සිරියානු අරාබි හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් මෙම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කලේ ජූනි මස 20දාය.මෙතරම් සිඝ්‍රයෙන් විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකිවූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රතිරෝධය පහළ මට්ටමක තිබූ නිසා යැයි අනුමාන කල හැකිය.මන්ද ත්රස්තවාදීන් බොහොමයක් හෝම්ස් කාන්තාරය දෙසට පසුබැස ගොස් තිබෙන නිසාය.
ඩාරා පළාතේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන මුලයිහා අල්-ෂාර්කියාහ්,මුලයිහා අල්-ගාර්බියාහ්,නහිටාහ් සහ සමා අල්-නිඩාට් යන ගම්මාන හයාට් ටරිර් අල්-ෂාම් කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සමත් වූ අතර ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් අල්-හිරාක් ගම්මානයට ඇතුල්වී තිබේ.
වාර්තා වලට අනුව,රජයේ හමුදාවල ඉදිරි ගමන හමුවේ නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් 450ක් යටත් විය.
ඒ අතරතුර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය අනුබද්ධ කලිඩ් ඉබ්න් අල්-වලිඩ් හමුදාව සහ එක්සත් ජනපදයේ සහාය ලබන නිදහස් සිරියානු හමුදා කැරලිකරුවන් දකුණු දිග සිරියාවේ සටන් විරාම ගිවිසුමකට එළඹ තිබේ යැයි නීඩා සිරියා නම් පුවත් සේවය වාර්තා කරයි.
මෙම සටන් විරාමය නිල වශයෙන් නිවේදනය නොකලත්,දෙපාර්ශ්වය අතර පසුගිය දිනවල සටන් නොපැවතුණු බව වාර්තා වේ.මෙහි තිබෙන සිත් ගන්නා සුළු කරුණ වන්නේ ඔවුන් මෙම සටන් විරාම ගිවිසුමට එළඹෙන්නේ ඩාරා ප්‍රදේශයේ සිරියානු අරාබි හමුදාව යුද මෙහෙයුම් දියත් කිරීමට සමගාමීවයි.අවශ්‍ය විටෙක මධ්‍යස්ථ විපක්ෂ කණ්ඩායම්වලට ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සමග එකඟත්වයකට පැමිණීමට හැකි බව මින් පැහැදිලිවේ.
source:southfront.org
සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 28
Reviewed by HarshaLulzSec
on
June 29, 2018
Rating:

No comments: