මස 28 දා වාර්තා කර තිබුණේ එරට ආරක්ෂක අමාත්‍යාංශ මූලාශ්‍රයක් උපුටා දක්වමින්ය.

එක්සත් ජනපදය සහ එහි මිත්‍රයෝ තවත් වරක් සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන බව කී රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය,ඉන්පසුව වාර්තා කලේ  කැලිබර් කෲස් මිසයිල වලින් සන්නද්ධ අද්මිරල් ග්‍රිගොරොවිච් සහ අද්මිරල් ඇසෙන් යන ෆ්‍රොගෙට් වර්ගයේ යුද නෞකා සිරියාව ආසන්න මුහුදේ ස්ථානගත කර තිබෙන බවයි.

ඉඩ්ලිබ් හි රසායනික අවි ප්‍රහාරයක් සිදු කිරීම ඔස්සේ කුපිත කරවීමක් ඇති කිරීමේ අවදානමක් තිබෙන යැ‍යි ඊට පෙර රුසියාව විසින් ප්‍රකාශ කරන ලදි.හයාට් ටරිර් අල්-ෂාම් ,අරාර් අල්-ෂාම් සහ විදේශීය බුද්ධි සේවාවල සහාය ලබන 'වයිට් හෙල්මට්' සංවිධානය මෙම කුපිත කරවීම සඳහා අවශ්‍ය පෙර සූදානම් වීම් සිදු කරමින් සිටියි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 29 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 29 Reviewed by HarshaLulzSec on August 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 28

August 30, 2018
ඉඩ්ලිබ් හි රඟ දැක්වීමට නියමිත රසායනික අවි ප්‍රහාරයට දඬුවම් ලෙස සිරියාවේ රජයේ හමුදාවන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමට අවශ්‍ය ප්‍රහාරක බලකායක් එක්සත් ජනපද හමුදාව විසින් නිර්මාණය කරමින් සිටින බව රුසියානු හමුදාව පවසයි.

පර්සියානු බොක්ක වෙත කැදවූ යූ එස් එස් සලිවන්ස් යුද නෞකාව සහ කටාර්හි ගුවන් හමුදා කඳවුරක ස්ථානගත කල බී-1බී ලාන්සර් නම් උපාය මාර්ගික බෝම්බ හෙළන යානයට අමතරව ටොමහොක් කෲස් මිසයිල 28ක් ගෙන යා හැකි යූ එස් එස් රෝස් නම් නෞකාව මධ්‍යධරණී මුහුදට ඇතුල් වී තිබේ.ඒ අනුව දැන් එක්සත් ජනපදයට ටොමහොක් කෲස් මිසයිල 84ක් සහ ඒ  ජී එම්-158 ජේ ඒ එස් එස් එම් වර්ගයේ ගුවනේ සිට ගොඩබිමට හෙළන මිසයිල 24ක් යොදාගෙන සිරියාවට ප්‍රහාරයක් දියත් කල හැකිය.

"බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවාවන්හි සක්‍රීය සහාය ඇතිව හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් සිදු කිරීමට නියමිත සිරියානු රජයේ හමුදාවන් මත වරද පැටවෙන රසායනික අවි ප්‍රහාරය ව්‍යාජ හේතුවක් ගෙන එක්සත් ජනපදය ඉෂ්ඨ කර ගැනීමට යන අභිප්‍රාය සඳහා අවශ්‍ය සූදානම් වීම් සම්බන්ධව අලුත්ම තහවුරු කිරීමේ මේවාය" යනුවෙන් රුසියානු හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙන්කොව් පැවසීය.

සතුරු හමුදාවල ඉලක්ක බවට පත් වේ යැයි අපේක්ෂා කරන තීරණාත්මක මර්මස්ථානවල ආරක්ෂාව සඳහා අමතර ගුවන් ආරක්ෂක පද්ධති සහ විශේෂඥයෝ යොදවා එක්සත් ජනපදයෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කරන්නට සිරියානු ගුවන් ආරක්ෂක බලකා දැනටමත් පෙර සූදානම් වීම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

"සිරියානු රජය රසායනික අවි භාවිතා කල හොත් ,අපි දැඩි ප්‍රතිචාරයක් දක්වනවා" යනුවෙන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අගෝස්තු මස 22දා පැවසීය.මෙය එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් ත්‍රිත්වය සිරියානු රජයට එල්ල කල අනතුරු ඇඟවීම් මාලාවෙන් එකක් පමණි.මෙම තර්ජනය කිරීම් සියල්ලම පාහේ රසායනික අවි මත පදනම් වී තිබුණද ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ සිරියානු හමුදා මෙහෙයුම ප්‍රමාද කර ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ගේ පරාජය වැළැක්වීමයි.

සිරියානු ගුවන් අවකාශයේ පාලනය තවත් වැඩි කිරීමේ නව සැලසුමේ කොටසක් ලෙස අල්-හසාකා සහ ඇලපෝ පළාත්වල තිබෙන සිය කඳවුරුවල රේඩාර් පද්ධති ස්ථාපිත කිරීමට එක්සත් ජනපදය නායකත්වය දරන මිත්‍ර සන්ධානය පියවර ගනිමින් සිටින බව ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,බාස් නිව්ස් නම් කුර්දිස්ථාන පුවත් සේවය වෙත අගෝස්තු මස 25දා පවසා තිබිණි.එම පුවතට අනුව රේඩාර් පද්ධති ස්ථානගත කර තිබෙන්නේ කොබානි සහ රමෙලන් නම් ගුවන් හමුදා කඳවුරු වලය.මෙම කර්තව්‍යය සඳහා එක්සත් ජනපද 727 වන කාර්ය සාධක ගුවන් පාලන බලඝනය සහභාගී වූ බව සඳහන් වේ.

ඒ අතරතුර අල්-සෆා ප්‍රදේශයේ සිරියානු හමුදා සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතර සටන් තවමත් ක්‍රියාත්මකය.එහිදී ත්‍රස්තවාදීන්ගේ එක් රථයක් විනාශ විය.කෙසේවෙතත් වැදගත් ඉදිරි ආරක්ෂක වළලු වලින් සම්පත් නැවත දියත් කිරීමට තරම් ප්‍රතිරෝධයක් තවමත් කාන්තාරයේ සිටින ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වන බව වාර්තා වේ.

ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ කැරලිකරුවෝ රජයේ හමුදාවන්ට එරෙහි සටන සඳහා වන සූදානම් වීම්වලට ජාත්‍යන්තර ප්‍රජාවේ සහායද ලබා ගනිමින් සිටියි.මෙම පූර්ව සූදානම් වීම්වල වැදගත් කොටසක් වන්නේ ඩැමැස්කස් රජය සමග සාමකාමීව ප්‍රශ්නය විසඳා ගැනීමට සහාය දිය හැකි සිවිල් වැසියන්,වැදගත් පුද්ගලයින් සහ ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් අත් අඩංගුවට ගැනීමත්,පැහැරගෙන යාමත්ය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 28 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 28 Reviewed by HarshaLulzSec on August 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2108 අගෝස්තු 28

August 28, 2018
ඩැමැස්කස් රජය මත වරද පැටවෙන පරිදි 'රසායනික අවි ප්‍රහාරයක්' රඟදැක්වීම සඳහා සිරියාවට 'විදේශීය විශේෂඥයෝ' පැමිණ ඇතැයිද එම සැලසුම් සහගත ප්‍රහාරය ඉතා නුදුරේදීම සිදු කරනු ඇතැයිද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගොර් කොනෂෙන්කොව් අගෝස්තු මස 25දා පැවසීය.ඔහුට අනුව මෙම "ඉංග්‍රීසි කතා කරන විශේෂඥයෝ" දකුණුදිග ඉඩ්ලිබ් හි හබිට් ජනාවාසය වෙත පැමිණ තිබේ.

"වඩාත් ජනාකීර්ණ කාෆර් සිටා ප්‍රදේශයේ සිදුකෙරෙන පෙර සූදානම් වෙනුවෙන් සහභාගි කිරීම සඳහා පළාතේ උතුරු ප්‍රදේශයෙන් පදිංචිකරුවන් කණ්ඩායමක් ගෙන එන අතර ඔවුන් සිරියානු රජයේ හමුදා හෙළන බවට මවා පෙන්වන රසායනික අවි සහිත බෝම්බ ප්‍රහාරයට මුහුණ දෙනු ඇත.මෙම ව්‍යාජ ප්‍රහාරයෙන් පසුව ගලවා ගැනීම සඳහා පැමිණෙන්නේ 'වයිට් හෙල්ම්ටස්' සංවිධානය වන අතර ඔවුන් විසින් ඒ අතරතුර පටිගත කරගන්නා දර්ශන මැදපෙරදිග සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය වෙත ලබා දේවි." යනුවෙන් ඉගොර් කොනෂෙන්කොව් පැවසීය.

දැනට තිබෙන තත්ත්වය බරපතල ලෙස අස්ථාවර කිරීමටත්,ඉදිරියට යන සාම සාකච්ඡා ක්‍රියාවලිය බිද හෙළීමටත් විදේශීය හමුදා මෙය අවස්ථාව කර ගනිවි යැ‍යි හමුදා ප්‍රකාශකයා කීය.

රුසියානු හමුදාවේ අදහස වන්නේ රඟදැක්වීමට නියමිත ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ සිරියානු රජයේ සහ හමුදාවේ මර්මස්ථාන වෙත ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා ව්‍යාජ හේතුවක් වශයෙන් බවයි.මේජර් ජෙනරල් කොනාෂෙන්කොව්ට අනුව මෙම ක්‍රියාමාර්ගය සඳහා වොෂින්ටනය දැනටමත් සූදානම් වෙමින් සිටියි.එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සුලිවන්ස් නම් ඩිස්ට්‍රෝයර් වර්ගයේ යුද නෞකාව කෲස් මිසයිල 56ක්ද සහිතව පර්සියානු බොක්ක වෙත ළඟා වූයේ දින කිහිපයකට පෙරයි.ඒ අතරේ බී-1බී උපායමාර්ගික බෝම්බ හෙළන යානයක් ඒ ජී එම්-158 ජේ ඒ එස් එස් එම් නම් ගුවනේ සිට ගොඩබිම ඉලක්ක කරන කෲස් මිසයිලවලින් සන්නද්ධව කටාර් හි අල්-උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබේ.

අතරවාරයේ සිරියාව ආසන්න මුහුදේ තිබෙන රුසියානු නාවික කාර්ය සාධක බලකාය කළු මුහුදේ නාවික බල ඇණිය සතු,කැලිබර් කෲස් මිසයිල සහ ෂටිල්-1 නම් ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල පද්ධති සහිත අද්මිරල් ග්‍රිගොරොවිච් සහ අද්මිරල් එසෙන් නම් ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකාවලින් ශක්තිමත් කර තිබේ.දැනට මෙම නාවික බලකාය අද්මිරල් ග්‍රිගොරොවිච් පන්තියේ ෆ්‍රිගෙට් වර්ගයේ යුද නෞකා 3ක් සහ කැලිබර් කෲස් මිසයිලවලින් සන්නද්ධ බුයාන්-එම් පන්තියේ කොර්වෙට් වර්ගයේ යුද නෞකා 3ක් ඇතුලුව නෞකා සහ සබ්මැරීන 16කින් පමණ සමන්විත වේ.

හමා සහ ඇලපෝහි රජයේ පාලන ප්‍රදේශ වලට ආක්‍රමණයක් දියත් කිරීම සඳහා ඉඩ්ලිබ් පළාතේ කැරලිකරුවෝ දහස් ගණනක් බර අවි සහ සන්නාහ සන්නද්ධ රථ රැස් කරමින් සිටි බව සිරියාවේ විරුද්ධ පක්ෂ සමග සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී මේජර් ජෙනරල් ඇලෙක්සි සිගන්කොව් අනාවරණය කලේය.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ රජයේ හමුදාත් කැරලිකාර හමුදාත් අතර සීමා මායිමේ ආතතිය ක්‍රමයෙන් වැඩි වෙද්දී කැරලිකරුවන් මෙම සූදානම් වීම් සිදු කරමින් සිටිති.අගෝස්තු මස 26දා උතුරුදිග හමා හි අල්-සකාහ් ගම්මානය ආසන්නයේ තිබෙන ජයිස් අල්-ඊසා කැරලිකාර කණ්ඩායමේ මූලස්ථානයකට සහ දකුණුදිග ඉඩ්ලිබ් හි කුවායින් සහ අල්-ටමානාහ් යන ගම්මානවල හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ගේ ස්ථාන වෙත සිරියානු රජයේ හමුදා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව කැරලිකරුවන් ආරක්ෂක විධිවිධාන තර කිරීමට භාවිතා කල වාහන කිහිපයක් සහ සටන්කරුවන් කිහිපදෙනෙක් මෙම ප්‍රහාරවලින් විනාශ විය.

ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ තත්ත්වය පවතින්නේ අස්ථාවරවයි.එම ප්‍රදේශයේ හයාට් ටරිර් අල්-ෂාම් සහ ඔවුන්ගේ මිත්‍රයන්ට මෙහෙයුම් කිරීමට හැකිවෙන තුරු  එම අස්ථාවර තත්ත්වය දිගටම පවතීවි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2108 අගෝස්තු 28 සිරියානු යුද වාර්තාව - 2108 අගෝස්තු 28 Reviewed by HarshaLulzSec on August 28, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 24

August 25, 2018
යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ හවාජි ගම්මානය ආසන්නයේ  ඔමාර් තෙල් නිධිවලට බටහිරින් වූ ප්‍රදේශයේ සිටින ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට අයත් රථයක් අගෝස්තු මස 22දා  බෝම්බ ප්‍රහාරයකට ලක් විය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ අමාක් පුවත් සේවයට අනුව එම ප්‍රහාරයෙන් සිව්දෙනෙක් මරණයට පත් ව තිබේ.

ඔමාර් තෙල් නිධිවලට නැගෙනහිරින් ජුමා ගම්මානය ආසන්නයේදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට අයත් තෙල් ප්‍රවාහන ට්‍රක් රථයක් ඉලක්ක කරගෙන බෝම්බ ඇට වූ මෝටර් සයිකල් ප්‍රහාරයක් එල්ල විය.රථයේ රියදුරු ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඝාතනය කල බව අමාක් පුවත් සේවය සඳහන් කරයි.

මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය  අල්-ඔමාර් හි දකුණු ප්‍රදේශයට එල්ල කල ගුවන් ප්‍රහාර වලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මිය යන්නට ඇතැයි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරයි.

මෙම තෙල් නිධි සහිත ප්‍රදේශයට ත්‍රස්තවාදීන් පහර දුන් පළමු අවස්ථාව මෙය නොවේ.අගෝස්තු මස 18 දා ත්‍රස්තවාදීන් 20කට වැඩි පිරිසක් අල්-ඔමාර් හි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල ස්ථාන වෙත කඩා වැදුණු අතර එහිදී ඇති වූ ගැටුම් වලින් ත්‍රස්තවාදීහු 7 දෙනෙක් මරණයට පත් වූ බව වාර්තා වේ.

අගෝස්තු මස 23දා සිරියානු අරාබි හමුදාව,යුද ටැංකි සහ කාලතුවක්කු වලින් සන්නද්ධ අමතර භට පිරිස් කාණ්ඩයක් ඉඩ්ලිබ් හි ඉදිරි ආරක්ෂ වළල්ල වෙත යවන ලදි.4 වන සන්නාහ සන්නද්ධ සේනාංකයේ මූලාශ්‍රයකට අනුව සිරියානු අරාබි හමුදාවේ සීමා සහිත ආක්‍රමණයක් අගෝස්තු මාසය අවසානයේදී ආරම්භ වනු ඇත.

ඩැමැස්කස් රජය සමග සාමදාන වූ කැරලිකාර කණ්ඩායම් ගණනාවක හිටපු සාමාජිකයෝ 500 ක පමණ පිරිසක් නුදුරේදී ආරම්භ වීමට නියමිත සිරියානු අරාබි හමුදාවේ ඉඩ්ලිබ් ආක්‍රමණයට සහභාගී වීමට නියමිත බවට වාර්තා පළවේ.මෙම වාර්තාවලට අනුව මෙම කැරලිකරුවන් 5 වන ප්‍රහාරක බලකාවල විවිධ ඒකකවලට අනියුක්ත කර තිබේ.

මෙම වාර්තා දැනටමත් කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අපකීර්තියක් ගෙන දී තිබෙන අතර මෙම තත්ත්වය අෂාඩ් රජයේ තවත් වංචා සහගත ක්‍රියාවක් යැයිද ඔවුන් විසින් විස්තර කරයි.කෙසේවෙතත් රජයත් කැරලිකරුවනුත් අතර ඇති වූ සාමදාන ගිවිසුම්වල එක් ප්‍රධාන කරුණක් වන්නේ සිරියානු පිරිමින් ලෙස ඔවුන් අනිවාර්ය හමුදා සේවයේ නිරත වීමේ නිදහස් නොවන බවයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 24 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 24 Reviewed by HarshaLulzSec on August 25, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 23

August 24, 2018
තම සිරියානු යුද මෙහෙයුමේ ප්‍රතිඵල සම්බන්ධව තොරතුරු ඇතුලත් වීඩියෝවක් අගෝස්තු මස 22දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් මුදා හරින ලදි.එම වීඩියෝවට අනුව රුසියානු හමුදාව ත්‍රස්තවාදී ඉලක්ක 121,466ක් විනාශ කල අතර මරා දමන ලද ත්‍රස්තවාදී සංඛ්‍යාව 86,000 ඉක්මවයි.ඊට ත්‍රස්තවාදී අණදෙන නිලධාරීන් 830ක්ද ඇතුලත්ය

සිරියානු යුද්ධයට රුසියාව සිදු කල මැදිහත් වීම හරහා ජෙනරල්වරු 434 සහ නිලධාරීන් 25,738 දෙනෙක් ඇතුලුව රුසියානු සෙබලුන් 63,012ක් සංග්‍රාමික අත්දැකීම් ලබා ගත්හ.

තම ඊශ්‍රායල සංචාරය අතරතුර  එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියා සිටියේ රුසියානුවන් සිරියාව තුල සිර වී සිටින බවත් සිරියානු යුද්ධයේදී ඕනෑම කතිකාවක් තුල එක්සත් ජනපදය ප්‍රමුඛත්වය දරන බවත්ය.මොස්කව් රජය සිරියාවේ පශ්චාත් යුද ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අනෙකුත් රටවල උපකාර බලාපොරොත්තු වන බවත් එය ඉරාන හමුදා සිරියාවෙන් ඉවත් කර ගැනීමට බල කරන්නට වොෂින්ටනයට කදිම අවස්ථාවක් යැ‍යිද ඔහු කීය.

මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර ලෙස රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව් රෝයි කියා සිටියේ "සිරියානු රජයේ ආරාධනයක් නොමැතිව එරට තුල රැඳී සිටින සියලුම විදේශීය හමුදා අවසානයේදී ඉන් ඉවත් කර ගත යුතු බවයි".ඊට පෙර ඉරාන සහ සිරියානු බලධාරීන් දිගින් දිගටම ප්‍රකාශ කලේ ඉරාන හමුදා සිරියාවෙන් ඉවත් වන්නේ ඩැමැස්කස් රජය නිල වශයෙන් ආයාචනයක් කලහොත් පමණක් බවයි.ඒ අනුව ඉරාන හමුදා ඉවත්ව යෑම නුදුරේදී සිදු නොවනු ඇත.

ඒ අතරතුර ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ යුදමය තත්ත්වය සෙමින් වර්ධනය වෙමින් තිබේ.හයාට් ටරිර් අල්-ෂාම් ,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් නිරිතදිග ඇලපෝ සහ උතුරුදිග හමා අතර අලුතින් ආරක්ෂක සංවිධාන ශක්තිමත් කිරීමත් ඔවුන්ගේ ස්ථානවල පිරිස් සහ යුද ශක්තිය වැඩි කරමින් සිටිති.ඊට අමතරව ඔවුන් උතුරුදිග ලටාකියා හි රජයේ ස්ථාන වෙත පහරදී පලා යෑම් ගණනාවක් සිදු කර තිබේ.කෙසේවෙතත් දෙපාර්ශ්වය අතර විශාල ප්‍රමාණයේ ගැටුම් වාර්තා නොවීය.

ඩැමැස්කස් රජය සමග කිසිදු සාමකාමී ගිවිස ගැනීමක් ඇති වීම වැළැක්වීමට මෙම සන්නද්ධ කණ්ඩායම් දිගින් දිගටම උත්සාහ කරමින් සිටින නිසා ප්‍රදේශයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීමට දැනට ඉතිරිව තිබෙන එකම විකල්පය වන්නේ යුදමය ක්‍රියාමාර්ගයයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 23 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 23 Reviewed by HarshaLulzSec on August 24, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 22

August 23, 2018
කැරලිකාර කණ්ඩායම් දිගින් දිගටම ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපය තුල සටන් විරාමය උල්ලංඝනය කරන බව සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානය අගෝස්තු මස 21 දා නිකුත් කල නිවේදනයක සඳහන් වේ.එම නිවේදනය සඳහන් පරිදි බටහිර ඇලපෝ,උතුරුදිග ලටාකියා සහ උතුරුදිග හමාහි අවම වශයෙන් ගම්මාන සහ ජනාවාස 17ක් තුල සටන් විරාමය උල්ලංඝනය කර තිබේ.

රජයත් විපක්ෂයත් අතර සාමකාමී කතාබහක් ඇති වීම කඩාකප්පල් කිරීමට හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවෝ ක්‍රියා කරන බවත් ඔවුහු දකුණු ඉඩ්ලිබ් හි රජයේ හමුදා ස්ථානගත වී සිටින ප්‍රදේශ ඉලක්ක කරගෙන තමන්ගේම ආක්‍රමණයක් සඳහා සූදානම් වන බව එම මධ්‍යස්ථානය පවසයි.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ නායකයා වන අබු මොහම්මඩ් අල්-ජොලානි උතුරුදිග ලටාකියා හි කැරලිකරුවන් සහ සිරියානු අරාබි හමුදාව වෙන් කරන සීමාවේ සංචාරයක නිරතව තිබේ.කැරලිකරුවන් සතු ඉඩ්ලිබ්,ඇලපෝ සහ ලටාකියා පළාත්වල බලවත්ම හමුදාව වන්නේ මෙම ත්‍රස්තවාදී කණ්ඩායම බව අල්-ජොලානිගේ පැමිණීමෙන් නැවත වරක් පෙන්වා දෙයි.සිරියානු යුද්ධයට සම්බන්ධව සිටින සමහරක් බලවත් රටවල් ඊට පෙර කියා සිටියේ මෙම ප්‍රදේශවල හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම නොමැති බවයි.

වයඹ දිග සිරියාවේ සිටින හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නියමිත යුද මෙහෙයුමට සූදානම් වීමක් වශයෙන් සිරියානු අරාබි හමුදාව උතුරුදිග හමා සහ ලටාකියා ප්‍රදේශවලට අමතර භට පිරිස් කැදවා තිබේ.ඒ අතරතුර සිරියානු රජය සිවිල් වැසියන්ට එරෙහිව රසායන අවි ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරන තම පැරණි ප්‍රචාරණ න්‍යාය පත්‍රය නැවතත් ආරම්භ කරන්නට එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ක්‍රියා කලහ.

ඩැමැස්කස් රජයේ රසායනික අවි භාවිතය සම්බන්ධව දොස් නගමින් මේ රටවල් තුන අගෝස්තු මස 21දා ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කලහ.යළිත් වරක් සිරියානු රජය රසායනික අවි භාවිතා කල හොත් ඊට ගැළපෙන අයුරින් ප්‍රතිචාර දක්වන්නේ යැයි එම ප්‍රකාශනයේ සඳහන්ය.එනම් සිරියාවට නැවත පහර දෙන බවට සිදු කල අනතුරු ඇඟවීමක් ලෙස මෙය හැදින්විය හැකිය.

විශේෂඥයෝ අපේක්ෂා කරන්නේ,සිරියානු අරාබි හමුදාව ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කල වහාම කැරලිකරුවන් රසායනික අවි භාවිතා කර,එහි වගකීම සිරියානු රජය මත පටවා විදේශීය බලවතුන්ට නැවත වරක් සිරියාවට එරෙහිව යුදමය ක්‍රියා මාර්ගයක් ගැනීමට පොටක් පාදා දෙනු ඇති බවයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 22 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 22 Reviewed by HarshaLulzSec on August 23, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 21

August 22, 2018
රජයේ හමුදා නැගෙනහිර අල්-සුවයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඬයම් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසුව මේ දක්වා මරා දමන ලද ත්‍රස්තවාදීන් ගණන 100 පමණ වෙතැයි වාර්තා වේ.

තවමත් මෙම ප්‍රදේශයේ දෙපාර්ශ්වය අතර ගැටුම් පවතින නිසා මෙම සංඛ්‍යාව ඉහළ යා හැකිය.

