මැදපෙරදිග:ගාසා තීරයේ ගැටුම්,කුර්දි හමුදාවන්ට එරෙහි ප්‍රතිවිරෝධය වර්ධනය වේ

May 30, 2018

නැගෙනහිර සිරියාව සිය පාලනයට නතු කරගෙන සිටින එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට එරෙහි ප්‍රාදේශීය පදිංචිකරුවන්ගේ ප්‍රතිවිරෝධය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇත.බහුතරය කුර්දි ජනවර්ගයෙන් සමන්විත මෙම හමුදාවන්ට එරෙහිව නොබෝදා විරෝධතා ඇති වූයේ මැන්බිජ්,හසාකාහ් සහ රක්කාහ් යන නගරවලයි.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ක්‍රියාවට නංවා තිබෙන ප්‍රතිපත්තීන්,ඔවුන්ගේ හැසිරීම සහ බලහත්කාරයෙන් හමුදා සේවයට සිවිල් වැසියන් බදවා ගැනීම ආදියට එරෙහිව අතිප්‍රමුඛ අරාබි දේශීය ජනගහනය සිය බලවත් විරෝධය ප්‍රකාශ කරයි.කුර්දි ජනතා ආරක්ෂක ඒකක සහ ප්‍රාදේශීය අරාබි ඒකක අතර රක්කා ප්‍රදේශයේ ගැටුම් ඇති වීම වැළැක්වීමට එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ හමුදා මැදිහත් වී තිබේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ ඔවුන් යටතේ තිබෙන ප්‍රදේශය ඇත්ත වශයෙන්ම පාලනය කරන්නේ කුර්දි ජනතා ආරක්ෂක ඒකක/කාන්තා ආරක්ෂක ඒකක යන සටන්කාමී කණ්ඩායම් සහ ඔවුන්ගේ දේශපාලනික පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පක්ෂයයි.ප්‍රාදේශීය ජනයාගේ විරෝධයට එක් හේතුවක් වන්නේ මෙයයි.

ෆෙයිලාක් අල්-ෂාම්,නිදහස් ඉඩ්ලිබ් හමුදාව ඇතුලුව සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිටින කැරලිකාර කණ්ඩායම් 11ක් ඒකාබද්ධ වී ජබාත් අල්-වටනියා ලිල්-ටහියර්(නිදහස සඳහා ජාතික පෙරමුණ) නමින් තුර්කියේ සහාය හිමි අලුත් කැරලිකාර හමුදාවක් නිර්මාණය කෙරිණි.ප්‍රාදේශීය නිරීක්ෂකයන්ට අනුව මෙම නව හමුදාවේ අරමුණක් වන්නේ තුර්කියේ සැලැස්මට අනුව ඉඩ්ලිබ්,ලටාකියා සහ ඇලපෝ පළාත්වල කැරලිකරුවන් සතු ප්‍රදේශයන්හි සිය බලපෑම වැඩි කිරීමයි.

මැයි මස 29 සහ 30 දිනවලදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා තීරයේ ඉලක්ක 65කට පමණ ප්‍රහාර එල්ල කරන ලදි.ප්‍රහාරවල ඉලක්ක වූයේ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් යන කණ්ඩායම්වලට අයත්,රොකට් එන්ජින් සහ රොකට් විදින නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාය.එසේම සිය හමුදා ගාසා තීරය තුල මෙහෙයුම් දියත් කරමින් සිටින බවද ඊශ්‍රායල හමුදාව පවසයි.

