ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ පුත්‍රයෙක් මරා දැමේ

හතිෆාහ් අල්-බඩියර්  නමින් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධාන නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ පුත්‍රයෙක් සිරියානු අරාබි හමුදාවේ ප්‍රහාරයකින් මිය ගිය බව එම සංවිධානයට අනුබද්ධ අමාක් පුවත් සේවය ජූලි මස 3 වනදා වාර්තා කර තිබිණි.මධ්‍යම හමා පළාතේ තාප බලාගාරයක් ඉලක්ක කරගෙන දියත් කල මරා ගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා ඔහු සහභාගි වූ අවස්ථාවක රජයේ හමුදාවල ප්‍රහාරයකින් මරණයට පත්ව ඇත.කෙසේවෙතත් සිද්ධියට අදාල දිනය සහ මිය ගියේ කුමන අල්-බඩියර් ද යන්න එම පුවත් සේවය අනාවරණය කර නොමැත(ඡායාරූප:රයිෆලයක් අතින් ගත් පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් සමග පුවත පළ කර තිබූ අයුරු).

සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂනායතනයට අනුව හෝම්ස් හි තාප බලාගාරයට ජූනි 7 සහ 12 යන දින දෙකෙහිදී ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.එසේ නම් මේ කියනා අල්-බඩියර් මිය යන්නට ඇත්තේ ඉන් එක් ප්‍රහාරයක් අතරතුරයි.

අල්-බඩියර්ගේ මව යැ‍යි විශ්වාස කරන්නේ අල්-බග්ඩාඩිගේ පළමු බිරියයි.ඔහු ඇයව විවාහ කර ගන්නේ තම උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසුව වසර 2000 පමණ ඉරාකයේදීය.මෙම ත්‍රස්තවාදී නායකයට තවත් බිරින්දෑවරුන් සිටියි.ඉන් එක් අයෙක් වන්නේ කුප්‍රකට 'සුජිඩාහ් අල්-ඩුලයිමි' නැමැත්තියයි.

අබු බකර් අල්-බග්ඩාඩි ඉරාකයේ දී සිය සාමාජිකයෝ අමතන අයුරු,2014 ජූලි 05.

අල්-ඩුලයිමි 2013-2014 සමයේදී සිරියාව තුලදී එරට බුද්ධි අංශවල අත් අඩංගුවට පත් වුවද 2014 මාර්තු මාසයේ සිරකරුවන් හුවමාරු කිරීමකදී නිදහස් කෙරේ.එම ගනුදෙනුව පිළියෙල කරන්නේ අල්-නුස් රා පෙරමුණ,දැන් හයට් ටරිර් අල්-ෂාම් නමින් හඳුන්වන ත්‍රස්තවාදී සංවිධානයයි.

2014 නොවැම්බර් මාසයේදී අල්-ඩුලයිමි යළිත් වරක් අත් අඩංගුවට පත් වේ.එවර ඇය අල්ලා ගන්නේ ලෙබනනය තුලදී එරට බලධාරීන් විසින්ය.මෙම මෙහෙයුම ඒකාබද්ධ ඔත්තු සේවා මෙහෙයුමක් වූ අතර ලෙබනනය,සිරියාව සහ ඉරාකය(එක්සත් ජනපදයේ සහාය ඇතිව ඉරාකය)රටවල් ඊට සහභාගී විය.

2014 වර්ෂයේදී නැගීම ආරම්භ වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයෝ දස දහස් ගණනක් මේ දක්වා මිය ගොස් තිබුණද එහි නායකයාගේ ඥාතියෙක් ලෙස මේ දක්වා මිය ගොස් තිබෙන්නේ අල්-බඩියර් නම් පුත්‍රයා පමණි.



සිරියාවෙන් මතුවන ඇමෙරිකාව කැරලිකරුවන්ට ලබා දුන් සන්නද්ධ රථ

බටහිර ඩාරා ප්‍රදේශයේ නසිබ් දේශසීමා පැන්නුමේදී සිරියානු අරාබි හමුදාව විසින් අල්ලා ගත් සන්නද්ධ රථ කිහිපයක ඡායාරූප ජූලි මස 7 වනදා සිරියානු අරාබි පුවත් සේවය(සානා)විසින් පළ කර තිබිණි.

එම රථ අතර පෝලන්තයේ සහ කලින් චෙකස්ලෝවැකියාවේ නිෂ්පාදනය කල 'ඕ ටී-64 ස්කොට්' නම් උභයචර සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 4ක්ද විය.කෙසේවෙතත් මෙවැනි රථ ගණනාවක් සිරියානු අරාබි හමුදාව භාවිතා කරත්,නාසිබ් හිදී හමුවූ ඒවා ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා මෙහෙයුම් මූලස්ථානය විසින් නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන්ට ලබා දුන් ඒවා යැයි විශේෂඥයෝ විශ්වාස කරයි.

සිරියානු අරාබි හමුදාව අතට පත් වූ  'ඕ ටී-64 ස්කොට්' රථ





ඩෙන්මාර්කයට අයත් 'හානේ ඩැනිකා' නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව 'ඕ ටී-64 ස්කොට්' පුද්ගල ප්‍රවාහන රථ සහිතව බොස්පොරස් සමුද්‍ර සන්ධිය තරණය කරමින් සූවස් ඇල වෙත යාත්‍රා කරද්දී 2017 මැයි 22දා තුර්කි ඡායාරූප ශිල්පීන් වන අල්පර් බොලර් සහ යොර්ක් අසික් යන අය ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබිණි.මෙම නෞකාව ජෝර්දානයේ අකාබා වරාය දෙසට යාත්‍රා කරන්නට ඇතැයි අනුමාන කල හැකිය.ඉන්පසුව එම පුද්ගල ප්‍රවාහන රථ ඩාරා පළාතේ සිරියානු අරාබි හමුදා කැරලිකරුවන් අතට පත්ව තිබේ.

ඩෙන්මාර්ක් නෞකාව ඕ ටී-64 ස්කොට් රථ ප්‍රවාහනය කරන අයුරු





සෝවියට් නිපැයුමක් වන 'එම් ටී-එල් බී' උභයචර,බහුකාර්යය රථ තුනක්ද සොයා ගන්නට සිරියානු අරාබි හමුදාවට හැකි විය.මීට පෙර දකුණුදිග සිරියාවේ සිටින සිරියානු අරාබි හමුදා මෙවැනි වර්ගයේ රථ සේවයේ යොදවා නොතිබිණි.මේවාද ඇමෙරිකාව විසින් නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන්ට ලබා දුන් ඒවා යැ‍යි විශ්වාස කෙරේ.

සිරියානු අරාබි හමුදාව අතට පත් වූ  'එම් ටී-එල් බී' රථ




ජූලි මස 6 වනදා දෙපාර්ශවය එකඟ වූ සාමදාන ගිවිසුමට අනුව ඉදිරි දිනවලදී නිදහස් සිරියානු හමුදා කැරලිකරුවෝ මෙලෙස ඇමෙරිකානු හමුදා ලබා දුන් අවි විශාල ප්‍රමාණයක් සිරියානු අරාබි හමුදාවට බාර දෙනු ඇත.



source:southfront.org


ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ පුත්‍රයෙක් මරා දැමේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩිගේ පුත්‍රයෙක් මරා දැමේ Reviewed by HarshaLulzSec on July 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.