ඉඩ්ලිබ් පළාතේ දකුණුදිග ප්‍රදේශයේ ටල් අල්-ටුකන් ගම්මානයට දකුණින් පිහිටි ස්ථානයක් වෙත ඉඩ්ලිබ් කැරලිකරුවන් එල්ල කල ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.ටල් අල්-ටුකන් හි බටහිර ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ ස්ථාන වෙත සිරියානු අරාබි හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.

සිරියාවේ සිටි රුසියානු හමුදා පොලිසියේ සාමාජිකයෝ 200 දෙනෙක් රුසියාවේ දකුණුදිග හමුදා දිස්ත්‍රික්කයේ ඔවුන්ගේ කඳවුර වෙත පිටත්ව ගියහ.ඊට පෙර ගුවන් යානා සහ හෙලිකොප්ටර් 35ක්,ගුවන් නිලධාරීන්,වෛද්‍ය ඒකක සහ හමුදා පොලිස් නිලධාරීන් රුසියාවේ සිය කඳවුරු බලා පිටත් ව ගොස් තිබූ බව නිල වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාලයට මුදා හැර තිබෙන චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව රුසියානු ගුවන් හමුදාව දැනට සිරියාව තුල සුකොයි-24 එම් 2 යානා 9ක්, සුකොයි-34 යානා සහ සුකොයි-35 යානා 6ක් මෙන්ම ප්‍රහාරක,ප්‍රවාහන හෙලිකොප්ටර් ,ඩ්‍රෝන් යානා සහ සහායක ගුවන් යානා නොදන්නා ගණනක් තවමත් සේවයේ යොදවා තිබේ.

රටේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන එක්සත් ජනපදය,සරණාගතයන් යළි සිරියාව බලා පැමිණීම ප්‍රමාද කිරීමට උත්සාහ කරන බවට රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝයි පැවසූයේ අගෝස්තු මස 20දා ඔහු ලෙබනනයේ විදේශ අමාත්‍ය ගෙබ්‍රන් බසිල් හමුවූ අවස්ථාවේදීය.

සිරියානු සරණාගතයන් සම්බන්ධව රුසියාවේ මුල පිරීමට තම රටේ සහායද හිමිවන බව එහිදී ලෙබනන විදේශ අමාත්‍යවරයා කීය.

දැනට සිරියානුවන් මිලියන 11ක පිරිසක් උන් හිටි තැන් අහිමි වූවන් ලෙස හඳුනාගෙන ඇති බවත් ඉන් මිලියන 6ක පිරිසක් සිරියාව තුලම සරණාගත තත්ත්වයට පත්ව තිබෙන බවත් රුසියානු විදේශ අමාත්‍යංශයේ නියෝජිත නිකොලයි බුර්ට්සෙව් අගෝස්තු මස 15දා පැවසීය.

අගෝස්තු මස 19දා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්කයක් වෙත පහරදීමට ගිය හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඇමෙරිකානු සෙබලෙක් මරණයට පත්ව තවත් කිහිපදෙනෙක් තුවාල ලැබීය.හෙලිකොප්ටරය කඩා වැටුණේ සතුරු ප්‍රහාරයකින් යැ‍යි පෙන්වන කිසිදු සාක්ෂියක් හමු නොවූ බව පෙන්ටගනය පැවසීය.

ඇමෙරිකානු හමුදාව අනතුර සම්බන්ධව වැඩි විස්තර ලබා නොදුන්හ.කෙසේවෙතත් මාධ්‍ය වාර්තා වලට අනුව,අනතුරට ලක්ව තිබෙන්නේ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන් රෙජිමේන්තුවේ එම් එච්-60 බ්ලැක් හොක් හෙලිකොප්ටරයකි





southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 21 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 21 Reviewed by HarshaLulzSec on August 22, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 20

August 21, 2018
සිරියාවේ දකුණුදිග ප්‍රදේශයේ යොදා තිබූ සිරියානු හමුදාවේ දක්ෂතම හමුදා කණ්ඩායම් මේ වනවිට දකුණුදිග ඉඩ්ලිබ් සහ උතුරුදිග ලටාකියා හි හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් සමග සටන් වැදීම සඳහා කැඳවා තිබේ.

පසුගිය සති අන්තයේ දී 4 වන සන්නාහ සන්නද්ධ සේනාංකයේ ඒකක කිහිපයක්,යුද ටැංකි,රොකට් විදින රථ සහ කාලතුවක්කුවලින් සන්නද්ධව උතුරුදිග ලටාකියා වෙත ගමන් කිරීම ආරම්භ කලහ.

ඊට පෙර ටයිගර් බලකා සහ 5 වන ප්‍රහාරකය හමුදාව දකුණුදිග ඉඩ්ලිබ් සහ උතුරුදිග හමා ආසන්නයේ ස්ථානගත විය.

ඩැමැස්කස් රජය සමග සාමදාන ගිවිසුම් ඇති කර ගැනීමට සහාය දේවි යැ‍යි අපේක්ෂා කරන සිවිල් වැසියන් අත් අඩංගුවට ගැනීම සඳහා අගෝස්තු මාසයේ මැද පටන් හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.විවිධ මූලාශ්‍රවලට අනුව එලෙස අල්ලා ගත් සිවිල් වැසියන් 100කට වැඩි පිරිසක් කැරලිකරුවන්ගේ අත් අඩංගුවේ පසුවේ.

කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල සිටින ජනගහනයෙන් බහුතරයක් රජයේ හමුදා සිදු කිරීමට නියමිත යුද මෙහෙයුමට සහාය පළ කරනු ඇතැයිද,රජයේ හමුදාවන්ට යම් ආකාරයකින් සහාය ලබාදේවි යැ‍යිද කැරලිකරුවෝ අපේක්ෂා කරයි.

ඒ අතරතුර දකුණුදිග ඉඩ්ලිබ් හි ගම්මාන  සහ නගර කිහිපයක කැරලිකරුවන්ගේ පාලනයට යටත් මන්ත්‍රණ සභාවන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ,තුර්කියට එම ප්‍රදේශවල බලය සිය හමුදා යොදවා නතු කර ගන්නා ලෙසයි.එහි තේරුම වන්නේ එම ප්‍රදේශවල සිටින තුර්කියට පක්ෂපාතී කැරලිකාර කණ්ඩායම්වල බලය ප්‍රමාණවත් නොවන බවයි(සිරියානු අරාබි හමුදාවේ ආක්‍රමණයකට මුහුණ දීමට තරම්).

අල්-සුවයිඩා සහ රිෆ් ඩමාෂ්ක් පළාත් සීමාව ආසන්නයේ අල්-සාෆා ප්‍රදේශයේ සිරියානු හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සිදු කරන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකය.හමුදාවේ උත්සාහය නොසලකා හරිමින් ,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු තවමත් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් අල්ලාගෙන සිටියි.

පසුගිය සති අන්තයේදී 1 වන සේනාංකයේ විශේෂ බලකා ඒකකයක් විසින් අල්-සාෆා ප්‍රදේශයෙන් පළා යමින් සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් කණ්ඩායමකට සැඟව සිට පහරදීමක් කරන ලදි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 25 දෙනෙක් වත් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.මෙම සිදුවීමෙන් පෙනෙන්නේ අල්-සාෆා හි සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නැවත වරක් එම ප්‍රදේශයෙන් පලා යෑමට උත්සාහ දරනු ඇති බවයි.එම කඩ ඉම පැන ගත් විට වටලා තිබෙන හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයට ඔවුන් පළමුව ගමන් කර ඉන් පසුව ඉරාක දේශසීමාවට ළඟා වේවි.

ඒ අතරතුර උතුරු සහ නිරිතදිග සිරියාව වෙනුවෙන් සාමකාමී විසඳුමක් ළඟා කර ගැනීම සඳහා අන්කාරා,ටෙහෙරාන් සහ මොස්කව් රජයන් සාකච්ඡා පවත්වමින් සිටිති.කෙසේවෙතත් එම පාර්ශ්වයන් මේ දක්වා ඉඩ්ලිබ් පළාත සම්බන්ධව අවසන් විසඳුමකට පැමිණ නැත.එනම් රජයේ හමුදා සහ කැරලිකරුවන් අතර ගැටුම් නුදුරේදී ඇවිල යනු ඇත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 20 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 20 Reviewed by HarshaLulzSec on August 21, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 17

August 20, 2018
බටහිර සිරියාවේ ක්‍රියාත්මක කැරලිකාර කණ්ඩායම් අගෝස්තු මස 16දා නිරිතදිග ඇලපෝ හි බානෙස්,බිර්නාහ්,අල්-ඔටොමනියා,වයිර් අල්-ඊස්,ටෙල් බජිර්,ජුඩිඩාහ්,සුමාර් සහ ජිස්රා යන ගම්මාන යුද කලාපය ලෙස ප්‍රකාශයට පත් කල අතර සිවිල් වැසියන්ට පැය 48 ඇතුලත එම ප්‍රදේශයෙන් පිටත්ව යන ලෙස නියෝග කලහ.

ඊට අමතරව හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,සිරියාවේ අල්කයිඩා ශාඛාව)සහ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය නිරිතදිග ඇලපෝ වෙත අමතර කැරලිකරුවන් පිටත් කර හැර තිබේ.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව මෙම ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ බටහිර සිරියාවේ සිය පාලන ප්‍රදේශ වෙත සිරියානු අරාබි හමුදාව ඇතුල්වීම වැළැක්වීමයි.

ඒ අතරතුර අෂාඩ් ෂීල්ඩ්,මාහර්ඩාහ් බලකා,අයි එස් අයි  එස් හන්ටර්ස් සහ බාත් බැටැලියන්ස් යන රුසියානු සහාය ලබන 5 වන ප්‍රහාරක හමුදාවේ ඒකක 4ක් හමා හි උතුරු ප්‍රදේශ වෙත කැදවා තිබේ.ඊට පෙර ටයිගර් බලකාවලට අයත් යුද ටැංකි සහ කාලතුවක්කු සහිත යුද රථ සමූහ 4ක් එම ප්‍රදේශයට ළඟා විය.

කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් දිගින් දිගටම උතුරු හමා සහ දකුණු ඉඩ්ලිබ් හි කැරලිකරුවන්ගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරයි.

එම ප්‍රදේශය වෙත සිරියානු අරාබි හමුදාව ඇතුල්වීම වැළැක්වීම සඳහා තුර්කිය සක්‍රීයව ක්‍රියා කරමින් සිටියි.මෙම තත්ත්වය සිරියා-තුර්කි ගැටුමක් දක්වා දුර දිග යා හැකිය.

අල්-සුවයිඩා සහ රිෆ් ඩමාෂ්ක් පළාත් සීමාවේ කාන්තාර ප්‍රදේශයේ තව දුරටත් ඉදිරියට ගමන් කරන සිරියානු අරාබි හමුදාව අල්-සාෆා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් සොයමින් සිටියි.රජයේ හමුදා නිරිතදිග අල්-සාෆා හි ස්ථාන කිහිපයක බලය අල්ලා ගත් අතර අර්ඩ් අල්-බානාට්,ඩුර්ස් සහ ෂිර් ටුර් අල්-හවයියාහ් යන ප්‍රදේශ දෙසට ගමන් කරමින් සිටිති.

එෆ්-16 ගුවන් යානා යොදාගෙන සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත තවත් ප්‍රහාරයක් එල්ල කලේ යැ‍යි ඉරාක ගුවන් හමුදාව අගෝස්තු මස 16දා නිවේදනය කලේය.එම නිවේදනයට අනුව ගුවන් ප්‍රහාරයේ ඉලක්කය වූයේ ඉරාකය තුල ත්‍රස්ත ප්‍රහාර සඳහා සූදානම් වෙමින් සිටි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ ඔත්තුකරුවන් රැඳී සිටි මෙහෙයුම් මැදිරියකි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 17 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 17 Reviewed by HarshaLulzSec on August 20, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 16

August 19, 2018
අගෝස්තු මස 15දා ඩීර් එසෝර් පළාතේ අල්-ටයිම් තෙල් නිධියේ දකුණු කොටසේ සිරියානු අරාබි හමුදා සහ එහි මිත්‍ර කණ්ඩායම්වල ස්ථාන වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පහර දුන්හ.විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව මෙම ගැටුම් වලින් දෙපාර්ශ්වයට සුළු හානි සිදු වූ නමුත් අල්-ටයිම් හි රජයේ යටිතල පහසුකම්වලට හානියක් නොමැතිව ත්‍රස්තවාදීන්ව ප්‍රදේශයෙන් පළවා හරින්නට රජයේ හමුදා සමත් විය.

