සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 09

රජයට පක්ෂපාතී හමුදා පසුගිය  සතිය තුල දකුණුදිග සිරියාවේ කැරලිකරුවන් සතු වූ වර්ග කිලෝමීටර් 600 භූමි ප්‍රමාණයක් මුදා ගන්නා ලදි.

සිරියානු අරාබි හමුදාවේ ඒකක,ටයිගර් බලකා,4 වන සන්නාහ සන්නද්ධ සේනාංකය සහ ජාතික ආරක්ෂක බලකා නසිබා දේශසීමා පැන්නුම,උම් අල්-මයාඩි,අල්-ටයිබා සහ ඒ ආසන්න ස්ථාන රැසක බලය අල්ලා ගෙන තිබේ.



 ඊට අමතරව,කරාබ් අල්-ෂාම් නගරයට ලගාවන දේශසීමාවේ විශාල ප්‍රදේශයක් සිරියානු අරාබි හමුදාව සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් විසින් මුදා ගන්නා ලදි.ඩාරා නගරයේ නැගෙනහිර දිශාවෙන් වූ කැරලිකරුවන් සතු ප්‍රදේශය හුදකලා කරන්නටද ඔවුහු සමත් විය.


සිරියානු අරාබි හමුදාවේ මූලාශ්‍රයකට අනුව ඩාරා නගරයේ කොටුවී සිටින කැරලිකරුවෝ දැන් රුසියාව සහ සිරියානු රජයේ නියෝජිතයෝ සමග කතිකා කරමින් සිටියි.ඒ අනුව කැරලිකරුවන් හමුදාවට යටත් වී අවි භාර දී සාමදාන ගිවිසුමකට එකඟ වනු ඇත.

 සිරියානු මාධ්‍ය නිකුත් කල ඡායාරූපවලට අනුව දකුණුදිග සිරියාවේ කැරලිකාර කණ්ඩායම් දැනටමත් රජයේ හමුදාවන්ට යටත් වී යුද ටැංකි,සන්නාහ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ සහ යුද ටැංකි නාශක මිසයිල ආදී සැලකිය යුතු යුදෝපකරණ ප්‍රමාණයක් භාර දෙමින්ය.

සානා පුවත් සේවය නිකුත් කල විඩියෝවකට අනුව කැරලිකරුවෝ භාර දුන් අවි අතර ඇමෙරිකානු ටොව් යුද ටැංකි නාශක මිසයිල විදින 11ක්,ඒවාට යොදන මිසයිල 17ක්,බල්ගේරියාවේ ෆැගට් මිසයිල දුසිම් ගණනක්,වැඩි දියුණු කල මලුටක් මිසයිල කිහිපයක් සමග මිසයිල විදින 2ක් ආදිය තිබිණි.ඊට අමතරව සිල්කා රථ 2ක්,බී එම් පී-1 රථ 4ක් සහ යුද ටැංකි 7ක් වීඩියෝපටයේ දැක්වේ.

 කැරලිකරුවන් භාර දුන් යුදෝපකරණ









මේවා මධ්‍යස්ථ විපක්ෂය නමින් හඳුන්වන රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සාමදාන ගිවිසුමට අනුව යටත් වීමෙන් පසුව භාර දුන් පළමු යුදෝපකරණ සමූහය පමණි.


සිත් ගන්නා සුළු කරුණක් වන්නේ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් උස්බිම් ආසන්නයේ ස්ථානගත වී සිටින හයට් ටරිර් අල්-ෂාම් ඇතුලුව කැරලිකාර කණ්ඩායම් කිසිදු සාමකාමී විසඳුමක් පිළිගැනීම තවත් ප්‍රතික්ෂේප කරමින් සිටීමයි.

