සිරියානු යුද වාර්තාව - 2018 ජුනි 08

සිරියානු රජයේ හමුදා නැගෙනහිර අල්-සුවෙයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිත්පොලවල් ඉලක්ක කරගෙන යුද මෙහෙයුමක් දියත් කල අතර මේවන විටත් ඔවුහු අෂ්‍රෆියා ගම්මානය සහ බෙයිර් ඖරා ප්‍රදේශයේ පුර්ණ පාලනය සියතට ගෙන තිබේ.

දකුණුදිග සිරියාව

මානව හිමිකම් සම්බන්ධව සිරියානු නිරීක්ෂණායතනයට අනුව සටන්වලදී සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් සහ නිලධාරීන් 15ක්ද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 9 දෙනෙක්ද මරුමුවට පත්ව ඇත.කෙසේවෙතත් ඉරාක දේශසීමා ආසන්නයේ ටී2 පොම්පාගාර සේවා ස්ථානය ආසන්නයේ  රජයේ හමුදා සහ ත්‍රස්තවාදීන් අතර සටන්වලදී මිය පිරිසද මෙම ජීවිත හානි සම්බන්ධ වාර්තාවලට එකතු කර ඇතැයි සැක කෙරේ.

නැගෙනහිර අල්-සුවෙයිඩා

නැගෙනහිර අල්-සුවෙයිඩා හි සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දුර්වලව සන්නද්ධ නිසා ඔවුන්ගෙන් බරපතල ප්‍රතිරෝධයක් බලාපොරොත්තු නොවන බව සිරියානු අරාබි හමුදාවේ 9 වන සේනාංකය පැවසීය.

නැගෙනහිර අල්-සුවෙයිඩා හි සිරියානු හමුදා ඒකක



සිරියා-ඉරාක දේශ සීමාව ආසන්නයේ ඩෂීෂා නගරයට උතුරු දෙසින් පිහිටා තිබෙන අල්-මුර්ජාන්,කලිබ් ටටානි,අල්-කුයිරාහ් සහ සෙවන් ෆාම්ස් යන ගම්මානවල බලය අල්ලා ගැනීමට ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සමත් විය.

ඩෂීෂා වෙත ගමන් කරද්දී ඔවුන් ත්‍රස්තවාදීන් 42 ක් සහ අණදෙන නිලධාරීන් දෙදෙනෙක් මරා දමා ඇත.

සිරියානු විමුක්ති පෙරමුණ සහ ජයිෂ් අල්-ඉසා,ජයිස් අල්-අරාර් සහ සුකොර් අල්-ෂාම් ආදි නිදහස් සිරියානු හමුදා කණ්ඩායම් ඔවුන්ගේ හමුදා ඒකාබද්ධ කර ඉඩ්ලිබ් පළාතේ සහයෝගයේ කටයුතු කරන තනි කැරලිකාර කණ්ඩායමක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බවට තොරතුරු අනාවරණය වේ.2018 පෙබරවාරි මාසයේදී සිරියානු විමුක්ති පෙරමුණ නිර්මාණය වූයේ අරාර් අල්-ෂාම් සහ නූර් අල්-ඩින් අල්-සින්කි යන කණ්ඩායම් ඒකාබද්ධ කිරීමෙන්ය.

2018 මැයි මාසයේ අවසන් භාගයේදී තවත් නිදහස් සිරියානු හමුදා කණ්ඩායම් 11ක් එකතු වී තුර්කියේ සහාය ලබන විමුක්තිය උදෙසා ජාතික පෙරමුණ නමින් තනි කණ්ඩායමක් නිර්මාණය කෙරිණි.ඉඩ්ලිබ් හි කැරලිකාර කණ්ඩායම් විශාල කණ්ඩායම් වශයෙන් ඒකාබද්ධ වන්නේ,දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ගේ ප්‍රශ්නය විසදීමෙන් පසුව සිරියානු රජයේ හමුදාවල ඊළඟ ඉලක්කය තමන් බව දන්නා නිසාවෙනි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජුනි 08 සිරියානු යුද වාර්තාව - 2018 ජුනි 08 Reviewed by HarshaLulzSec on June 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.