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සිරියානු අරාබි හමුදා හි ස්ථාන වෙත ජූලි සහ අගෝස්තු මාසවලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඒකක ප්‍රහාර කිහිපයක්ම සිදු කර තිබේ.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව මෙම ප්‍රහාර හරහා අල්-සුවයිඩා සහ රිෆ් ඩැමැස්ක් පළාත් සීමාවේ කාන්තාර ප්‍රදේශයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වල අවධානය වෙනතකට හැරවීමේ අරමුණක්ද වේ.

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සහ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඒකකවල පිරිස් බලය 1000ක් පමණ වේ.සමහර මූලාශ්‍රවලට අනුව එක්සත් ජනපද සතු අට්-ටන්ෆ් හමුදා බලකොටුවද ත්‍රස්තවාදී ප්‍රහාරවලට වගකිව යුතුය.

හයාට් ටරිර් අල්-ෂාම් සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන්නෙක් වන අබු අල්-ෆාත් අල්-ෆ්‍රාගාලි,රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව් රොව් හට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් කියා තිබුණේ ඉඩ්ලිබ් පළාතේ කැරලිකරුවන්ට පහර දෙන ඕනෑම සෙබලෙකුගේ පාද කපා දමන්නට තම කණ්ඩායම ක්‍රියා කරන බවයි.

"මුජහිඩීන්වරුන් සිටින්නේ කායිකව සහ චිත්ත ධෛර්යයෙන් ඔවුන්ගේ ශක්තිමත්ම අවස්ථාවේය.ඩැමැස්කස් සහ එතැනින් එපිට දක්වා මුදා ගන්නා තෙක් ඔවුන් නතර නොවනු ඇත",යනුවෙන් අල්-ෆ්‍රාගාලි විවෘත ලිපියක් ඔස්සේ ලැව් රෝයිට අනතුරු අඟවා තිබෙන්නේ එම සංවිධානයට සම්බන්ධ පුවත් සේවයක් වන ඉබාආ ඔස්සේය.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සිරියානු අරාබි හමුදාවේ ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුම හමුවේ හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම්වල චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා ගත් උත්සාහයක් ලෙස මෙම ලිපිය සිරියානු විශේෂඥයෝ දකිති.මීට පෙර කැරලිකරුවන් කීවේ ඔවුන් ඇලපෝ,ඩාරා,කුනීට්‍රා සහ අනෙකුත් ප්‍රධාන නගරවලින් පසුනොබසින බවයි.කෙසේවෙතත් ඒ සියලු ප්‍රදේශ සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය විසින් මුදා ගන්නා ලදි.ඉඩ්ලිබ් පළාතේ කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශවල ඉරණමද ඊට සමාන අයුරින් විසදේවි.

ඒ අතරතුර සිරියානු අරාබි හමුදාව දකුණුදිග ඉඩ්ලිබ් හි සාර්ජා සහ උම් රාජිම් ගම්මාන ආසන්නයේ හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ගේ ස්ථාන වෙත කාල තුවක්කු ප්‍රහාර දියත් කිරීම ඉහළ දමා තිබේ.කාලතුවක්කු ප්‍රහාර හමුවේ හයාට් ටරිර් අල්-ෂාම් ,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය සහ ජයිස් අල්-ඊසා යන කැරලිකාර කණ්ඩායම්වල සාමාජිකයෝ කිහිපදෙනෙක් මරණයට පත්ව ඇත.

කාලතුවක්කු ප්‍රහාර සමග එල්ල කරන ගුවන් ප්‍රහාර හරහා කැරලිකරුවන්ගේ ආරක්ෂක වළලු සහ අවි ගබඩා විනාශ කිරීම සිරියානු අරාබි හමුදාවේ අරමුණයි.

රජයට පක්ෂපාතී සමහර මූලාශ්‍රවලට අනුව ඉඩ්ලිබ් යුද මෙහෙයුම නුදුරේදීමේ ඇරඹේවි.මෙම ප්‍රශ්නය සම්බන්ධව රුසියාව සහ තුර්කිය පවත්වන සාකච්ඡාවල ප්‍රතිඵල මත ඉඩ්ලිබ් මෙහෙයුම කෙසේ ක්‍රියාත්මක වේ දැ‍යි තීරණය වේවි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 16 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 16 Reviewed by HarshaLulzSec on August 19, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 15

August 18, 2018
සිරියාවේ අෆ්රින් ප්‍රදේශයේ තුර්කි හමුදා සහ තුර්කියට පක්ෂපාතී නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන්ට එරෙහිව කුර්දි මහජන ආරක්ෂක ඒකක දියත් කර තිබෙන මෙහෙයුම් සම්බන්ධව ප්‍රකාශයක් අගෝස්තු මස 14දා නිකුත් කර තිබේ.

මෙම ප්‍රකාශයට අනුව,තුර්කියේ සහාය ලබන නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන්ගේ ක්ෂේත්‍ර අණදෙන නිලධාරියෙක් වූ අබ්දුල් රසාක් අල්-බකර් මබාටා දිස්ත්‍රික්කයේ අගෝස්තු මස 8 වනදා සිදුවූ බෝම්බ පිපිරීමකින් මරණයට පත්ව තිබේ.කුර්දි සටන්කාමීන් මෝටර් සයිකලයක ඇට වූ බෝම්බයක් අගෝස්තු මස 11දා ෂෙරා දිස්ත්‍රික්කයේ කෆ් ර් ජනාහ් ගම්මානයේ මාර්ගයකදී පුපුරවා හරින ලදි.බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වූයේ මාර්ගයේ මුර සංචාරයේ නිරත වූ තුර්කි හමුදා සහ තුර්කියට පක්ෂපාති කැරලිකරුවන්ය.එයින් එක් තුර්කි සෙබලෙක් මිය ගොස් තවකෙක් තුවාල ලැබීය.ප්‍රහාරයෙන් මරණයට පත් වූ කැරලිකරුවන් ගණන නිශ්චිතව සඳහන් කර නොමැත.

2018 මාර්තු 18 දා අෆ්රින් නගරයේ බලය තුර්කි හමුදා අතට පත් වීමෙන් පසුව තුර්කි රජයේ හමුදා සහ ඔවුන්ට පක්ෂපාතී කැරලිකරුවන් ඉලක්ක කරගෙන ගරිල්ලා ප්‍රහාර දියත් කරන්නට ප්‍රදේශයේ සැඟව සිටින කුර්දි සටන්කාමීන් ක්‍රියා කරමින් සිටියි.ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධව තුර්කි හමුදා සහ කැරලිකරුවන් ගෙන තිබෙන පියවරයන්හි සැලකිය යුතු හිඩැස් තිබෙන මෙම ප්‍රහාර හරහා පැහැදිලිවේ.

තුර්කිය අෆ්රින් හි ක්‍රියා කරන අන්දමට එරෙහිව මහා පරිමාණ ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරන්නට කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ ඔවුන්ට පක්ෂපාතී කණ්ඩායම් ක්‍රියා කර තිබේ.තුර්කිය ප්‍රමුඛ හමුදා එහි ජනවාර්ගික ශුද්ධයක් සිදු කරන බවත්,සිවිල් වැසියන්ට හානි වන අයුරින් හැසිරෙමින් යුද අපරාධ සිදු කරන බවට කුර්දීන් චෝදනා කරයි.මේ දක්වා මෙම උත්සාහයන්ගෙන් ලැබී තිබෙන්නේ සුළු ප්‍රතිඵලයක් පමණි.කෙසේවෙතත් වොෂින්ටනයත් ,අන්කාරා රජයත් අතර දේශපාලනිකව සහ රාජ්‍යතන්ත්‍රිකව මතුව තිබෙන බෙදීම හරහා දෙපාර්ශ්වය අතර මිත්‍රත්වය ක්‍රමයෙන් පළුදු වෙද්දී අෆ් රින් පිළිබඳ ගැටලුව,එක්සත් ජනපදය විසින් එක් විකල්පයක් ලෙස ගෙන එය සිය මාධ්‍ය ව්‍යාපාරයට වාසිදායකව යොදා ගනිවි.

සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් අල්-සුවයිඩා - රිෆ් ඩිමාෂ්ක් පළාත්වල සීමා මායිමේ සාෆා නම් යමහල් සහිත සානුවේ සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම ඉදිරියට ගෙන යමින් තිබේ.ඔවුන් අර් අමිරාහ්,රුජ්ම් මුග්රබාහ් සහ මාර්කඩාහ් යන ප්‍රදේශ සිය පාලනය නතු කර ගත්හ.මෙහෙයුම තවදුරටත් කෙරී ගෙන යනු ලැබේ.

සමහර මූලාශ්‍රවලට අනුව සිරියා-ඉරාක දේශසීමාවේ කාන්තාර ප්‍රදේශයට යෑමට සඳහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දැනටමත් අල්-සාෆා ප්‍රදේශයෙන් පසුබැස ගොස් ඇත.මෙය සත්‍යයක් නම් රජයේ හමුදා,ත්‍රස්තවාදීන්ගෙන් එතරම් ප්‍රතිවිරෝධයක් රහිතව අල්-සාෆා ප්‍රදේශය යටත් කර ගනිවි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි තුවාල ලබා ඇතැයි කියවෙන කටකතාවක් නැවතත් හුවමාරු වෙමින් තිබේ.මෙවර පුවතට අනුව ඉරාක ගුවන් හමුදාව පසුගිය ජූනි මාසයේදී සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් ඉලක්ක කරගෙන එල්ල කල ගුවන් ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලබා ඇත.මෙම පුවත ඉරාකයේ අල්සුමාරියා රූපවාහිනී නාලිකාවේ විකාශනය විය.

එම පුවතට අනුව අල්-බග්ඩාඩිගේ තත්ත්වය අයහපත් වීම නිසා සිය රාජකාරි පවා තනිවම කර ගත නොහැකි වීමත් සමග ත්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයවීම් කටයුතු වෙනුවෙන් ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙක් වන අබු ඔත්මන් අල්-ටියුනිසි පත් කර තිබේ.

මෙම පුවත්වල සත්‍යය අසත්‍යතාවය තවමත් තහවුරු කර නොමැත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 15 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 15 Reviewed by HarshaLulzSec on August 18, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 14

August 17, 2018
සිරියාවේ ලටාකියා පළාතේ පිහිටි මෙයිමිම් ගුවන් හමුදා කදවුර ආසන්නයේදී ඩ්‍රෝන් යානා 5ක් විනාශ කරන්නට රුසියානු ගුවන් ආරක්ෂක හමුදා අගෝස්තු මස 13දා සමත් විය.සිරියාවේ විරුද්ධ පක්ෂ සම්බන්ධව සමගිසන්ධානය උදෙසා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී මේජර් ජෙනරල් ඇලෙක්සි සිගන්කොව්ට අනුව මෙම ඩ්‍රෝන් යානා ගුවන් ගත කර තිබෙන්නේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිටයි.

පසුගිය මාසය පුරාවට දිනපතාම පාහේ රුසියානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගෙන ඩ්‍රෝන් යානා දියත් කරන ලදි.අගෝස්තු මස 12 දා රුසියානු හමුදා ඩ්‍රෝන් යාන දෙකක්ද,අගෝස්තු 11දා එක් ඩ්‍රෝන් යානයක්ද බිම හෙළුයේය.ජූලි මස 21,30 සහ අගෝස්තු 10 දා යන දින වල එල්ල වූ ඩ්‍රෝන් යානා තර්ජන ව්‍යර්ථ කරන්නට රුසියානු හමුදා සමත් විය.

ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති ප්‍රදේශවලින් දියත් කරන මෙම ඩ්‍රෝන් යානා හරහා හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කණ්ඩායම් බලාපොරොත්තු වන්නේ සිරියාව තුල සිටින රුසියානු හමුදාවන්ට හානි සිදු කිරීමයි.රුසියානුවන්ට අලාභ හානි සිදු කල හැකි අතලොස්සක් වූ උපක්‍රමයන්ගෙන් එකක් ලෙස සන්නද්ධ ඩ්‍රෝන් යානා යොදාගෙන කරන පහරදීම් හඳුන්වා දිය හැකිය.එවැනි ප්‍රහාරයක් හරහා සිරියාව තුල රුසියානු හමුදාවේ පැවැත්මට තමන් අභියෝග කල හැකි මට්ටම සිටින බවට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම කැරලිකරුවන්ගේ අරමුණයි.