මෙම ගැටුම්කාරී තත්ත්වයට මුල් වූයේ මැයි මස 29දා ගාසා තීරයෙන් ඊශ්‍රායලයට එල්ල වූ මෝටාර් ප්‍රහාරයි.එදින පුරාවට පලස්තීන සටන්කාමීන් මෝටාර් ප්‍රහාර,රොකට් ප්‍රහාර 70ක් පමණ ඊශ්‍රායල ඉලක්ක වෙත දියත් කරන ලදි.





source:southfront.org


මැදපෙරදිග:ගාසා තීරයේ ගැටුම්,කුර්දි හමුදාවන්ට එරෙහි ප්‍රතිවිරෝධය වර්ධනය වේ මැදපෙරදිග:ගාසා තීරයේ ගැටුම්,කුර්දි හමුදාවන්ට එරෙහි ප්‍රතිවිරෝධය වර්ධනය වේ Reviewed by HarshaLulzSec on May 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 29

May 30, 2018

කැරලිකරුවන් සමග සාකච්ඡා අසාර්ථක වුවහොත් යුදමය ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා ඩාරා පළාතට සැලකිය යුතු තරමේ හමුදාවක් යවන්නට සිරියානු රජය ක්‍රියා කර තිබේ.නොබෝදා ටයිගර් බලකා,4 වන සන්නාහ සන්නද්ධ සේනාංකය,5 වන සන්නාහ සන්නද්ධ සේනාංකය,ජාතික ආරක්ෂක බලකා,ලීවා අල්-කුඩ්ස්(පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක්) සහ සිරියානු සමාජ දේශාභිමානී පක්ෂය ප්‍රදේශයට ළඟා විය.

ප්‍රාදේශීය මුලාශ්‍රවලට අනුව කැරලිකරුවන්ට සිරියානු-රුසියානු හමුදා අවසන් අනතුරු ඇඟවීම නිකුත් කල අතර කැරලිකරුවන්ට පහත විකල්පයන් තෝරා ගත හැකිය.

  • බර අවි සමග යටත් වීම සහ තමන් සිටින ප්‍රදේශවලින් ඉවත්ව ඉඩ්ලිබ් සහ ඇලපෝ යන පළාත් වෙත පසුබැසීම.
  • සම්පුර්ණ සාමදාන ගිවිසුමකට එකඟ වී,යටත් වීමෙන් අනතුරුව එම ප්‍රදේශවලට නීත්‍යානුකූලව ජීවත් වීම.
  • යුදමය ක්‍රියාමාර්ගයට මුහුණ දීම.


ඊට සමගාමීව දකුණුදිග සිරියාවේ කැරලිකාර කණ්ඩායම් වන දකුණුදිග පෙරමුණ,අරා නාවා,අල්-මගාවිර් සහ අරා අල්-ගෝලාන් එකතුව 'මුදාගැනීමේ හමුදාව' නමින් අලුත් පෙරමුණක් පිහිටුවා ගෙන ඇත.සිරියානු විශේෂඥයින්ට අනුව කැරලිකරුවන් ඩැමැස්කස් රජය සමග සාමකාමී විසඳුමකට යෑම වෙනුවට සිරියානු රජයේ හමුදාවේ ඉදිරි යුද මෙහෙයුම් ව්‍යර්ථ කිරීමේ අරමුණින් එලෙස තනි පෙරමුණක් පිහිටුවාගෙන තිබේ.

මෙම තත්ත්වය නිර්මාණය වන්නේ,දකුණුදිග සිරියාව සම්බන්ධව ජෝර්දානයේ මැදිහත්වීම මත වක්‍රාකාරයෙන් ඉරානය සහ ඊශ්‍රායලය සාකච්ඡා පවත්වන්නේ යැ‍යි පැතිර යන තහවුරු නොකල මාධ්‍ය වාර්තා අතරමැද්දේය.මෙම වාර්තාවලට අනුව දකුණුදිග සිරියාවේ යුද මෙහෙයුම් සඳහා සහභාගී වීමෙන් වැළකී සිටීමට ඉරානය තීරණය කර තිබේ.ඉරානය සිය හමුදා නොයොදවන තාක් ගෝලාන් උස්බිම් සහ සිරියා-ජෝර්දාන දේශසීමාව ආසන්නයේ  සටන් වලට ඊශ්‍රායලට අත නොදමන බවට පොරොන්දු වී ඇත.

මෙම වාර්තා මාධ්‍ය ඔස්සේ පුළුල්ව පැතිර ගිය අතර ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් විය.කෙසේවෙතත් ඉහත කී යුද මෙහෙයුම්වලට ඉරාන හමුදා සහභාගී නොකරන බව මීට පෙර ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි.සමහර විශේෂඥයින්ගේ අදහස වන්නේ ගෝලාන් උස් බිම් ආසන්නයේ කැරලිකරුවන්ට එරෙහි රජයේ හමුදාවල මෙහෙයුම්වලදී ඊශ්‍රායලය මැදිහත් වීමක් සිදු නොකරන්නේ යැ‍යි පළවන වාර්තා විශ්වාස කිරීම අසීරු බවයි.කෙසේවෙතත් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින භූමි ප්‍රදේශවලට එල්ල වන ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සාධාරණීකරණය කරනවා හැර බරපතල ප්‍රහාරවලින් ටෙල් අවිවි රජය වැළකී සිටිවි යැ‍යි බලාපොරොත්තු විය හැකිය.

ආරක්ෂක අමාත්‍ය ඇවිග්ඩොර් ලීබ්‍රමන් ,හමුදා බුද්ධි අංශ ප්‍රධානී ටමීයර් හයිමන් සහ තවත් ඊශ්‍රායල බලධාරීන් මැයි මස 31දා කෙටි සංචාරයක් සඳහා රුසියාවට යෑමට නියමිතය.එහිදී දෙපාර්ශ්වය සිරියාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධව මෙන්ම දකුණුදිග සිරියාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත යුද මෙහෙයුම ගැනද සාකච්ඡා කරනු ඇත.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 29 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 29 Reviewed by HarshaLulzSec on May 30, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8

May 29, 2018
ඩා වින්චිගේ පැරෂූටය යනු ඔහුගේ පියාඹන යන්ත්‍රවල හැකියාව මැන බැලූ එක් අවස්ථාවක් යැයි කිව හැකිය.එසේ වුවත් මෙම කිසිම යන්ත්‍රයක් ඩා වින්චි විසින් පෞද්ගලිකවම අත්හදා බැලූවා යැයි කිව නොහැකිය.මන්ද ඔහු එම කාලයේ තරුණ විය ඉක්මවා සිටි නිසාය.බොහෝවිට ඔහුගේ ගෝලයෙක් හෝ වෙන යම් අයෙක් මේවා අත්හදා බලන්නට යොදවන්නට ඇති.ඔහුගේ පැරෂූටයේ කටු සටහන්වල දක්වා තිබෙන්නේ මිනිසෙක් තම අත් පමණක් යොදාගෙන පැරෂූටයේ ඉල්ලී සිටින ආකාරයකි.


ඔහු එම සටහනේ මෙලෙස ලියා තිබේ.

"If a man have a tent made of linen of which the apertures (openings) have all been stopped up, and it be twelve braccia (about 23 feet) across and twelve in depth, he will be able to throw himself down from any great height without suffering any injury."

ලිනන් වලින් මසන ලද අඩි 23ක් දිග අඩි 23ක් උස ටෙන්ට් එකක් සහිතව ඕනෑම ඉහල උසකින් පනින අයෙක් කිසිම තුවාලයක් නැතිව බිමට ගොඩ බැසිය හැකිබව ඉන් ඔහු කියා තිබේ.


මෙම සැලැස්ම ගැන ඔහුට කිසිම සැකයක් තිබී නැත.ඩා වින්චි මෙම නිර්මාණයට ඔහු සතු සුළගේ ප්‍රතිරෝධය සහ ඝර්ෂණය සම්බන්ධ දැනුම සහ ගණිතමය හැකියාව යොදාගෙන තිබේ.

පැරෂූටය ඇත්තටම වැඩ කලාද?

පිළිතුර නම් ඔව්!

