සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 06

ඩැමැස්කස් රජය සහ ප්‍රාදේශීය කැරලිකාර කණ්ඩායම් අතර පූර්ණ සාමදාන ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි වීමත් සමග දකුණු දිග සිරියාවේ පාලනය සාමකාමී මාර්ගයකින් රජය වෙත ලබා ගැනීමේ අවස්ථාව අහිමි වූ අතර රජයේ හමුදා යළිත් සිය යුද මෙහෙයුම ආරම්භ කරන ලදි.

ජූලි මස 5දා සිරියානු අරාබි හමුදාව,ටයිගර් බලකා සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් විසින් ඩාරා පළාතේ අතහැර දැමූ ගුවන් ආරක්ෂක කඳවුරක් සහ සයිඩා නගරය මුදා ගැනීමට සමත් විය.ඊට අමතරව සිරියා-ජෝදාන දේශසීමා ඔස්සේ ඉදිරියට ඇදුණු සිරියානු අරාබි හමුදාව දේශසීමාවේ 71 සහ 79 යන ස්ථාන අතරමැද වූ ගම්මාන 10කට වැඩි ගණනක් සිය පාලනයට නතු කර ගන්නට සමත් විය.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියා-ජෝර්දාන දේශසීමාවේ මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී විරුද්ධ පක්ෂයෙන් එල්ල වූ ප්‍රතිරෝධය අල්ප වූ බව කියවේ.එහිදී රුසියානු සෙබලුන්ද මෙහෙයුමට එක්ව තිබෙන අයුරු දැකගත හැකිවිය.

මෙහෙයුම සඳහා රුසියානු ගුවන් හමුදාවේ සහායද ලැබිණි.කෙසේවෙතත් එල්ල කල ගුවන් ප්‍රහාර සංඛ්‍යාව සීමා සහිත විය.දැනට රජයේ හමුදා ඔවුන්ගේ මෙහෙයුම නාසිබ් දේශසීමා පැන්නුම දෙසට දිශානත කර තිබේ.

තුර්කියේ සහාය ලබන කැරලිකාර කණ්ඩායම් අතර ගැටුම් වාර්තාවේ.ඇලපෝ පළාතේ ටඩෙෆ් ගම්මානයේදී රජයේ හමුදා සහ අරාර් අල්-ෂර්කියාහ් කණ්ඩායම අතර ගැටුම් ඇවිලී ගොස් තිබේ.තුර්කියේ සහාය ලබන සටන්කාමීන් ස්ථාන කිහිපයක් අල්ලා ගැනීමට සමත් වුවත්,රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව තුර්කි හමුදාවේ නියෝගය මත සටන්කාමීන්ට යළි පසුබසින්නට සිදුවිය.ඒ තත්ත්වය සමනය කිරීම සඳහාය.

මෙවැනි සිදුවීම්වලින් පැහැදිලිවන්නේ තුර්කියේ සහාය ලැබෙන 'මධ්‍යස්ථ විපක්ෂයේ' කණ්ඩායම් අන්කාරා රජයේ සීමා සහිත පාලනයක් යටතේ පවතින බවයි.

ඩීර් එසෝර් පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ නාම්ලියාහ් ගම්මානයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ රථ පෙළකට සැඟව සිට ප්‍රහාරයක් එල්ල කල බව  ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධ අමාක් නම් පුවත් ඒජන්සිය ජූලී 4 වනදා වාර්තා කර තිබිණි.එම පුවත් සේවයට අනුව ප්‍රහාරය සඳහා මර උගුල් 18 භාවිතා කර තිබෙන අතර ඉන් ඇමෙරිකානු සෙබලුන් 4 දෙනෙක් මියගොස් ඇත.ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය මෙම වාර්තාව සම්බන්ධව මේ දක්වා අදහස් දක්වා නොමැත.

ඒ අතරතුර ඇමෙරිකානු සහාය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හසාකා පළාතේ දකුණුදිග ප්‍රදේශයේ මඩිනාහ් සහ කාබර් ටාහා යන ගම්මාන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත් විය.ඔවුහු දැනට තුවයිමින් ප්‍රදේශය ඉලක්ක කරගෙන ඉදිරියට ඇදෙමින් සිටිති.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 06 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 06 Reviewed by HarshaLulzSec on July 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.