සිරියානු යුද වාර්තාව - 2018 මැයි 14

දකුණුදිග ඩැමැස්කස් හි බෙයිට් සාම්,බබිලා,සිඩි මික්ඩඩ් සහ යෙල්ඩා යන ප්‍රදේශ මුදා ගැනීමෙන් පසුව සිරියානු රජයේ හමුදා යාර්මුක් සරණාගත කඳවුර,ටාකාඩොම් සහ අල්-හජාර් අල්-අස්වඩ් හි උතුරු කොටසේ සිටින සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දෙසට සිය අවධානය යොමු කර තිබේ.

සිරියානු අරාබි හමුදාව,ලිවා අල්-කුඩ්ස්,පලස්තීන විමුක්ති හමුදාව සහ රජයට පක්ෂපාතී අනෙකුත් කණ්ඩායම් විසින් අල්-හජාර් අල්-අස්වඩ් හි අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය,අසාඩ් බින් අල්-ෆියුරට් පාසල,පලස්තීන සරණාගතයන් උදෙසා වූ එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ පාසල,ජසීරා වටරවුම ආදී ගොඩනැගිලි සහ ස්ථාන කිහිපයක්ම ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමට සමත් විය.දැනට රජයේ හමුදා සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතර ප්‍රධාන ගැටුම් සිදු වන්නේ නගර ශාලාව ආසන්නයේය.

මීට සමගාමීව සිරියානු ගුවන් හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක වලලු බිදීම සඳහා බෝම්බ හෙළීම ආරම්භ කලේය.

මෑතකදී දකුණුදිග ඩැමැස්කස් හි සිදුවූ සටන්වලින් සිරියානු රජයේ හමුදා සාමාජිකයෝ 38 මරා දැමූ බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී 'අමාක්' පුවත් ඒජන්සිය පවසයි.

ඊට සමගාමීව රුසියානු හමුදා පොලිස් ඒකක බෙයිට් සාම්,බබිලා,සිඩි මික්ඩඩ් සහ යේල්ඩා ප්‍රදේශවල මුර සංචාරයක් ආරම්භ කරන ලදි.ඉහත කී දිස්ත්‍රික්ක වල සිටි විරුද්ධ පක්ෂයේ සටන්කාමීන් 3,283ක්,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ 5,184ක් ඇතුලුව පුද්ගලයෝ 8,467ක් මීට පෙර ඇලැපෝ සහ ඉඩ්ලිබ් යන පළාත්වල කැරලිකාර පාලනයට නතු ප්‍රදේශවලට පිටත් කර හරින ලද්දේ දෙපාර්ශ්වය අතර ඇති වූ සාමදාන ගිවිසුමට අනුවයි.

රජය යටතේ තිබෙන නිරිතදිග ඇලපෝ සහ ගිණිකොනදිග ඉඩ්ලිබ් හි ටෙල් මරක් සහ අම් සෙරිජ් යන නගරවල පෙරික්සුම් මෙහෙයුම් සිදු කරන්නට රුසියානු හමුදා ක්‍රියා කරන ලදි.අල්-වටන් නම් සිරියානු පුවත්පතට අනුව රුසියාව,ඉරානය සහ තුර්කිය අස්ටාන් සාකච්ඡාවලදී එකඟ වූ පරිදි යුද මුක්ත කලාප නිරීක්ෂණයට මෙම ප්‍රදේශවල නිරීක්ෂණ මුරපොළවල් කිහිපයක් ස්ථාපනය කිරීමට රුසියානු හමුදාව සැලසුම් කර තිබේ.

දැනටමත් නිරිත දිග ඇලපෝ හි අල්-අයිස් සහ ටෙල් ටුකාන් මෙන්ම ගිණිකොනදිග ඉඩ්ලිබ් හි සර්මන් යන ප්‍රදේශවල තුර්කි හමුදා නිරීක්ෂණ මුර පොළවල් ස්ථාපනය කර තිබේ.

තවමත් ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබෙන්නේ ජසර් අල්-ෂුගුර් සහ අල්-ෂුගුර් ප්ලේයින්ස් යන නගරවල පාලනය සම්බන්ධවයි.මෙම ප්‍රදේශවල දැනට පාලන බලය හොබවන්නේ හයිට් ටහියර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස් රා.සිරියාවේ අල්කයිඩා ශාඛාව )කණ්ඩායමයි.හයිට් ටහියර් අල්-ෂාම් කණ්ඩායම යුද මුක්ත කලාප සම්බන්ධ එකඟතාවයට ඇතුලත් නොවේ.කෙසේවෙතත් තුර්කිය සහ එහි ප්‍රොක්සි හමුදා බටහිර සිරියාවේ සිටින මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සටන් කිරීමට ආයාසයක් නොගනියි.ඒ නිසා ඇන්කාරා රජය මෙම ප්‍රදේශය සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාමාර්ගය ඒ ආකාරයෙන්ම තබා ගැනීමට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍රයෝ ක්‍රියා කල යුතුව තිබේ.

උතුරුදිග හෝම්ස් හි රස්ටාන් පොකට්ටුවේ සිටි කැරලිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සමන්විත 5 වන කණ්ඩායම මැයි මස 13දා  ඉඩ්ලිබ් පළාත බලා ගමන් ඇරඹිය.මෙම කණ්ඩායමට 1,500ක පමණ පිරිසක් ඇතුලත් විය.මේවන විට රස්ටාන් පොකට්ටුවේ සිට ඉඩ්ලිබ් සහ ඇලපෝ යන පළාත්වල කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති ප්‍රදේශවලට පිටත්ව ගිය කැරලිකරුවෝ සහ සිවිල්වැසියන්ගේ ගණන 13,000 ඉක්මවන බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු කාර්යාලය පවසයි.

විශේෂයෙන් සඳහන් කල යුතු කරුණ වන්නේ සාමදාන ගිවිසුම ප්‍රතික්ෂේප කල අන්තවාදී කැරලිකාර කණ්ඩායමක් හූලා ප්‍රදේශයේ තවමත් රැදී සිටීමයි.මෙම තත්ත්වය වෙනස් නොවුනහොත් සිරියානු අරාබි හමුදාව සහ ටයිගර් බලකා විසින් එම කැරලිකරුවන්ට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකට පිවිසෙනු ඇත.

එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,යුප්‍රටීස් ගංගා නිම්නයේ නැගෙනහිර ඉවුරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් නොනවත්වා සිදු කරමින් තිබේ.නොබෝදා මෙම හමුදා,සිරියානු රජයේ පාලනයට නතු අබුකමල් නගරයෙන් උතුරු දිශාවේ ප්‍රදේශයට ලගා වූ අතර බාගස් ටාටනි ගම්මානයේ බලය තහවුරු කර ගන්නටද සමත් විය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 14 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 14 Reviewed by HarshaLulzSec on May 15, 2018 Rating: 5

No comments:

Powered by Blogger.