සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 04

පසුගිය සතිය තුල දකුණු දිග සිරියාවේ අල්-කුනීට්‍රා,අල්-සුවයිඩා සහ ඩාරා යන පළාත්වල ජනාවාස 27 ක් සිරියානු රජයේ පාලනය යටතට පත් වූ බව සිරියානු විපක්ෂ කණ්ඩායම් වල සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රකාශයකයෙක් ජූලි මස 3දා ප්‍රකාශ කලේය.

කැරලිකරුවන් විසින් පාලනය කරන ප්‍රදේශ,අනෙකුත් සිරියානු කලාප සහ අසල්වැසි රටවලින් පැමිණෙන සරණාගතයන්ට පහසුකම් සැලසීම සම්බන්ධව දැන් විශේෂ අවධානයක් දක්වන්නේ යැ‍යි එම ප්‍රකාශකයා කීය.

රුසියානු හමුදා පොලිසියේ ඒකක බුස් රා අල්-ෂාම් සහ මුසයිරිෆා යන ප්‍රදේශවල ස්ථානගත වී සිටින අයුරු දැකගත හැකිය විය.

ජූනි මාසයේ අගභාගයේදී සිරියානු අරාබි හමුදාව,ටයිගර් බලකා සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් දකුණු දිග සිරියාව මුදා ගැනීමටත් ජෝර්දාන-සිරියා දේශසීමා ප්‍රදේශයේ බලය නැවත පිහිටුවීමටත් මහා පරිමාණ යුද මෙහෙයුමක් දියත් කරන ලදි.

එහිදී රජයේ හමුදා අත්කරගෙන තිබෙන ජයග්‍රහණ පවා නොසලකා හරිමින්,සැලකිය යුතු කැරලිකාර කණ්ඩායම් ගණනක් කිසිදු සමාදාන ගිවිසුමක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ හයට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා)සංවිධානයේ බලපෑම සහ ප්‍රදේශයේ සිටින කැරලිකාර කණ්ඩායම් වලට සහාය ලබා දෙන විදේශීය බලවේගයන්ගේ බලපෑම්ය.

කැරලිකරුවෝ දිගින් දිගටම සිය අවි බිම තැබීම ප්‍රතික්ෂේප කල හොත් සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍රයන්ගෙන් එල්ල වන ඊළඟ වටයේ යුදමය තෙරපුමට මුහුණ දීමට සිදුවේවි.


උතුරුදිග හමා හි ටල් බසාම් ප්‍රදේශයට ජයිස් අල්-ඉසා කණ්ඩායම් එල්ල කල ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සමත් විය.යුද මුක්ත කලාපය තුල සිටින හයට් ටරිර් අල්-ෂාම් සංවිධානයේ ප්‍රමුඛතම මිත්‍රයෙක් වන්නේ ජයිස් අල්-ඉසා කණ්ඩායමයි.

මෙහි සිත් ගන්නා සුළු කරුණ වන්නේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ මරාක් හි තුර්කි නිරීක්ෂණ මුර පොළක් ආසන්නයේ වීමයි.මෙම මුරපොර ස්ථාපනය කලේ ප්‍රදේශයේ සටන් විරාමය නිරීක්ෂණය කිරීමටයි.කෙසේවෙතත් කැරලිකරුවෝ දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ඔස්සේ පෙනී යන්නේ තුර්කිය,ඉරානය සහ රුසියාව අස්තානා ආකෘතිය ඔස්සේ  එකඟ වූ සටන් විරාම ගිවිසුමේ තිබෙන දුර්වලතාය.

මෙම ගිවිසුමේ තිබෙන ප්‍රශ්නය වන්නේ තුර්කි හමුදා සහ එහි ප්‍රොක්සි හමුදා බටහිර ඉඩ්ලිබ් හි තම වගකීම යටතේ තිබෙන ප්‍රදේශයේ සිටින හයට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් කණ්ඩායම් වලට එරෙහි සටන් කරන්නට ඉක්මණ් නොවීමයි.

සිරියා-ඉරාක දේශ සීමාව ආසන්නයේ සිය පාලනය යටතේ පවතින අෂ්-ෂඩාඩේ නගරයට නැගෙනහිර දෙසින් වූ ජනාවාස 11ක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් විය.කුර්දීන්ට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධාන හමුදාවල සහාය ඇතිව යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරෙන් ත්‍රස්තවාදීන් සම්පුර්ණයෙන්ම පහ කර දැමීමට සූදානම් වේ.කෙසේවෙතත් ඔවුන් මේ සඳහා කොපමණ කාලයක් ගනීද යන්න පැහැදිලි නැත.

කුර්දි සන්නද්ධ කණ්ඩායම්වල ආධිපත්‍යයට යටත් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ඩැමැස්කස් රජය අතර සාකච්ඡා සිදුවන බවට කටකතා පැතිර යමින් තිබේ.කුර්දි මහජන ආරක්ෂක ඒකක සහ එහි දේශපාලන අංශය වන ප්‍රජාතන්ත්‍රික එක්සත් පක්ෂය,සිරියානු රජය සමග තම ව්‍යාකූල සබදතාවයන් වැඩිදියුණු කර ගැනීමට උත්සාහ කරන්නේ,උතුරුදිග සිරියාවේ තත්ත්වය සම්බන්ධව තුර්කි-ඇමෙරිකා එකඟත්වයක් ඇති වීමත් සමගයි.

අන්කාරා රජය කුර්දි මහජන ආරක්ෂක ඒකක,ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වයි.තුර්කිය අෆ් රින් ප්‍රදේශයේ දියත් කල කුර්දි විරෝධී මෙහෙයුම සාර්ථක අවසන් කල අතර ඔවුන් ඉදිරියේදී අනෙකුත් කුර්දි පාලන ප්‍රදේශ වෙතට සිය අවධානය යොමු කරනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 04 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 04 Reviewed by HarshaLulzSec on July 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.