අනෙක් අතට මෙම ප්‍රහාර වලින් පෙනෙන්නේ සටන් විරාම ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි.මෙම ප්‍රදේශයේ සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් සාම ක්‍රියාදාමයට එක්වීමට හෝ යටත්වීමට සූදානම් නොම්ත.ඔවුන්ව නැවැත්විය හැක්කේ ලටාකියා,ඉඩ්ලිබ් සහ ඇලපෝ පළාත්වල කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ වෙත රජයේ හමුදා දියත් කරන ආක්‍රමණයකින් පමණි.නමුත් සිරියානු අරාබි හමුදාව සමග මුහුණට මුහුණ සටනකින් ඔවුන් පරාජය වන බව විවෘත රහසකි.

නැගෙනහිර අල්-සුවයිඩා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් අතුගා දැමීමේ මෙහෙයුමේදී රිෆ් ඩමාෂ් පළාතේ අබු ගනිම් මවුන්ට් අල්ලා ගත් අතර රුබා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලදි.ඊට අමතරව ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් තිබෙන ආර්ඩ් අල්-බානාට්,ඩුර්ස්,ෂිර් ටුර් අල්-හවයියාහ් සහ රුජ්ම් මුග්‍රාබාහ් ප්‍රදේශ දෙසට හමුදා ගමන් කරමින් සිටියි.

සාෆා ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත රුසියානු ගුවන් හමුදාව සහ සිරියානු ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර 17 පමණ එල්ල කල බව වාර්තා වේ.

සිරියානු අරාබි හමුදාව සාෆා ප්‍රදේශයේ ඉදිරියට ඇදෙන වේගයත් සමග ඉතාම ඉක්මණින් එම ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පැවැත්ම අවසන් වේවි.කෙසේවෙතත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවදුරටත් රජයේ පාලන ප්‍රදේශවලට තර්ජනයක් නොවන බව එමගින් අදහස් නොකෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අගෝස්තු 13 නිකුත් කල වාර්තාවකට අනුව සිරියාව සහ ඉරාකය තුල තවමත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අයත් සාමාජිකයෝ 20,000-30,000 පිරිසක් සිටින බව සඳහන් වේ.

කුර්දි මහජන ආරක්ෂක ඒකකවල සහ කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ සාමාජිකයෝ 1,300 ඉඩ්ලිබ් හි සිරියානු අරාබි හමුදාවේ යුද මෙහෙයුම සඳහා සහභාගී වීමට නියමිත බවට තුර්කි මාධ්‍ය කරන ප්‍රචාරයට ප්‍රතිචාර වශයෙන් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි මාධ්‍ය අංශය නිල ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

එම ප්‍රකාශයට අනුව මෙම වාර්තා අසත්‍යය බවත්,සිරියානු රජය සමග කතිකාවක් හෝ ඒකාබද්ධ වීමක් නොමැති බවත් කියවේ.

1.අගෝස්තු මස 13දා ප්‍රකාශයේදී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සෘජුවම ඔවුන්ව විස්තර කර තිබෙන්නේ සිරියාව තුල කුර්දිස්ථාන කම්කරු පක්ෂයට සහ කුර්දි මහජන ආරක්ෂක ඒකක හදුන්වන තවත් ආකාරයක් ලෙසයි.

2.ඔවුන් අසාඩ් රජය සමග කිසිදු කතිකාවක් හෝ ඒකාබද්ධ ක්‍රියා කිරීමක් නොමැති බව පැවසීම අසත්‍යයකි.ඊට එක් උදාහරණයක් වන්නේ සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලයේ(සිරියනු ප්‍රජාතන්ත්‍රික හමුදාවල දේශපාලන අංශය )ඉහල පෙළේ සාමාජිකයෝ පසුගිය ජූලි මාසයේදී ඩැමැස්කස් නගරයට පැමිණ සිරියානු ආණ්ඩුවත් සමග කතිකා කිරීමයි.මෙම හමුවෙන් පසුව තමන් ඩැමැස්කස් රජය සමග කතිකා කිරීමටත්,එකට වැඩ කිරීමටත් සූදානම් බවට තහවුරු කිරීමක් කරන්නට කුර්දි හමුදා,දේශපාලන අංශ ක්‍රියා කලහ.දේශපාලනිකව මෙන්ම යුදමය වශයෙන්ද ඩැමැස්කස් රජය සමග එක්ව ක්‍රියා කරන බව කුර්දී බලධාරීන් සඳහන් කරන ලදි.

ඇමෙරිකානු සහාය ලබන මෙම කණ්ඩායමේ සැඟවුණු බෙදීමක් තිබෙන බව මෙම ප්‍රකාශවලින් සහ ඔවුන් ක්‍රියාත්මක වන ආකාරයෙන් පෙනේ.ඔවුන්ට ලෝකයා ඉදිරියේ තමන් එක්සත් ජනපදයේ විශ්වාසනීය ප්‍රොක්සි හමුදාව/කණ්ඩායමක් බව ප්‍රදර්ශනය කිරීමත්,ඩැමැස්කස් රජය සමග හොඳ හිත පවත්වාගෙන යෑමත් යන දෙකම සමගාමීව සිදු කිරීමට අවශ්‍යව තිබේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 14 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 14 Reviewed by HarshaLulzSec on August 17, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 13

August 15, 2018
සිරියානු රජයේ හමුදා අල්-සුවයිඩා පළාතේ ඇති ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් ඉලක්ක කරගෙන දියත් කල යුද මෙහෙයුමේදී ජයග්‍රහණ ගණනාවක් අත්පත් කරගෙන තිබේ.

සිරියානු අරාබි හමුදාව,ජාතික ආරක්ෂක බලකා සහ සිරියානු සමාජවාදී ජාතිකවාදී පක්ෂය  එක්ව අල්-සුවයිඩා පළාතේ සීමා මායිමේ ආරක්ෂාව යළි ස්ථාපිත කල අතර එහි නැගෙනහිර කොටසේ වර්ග කිලෝ මීටර් 400ක භූමි ප්‍රමාණයක් සියතට ගනිමින් ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු සාෆා ප්‍රදේශයට කොටු කර තිබේ.

අගෝස්තු මස 13දා රජයේ හමුදාව ප්‍රදේශයේ සිටින ත්‍රස්තවාදීන්ට එරෙහි අවසන් ප්‍රහාරය දියත් කල බව වාර්තා වේ.

සිරියානු අරාබි හමුදාව නැගෙනහිර අල්-සුවයිඩාහි මෙහෙයුම එලෙස අවසන් කරන අතරතුර ජෙනරල් සුහෙයිල් අල්-හසාන් මෙහෙයවන ටයිගර් බලකා කුනීට්‍රා පළාතේ සහ ඩාරා පළාතේ සිට හමා පළාතේ උතුරු ප්‍රදේශයට කැඳවා තිබේ.


අගෝස්තු මස 10  සහ 11 යන දිනවලදී අවම වශයෙන් ටයිගර් බලකාවල යුදෝපකරණ සහිත රථ සමූහ තුනක් උතුරු හමා ප්‍රදේශය වෙත පිටත්ව යනු දැකගත හැකිවිය.ඒවා අතර යුද ටැංකි,ඕ ටී ආර්-21 ටොච්කා උපායමාර්ගික බැලස්ටික් මිසයිල දියත්කරණ,යූ ආර්-77 බිම් බෝම්බ නාශක රථ,බී එම්-21 ග්‍රාඩ් රොකට් විදින රථ,මැෂින් තුවක්කුවලින් සන්නද්ධ රථ,කාලතුවක්කු විශාල ප්‍රමාණයක් සහ අනෙකුත් අවි ඇතුලත් විය.





සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර සහ කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍ර අපේක්ෂා කරන්නේ සිරියානු හමුදාවේ ප්‍රධාන ඉලක්කය වනු ඇත්තේ අල්-ගාබ් තැනිතලාවයි කියාය.

අගෝස්තු මස 11දා රුසියානු හමුදා පොලිසියේ ඒකක උතුරු හමා හි රජයේ සහ කැරලිකරුවන්ගේ පාලන ප්‍රදේශ අතර සීමා පැන්නුමේ යොදවා තිබිණි.කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව රුසියානුවන් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිටින සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශවලට ඒමට අලුතින් මානුෂීය කොරිඩෝරයක් ස්ථාපිත කරාවි.

ඉඩ්ලිබ් හි හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම්වලට එරෙහිව සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය යුදමට ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රමාද කරන්නේ සිවිල් වැසියන්ට සිදුවන හානි වැඩිවීම අනිවාර්යය කරුණක් වන නිසාය.

රජයේ පාලනයට නතු ඇලපෝ පළාතේ උතුරු ප්‍රදේශය තුල කුර්දි මහජන ආරක්ෂක ඒකකවල සහ කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ සාමාජිකයෝ 1,300 ක් පමණ යොදවා ඇතැයි තුර්කි රජයේ මාධ්‍ය පවසයි.තුර්කි මාධ්‍යවලට අනුව ඉදිරියේදී සිරියානු රජයේ හමුදා,මධ්‍යස්ථ විපක්ෂයට එරෙහි දියත් කිරීමට නියමිත යුද මෙහෙයුමට මෙම කුර්දි සටන්කාමීන්ද සහභාගී වීමට නියමිතය.

මෙම වාර්තා තහවුරු කිරීමට ප්‍රමාණවත් ඡායාරූප හෝ විඩියෝ සාක්ෂි ඉදිරිපත් කර නොමැත.කෙසේවෙතත් තුර්කියෙන් නැගෙන මෙම චෝදනාවලින් පෙනී යන්නේ පසුගිය කාලයේදී ඩැමැස්කස් රජයත් කුර්දි පක්ෂයක් අතර නැවත මිත්‍ර වීම ගැන තුර්කිය කනස්සල්ලෙන් පසුවන බවයි.

දැනට ඇමෙරිකානු සහාය ලබන කුර්දි මහජන ආරක්ෂක බලකා සහ අෂාඩ් රජය අතර සබදතා වැඩිදියුණු වීම අන්කාරා රජය අපේක්ෂා නොකල දෙයකි.නුදුරේදීම මේ දෙපාර්ශ්වයේ සබදතාවයට රාජ්‍යතාන්ත්‍රිකව බලපෑම් සිදු කරන්නටත්,කුර්දි පක්ෂයට එරෙහිව යුදමය තෙරපුම ඉහළ නැංවීමටත් එර්ඩොගන් රජය ක්‍රියා කරාවි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 13 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 13 Reviewed by HarshaLulzSec on August 15, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 09

August 12, 2018
සිරියානු හමුදාව පසුගිය දින කිහිපය තුලදී අමතර භට පිරිස්,යුදෝපකරණ සහ කාලතුවක්කු අවි උතුරු ලටාකියා සහ වයඹදිග හමා ප්‍රදේශ වෙත යවන ලදි.කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම්,උතුරුදිග ලටාකියා හි හයාට් ටරිර් අල්-ෂාම් (කලින් ජබාත් අල්-නුස් රා),හොරාස් අල්-ඩින් සහ තුර්කිස්ථාන් ඉස්ලාමීය පක්ෂය,ජිස් ර් අල්-සුගුර් නගරාසන්නයේ අල්-ගාබ් ප්ලේන්ස් යන කැරලිකාර කණ්ඩායම්වලට එරෙහි යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටිති.

ඒ අතරතුර උතුරු හමා සහ ලටාකියා ප්‍රදේශවලදී කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර කඩින් කඩ ගැටුම් ඇති විය.කෙසේවෙතත් සක්‍රීය යුදමය ක්‍රියා මාර්ග ගත් බවට වාර්තා නොවීය.

නැගෙනහිර අල්-සුවයිඩා හි ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් අතුගා දැමීමේ මෙහෙයුමේදී සිරියානු අරාබි හමුදාව සුහ් අල්-කාසියම් ප්‍රදේශයට ලගා වූ අතර මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකය.

දකුණු අල්-හසාකාහ් සහ නැගෙනහිර ඩීර් එසෝර් හි සිය මෙහෙයුමේ ප්‍රතිඵල සාරාංශයක් මුදා හරින්නට ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ක්‍රියා කලේය.එම නිවේදනයේ සඳහන් පරිදි මෙහෙයුමේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 418 දෙනෙක් මරා දමා(ඉන් 16 දෙනෙක් අණදෙන්නන් ලෙස ක්‍රියා කල අයයි ) 29 දෙනෙක් පණ පිටින් අල්ලා ගන්නට සමත්ව තිබේ.

ඊට අමතරව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,ත්‍රස්තවාදීන්ට අයත් වාහන 45ක් විනාශ කර සැහැල්ලු රයිෆල් සියගණනක් සහ රොකට්,මෝටාර් උණ්ඩ දුසිම් ගණනක් ඇතුලුව අවි විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට සමත් විය.මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් වූයේ සිරියා-ඉරාක දේශසීමාවේ කි.මී. 191 ක දුරක් සහ ඒ ආසන්නයේ වර්ග කිලෝමීටර් 71,360 භූමි ප්‍රමාණයක්ද සුරක්ෂිත කරන ලදි.