ඇන්ඩ්‍රියන් නිකොලස් සහ ඩා වින්චිගේ පැරෂූටය

ඩා වින්චිගේ පැරෂූටය සැලසුම් කිරීමෙන් වසර 500කට පසුව එනම් 2000 ජූනි මාසයේදී ඒ ගැන ආසාවක් තිබූ පිරිසක් සහ පැරෂූට්කරුවන් පිරිසක් ඔහුගේ පැරෂූටය නිර්මාණය කර අත්හදා බලන ලදි.එහිදී ඔවුන් සිදුකල එක වෙනස නම් නූතන පැරෂූට්කරුවාගේ ඇඳුමක් භාවිතා කිරීම පමණි.ඇන්ඩ්‍රියන් නිකොලස් නම් පැරෂූට්කරුවා මීටර් 3000ක් ඉහළින් වූ වායු බැලූනයක සිට ඩා වින්චිගේ පැරෂූටය සමග බිමට පනින ලදි.ඔහු නූතන පැරෂූටයක්ද රැගෙන ගියේ අත්හදා බැලීම අසාර්ථක වුව හොත් දිවිගලවා ගැනීමටය.නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඩා වින්චිගේ පැරෂූටය මගින් ඔහුව ආරක්ෂා සහිතව පහළට ගෙන එන ලදි.නමුත් මීටර් 600ක උසකදී ඔහු තම අමතර පැරෂූටය ක්‍රියාත්මක කර පොළොවට ලගාවිය.





Source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8 Reviewed by HarshaLulzSec on May 29, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 28

May 28, 2018

සිරියාවේ ඩීර් එසෝර් පළාතේ සිදුවූ සටනකින් රුසියානු යුද උපදේශකයෝ සිව්දෙනෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලැබූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මැයි මස 27දා නිවේදනය කලේය.

එම නිවේදනයට අනුව සිරියානු රජයට පක්ෂපාතී හමුදා සතුව වූ කාලතුවක්කු කණ්ඩායම් ඉලක්ක කරගෙන ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.කාලතුවක්කු කණ්ඩායමේ සහාය සඳහා සිටි රුසියානු යුද උපදේශකයෝ දෙදෙනෙක් එම ස්ථානයේදීම මරණයට පත් විය.අනෙක් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.ප්‍රතිප්‍රහාර වලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 43 දෙනෙක් මිය ගොස් ඔවුන්ට අයත්ව තිබූ වාහන 6ක් විනාශ වී ඇත.

මෙම සිදුවීම සිදුවූ ස්ථානය හෝ දිනය සම්බන්ධව විස්තර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හෙළි නොකලේය.

මැයි 23දා අල්-මයාඩීන් නගරාසන්නයේ සිරියානු රජයට පක්ෂපාතී හමුදා ඉලක්ක කර ගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු ප්‍රහාරයක් එල්ල කල බව සඳහන් කල යුතුය.ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදීන්ගේ 'අමාක්' නම් පුවත් ඒජන්සිය සඳහන් කර තිබුණේ ඔවුන්ගේ ප්‍රහාරයෙන් සිරියානු සහ රුසියානු සෙබලුන් 23 දෙනෙක් මිය ගිය බවත් 5 දෙනෙක් යුද සිරකරුවන් ලෙස රැගෙන ගිය බවත්ය.කෙසේවෙතත් අමාක් පුවත් ඒජන්සිය එම තොරතුරු සනාථ කිරීමට ප්‍රමාණවත් සාධක සපයා නොමැත.

