සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 10

ජූලි මස 9 වනදා සිරියානු අරාබි හමුදාවේ ඒකක,රුසියානු හමුදා පොලිසියේ සහාය ඇතිව ඩාරා නගරයට දකුණින් සිරියා-ජෝර්දාන දේශ සීමාවේ කැරලිකරුවන් සතු ස්ථාන සියල්ලම සිය පාලනයට යටත් කරගන්නා ලදි.ඒ අනුව සිරියානු අරාබි හමුදාව කැරලිකරුවන්ගේ ස්ථාන සහ ඉතිරිව තිබෙන කැරලිකරුවන්ගේ ස්ථාන සම්පුර්ණය වටලා ඇත.

ජූලි මස 10 වනදා වන විටත් ප්‍රදේශයේ කැරලිකරුවන් සහ රුසියානු සහාය ලබන ඩැමැස්කස් රජය අතර සාමදාන ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි.කෙසේ වෙතත්,කැරලිකාර කණ්ඩායම් දිගින් දිගටම යටත්වීම ප්‍රතික්ෂේප කල හොත් ඔවුන්ට දරා සිටීමට නොහැකි යුදමය ක්‍රියාමාර්ගයකට මුහුණදීමට සිදුවේවි.

ලොව ප්‍රමුඛ පෙළේ මාධ්‍යවල ප්‍රචාරයන් සහ මධ්‍යස්ථ විපක්ෂයේ රුසියානු විරෝධී සහ රාජ්‍ය විරෝධී ප්‍රකාශයන් නොසලකා තිබියදීත්,කැරලිකරුවන්ට තීරණයක් ගැනීමට තිබෙන්නේ කෙටි කාලයක් පමණි.

දැනට මුදා ගැනීමට ඉතිරිව තිබෙන්නේ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් උස්බිම් වලට නැගෙනහිරින් වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී ග්‍රහණයේ ඇති ප්‍රදේශය සහ සිරියා-ජෝර්දාන දේශසීමාව මුහුණලා ඩාරා පළාතේ ඇති කැරලිකරුවන් සතු ප්‍රදේශයක් පමණි.ගෝලාන් උස්බිම් වලට නැගෙනහිරින් ස්ථානගත වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයට එරෙහිව සිරියානු අරාබි හමුදාව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග එය ඊශ්‍රායල නායකත්වයේ මහත් සැලකිල්ලට භාජනය වී තිබේ.


සිරියානු හමුදාව ගෝලාන් උස්බිම්වල යුද මුක්ත කලාපයට ඇතුල් වීමට උත්සාහ කලහොත් තම රාජ්‍යය "රළු ප්‍රතිචාරයක්" දක්වන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩෝර් ලිබ්‍ර මන් ජූලි මස 9 වනදා ප්‍රකාශ කරන ලදි.

ඔහුගේ ප්‍රකාශයත් සමග ජූලි මස 9දා සිරියාවේ හෝම්ස් පළාතේ ටී4 ගුවන් හමුදා කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.තම ගුවන් ආරක්ෂක බලකා මිසයිල කිහිපයක් අතරමගදී විනාශ කර එක් ඊශ්‍රායල ගුවන් යානයක්ද ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කල බව සිරියානු හමුදාව පැවසීය.මිසයිල කිහිපයක් කඳවුරට පතිත වූ බව හමුදාව කීය.තම ගුවන් යානා ප්‍රතිප්‍රහාරවලින් හානියට ලක් වූ බවට පැතිර යන වාර්තා ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරයි.

සිරියානු හමුදාව,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව ඒ හරහා ඩැමැස්කස් රජය 1974 සටන් විරාම ගිවිසුම කඩ කරන බවට චෝදනා කරමින් රජයේ හමුදාවන්ට එරෙහිව ප්‍රහාර වැඩි ගණනක් එල්ල කරනු ඇත.කෙසේවෙතත් සීමා සහිත ප්‍රහාර හරහා ප්‍රදේශයේ උපයාමාර්ගික තත්ත්වය වෙනස් කිරීමට හෝ එම ප්‍රදේශ සිරියානු අරාබි හමුදාව අතට පත් වීම වැළැක්වීම නොහැකිය.

උතුරුදිග ලටාකියා ,තුර්කි කලාපය හෙවත් ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ සිට සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත කැරලිකරුවෝ තවත් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සිරියානු අරාබි හමුදාවට ප්‍රහාරයෙන් භූමිය අහිමි නොවූවත්,කැරලිකරුවන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව රජයේ හමුදා සෙබලුන් කිහිපදෙනෙක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි සඳහන් වේ.

ඉඩ්ලිබි හි කැරලිකරුවන් සතු ප්‍රදේශය හයට් ටරිර් අල්-ෂාම් ආදී අන්තවාදී කණ්ඩායම්වල බලකොටුව ලෙස පවතියි.මෙම කණ්ඩායම් සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය ත්‍රස්තවිරෝධී මෙහෙයුමක් අපේක්ෂාවෙන් සිටිති.

"කුමන කණ්ඩායම් පාලනය කලත්,ඩැමැස්කස් රජය සිරියාවේ සියලු පළාත් මුදා ගන්නේ" යැ‍යි ජනපති බෂාර් අල්-ෂාඩ් ජූලි මස 9 දා ප්‍රකාශ කරන ලදි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 10 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 10 Reviewed by HarshaLulzSec on July 11, 2018 Rating: 5

No comments:

Powered by Blogger.