දකුණුදිග සිරියාව මුදා ගැනීමෙන් පසුව යුද්ධය සාපේක්ෂව නිසොල්මන් අවධියකට ළඟා විය.දැනට ඒ ඒ පක්ෂයක් සිය හමුදා කණ්ඩායම් ගත කරමින් යුද්ධයේ ඊළඟ අධියරයට සූදානම් වෙමින් සිටියි.

කැරලිකරුවන් සමග සාමකාමී එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් යුදමය ක්‍රියා මාර්ගයකට ගොස් ඔවුහු සාකච්ඡා මාර්ගයට ගෙන ඒමට සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය පියවර ගනිවි.





southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 09 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 09 Reviewed by HarshaLulzSec on August 12, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 08

August 11, 2018
හමා නගරයේ සිට කි.මී.35ක් උතුරින් පිහිටා ඇති ලහායා සහ අල්-ලටාමිනා ගම්මාන ආසන්නයේ කැරලිකරුවන්ගේ ස්ථාන සහ සැපයුම් මාර්ගවලට සිරියානු අරාබි හමුදාව  සහ එහි මිත්‍ර කණ්ඩායම් පහර දෙමින් සිටියේය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු හමුදාව ඉදිරියටත් උතුරු හමා සහ දකුණු ඉඩ්ලිබ් හි කැරලිකරුවන්ගේ සැපයුම් මාර්ග ඉලක්ක කර පහර දේවි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පවා සහභාගී වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් නැගෙනහිර අල්-සුවයිඩා හිදී ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව,සිරියානු සමාජවාදී ජාතිකවාදීන්ගේ පක්ෂය සහ අනෙකුත් රාජ්‍ය පාක්ෂික කණ්ඩායම් සමත් විය.වාර්තා වලට අනුව ප්‍රහාරයට සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් ප්‍රතිප්‍රහාර හමුවේ මරණයට පත් වූහ.රජයට පක්ෂපාතී හමුදාවලට සිදු වූ හානි සම්බන්ධ වාර්තා තහවුරු කර නොමැත.

යුප්‍රටීස් නිම්නයේ හජින් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පොකට්ටුව අතුගා දැමීමේ යුද මෙහෙයුමක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අගෝස්තු මස 7 වනදා නිවේදනය කලේය.මීට පෙර ඔවුන් දේශසීමා ප්‍රදේශයේ ක්‍රියාත්මක කල මෙහෙයුම සාර්ථකව අවසන් කල බවත් එහි ඊළඟ අධියරය සඳහා සූදානම් වී දැන් සිදු කරමින් පවතින බව කුර්දි මූලාශ්‍ර පවසයි.

උතුරු සිරියාවේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ලබා දුන් අවි,උපකරණ සහ උණ්ඩ සහිත ට්‍රක් රථ 200ක විඩියෝවක් කුර්දීන්ට පක්ෂපාතී ක්‍රියාකාරීන් විසින් අගෝස්තු 6 වෙනිදා මුදා හැර තිබිණි.මෙම අවි තොගයත් සමග කුර්දි ආධිපත්‍ය දරන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල යුදමය හැකියාව තවත් ශක්තිමත් වන අතර,මේ සම්බන්ධව තුර්කි මාධ්‍ය විවේචන එල්ල කිරීමටද පටන් ගෙන ඇත.

ඩැමැස්කස් රජය සහ කුර්දි සටන්කාමීන් අතර මන්දගාමී නැවත මිත්‍ර වීම හමුවේ රුසියාව විවිධ කුර්දි සංවිධාන සමග සබදතා සීඝ්‍රයෙන් වර්ධනය කර ගනිමින් සිටියි.කුර්දි ප්‍රජාවන් සඳහා වූ ජාත්‍යන්තර සමූහාණ්ඩුවේ නියෝජිතයෝ අගෝස්තු මස 4දා මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් සඳහා ජනපති විශේෂ නියෝජිත සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මිකායිල් බොග්ඩානොව් හමු විය.එහිදී දෙපාර්ශවය සාකච්ඡා කලේ සිරියාව  සහ ඉරාකයේ කුර්දි ප්‍රශ්නය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහි සටන් කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ එකමුතුවක අවශ්‍යතාවයයි.

මීට පෙර සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවල දේශපාලන අංශ වන සිරියානු ප්‍රජාතන්ත්‍රික කවුන්සිලය සහ සිරියානු රජය අතර කතිකාවත් ඩැමැස්කස් නගරයේදී පැවැත් වූ අතර දෙපාර්ශ්වය අතර සබදතා වැඩිදියුණු වෙමින් ඇති බව ඉන් පැහැදිලිවේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 08 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 08 Reviewed by HarshaLulzSec on August 11, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 07

August 10, 2018
අල්-සුවයිඩා පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර ප්‍රාදේශීය සටන්කාමීන් ගමන් කරමින් සිටිති.ඩැමැස්කස් රජය සමග සාමදාන වූ නිදහස් සිරියානු හමුදාවේ සමහර කණ්ඩායම් මෙම මෙහෙයුම සඳහා එක්ව තිබීම විශේෂ කරුණකි.

සිරියානු අරාබි හමුදාව කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර 50 පමණ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ස්ථානගත වී සිටින  අල්-වයෙර්,අර්ඩ් අල්-කාරා,මස් රෙයා අල්-හාටිබ්,ස්නෙයිම් අල්-ගයිර්ස් සහ නැගෙනහිර ඩබාතේහ්,රබෙට් අල්-හිස්න් සහ ටෙල් රසින් යන ප්‍රදේශවලට එල්ල කරන ලදි.

සිරියානු මාධ්‍යට සඳහන් කලේ මෙම ප්‍රහාර නිසා ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවූ බවයි.නමුත් එම වාර්තා සනාථ කිරීමට ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කර නොමැත.


දැනට සිදු කරන මෙහෙයුමේ අරමුණ වන්නේ කාන්තාර ප්‍රදේශයේ සැඟවී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමයි.ජූලි මාසයේදී මෙම ත්‍රස්තවාදීන්,රජයේ පාලන ප්‍රදේශවලට එල්ල කල සූක්ෂම ප්‍රහාර මාලාව හේතුවෙන් හැකි තරම් ඉක්මණින් ඔවුන් වනසා දැමීමට සිරියානු අරාබි හමුදාව බල කෙරිණි.

අගෝස්තු මාසයේ මුලදී හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස්රා,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව) සහ ජබාත් අල්-වටානියා ලිල්-ටරිර්(තුර්කියේ සහාය ඇතුව නිර්මාණය කල කැරලිකාර කණ්ඩායම්වල එකමුතුව) යන කැරලිකාර කණ්ඩායම්,ඩැමැස්කස් රජය සමග සාමදාන වීමට සහාය දෙන ඉඩ්ලිබ් පළාතේ පිරිස් අත් අඩංගුවට ගැනීම සඳහා මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් අරඹා තිබේ.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ඩැමැස්කස් රජය සමග එක්ව ගැටුම් අවසන් කිරීමට එකඟතාවයකට පැමිණීමට සහාය දෙන සිවිල් වැසියන් ඇතුලුව 60 දෙනෙක් පමණ කැරලිකාර කණ්ඩායම්වල අත් අඩංගුවට පත්ව ඇත.

මෙම පියවර,ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සිදුවිය හැකි සාම ක්‍රියාවලිය අඩාල කිරීමට කැරලිකාර කණ්ඩායම් ගන්නා උත්සාහයන්ය.සමහර මූලාශ්‍රවලට අනුව තුර්කිය(යුද මුක්ත කලාප පිහිටුවීමේ ගනුදෙනුවේ එක් නියෝජිත රාජ්‍යයකි)කැරලිකරුවන්ගේ මෙම උත්සාහයක් පිටුපසින් සිටිමින් ඔවුහු දිරිමත් කරයි.


නොබෝදා ,ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පරදවමින් යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරෙහි සිරියා-ඉරාක දේශසීමාවේ සම්පුර්ණ බලය සියතට ගැනීමට සමත් විය.කෙසේවෙතත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන නිසා සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා එහි ආරක්ෂාව තහවුරු  කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටිති.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 07 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 07 Reviewed by HarshaLulzSec on August 10, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 06

August 09, 2018
සිරියානු විද්‍යාත්මක අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී අසිස් අස්බාර් හමා හි බටහිර ප්‍රදේශයේ මස්යාෆ් නගරයේ සිය මෝටර් රථයේ සිදුවූ පිපිරීමකින්  අගෝස්තු මස 5 වනදා රාත්‍රියේදී මරණයට පත් විය.මෙම බෝම්බ පිපිරීමෙන් ඔහුගේ රියදුරාද මිය ගියේය.

එක්සත් ජනපද-ඊශ්‍රායල පක්ෂයට අනුව මෙම පර්යේෂණායතනය මිසයිල සහ රසායනික අවි නිපදවීමට සක්‍රීයව දායකත්වය ලබාදී තිබේ.

රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුවත් තම රාජ්‍යය රසායනික අවි නිපදවීම ගබඩා කිරීම හෝ භාවිතා කිරීම කල බවට එල්ල වන චෝදනා ඩැමැස්කස් රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
අසිස් අස්බාර්

ආරම්භයේදී රජයට පක්ෂපාතී මූලාශ්‍ර අනුමාන කලේ ඝාතනය පිටුපස ඊශ්‍රායල විශේෂ සේවා සිටිය හැකි බවයි.මන්ද සමහර මූලාශ්‍රවලට අනුව මියගිය විද්‍යාඥයා කලාපය තුල ඉරානය සහ හිස්බුල්ලා ක්‍රියාකාරකම්වලට අනුබද්ධ මිසයිල වැඩසටහනට සම්බන්ධය.


පසුව ප්‍රහාරයේ වගකීම සරායා අබු අමාරා නම් අන්තවාදී කැරලිකාර කණ්ඩායම විසින් භාර ගන්නා ලදි.කෙසේවෙතත් ඝාතනය සම්බන්ධව ඊශ්‍රායලය දෙසට එල්ල චෝදනාව ඉවත දැමිය නොහැක්කේ,සිය දේශපාලනික සහ යුදමය අරමුණු සාක්ෂාත් කර ගැනීමට විවිධාකාරයේ අන්තවාදී කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන්ට ඇති හැකියාව ටෙල් අවිව් රජය දිගින් දිගටම පෙන්වා ඇති නිසාය.නොබෝදා සිරියානු අරාබි හමුදාව විසින් පරාජය කරන තුරු දකුණුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඇතුලුව අනෙකුත් අන්තවාදී සන්නද්ධ කණ්ඩායම්වල පැවැත්ම ඉවසා සිටීමට ඊශ්‍රායලය ක්‍රියා කිරීම ඊට එක් උදාහරණයකි.

අසිස් අස්බාර් ගේ මෝටර් රථය පිපිරී ගියේ ඔහු නිවසෙන් පිට වී මිනිත්තු කිහිපයකට පසුව බවයි වාර්තා වන්නේ.ඔහුගේ ඝාතනයට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් නැති බව එහි බුද්ධි තොරතුරු සහ ප්‍රවාහන අමාත්‍ය යිස්රයල් කාට්ස් පැවසූ නමුත් එම පුවත සතුටුදායක එකක් යැ‍යිද කීය.මිය ගිය විද්‍යාඥයා ඊශ්‍රායලයට පහරදීමට හැකි දිගු දුර මිසයිල නිපදවීමටත්,රසායනික අවි නිෂ්පාදනයටත් සම්බන්ධ යැයි ඔහු තවදුරටත් සඳහන් කලේය.

අමාත්‍ය යිස්රයල් කාට්ස්(වම්පස)

නිව්යෝර් ටයිම්ස් පුවත්පතට අනුව මෙම ඝාතනය ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය(ඊශ්‍රායල රාජ්‍ය බුද්ධි අංශය) විසින් සැලසුම් කල එකකි.එම පුවත්පත මෙම පුවත් මෙලෙස වාර්තා කර තිබිණි.

