සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 11

ජූලි මස 5-8 කාල සීමා තුලදී කුර්දි මහජන ආරක්ෂක ඒකක විසින් උතුරුදිග සිරියාවේ අෆ්රින් ප්‍රදේශයේ තුර්කිය ප්‍රමුඛ හමුදා ඉලක්ක කරගෙන පහර දී පළා යෑමේ ප්‍රහාර කිහිපයක් සිදු කර තිබේ.

ජින්ඩෙරෙස් සහ අට්මා යන ජනාවාස අතර හමුදා මුර පොළක සිටි තුර්කියේ සහාය ලබන කැරලිකරුවන් ඉලක්ක කරගෙන කුර්දි සටන්කාමීන් ජූලි මස 5 දා එල්ල කල ස්නයිපර් ප්‍රහාරයකින් එක් කැරලිකරුවෙක් මරණයට පත් වූ බව වාර්තා වේ.ජූලි මස 6 වනදා රාජො සහ අෆ්රින් අතර මාර්ගයේදී හම්සා බ්‍රිගේඩයේ සාමාජිකයෝ තිදෙනෙක් මරණයට පත් විය.ජූලි මස 7දා,තුර්කියේ සහාය ලබන සිරියානු අරාබි හමුදාවේ මොහොමඩ් අල්-සුලෙයිමන් බිබල් දිස්ත්‍රික්කයේදී ඝාතනය වූ අතර බෝම්බ පිපිරීමකින් කැරලිකරුවෝ දෙදෙනෙක් ෂාරා දිස්ත්‍රික්කයේදී මිය ගොස් තිබේ.එදිනම තවත් ප්‍රහාරයකින් රාජෝ දිස්ත්‍රික්කයේදී තුර්කි හමුදා සෙබලුන් දෙදෙනෙක්ද මිය ගියහ.

ජූලි මස 8 වනදා කුර්දි මහජන ආරක්ෂක ඒකක රථ පෙළකට එල්ල කලා යැ‍යි කියන බෝම්බ ප්‍රහාරයකින් මාබටා දිස්ත්‍රික්කයේදී කැරලිකරුවෝ දෙදෙනෙක් මරණයට පත්ව ඇත.

කුර්දි සටන්කාමීන්ට අනුව 2018 ජනවාරි මස 20 දා අෆ්රින් මෙහෙයුම ආරම්භයේ පටන් මේ දක්වා තුර්කිය ප්‍රමුඛ පක්ෂයට සටන්කරුවන් 2515ක් අහිමිව තිබේ.තුර්කිය පාර්ශ්වයෙන් මෙම සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කරන අතර එය ප්‍රචාරණ වාසියක් උදෙසා සිදු කල එකක් යැයි කියයි.

කුර්දි පාර්ශ්වය දිගින් දිගටම තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ට එල්ල කරන ප්‍රහාර වලින් පෙනී යන්නේ තුර්කිය හමුදාවත් එහි ප්‍රොක්සි හමුදා වන නිදහස් සිරියානු හමුදාවත් අෆ්රින් හි කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමේ කාර්යයේදී අසමත්ව ඇති බවයි.කුර්දි සටන්කාමීන් මෙම කඳුකර ප්‍රදේශ සැඟව සිටීමටත්,ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වීමටත් යොදා ගනියි.

ජූලි මස 10දා ඩාරා හි බටහිර ප්‍රදේශයේ සයිසුන් ගම්මානය තුල සිටි සිරියානු අරාබි හමුදා සෙබලුන් ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් එවා ඇත.ත්‍රස්තවාදීන්ට පක්ෂ මූලාශ්‍රවලට අනුව බෝම්බකරුවා එල්ල කල ප්‍රහාරයෙන් දුසිම් දෙකක් පමණ රජයේ හමුදා සෙබලුන් මිය ගොස් තිබේ.කෙසේවෙතත් එම සංඛ්‍යාව පැහැදිලිවම අධි තක්සේරුවෙන් වාර්තා කර ඇතැයි පෙනේ.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සෙබලුන් 10කට අඩු ප්‍රමාණයක් ප්‍රහාරයෙන් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇත.

දකුණුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ශාඛාව වන කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව,ඩාරා නගරය සහ ඒ අවට ප්‍රදේශ සම්පුර්ණයෙන්ම මුදා ගැනීමට ආසන්නයේ පසුවන සිරියානු අරාබි හමුදාව ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාර ඉහළ දමා ඇතැයි වාර්තා වේ.වාර්තාවලට අනුව පළාත තුල මේ වනවිටත් සිරියානු අරාබි හමුදාවට යටත් වූ කැරලිකාර කණ්ඩායම්වල අන්තවාදී කොටස ත්‍රස්තවාදීන්ට අනුබද්ධ කණ්ඩායමත් සමග එකතු වී තිබේ.

ඒ අතරතුර රජයේ හමුදා ගාරාස්,සම්ලින්,කෆ්‍ර ෂාම්,කෆ්‍ර නසෙජ් සහ අක්‍රාබා යන ප්‍රදේශවල පාලනය යළි ස්ථාපිත කරන ලදි.ගරාස් හිදී යුද ටැංකියක්,එක්සත් ජනපදයේ නිෂ්පාදිත ටොව් මිසයිල කිහිපයක්,මෝටාර් උණ්ඩ,රොකට් උණ්ඩ,යුද ටැංකි වල ප්‍රධාන අවියට යොදන උණ්ඩ,ආර් පී ජී අවි,මර උගුල් සහ තවත් අවි,උණ්ඩ සොයා ගන්නට සිරියානු අරාබි හමුදාවට හැකිවිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 11 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 11 Reviewed by HarshaLulzSec on July 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.