සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 05

ඇමෙරිකානු සහාය ලබන 'ෂබාබ් අල්-සුන්නා' නම් නිදහස් සිරියානු හමුදා කණ්ඩායම ඩාරා පළාතේ බුස් රා අල්-ෂාම්/බොස් රා නගරයේදී තම යුදෝපකරණ සිරියානු අරාබි හමුදාවට භාර දෙමින් සිටියි.

මුදා හැර තිබෙන වීඩියෝපට සහ ඡායාරූපවලට අනුව එම කැරලිකාර කණ්ඩායම  යුද ටැංකි දෙකක්,බී එම් පී-1 පාබල හමුදා ප්‍රහාරක රථ 2ක් සහ මි.මී. 37 ස්වයංක්‍රීය ගුවන්නාශක අවියක්(M1939),මි.මී. 160 මෝටාර් අවිය සහ එක්සත් ජනපදයේ නිෂ්පාදිත ටොව් යුද ටැංකි නාශක මිසයිල විදින 6ක් එලෙස භාර දුන් යුදෝපකරණ අතර වේ.

ඊට අමතරව මෝටාර්,උණ්ඩ සහ සැහැල්ලු අවි සැලකිය යුතු ප්‍රමාණයක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත්ව තිබේ.


රජයේ හමුදාවන්ට භාර දුන් අවි වලින් කොටසක්




රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ෂබාබ් අල්-සුන්නා නම් නිදහස් සිරියානු හමුදා කණ්ඩායම ඉදිරි දිනවලදී තවත් යුදෝපකරණ රජයේ හමුදාවන්ට භාර දීමට නියමිතය.එම කණ්ඩායමේ බොහෝ සාමාජිකයෝ නීත්‍යානුකූලව එම ප්‍රදේශවල පදිංචි වීමටත්,සිරියානු අරාබි හමුදාවට එක් වී දකුණුදිග සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහ හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා,සිරියාවේ අල්කයිඩා ශාඛාව)ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින්නට සූදානම් බව සඳහන් වේ.

ඒ අතරතුර දකුණුදිග සිරියාවේ අනෙකුත් නිදහස් සිරියානු හමුදා කණ්ඩායම් සමග ඇති කර ගැනීමට උත්සාහ කල සාමදාන ගිවිසුම නැවත වරක් අසාර්ථක වී තිබේ.ඊට හේතු වූයේ කැරලිකරුවන්,සිරියානු අරාබි හමුදාව මීට පෙර මුදා ගත් ප්‍රදේශවලින් පසුබැසිය යුතුය යනාදී පිළිගත නොහැකි කොන්දේසි ඉදිරිපත් කිරීමත් සමගයි.

මේ හරහා ඩාරා හි හයට් ටරිර්  අල්-ෂාම් සංවිධානයත් නිදහස් සිරියානු හමුදාවත් අතර සහයෝගීත්වයට එරෙහිව අලුට් වටයක අභික්‍රමණයක් දියත් කිරීමට සිරියානු අරාබි හමුදාව පියවර ගනිවි.

ඊශ්‍රායල ග්‍රහණයේ පවතින ගෝලාන් උස්බිම් ආසන්නයේ විශාල භූමි ප්‍රමාණයක් පාලනය කරන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධිත කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව,සිරියානු අරාබි හමුදාවට එරෙහිව සටන් වදින බවට තර්ජනය කරමින් ප්‍රචාරක විඩියෝපටයක් මුදා හැරි අතර අල්-ෂායික්මස්කින් නම් ඩාරා නගරයට බටහිරින් පිහිටි රජයේ පාලනය යටතේ තිබෙන ගම්මානයකට කාලතුවක්කු ප්‍රහාර දියත් කිරීම අරඹා තිබේ.

නිදහස් සිරියානු හමුදා කණ්ඩායම් සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඒකාබද්ධව සිරියානු අරාබි හමුදාවේ ඉදිරි ගමනට ප්‍රතිරෝධය දක්වන්නට ගිවිසගෙන ඇතැයි මීට පෙර වාර්තා පළ විය.ඊශ්‍රායලය හෝ ඇමෙරිකානු සහාය ලබන කැරලිකාර කණ්ඩායම් තමන්ට එරෙහිව සටන් වැදීමට නො එන බව කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව පැහැදිලිවම අවබෝධ කරගෙන සිටියි.ඒ නිසා ඔවුන් සහ නිදහස් සිරියානු හමුදාව අතර නිලවශයෙන් සම්බන්ධීකරණ ගිවිසුමක් නොපැවතුනත්,ඔවුන් සිරියානු අරාබි හමුදාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරාවි.

නැගෙනහිර අල්-සුවයිඩා වෙත එල්ල වූ සීමා සහිත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට රජයේ හමුදා සමත් වූ අතර ටල් බසිර් ආසන්නයේදී ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මරා දමන්නට හමුදාව සමත් වූ බව රජයට පක්ෂපාතී මුලාශ්‍ර වාර්තා කරයි.නැගෙනහිර අල්-සුවයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වල් විනාශ කිරීම සඳහා ආරම්භ කල මෙහෙයුම මේවන විට අතරමග නවතා තිබෙන්නේ,දැනට සිරියානු අරාබි හමුදාවේ ප්‍රමුඛත්වය ඩාරා පළාත වෙත ලැබී තිබිම හේතුවෙනි.

දකුණුදිග සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් කතිකා කිරීම සඳහා රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සහ ජෝර්දාන විදේශ කටයුතු අමාත්‍ය අයිමන් සෆාඩි අතර හමුවක් ජූලි මස 4 වනදා පැවැත්විණි.

එක්සත් ජනපදය,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සහ හයට් ටරිර් අල්-ෂාම් ආදී ත්‍රස්තවාදී කණ්ඩායම් සිරියානු විපක්ෂයෙන් වෙන් කර දකින්නේ කලාතුරකින්  යැයි අමාත්‍ය ලැව්රොව් එම හමුවේදී කිය සිටියේය.

දකුණුදිග සිරියාව සම්බන්ධයෙන් ඇති කරගත් යුද මුක්ත කලාප ගිවිසුම සිරියානු අරාබි හමුදාව විසින් උල්ලංඝනය කරමින් සිටින බවට එක්සත් ජනපදය එල්ල කරන චෝදනා අමාත්‍ය ලැව් රොව් විසින් ප්‍රතික්ෂේප කලේය.දකුණුදිග සිරියාවේ යුද මුක්ත කලාපයෙන් 40% තරම් භූමි ප්‍රදේශයක් ජබාත් ෆටාහ් අල්-ෂාම්(හයට් ටරිර් අල්-ෂාම් සංවිධානය අමතන තවත් නාමයක්)සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පාලනය කරන අතර දකුණුදිග යුද මුක්ත කලාපය සම්බන්ධව එක්සත් ජනපදය,රුසියාව සහ ජෝර්දානය පැමිණි එකඟතාවය ක්‍රියාවට නංවා ත්‍රස්තවාදීන්ට බුරුලක් නොදක්වා දිගටම කටයුතු කල යුතු යැ‍යි අමාත්‍යවරයා කීය.

මෙම ප්‍රකාශය හරහා පෙනෙන්නේ ඇමෙරිකානු විවේචන සහ ලොව ප්‍රධාන පෙළේ ජනප්‍රිය මාධ්‍ය හරහා ගෙන යන ප්‍රචාරණ යුද්ධය නොසලකා හරිමින් සිරියා-ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය ඩාරා පළාතේ සහ ආසන්න ප්‍රදේශවල කැරලිකරුවන්ට එරෙහි සංග්‍රාමය නොනවත්වා කරගෙන යන බවයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 05 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 05 Reviewed by HarshaLulzSec on July 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.