චීනය සිය නාවික බලය වර්ධනය කර ගනිමින් එරට නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව අත්හදා බැලීමේ ගමන් වාර සඳහා පිටත් කර හරින ලදි.මැයි මස 13දා උදෑසන චීනයේ ලියොනින්ග් පළාතේ ඩාලියන් නෞකා තටාකාංගනයෙන් දියත් කරන ලද මෙම නෞකාව අත්හදා බැලීම්වලදී එහි විශ්වාසනීයත්වය සහ බල සැපයුම් පද්ධතියේ මෙන්ම අනෙක් උපාංගවල ස්ථායිතාවය පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ස්වදේශීයව නිෂ්පාදනය කල ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව මෙයයි.දැනට මෙම නෞකාව ටයිප් 001ඒ යන තාවකාලික නාමයෙන් හඳුන්වයි.වසර හතරකට පෙර ඉදිකිරීම් කටයුතු ආරම්භ කල ටයිප් 001ඒ නෞකාව 2017 අප්‍රේල් මාසයේදී දියත් කරන ලදි.
ටයිප් 001ඒ නෞකාවේ දිග මීටර් 315කි.පළල මීටර් 75කි.එය විස්ථාපනය කරන ජල පරිමාවේ බර ටොන් 50,000කි(නෞකාව මෙහෙයුම් සඳහා සූදානම් කිරිමෙන් පසුව එම බර ටොන් 70,000 දක්වා වැඩි වේ).යාත්ර කරන වේගය නාවික සැතපුම් 31කි.චීන මාධ්‍ය වලට අනුව ටයිප් 001ඒ නෞකාවේ ෂෙන්යැන්ග් ජේ-15 ෆයිටර් ජෙට් යානා 36ක් රැගෙන යා හැකිය.
මෙම අත්හදා බැලීමේ ගමන් වාර සිදුවන්නේ චීන ජනපති ෂී ජින්පින්ග් අප්‍රේල් මාසයේදී 'වහාම බලවත් නාවික හමුදාවක් අවශ්‍ය' යැයි ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසුවයි.
නවතම නෞකාව චීන නාවික හමුදාවට එක් වන දෙවන ගුවන් යානා ප්‍රවාහන නෞකාවයි.1998 වර්ෂයේදී යුක්රේනයෙන් මිලදී ගත් ඉදිකිරීම අවසන් නොකල 'වරියාග්' නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව අලුත් වැඩියා කිරීමෙන් පසුව 'ලියොනින්ග්' යන නමින් 2012 වර්ෂයේදී චීන නාවික හමුදාවේ සේවයට එක් විය.
source:southfront.org
'ටයිප් 001ඒ' ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ඡායාරූප කිහිපයක්

චීනයේ නිෂ්පාදිත ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව
Reviewed by HarshaLulzSec
on
May 14, 2018
Rating:

https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_80.html
ReplyDelete