මැයි 27 දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය පදනම් කරගෙන ස්වයං අනුමානයන් පතුරවා හරින්නට සිරියානු විපක්ෂයට පක්ෂපාතී මාධ්‍ය ක්‍රියා කලේය.මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරයට අනුව නැගෙනහිර සිරියාවේ පසුගිය සතියේ සිදු වූ ප්‍රහාරවලින් රජයේ හමුදා සාමාජිකයෝ 26 දෙනෙක් සහ රුසියානුවෝ 9 දෙනෙක් මරණයට පත් ව තිබේ.රුසියානු විරුද්ධ පක්ෂ මාධ්‍ය වාර්තා කර තිබුණේ මැයි 23දා ත්‍රස්තවාදීන් සමග ඇති වූ සටන්වලින් රුසියාවේ පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවෝ  දෙදෙනෙක් මිය ගිය බවයි.මෙම ප්‍රකාශ සනාථ කිරීම සඳහා නිල මූලාශ්‍ර හෝ ඡායාරූප,වීඩියෝපට සපයා නොතිබිණි.

රුසියාව සතු පස්වන පරම්පරාවේ සුකෙයි-57 ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානයක් 2018 පෙබරවාරි මාසයේදී කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කල බව මැයි මස 25දා එරට ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු නිවේදනය කලේය.නිවේදනයට අනුව සුකොයි-57 ජෙට් යානා කෲස් මිසයිල යොදාගෙන ප්‍රහාර සිදු කර තිබේ.

2018 පෙබරවාරි මාසයේදී රුසියාව සුකොයි-57 ෆයිටර් ජෙට් යානා දෙකක් සිරියාව එවීය.ඒවා සාර්ථක සංග්‍රාමික අත්හදා බැලීම් සම්පුර්ණ කලේ යැ‍යි රුසියාව සඳහන් කර තිබිණි.

සිරියාව පුරා සිය මෙහෙයුම් පුලුල් කිරීමටත්,ඉරාන හමුදාවන්ට එල්ල කරන ප්‍රහාර දිගටම කරගෙන යෑමටත් ගත් තීරණය සම්බන්ධව රුසියාව දැනුවත් කරන්නට ඊශ්‍රායලය ක්‍රියා කලේ යැ‍යි අෂාක් අල්-අව්සාට් නම් සෞදි පුවත්පත මැයි 29දා වාර්තා කරන ලදි.එම වාර්තාවට අනුව ඊශ්‍රායලය සිරියාවේ දකුණු ප්‍රදේශය පමණක් නොව උතුරු ප්‍රදේශයේදී සිය මෙහෙයුම් පුළුල් කරයි.

මෙම වාර්තාව පළවන්නේ ඊශ්‍රායලය සිරියාවට නැවත වරක් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමෙන් දින කිහිපයකට පසුවයි.මැයි මස 24දා නිරිතදිග හෝම්ස් හි අල්-ඩබා ගුවන් හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල විය.ස්කයි නිවුස් පුවත් සේවයට අනුව මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් ඉරාන ජාතිකයෝ 9 දෙනෙක් මිය ගොස් තිබේ.නමුත් ඉරාන රජයේ මාධ්‍ය මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරයි.මිසයිල ප්‍රහාරයෙන් හානියක් සිදු නොවූ බව ප්‍රාදේශීය මූලාශ්‍රද වාර්තා කරයි.

මැයි 26 දා  පුවත්පත පළ කල වාර්තාව,සිරියානු අර්බුදය සම්බන්ධව ඉරාන-රුසියා සහයෝගීතාවය කඩාකප්පල් කිරීමට සෞදි-ඊශ්‍රායල ප්‍රචාරණ ව්‍යාපාරයේ දරන දීර්ඝ කාලීන ප්‍රයත්නයේ තවත් එක් අවස්ථාවක් ලෙස සිරියානු විශේෂඥයින් විසින් හඳුන්වයි.ඉරාන-රුසියා මිත්‍ර සන්ධානය හැකිලී යමින් හෝ කඩා වැටීමට ඔන්න මෙන්න තිබේ යැ‍යි ඊශ්‍රායල සහ සෞදි මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරයි.

