සිරියානු යුද වාර්තාව - 2018 මැයි 15

මැයි 14දා ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම් නගරයේ විවෘත කිරිමත් සමග ගාසා තීරයේ ආරක්ෂක වැට අවට පලස්තීනුවන් ප්‍රචණ්ඩාකාරී අයුරින් හැසිරිණි.ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ එල්ල කල වෙඩි ප්‍රහාර වලින් පලස්තීන විරෝධතාකරුවෝ 59ක් මියගොස් 2,771ක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම උද්ඝෝෂණ සඳහා සහභාගී වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව සම්බන්ධව එකිනෙකට වෙනස් වාර්තා පල වුවද ආරක්ෂක වැට ආසන්නයේ රැස් වූ පිරිස 35,000-40,000 අතර ගණනක් යැ‍යි බොහෝදෙනා පිළිගනියි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ක්‍රියාමාර්ගය විස්තර කලේ පලස්තීන හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිදු කල එකක් ලෙසයි.ඊශ්‍රායලය විනාශ කිරීමේ චේතනාවෙන් සහ දේශසීමා වැට හරහා ගොස් සිය අරමුණ ඉටු කර ගැනීමට දහස් ගණන් දෙනා හමාස් සංවිධානය විසින් යවන ලද්දේ යැ‍යිද ඔහු කීය.

එරට අධ්‍යාපන අමාත්‍ය නෆ්ටලි බෙනෙට් ඊශ්‍රායල ගුවන් විදුලියට ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක වැටට ළඟාවන ඕනෑම පුද්ගලයෙක් 'ත්‍රස්තවාදියෙක්' සේ සලකා ඊශ්‍රායල රජය ක්‍රියා කරන බවයි.


මැයි 14දා ඊශ්‍රායලයට වැදගත් දිනයක් බව එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.ඒ අතරතුර ධවල මන්දිරයේ ප්‍රකාශක රාජ් ෂාහ් කියා සිටියේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ප්‍රකෝප වන අයුරින් ක්‍රියා කර තිබේය කියාය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර යැ‍යි ජනපති ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකල දිනයේ පටන් ඊට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ විය.උද්ඝෝෂණවල උච්චතම අවස්ථාව  වාර්තා වූයේ මැයි 14දා ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත වීමත් සමගයි.

මැයි 14දා සිදුවීම 'දරුණු සමූලඝාතනයක්' යැ‍යි පලස්තීන රජය නිවේදනය කල අතර ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු යැ‍යි නිවේදනය කරන ලදි.

ඇමෙරිකා-ඊශ්‍රායල ක්‍රියාමාර්ගවලට ජාත්‍යන්තර මට්ටමින් ඍණාත්මක ප්‍රතිචාර ලැබිණි.තුර්කි ජනපති රෙසෙප් ටයෙප් එර්ඩොගන් වරක් ඊශ්‍රායලය ඇමතුවේ  'ත්‍රස්තවාදී රාජ්‍යයක්' ලෙසයි.ඉරානයේ පාර්ලිමේන්තු ප්‍රකාශක අලි ලරිජානි කීවේ ඊශ්‍රායලයේ ක්‍රියා මාර්ග වලට පිළිතුරු සපයන්නට වේවි කියාය.


මැයි මස 15දා පලස්තීන ප්‍රදේශවල අලුතින් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය.මෙම උද්ඝෝෂණ නාක්බා දිනයේ 70 වන සංවත්සරය එනම් ඊශ්‍රායලය නිර්මාණය වූ දිනය සංකේතවත් කෙරේ.

ඊශ්‍රායලය යටත් කරගෙන සිටින ගෝලාන් උස්බිම්වල හමුදා ඉලක්ක වෙත එල්ල කල මිසයිල ප්‍රහාරය අර්බුදයේ සම්පුර්ණයෙන්ම අලුත් අධියරයක ආරම්භය සලකුණු කලේ යැ‍යි හිස්බුල්ලා නායක  හයිඩ් හසන් නසරල්ලා  මැයි මස 14දා කීය.

සිරියාවේ සිට ඊශ්‍රායල ඉලක්ක වෙත මිසයිල 55ක් දියත් කල බවත්,ඊශ්‍රායලය ආක්‍රමණකාරී ක්‍රියාකලාපය නවතා නොදැමුවහොත් වේදනාකාරී පළිගැනීමකට මුහුණ දීමට සිදු වෙතැයි නසරල්ලා පැවසීය.මැයි 10 වනදා සිද්ධියේදී සිදුවූ ජීවිත හානි සහ හානියේ ස්වභාවය ඊශ්‍රායලය සඟවන්නේ ඔවුන්ගේ අසාර්ථකත්වය වසා ගැනීම සඳහා යැ‍යිද ඔහු වැඩි දුරටත් විස්තර කලේය.

සිරියාව දෙසට හැරුනොත්,රජයේ හමුදා රට පුරා සිය මෙහෙයුම් දිගටම සිදු කරමින් සිටිති.උතුරුදිග හෝම්ස් හි රස්ටාන් පොකට්ටුවේ සිටින කැරලිකරුවන් ඉවත්ව යෑම තවමත් සිදුවෙමින් පවතියි.මැයි 14දා කැරලිකරුවන් සහ පවුල්වල සාමාජිකයන් සහිත බස් රථ 122ක් ප්‍රදේශයෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.මැයි 15දා තවත් කණ්ඩායමක් ඉවත්ව යෑමට නියමිතව සිටියේය.

දකුණුදිග ඩැමැස්කස් හි යාර්මුක් සරණාගත කඳවුර  ආසන්නයේ සටන්වලදී කුඩ්ස් පල්ලිය සහ ඒ ආසන්නයේ ගොඩනැගිලි අත්පත් කර ගන්නට රජයේ හමුදා සහ පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් සමත් විය.

සරණාගත කඳවුරේ බටහිර කොටස යළි අල්ලා ගැනීමටත් ,පොකට්ටුවේ බටහිර සහ දකුණු කොටස්වල ඉදිරි ආරක්ෂක වළල්ල කෙටි කිරීමත් මෙම ප්‍රගමනයේ අරමුණකි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 15 සිරියානු යුද වාර්තාව -  2018 මැයි 15 Reviewed by HarshaLulzSec on May 16, 2018 Rating: 5

No comments:

Powered by Blogger.