අසිස් අස්බාර් යනු සැතපුම් සියගණනක් දුරින් පිහිටි ඊශ්‍රායල නගරවලට නිරවද්‍යව පහරදීමට හැකි නියාමක මිසයිල නිෂ්පාදනය කල සිරියාවට ඉතා වැදගත් රොකට් තාක්ෂණික විද්‍යාඥයෙකි.ඔහුට සිරියා සහ ඉරාන රජයන්ගේ ඉහළ පෙළේ බලධාරීන් සමග සබදතා තිබිණි.අතිශය රහසිගත අවි සංවර්ධන ඒකකයක් වන 'sector 4' මෙහෙයවීමත් ඔහු විසින් සිදු කරන ලදි.පසුගිය වසරේදී ඊශ්‍රායලය විසින් විනාශ කල ඔහුගේ පර්යේෂණාගාරය වෙනුවට භූගත අවි කම්හලක් ඉදි කිරීමට අසිස් අස්බාර් ක්‍රියා කරමින් සිටියේය.

මැදපෙරදිග ඔත්තු සේවා ඒජන්සියක ඉහළ පෙළේ බලධාරියෙකුට අනුව වසර තුනක කාලයක් ඇතුලත ඊශ්‍රායලය විසින් විදේශයන් හිදී සතුරු යුදෝපකරණ ඉංජිනේරුවෙක් ඝාතනය කල සිව්වන අවස්ථා මෙයයි.මොසාඩ් සංවිධානය කාලයක පටන් අස්බාර් මහතා ලුහුබැඳි බවත් ඔහු පවසයි.

සිරියානු විද්‍යාත්මක අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ 
'sector 4' නම් රහස් ඒකකයට නායකත්වය දුන්නේ අසිස් අස්බාර් බව ඊශ්‍රායලය විශ්වාස කරයි.ඩැමැස්කස් ජනපති මන්දිරයට කිසිදු බාධාවකින් තොරව පිවිසීමටත්,ඉරානයේ කුඩ්ස් හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරල් කසිම් සුලෙයිමානි සමග සහයෝගයෙන් කටයුතු කරන්නට ඔහුට අවස්ථාව ලැබිණි.

සිරියාව සතු එස් එම් 600 ටිෂ්රීන් රොකට් නියතාර්ථ නියාමක මිසයිල බවට පත් කිරීමට ඔහු ඉරානය සමග එක්ව ක්‍රියා කිරීම ඇරඹීය.තවද ද්‍රව-ඉන්ධන එන්ජිමක් සහිත මිසයිල සඳහා ආරක්ෂා සහිත විකල්පයක් ලෙස ඝන ඉන්ධන භාවිතා කිරීමට  අස්බාර් දායකත්වය දැක්වීය.

2011 වර්ෂයේදී සිරියානු යුද්ධය ආරම්භයට පෙර පටන් සිරියානු මිසයිල වැඩසටහනේ කැපී පෙනෙන චරිතයක් වූ අසිස් අස්බාර් ඊශ්‍රායලයේ ඝාතන ලැයිස්තුවේ සිටින්නට ඇතැයි නම සඳහන් නොකරන ඉහත කී බුද්ධි අංශ බලධාරියා තවදුරටත් කීවේය.

අස්බාර්ගේ පර්යේෂණාගාරය 2017 සැප්තැම්බර් මාසයේදී සහ 2018 ජූලි 22දා ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරවලට ලක් විය.2017 වර්ෂයේ ප්‍රහාරයෙන් එහි ගින්නක් හට ගත් බව නිරීක්ෂකයෝ පවසති.

2018 අප්‍රේල් මාසයේදී ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය එල්ල කල මිසයිල ප්‍රහාරවලින් විනාශ වූ අස්බාර්ගේ පර්යේෂණාගාරය

සතුරු රටවල විද්‍යාඥයින් ඝාතනය ඇතුලුව 'ඉලක්ක ගත ඝාතන' සඳහා මොසාඩ් සංවිධානය ප්‍රසිද්ධියක් උසුලයි.ප්‍රොජෙක්ට් බැබිලෝන් යටතේ සුපර් ගන් නමින් දිගු දුර ප්‍රහාරක කාලතුවක්කුවක් නිපදවන්නට සදාම් හුසේන් සමග එක්ව කටයුතු කල කැනේඩියානු ඉංජිනේරුවෙක් වූ ජෙරල්ඩ් බුල් ඝාතනය(1990) පිටුපසද මොසාඩ් සංවිධානය සිටින බව කියවේ.2018 අප්‍රේල් මාසයේ මැලේසියාවේ දී හමාස් රොකට් විද්‍යාඥයෙක් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් මිය යෑමත්,2016 දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේදී ඩ්‍රෝන් ඉංජිනේරුවෙක් ඝාතනය කිරීමත් සම්බන්ධව ඇගිල්ල දිගු වූයේ මොසාඩ් සංවිධානයටයි.



බටහිර ඩාරා හි අබ්ඩින් නගරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධ කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාවේ මූලස්ථානයක තිබී ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩ්‍රෝන් යානා 4ක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව අගෝස්තු මස පළමුවනදා සමත් වූ බව සිරියානු අරාබි පුවත් ඒජන්සිය වාර්තා කලේය.


මෙම ඩ්‍රෝන් යානා ඊශ්‍රායලයේ එල්බට් සිස්ටම් සමාගම නිෂ්පාදනය කරන 'ස්කයිලාක්' නම් කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන් යානා යැ‍යි විශේෂඥයෝ පවසති.අතින් මුදා හැරීමෙන් ගුවන් ගත වන මෙම යානා කි.මී. 20-40 අතර දුරකට ගමන් කරයි.මේවාට රාත්‍රී මෙහෙයුම් සඳහා ඉදිරිපස දැකීමේ අධෝරක්ත කැමරා රැගෙන යා හැකිය.


පසුගිය වසරවලදී සිරියානු අරාබි හමුදාව ඊශ්‍රායල ස්කයිලාක් ඩ්‍රෝන් යාන කිහිපයක්ම දකුණුදිග සිරියාවේදී බිම හෙළන ලදි.එවැනි සිදුවීමක් අවසන් වරට සිදු වූයේ 2018 ජූනි මස 19දා බව වාර්තා වේ.එහිදී අල්-කුනීට්‍රා පළාතේ හඩාර් නගරයට ඉහළ අහසේදී සිරියානු අරාබි හමුදාව විසින් ස්කයිලාක් ඩ්‍රෝන් යානයක් බිම හෙළීය.සිරියාව සහ ඊශ්‍රායලය වෙන් කරන සීමාවේ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා ඊශ්‍රායලය මෙවැනි ඩ්‍රෝන් යානා භාවිතා කරන්නේ ඒවා අනාවරණය කර ගැනීම ලේසි පහසු නොවන නිසාවෙනි.


සිරියානු අරාබි හමුදාවේ මූලාශ්‍රයකට අනුව හමුදා ඒකක කිහිපයක් බර අවි සහ කාලතුවක්කු සහිතව දකුණුදිග සිරියාවේ සිට උතුරු ලටාකියා වෙත යවා ඇත.එම ප්‍රදේශයේ හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් වලට එරෙහි යුද මෙහෙයුම සඳහා වූ සූදානමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය හැදින්විය හැකිය.

සිරියානු අරාබි හමුදාව නැගෙනහිර අල්-සුවයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් වනසා දැමීමේ ක්‍රියාවලියේ තවමත් නිරතව සිටියි.මෙම තත්ත්වය හමුවේ කුර්දි මහජන ආරක්ෂක ඒකකවල ප්‍රධාන අණදෙන නිලධාරී සිබාන් හාමො කියා සිටියේ එම ප්‍රදේශයේ මෙහෙයුම් සඳහා සිය කණ්ඩායමේ සහාය සිරියානු අරාබි හමුදාවට ලබා දෙන්නට තමන් සූදානම් බවයි.ඩැමැස්කස් රජයත් ,කුර්දි සටන්කාමීනුත් අතර සබදතාවල අභිවෘද්ධියක් සිදුව තිබෙන බව මෙම ප්‍රකාශයෙන් ගම්‍යවේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 06 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 06 Reviewed by HarshaLulzSec on August 09, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 03

August 09, 2018
ඊශ්‍රායලයට නතුව තිබෙන ගෝලාන් උස්බිම් ආසන්නයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අනුබද්ධිත කලිඩ් ඉබන් අල්-වලීඩ් හමුදාවේ සටන්කරුවන් පිරිසක් ඉලක්ක කරගෙන ඊශ්‍රායල ගුවන් හමුදාව අගෝස්තු මස 2දා ගුවන් ප්‍රහාර එල්ල කලේ යැ‍යි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

පසුගිය සති දෙකක කාලය ඇතුලට ඊශ්‍රායල ආරක්ෂක අංශ,කලීඩ් ඉබන් අල්-වලිඩ් හමුදාව ඉලක්ක කරගෙන එල්ල කල දෙවන ප්‍රහාරය මෙයයි.ජූලි මස 26දා ඊශ්‍රායල යුද ගුවන් යානා විසින් දකුණුදිග සිරියාවේ තිබූ එම ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් රොකට් විදිනයක් විනාශ කරන ලදි.

කලීඩ් ඉබන් අල්-වලිඩ් හමුදාවේ සාමාජිකයෝ සිරියාවේ සිට දේශසීමාව හරහා සිය රටට ඇතුල් වීමට උත්සාහ දැරූ බව ජෝර්දාන සන්නද්ධ හමුදාවල බලධාරියෙක් නිවේදනය කරන ලදි.ඔහුට අනුව ජෝදාන සන්නද්ධ හමුදාවේ 10 වන දේශසීමා ආරක්ෂක බල සේනාව යාර්මුක් නිම්නයේදී ත්‍රස්තවාදීන් සමග සටන් වැදුණු අතර එහිදී ත්‍රස්තවාදීන් ගණනාවක් මරණයට පත්ව තිබේ.

සිරියානු මූලාශ්‍රවලට අනුව ත්‍රස්තවාදී කණ්ඩායමේ සමහරක් සාමාජිකයෝ තවමත් ගෝලාන් උස්බිම් ආසන්නයේ සහ සිරියා-ජෝර්දාන දේශසීමාව අතර සැඟවී සිටිති.දැනට එම ප්‍රදේශයේ ක්‍රියාත්මක සිරියානු අරාබි හමුදාවේ ආරක්ෂක මෙහෙයුම හේතුවෙන් ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටිති.

නිරිතදිග සිරියාවේ යුද මෙහෙයුම අතරතුර ,සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් වර්ග කිලෝමීටර් 3,332 භුමි ප්‍රමාණයක් සහ ජනාවාස 146ක් මුදා ගැනීමට සමත් වූ බව රුසියානු ජෙනර්ල්වරුන්ගේ ප්‍රධානි කර්නල් ජෙනරල් සර්ජි රුඩ්ස්කොයි මාධ්‍ය හමුවකදී පැවසීය.ඉන් 50% මුදා ගනු ලැබුවේ සාමදාන ගිවිසුම් ඔස්සේ සාමකාමීවයි.

ප්‍රදේශයේ රැදී සිටි කැරලිකරුවන් යුදෝපකරණ 650 වැඩි ප්‍රමාණයක් සිරියානු රජයේ හමුදාවන්ට භාර දුන්හ.පහත දැක්වෙන්නේ එලෙස භාර දුන් බර අවි ලැයිස්තුවයි.

  • යුද ටැංකි 39ක් 

  • පාබල හමුදා ප්‍රහාරක රථ සහ සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 28ක්

  • ෂිල්කා නම් ස්ව බලයෙන් ක්‍රියාත්මක ගුවන් යානා නාශක අවි 10ක්

  • ගුවන් යානා නාශක අවි 35ක්

  • මල්ටිපල් රොකට් විදින පද්ධති 17ක්

  • මැෂින් තුවක්කු 60ක්

  • යුද ටැංකි නාශක මිසයිල විදින 23ක්

පසුගිය සති කිහිපය තුල අල්-කුනීට්‍රා පළාතෙන් හමුවේ නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් සතු වූ යුදෝපකරණ තොගයක් අගෝස්තු මස 3දා සිරියානු අරාබි හමුදාව විසින් ප්‍රදර්ශනය කරන ලදි.ඒවා අතර ඇමෙරිකානු ටොව් යුද ටැංකි නාශක මිසයිල 4ක්,බල්ගේරියාවේ නිෂ්පාදිත ෆැගොට් යුද ටැංකි නාශක මිසයිල දෙකක්.එරටම නිෂ්පාදිත කොන්කර්ස් මිසයිලයක් සහ විදිනයක් විය.

යුද ටැංකි නාශක මිසයිල විදින සහ මිසයිල

ඊට අමතරව ක්‍රොඒෂියාවේ නිෂ්පාදිත ආර් බී ජී-6 මි.මී.40 අත් බෝම්බ විදින කිහිපයක් සහ ආර්පීජී-29 විදිනයක් සමග උණ්ඩ කිහිපයක්ද හමුවිය.

