සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 07

සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර සන්නද්ධ කණ්ඩායම් නැගෙනහිර අල්-සුවයිඩා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද මෙහෙයුම් සිදු කිරීම සඳහා හමුදා කණ්ඩායම් දියත් කිරීමට පටන් ගෙන තිබෙන බව වාර්තා වේ.එහිදී  ටෙල් සාඩ්,තමුතා,අෂෆියා සහ ඕරා යන ගම්මාන ඉලක්ක කෙරේ.

දකුණුදිග සිරියාව

ඊට සමගාමීව ටයිගර් බලකා දිගින් දිගටම සිය ඒකක දකුණුදිග සිරියාවේ ස්ථානගත කිරීමත් සමග යුදමය ක්‍රියාමාර්ගයක් අත ළඟ බවට පැහැදිලි සංඥාවක් දී තිබේ.


නිරිතදිග ඇලපෝ ප්‍රදේශය සහ නගරයේ බටහිර දෙසින් වූ අල්-සාරා දිස්ත්‍රික්කයේ සිටින හයාට් ටහියර් අල්-ෂාම් සහ එහි මිත්‍ර කණ්ඩායම් ඉලක්ක කරගෙන සිරියානු අරාබි හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි.

වයඹදිග ඉඩ්ලිබ් හි උරුම් අල්-ජෝස්,බිෂෙයිරියාහ් සහ අරිහා යන ප්‍රදේශවල සිටින අල්කයිඩා සංවිධානයට අනුබද්ධිත හොරස් අල්-ඩින් ත්‍රස්තවාදී කණ්ඩායම වෙත රුසියානු යුද ගුවන් යානා විසින් ප්‍රහාර එල්ල කලේ යැයි වාර්තා වේ.

සමහර මූලාශ්‍රවලට අනුව ලටාකියා සහ ඇලපෝ හි රජයේ පාලන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන්නට සහභාගී වූ කැරලිකරුවන්ට අනතුරු ඇඟවීමක් වශයෙන්ද ඔවුන්ගේ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙසද මෙම යුදමය ක්‍රියාමාර්ග ගත් බව සමහර මූලාශ්‍ර සඳහන් කරයි.

අලුතින් නිර්මාණය කල ත්‍රස්තවාදී කණ්ඩායමක් වන හොරස් අල් ඩින්,ඉඩ්ලිබ් හි ජයිස් අල් මලහෙම්,ජයිස් අල් බඩ්ජා සහ තවත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් පැමිණි ජිහාඩ් සටන්කාමීන්ගෙන් සමන්විතය.හොරස් අල් ඩින් හි නායකත්වය දරන්නේ කලින් හයාට් ටරිර් අල් ෂාම් සංවිධානයේ ක්ෂේත්‍ර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල අබු හුමාම් ෂාමිය.

මීට දින හතරකට පෙර හොරස් අල් ඩින් කණ්ඩායම ඔවුන්ගේ පළමු මහා පරිමාණ ප්‍රහාරය,උතුරුදිග ලටාකියා හි සිරියානු අරාබි හමුදාවේ ඒකක ඉලක්ක කරගෙන දියත් කල අතර මෙම ජිහාඩ් කණ්ඩායමේ බහුතරයක් සටන්කරුවන් විදේශිකයෝ සහ කලින් ජබාත් අල්- නුස් රා සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කල පිරිස් බව සැලකේ.


සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරන අයුරු





වසර 7කට පසුව හමා-හෝම්ස් මහා මාර්ගය සිවිල් වැසියන්ගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කරන්නට ජූනි මස 6 වනදා සිරියානු රජය පියවර ගෙන තිබේ.උතුරුදිග හෝම්ස් ප්‍රදේශය සම්බන්ධව ඇති කරගත් සාමදාන ගිවිසුමේ කොටසක් ලෙස මෙම මාර්ගය විවෘත කරන ලදි.

හමා-හෝම්ස් මහා මාර්ගය සිවිල් ගමනාගමනයට විවෘත කල පසු




රජයේ හමුදාව තවදුරටත් උතුරුදිග හෝම්ස් හි ආරක්ෂක මෙහෙයුම් සිදු කරමින් සිටින අතර එහිදී ඔවුන්ට ග්‍රාඩ් රොකට්,මෝටාර් උණ්ඩ,මැෂින් තුවක්කු සහ රොකට්-ප්‍රචාලන බෝම්බ විදින හමුවූ බව වාර්තා වේ.

උතුරුදිග හෝම්ස් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වලින් සොයාගත් යුදෝපකරණ



සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩලයේ ප්‍රකාශිකාවක් වන මෙයිස් අල්-කරිඩි විසින් නිකුත් කල නිල නිවේදනයකට අනුව එම මණ්ඩලය ඩැමැස්කස් රජය සමග සෘජු සාකච්ඡා සඳහා සූදානම් බව පැවසේ.පුර්ව කොන්දේසි රහිතව සිරියානු රජය සමග කතිකා කිරිමට සූදානම් යැ‍යි මණ්ඩලයේ සම-සභාපති ඉල්හම් ඊමඩ් එම නිවේදනයේ සඳහන් කොට තිබේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රික මණ්ඩලය යනු එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාව කුර්දි මහජන ආරක්ෂක ඒකකවල ආධිපත්‍යයට නතු වූ එකක් බව සැඟවීමට නිර්මාණය කල තවත් එක් නාමමාත්‍රික කණ්ඩායමක් පමණි. ඉල්හම් ඊමඩ්,ප්‍රජාතන්ත්‍රික එක්සත් පක්ෂයේ(කුර්දි )ප්‍රධාන පෙළේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික මණ්ඩලයේ නිවේදනය නිකුත් කරන්නේ කුර්දි මහජන ආරක්ෂක ඒකක මැන්බිජ් නගරයෙන් ඉවත් වීමෙන් දිනකට පසුවත්,ප්‍රදේශය සම්බන්ධව තුර්කිය සහ ඇමෙරිකාව සිය සැලසුම ප්‍රසිද්ධ කිරීමෙන් දින දෙකකටත් පසුවයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 07 සිරියානු යුද වාර්තාව - 2018 ජූනි 07 Reviewed by HarshaLulzSec on June 08, 2018 Rating: 5

No comments:

Powered by Blogger.