සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 02

සිරියානු අරාබි හමුදාව,ටයිගර් බලකා සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් දකුණුදිග සිරියාවේ හයාට් ටරිර් අල්-ෂාම් සහ ඔවුන්ගේ මිත්‍ර කැරලිකාර කණ්ඩායම්වලට එරෙහි සටනේදී වේගවත් සහ ඉස්තරම් ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටිති.

පසුගිය දින කිහිපය තුල රජයේ හමුදාවන් ඩාරා පළාතේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ජනාවාස 15කට වැඩි ප්‍රමාණයක් මුදා ගැනීමට සමත් විය.ඔවුන් සමහර කැරලිකාර කණ්ඩායම්වලට යටත් වීමේ එකඟතාවයන් අනුමත කරන ලෙස බලපෑම් කරමින් සිටියි.

සිරියානු රජයේ මාධ්‍යවලට අනුව ටිසියාහ්,මරාබා,අල්-සමකියාට්,ස්මඩ්,සම්ජ්,අබු කතුලා,එලෙම්ටයි, අල්-නාඩා සහ ජම්රින් යන ගම්මාන 10යේ සිටි කැරලිකරුවන් සාමදාන ගිවිසුමට එළඹී ප්‍රදේශයෙන් ඉවත්ව යෑමට සූදානම් වේ.

බොස් රා අල්-ෂාම් නගරයේ කැරලිකරුවෝ මේ වන විටත් ඔවුන් සතු අවි රජයේ හමුදාවන්ට භාර දීම ආරම්භ කර තිබේ.ඒ සමයේම ටෆාස් නගරයේ මධ්‍යස්ථ විපක්ෂය නියෝජනය කරන කැරලිකරුවෝ,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අනුබද්ධ කලිඩ් අල්-වලිඩ් හමුදාව සමග සන්ධානගත වී ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගෝලාන් උස්බිම්වල ඊශ්‍රායල-සිරියා සීමාවට යුද ටැංකි ඇතුලුව අමතර සන්නාහ සන්නද්ධ රථ සහ කාලතුවක්කු යවා තිබේ.

මෙලෙස අමතර යුදෝපකරණ ස්ථානගත කිරීමට හේතුව ලෙස ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ ඉදිරි කාලයේදී එල්ල විය හැකි තර්ජනවලට ප්‍රතිචාරයක් ලෙස බවයි."සිරියාවේ සිදුවන කිසිවකට මැදිහත් නොවී සිටීමේ ප්‍රතිපත්තියේ දිගටම සිටින" බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

කෙසේවෙතත් යථාර්තය ඊට හාත්පසින්ම වෙනස්ය.ආරක්ෂක ක්‍රියා මාර්ගයක් වශයෙන් සිරියාවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ ඉලක්ක කරගෙන පහරදීම ඊශ්‍රායලය බොහෝ කාලයක පටන් පුරුද්දක් ලෙස කරගෙන එයි.

ත්‍රස්තවාදීන් සහ සිරියානු රජයේ හමුදා අතර වැදගත් සටන් සිදුවන අතරවාරයේ මෙම ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කරුණයි.එම ප්‍රහාර සියල්ලම පාහේ එල්ල කලේ සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙනය.

ඩාරා සහ කුනීට්‍රා පළාත්වල සිරියානු අරාබි හමුදාව දැනට සිදු කරන ත්‍රස්තවිරෝධී මෙහෙයුම් ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර දියත් කිරීම සඳහා ඊශ්‍රායලය සූදානම් වන බව සිරියානු සහ ප්‍රාදේශීය මූලාශ්‍ර පවසයි.එවැනි ප්‍රහාර හරහා සිරියානු-ඊශ්‍රායල පසමිතුරු බව අලුත් වනු ඇත.ඩාරා සහ කුනීට්‍රා පළාත්වල කැරලිකරුවන්ගේ ආරක්ෂාව බිද වැටීමත් සමග එහි උපාය මාර්ගික වශයෙන් සිරියාවට යහපත් වටපිටාවක් නිර්මාණය වීමට ඊශ්‍රායලය කැමැත්තක් නොදක්වාවි.

ගෝලාන් උස්බිම් ආසන්නයේ ස්ථානගත වී සිටින කලිඩ් අල්-වලිඩ් හමුදාවට(ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට අනුබද්ධිත),සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් පහරදීමත් සමග ඊශ්‍රායල සෙබලුන්ද සිරියානු රජයේ හමුදාවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරාවි.සිරියානු රජයේ හමුදා සහ ඊශ්‍රායලය අතර බාධකයක් ලෙස මෙම ත්‍රස්තවාදී කණ්ඩායම යොදා ගන්නා බව පැහැදිලිය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 02 සිරියානු යුද වාර්තාව - 2018 ජූලි 02 Reviewed by HarshaLulzSec on July 02, 2018 Rating: 5

No comments:

Powered by Blogger.