RBG-6 අත් බෝම්බ විදින සහ RPG-29 අවි

හමුවූ අනෙකුත් දෑ අතර එක්සත් ජනපදය විසින් සැපයූ සන්නිවේදන පද්ධති,බටහිර රටවල සහාය ලැබූ 'වයිට් හෙල්මට්ස්' සංවිධානයේ උපකරණය සහ ඊශ්‍රායලය සැපයූ වෛද්‍ය සහ ආහාර සැපයුම්ද අඩංගුය.

වයිට් හෙල්ම්ට්ස් සංවිධානයට අයත් උපකරණ

සන්නිවේදන උපකරණ

ඊශ්‍රායලයෙන් ලැබුණු ආහාර සහ ඖෂධ

යටත්වීමේ ගිවිසුමට සමගාමීව කැරලිකරුවෝ 4,927ක් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයෝ 5,355 දෙනෙක් දකුණුදිග සිරියාවේ සිට විවෘත කොරිඩෝරයක් හරහා ඉඩ්ලිබ් පළාත පිටව ගියහ.

ඒ අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුදාගැනීමේ නිරීක්ෂක හමුදාව,සිරියානු සහ ඊශ්‍රායල හමුදා අතර බෙදුම් සීමාව ඔස්සේ සිය පළමු මුර සංචාරය දියත් කරන ලදි.එම හමුදාවට ඉදිරියෙන් නිරීක්ෂණ මුරපොළවල් 8ක් ඉදි කිරීමට රුසියානු හමුදා පොලිසිය ක්‍රියා කලේ ප්‍රදේශයේ ඇතිවිය හැකි ප්‍රකෝප කරමීන් වැළැක්වීම උදෙසාය.

ගෝලාන් උස්බිම් ආසන්නයට ගමන් කරන එක්සත් ජාතීන්ගේ හමුදා සහ රුසියානු හමුදා පොලිසියේ රථ

රුසියානු,සිරියානු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුදා

නිරිතදිග සිරියාවේ තත්ත්වය තහවුරු කිරීමෙන් පසුව සිරියානු අරාබි හමුදාව ඔවුන්ගේ බොහොමයක් භට පිරිස් අනෙකුත් පෙරමුණු වලට යැවීමටත්,තවත් ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ආරම්භ කිරීමටත් ඉඩ ලැබේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 03 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 03 Reviewed by HarshaLulzSec on August 09, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 02

August 08, 2018
අගෝස්තු මස පළමුවනදා අල්-සුවයිඩා පළාතේ රජයේ පාලනය යටතේ තිබෙන කල්කලාහ් ගුවන් හමුදා කඳවුරට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු ප්‍රහාරයක් එල්ල කරන ලදි.ආරම්භයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුලුව ත්‍රස්තවාදීන් ගුවන් හමුදා කඳවුරට ඇතුල් වීමට සමත් වුවද සිරියානු අරාබි හමුදා පැය කිහිපයක සටනකින් පසුව ප්‍රහාරය ව්‍යර්ථ කරන ලදි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අනුබද්ධ අමාක් පුවත් සේවයට අනුව ගුවන් කඳවුරේ සටනින් සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් සහ නිලධාරීන් 45 දෙනෙක් මරා දමා එරට ගුවන් හමුදාවට අයත් යුද ගුවන් යානා දෙකක්,ඩ්‍රෝන් යානා 6ක් විනාශ කිරීමට ත්‍රස්තවාදීහු සමත් ව තිබේ.


කෙසේවෙතත් මෙම පුවත එම කඳවුරේ මූලාශ්‍රවලින් ප්‍රතික්ෂේප කර ඇත.ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ගුවන් යානයක් අහිමි නොවූ බවත් හමුදා සෙබලුන් සිව්දෙනෙකු මිය ගිය බවත් හමුදාව පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට සහභාගී වූයේ නැගෙනහිර අල්-සුවයිඩා හි සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ය.ඊට ප්‍රතිචාර ලෙස සිරියානු අරාබි හමුදාව ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එල්ල කල අතර ප්‍රදේශයට අමතර භට පිරිස්ද කැඳවන ලදි.

ප්‍රාදේශීය මූලාශ්‍ර සහ විශේෂඥයින්ට අනුව ප්‍රදේශයේ සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් ඉතාම නුදුරේදී ආරම්භ වනු ඇත.

ඒ අතරතුර,ජූලි මස 25 දා අල්-සුවයිඩා සහ අවට ගම්මාන වලට එල්ල වූ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පැහැරගෙන ගිය කාන්තාවන් සහ ළමුන් 30 දෙනෙක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා ඩැමැස්කස් රජය,එම සංවිධානයේ නියෝජිතයෝ සමග කතිකා කරමින් සිටිති.


ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නම්,නිරිතදිග සිරියාවේදී සිරියානු අරාබි හමුදාවට යටත් වූ සිය සංවිධානයේ සාමාජිකයෝ 100 පමණ පිරිසක් නිදහස් කර ඔවුන්ට ඔවුන්ගේ පවුල්වල අය සමග නැගෙනහිර අල්-සුවයිඩා ප්‍රදේශයට පැමිණීමට විවෘත කොරිඩෝරයක් ලබා දිය යුතු යැ‍යි ත්‍රස්තවාදීන් බල කර සිටින බව මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය පවසයි.මෙම වාර්තාව සම්බන්ධව නිල තහවුරු කිරීමක් නොමැත.

තුර්කියේ සහාය ලබන - නිදහස සඳහා වූ ජාතික පෙරමුණ,සිරියානු නිදහස් පෙරමුණ,සුකෝර් අල්-ෂාම් බ්‍රිගේඩය ,ජයිස් අල්-හරාර් සහ ඩැමැස්කස් සමූහය යන කැරලිකාර කණ්ඩායම් එක්ව වයඹදිග සිරියාවේ නව පෙරමුණක් නිර්මාණය කර තිබේ.මෙම එකමුතුව අලුත් කණ්ඩායමක් ලෙස හැඳින්වුවද එහි නාමය ලෙස භාවිතා කරන්නේ නිදහස සඳහා වූ ජාතික පෙරමුණ යන්නයි.

විශේෂඥයෝ මෙම ක්‍රියා මාර්ගය දකින්නේ ඉඩ්ලිබ් පළාතේ සිටින හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස්රා)සංවිධානය සමග තරඟ කල හැකි ඒකාබද්ධ හමුදාවක් බිහි කිරීමේ තුර්කි උත්සාහයක් ලෙසයි.හයාට් ටරිර් අල්-ෂාම් සංවිධානය සමග සටන් වැදීමේ අරමුණින් යුතුව සිරියානු අරාබි හමුදාව ඉඩ්ලිබ් පළාතේ ක්‍රියාත්මක කල හැකි හමුදා මෙහෙයුම වළක්වා ගැනීමට ගත් පියවරක් ලෙසද එය හඳුනා ගත හැකිය.

සියලු දේ අස්තානා එකඟතාවයන්ට අනුව සිදුවන නිසාත් අලුතින් ඇති කල ඒකාබද්ධ හමුදාව යොදාගෙන හයාට් ටරිර් අල්-ෂාම් සංවිධානය සමග සටන් කල හැකි නිසා ඉඩ්ලිබ් පළාත තුල යුද මෙහෙයුමක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැත යන්න ඒත්තු ගැන්වීමට දැන් අන්කාරා රජය උත්සාහ දරයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 02 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 02 Reviewed by HarshaLulzSec on August 08, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 01

August 07, 2018
2018 ජූලි මස 31දා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් නිරිතදිග සිරියාවේ සම්පුර්ණ පාලනය සියතට ගත්තේ රජයේ හමුදා බෙයිට් ඉරාහ්,කුසායර් සහ කොවායා යන ගම්මාන ඇතුලුව සම්පුර්ණ යාර්මුක් නිම්නයම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් පසුවයි.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව මෙහෙයුමේ අවසන් අධියරයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු 100 පමණ පිරිසක් රජයේ හමුදාවන්ට යටත් වී තිබේ.සමහර මූලාශ්‍රවලට අනුව මෙහෙයුමට සහභාගී වූ ප්‍රදේශවාසීන් සහ නිදහස් සිරියානු හමුදාවේ(රාජ්‍ය විරෝධී කැරලිකාර කණ්ඩායම්)හිටපු සාමාජිකයෝ විසින් යටත් වූ ත්‍රස්තවාදීන් 25 දෙනෙක් පමණ ඝාතනය කර තිබේ.කෙසේවෙතත් මෙම වාර්තා තවමත් තහවුරු කර නොමැත.


යාර්මුක් නිම්නයේ සටනේදී මිය ගිය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව පැහැදිලි නොමැති වුවද සමහරක් ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව එම ගණන 1,000 ඉක්මවයි.


දැන්,සිරියානු අරාබි හමුදාව දැන් කල යුත්තේ සිවිල් වැසියන් අතර සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්,මුදාගත් ප්‍රදේශවල එල්ල කල හැකි ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට අමතර ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමයි.

රජයට පක්ෂපාතී සමහරක් මූලාශ්‍රවලට අනුව නිරිත දිග සිරියාවේ මෙහෙයුමට සහභාගී වූ සිරියානු අරාබි හමුදාවේ සමහර ඒකක,යාර්මුක් නිම්නයේ සිට නැගෙනහිර අල්-සුවයිඩා වෙත යැවීම ආරම්භ කර තිබේ.එහි අරමුණ මෑතකදී එල්ල කල මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර සඳහා වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප් පොලවල් විනාශ කිරීමේ මෙහෙයුමට සහභාගී වීමයි.

උතුරුදිග ලටාකියා හිදී හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව)සංවිධානයේ සාමාජිකයින් ඇතුලුව අනෙකුත් කැරලිකාර කණ්ඩායම්, සිරියානු අරාබි හමුදාවත් සමග අගෝස්තු මස පළවෙනිදා ගැටුම් ඇති කර ගත් බව වාර්තා වේ.එහිදී සිරියානු රජයේ හමුදා කාලතුවක්කු ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.

රජයට පක්ෂපාතී සමහර මාධ්‍ය වලට අනුව මෙය දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කල සිරියානු අරාබි හමුදාවේ ඉඩ්ලිබ් මුදා ගැනීමේ මෙහෙයුමේ ආරම්භයයි.නමුත් එය එසේ නොවේ.මන්ද ඔවුන්ට මහා පරිමාණ යුදමය ක්‍රියාමාර්ගයකට යා යුතු නම් නිරිතදිග සිරියාවේ සිටින දක්ෂතම ප්‍රහාරක ඒකක කැදවීම කලයුතුව තිබේ.

සිරියානු අරාබි හමුදාවේ ඊළඟ ඉලක්කය - ඉඩ්ලිබ්-ඇලෙපෝ පොකට්ටුව

කෙසේවෙතත්,උතුරුදිග ලටාකියා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි සීමා සහිත යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිරියානු අරාබි හමුදාව නුදුරේදිම ක්‍රියා කරන බව කිව හැකිය.

සිරියාව සම්බන්ධ අස්තානා ආකෘතියේ සාකච්ඡාවල අලුත් වටයක් රුසියාවේ සෝචි නගරයේදී පවත්වන ලද්දේ ජූලි මස 30-31 යන දින වලදීය.එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු නියෝජිත බෂාර් ජෆාරි,ඉඩ්ලිබ් පළාතේ තුර්කියේ ක්‍රියාමාර්ග විවේචනය කරමින් කතා කල අතර සිරියානු භූමියෙන් තුර්කි හමුදා එළවා දමන බවට අනතුරු ඇඟවීය.ඉඩ්ලිබ් පළාතේ හයට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ට එරෙහිව සටන් නොවැදීම හරහා සටන් විරාම ගිවිසුමේ පොරොන්දු කඩ කල එකම ගිවිසුම් රාජ්‍යය වන්නේ තුර්කිය(ගිවිසුමට එකඟවූ අනෙක් රාජ්‍යයන් වන්නේ රුසියාව සහ ඉරානයයි )යැ‍යි සිරියානු රාජ්‍යතාන්ත්‍රිකයා අවධාරණය කලේය.

ඊට පෙර, සිරියානු ජනපති බෂාර් අල් අෂාඩ් නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත යුද මෙහෙයුම්වල ප්‍රධාන ඉලක්ක අතර ඉඩ්ලිබ් පළාතද තිබෙන බවයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 01 සිරියානු යුද වාර්තාව - 2018 අගෝස්තු 01 Reviewed by HarshaLulzSec on August 07, 2018 Rating: 5
Powered by Blogger.