සිරියානු යුද වාර්තාව - 2018 මැයි 16

උතුරුදිග හෝම්ස් හි රස්ටාන් පොකට්ටුවෙන් කැරලිකරුවෝ ඉවත්ව යෑමත් සමග සිරියානු රජයේ හමුදා ඩැමැස්කස් - ඇලපෝ මාර්ගයේ නැගෙනහිර කොටසේ පාලනය සියතට ගන්නා ලදි.සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදා සහ එහි මිත්‍ර කණ්ඩායම් මෙම ප්‍රදේශයේ ජනාවාස 30කට වැඩි ප්‍රමාණයක පාලනය යළි ස්ථාපනය කලහ.

ඒ අතරතුර කැරලිකරුවන් රස්ටාන් පොකට්ටුවෙන් ඉවත්ව යෑමද සිදු වෙමින් පවතියි.මැයි මස 15දා කැරලිකරුවන් සහිත බස් රථ 73ක් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබේ.

කැරලිකරුවන් ඉවත් කිරීමේ එකඟතාවය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසුව රස්ටාන් ප්‍රදේශය සම්පුර්ණ පාලනය සිරියානු අරාබි හමුදාව සතුවේ.මේ හරහා දකුණු සහ උතුරු සිරියාව යා කරන අත්‍යාවශ්‍ය සැපයුම් මාර්ගයක් වන එම්5 අධිවේගී මාර්ගය බාධාවකින් තොරව භාවිතා කිරීමට ඉඩ සැලසේ.කෙසේවෙතත් ඉඩ්ලිබ් පළාත හරහා යන මෙම අධිවේගී මාර්ගයේ කොටසක් තවමත් කැරලිකරුවන්ගේ පාලනය  යටතේ පවතියි.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව එම ප්‍රදේශය මුදා ගැනීමට ඉදිරි කාලයේදී සිරියානු අරාබි හමුදාව මෙහෙයුම් දියත් කිරීමට නියමිතය.

රස්ටාන් පොකට්ටුව

දකුණුදිග ඩැමැස්කස් හි කුඩ්ස් පල්ලිය ඇතුලුව යාර්මුක් සරණාගත කඳවුර ආසන්න ස්ථාන ගණනාවක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට රජයේ හමුදා ඇතුලු කණ්ඩාම් සමත් විය.ඔවුහු දැන් අල්-හජාර් අල්-අස්වඩ් යන දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ සටන් වැදී සිටිති.

මුදාගත් ප්‍රදේශවලින් උමං මාර්ග ජාලයක් සහ මර උගුල්,මෝටාර් ආදිය නිපදවන වැඩබිමක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරන ලදි.

දකුණු ඩැමැස්කස් පොකට්ටුව

එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නැගෙනහිර සිරියාවේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුර ආසන්නයේ සිදු කරන ත්‍රස්ත විරෝධී මෙහෙයුම මන්දගාමී කර තිබේ.ප්‍රදේශීය මූලාශ්‍රවලට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු හජින් ගම්මානයේ බලය අල්ලා ගැනීමට නව මෙහෙයුමක් දියත් කිරීම සඳහා ඔවුන් සිය ප්‍රහාරක ඒකක ශක්තිමත් කරමින් සිටියි.

ඉරානය,තුර්කිය,රුසියාව,සිරියාව සහ සිරියානු විපක්ෂය සහභාගි වූ අලුත් වටයක සාකච්ඡා මැයි 15 සහ මැයි 16 යන දිනවලදී කසක්ස්ථානයේ අස්ටානා නගරයේ පැවැත්විණි.සිරියාවේ ස්වාධිපත්‍යය,නිදහස රැකීමට මෙන්ම ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ ජබාත් අල් නුස් රා යන ත්‍රස්තවාදී කණ්ඩායම් සමග සටන් වැදීමට (දැන් හයිට් ටහියර් අල්-ෂාම්) අස්ටානා සාකච්ඡාවල ඇපකාර රාජ්‍යයන් වන රුසියාව,ඉරානය සහ තුර්කිය බැදී සිටින බව නැවත වරක් තහවුරු කලහ.ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ගය ලෙස යුද මුක්ත කලාප ස්ථාපනය කිරීමේ වැදගත්කමද ඔවුහු මෙම සාකච්ඡාවලදී අවධාරණය කරන ලදි.

විශේෂඥයින්ට අනුව දැනට සිදු කරන කතිකාවල ප්‍රධාන මාතෘකාවක් වන්නේ මධ්‍යස්ථ විපක්ෂය සමග දැඩිව මිශ්‍ර වී සිටින හයට් ටහියර් අල්-ෂාම් කණ්ඩායම පාලනය කරන ඉඩ්ලිබ් පලාතේ පුලුල් ප්‍රදේශයයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 16 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 16 Reviewed by HarshaLulzSec on May 17, 2018 Rating: 5

No comments:

Powered by Blogger.