ගිනිකොණදිග ඉඩ්ලිබ් හි ලුවයිබිඩා ගම්මානය ආසන්නයේ සිරියානු අරාබි හමුදා ඛණ්ඩ ඉලක්ක කරගෙන හොරාස් අල්-ඩින් නම් අල්කයිඩාවට අනුබද්ධ කණ්ඩායම එල්ල ප්‍රහාරයක් අසාර්ථක වීමෙන් එහි සාමාජිකයෝ 10 දෙනෙක් ජූලි මස 8 වනදා මරණයට පත් විය.දකුණු ඉඩ්ලිබ් සහ උතුරු හමා ප්‍රදේශවල හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයේ බලය ව්‍යාප්තව තිබේ.දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ට උදව්වක් වශයෙන් ඉඩ්ලිබ් හි සිරියානු අරාබි හමුදාව ඉලක්ක කරගෙන ඒකාබද්ධව ප්‍රහාර එල්ල කරන්න යැ‍යි හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය අනෙකුත් කණ්ඩායම්වලට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ අමාක් පුවත් සේවයට අනුව අල්-නූර් සහ අල්-හඩිකා අල්-බයිඩා යන දිස්ත්‍රික්කවල සහ රක්කා නගර මධ්‍යයේදී ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ජූලි මස 5 දා බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යටතේ තිබෙන ප්‍රදේශ තුල පවා මෙම ත්‍රස්තවාදීන් සිය මෙහෙයුම් දියත් කිරීමට හැකියාව ලැබී තිබීමෙන් පෙනී යන්නේ උතුරුදිග සිරියාවේ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සහ එහි ප්‍රොක්සි හමුදා පිහිටුවා තිබෙන ආරක්ෂක පද්ධතියේ තිබෙන හිඩැස්ය.

අප්‍රේල් මස 7 වනදා ඩූමා සිදුවීම(රජයේ හමුදා සිදු කලා යැ‍යි චෝදනා එල්ල වූ රසායනික අවි ප්‍රහාරය)පදනම් කරගෙන රසායනික අවි තහනම් කිරීම සම්බන්ධ සංවිධානය ජූලි මස 6 වෙනිදා මූලික වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.රසායනික අවි ප්‍රහාරය සිදු වුනා යැයි කියන ප්‍රදේශයෙන් කිසිදු ස්නායු විෂක් සම්බන්ධව සලකුණක් හමු නොවූ බව එම වාර්තාවෙන් කියවේ.ප්‍රහාරය සඳහා සරීන් විෂ වායුව භාවිතා කර ඇතැයි අප්‍රේල් 13දා ධවල මන්දිරය සිදු කල ප්‍රකාශය මේ හරහා ප්‍රතික්ෂේප වේ.

වෙනස් ක්ලෝරිනීභූත රසායනික ප්‍රදේශයෙන් හමුවූ බව එම වාර්තාවේ සඳහන් වුවද ක්ලෝරීන් වායුව භාවිතා කල බව තහවුරු කර නොමැත.මේ කරුණ නොසලකා හරිමින්,ප්‍රහාරය සඳහා ක්ලෝරීන් වායුව භාවිතා කර ඇතැයි යන්න සමාජ ගත කරන්නට ප්‍රධාන පෙළේ ජනප්‍රිය මාධ්‍ය දැඩි උත්සාහයක් ගත්හ.

ඩැමැස්කස් රජය ඩූමා ප්‍රදේශයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කලේ යැ‍යි එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රාජ්‍යයන් චෝදනා එල්ල කල අතර එය බොරු හේතුවක් ලෙස යොදා ගනිමින් සිරියාවට දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.කෙසේවෙතත් මේ දක්වා ඔවුන්ගේ චෝදනා තහවුරු කිරීමට සමත් කිසිදු සාක්ෂියක් සපයන්නට ඇමෙරිකාව ප්‍රමුඛ පක්ෂය අසමත්ය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 09 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 09 Reviewed by HarshaLulzSec on July 10, 2018 Rating: 5

No comments:

Powered by Blogger.