නමුත් යතාර්ථය ඊට බොහෝ වෙනස්ය.රුසියාව සහ ඉරානය ඉතා සාර්ථක සිය අරමුණු මුදුන්පත් කර ගනිමින් සිටින බව ඕනෑම අයෙකුට පෙනේ.සිරියාවේ අන්තවාදී කණ්ඩායම් පරාජය කිරීම,මධ්‍යම රජය ශක්තිමත් කිරීම් සහ සිරියාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය සහාය ලබාදීම ආදී අරමුණු දෙපාර්ශ්වය විසින්ම මේ වන විට ක්‍රමයෙන් සපුරා ගනිමින් තිබේ.

සිරියාවේ දකුණුදිග ප්‍රදේශයේ සිටින කැරලිකරුවන් ඉලක්ක කරගෙන දියත් කිරීමට යන හමුදා මෙහෙයුමේ සූදානම් වීම් ඉලක්ක කරගෙන ඊශ්‍රායල ප්‍රහාර එල්ල වීමට හැකිය යැයි යන්න පසුගිය සමයේ ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවල ප්‍රධාන පාඨය විය.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 28 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 28 Reviewed by HarshaLulzSec on May 28, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7

May 27, 2018
ලියනාඩෝ ඩා වින්චිගේ ග්ලයිඩරයේ කටු සටහන තවත් පියාඹන යන්ත්‍ර සහ යාන්ත්‍රණ වල එකතුවකි.මෙම කටු සටහන් දෙස බැලීමේදී එම යන්ත්‍රය බොහෝවිට ඩා වින්චි ජීවත්ව සිටි සමයේ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක.පහත රූප සටහන්වලින් පෙන්නේ ඔහු එම කටුසටහන් සඳහා සරුංගල සහ කුරුල්ලන් අධ්‍යනය කර තිබෙන බවයි.ඔහු සරුංගලයේ සැකිල්ල පියාඹන යන්ත්‍රයක් බවට පරිවර්තනය කරන්නට උත්සාහ ගෙන තිබෙන බව පෙනේ.


නූතන අමුද්‍රව්‍ය වන ඇලුමිනියම් සහ කෘත්‍රීම රෙදි ඔහුගේ සමයේ නොතිබිණි.ඉතිහාසඥයින් පසුකාලයේදී ඩා වින්චි ජීවත්ව සිටි සමයේ සපයා ගත හැකි වූ ද්‍රව්‍ය යොදාගෙන මෙම යන්ත්‍රය නිර්මාණය කල අතර ඊට සුලු නවීකරණයන් කිහිපයක් සමග පියාසර කිරීමේ හැකියාව තිබිණි.එහිදී ඔවුන් අලුතින් එකතු කලේ දිසාව වෙනස් කරන්නට සුක්කානමක් පමණි.

පහත දැක්වෙන්නේ ඩාවින්චි ඔහුගේ ග්ලයිඩරය නිර්මාණය කිරීමට යොමුකල මුල්ම කටුසටහන්ය. මෙයින් ඔහුගේ පරිකල්පන ශක්තියේ හික්මවීම කොපමණ දැයි සිතා ගත හැකිය.මෙය වවුලෙක්ගේ පියාපතක් පිළිබඳව කල අධ්‍යනයකි.


ඔහු නිතරම කුරුල්ලන් මිලදී ගත් අතර ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය,පියාසැරිය,හැඩය ආදිය අධ්‍යනය කර මුදා හැර තිබේ.

ඊළඟ කටු සටහනේ දැක්වෙන්නේ කුරුළු පියාපතක සැකිල්ලට යාන්ත්‍රික චලනයක් ලබාදීමට ගත් උත්සාහයකි.


පහත දැක්වෙන්නේ ඔහුගේ නියම ග්ලයිඩරයේ කටු සටහනයි.


එහි මිනිසෙකුට ගමන් කල හැකි ආකාරයද ඔහු චිත්‍රයට නඟා තිබේ.මිනිසාගේ ඉගටිය මුදුව තුල තිබිය යුතුය.ඔහු පියාපත් දෙකෙන් පහලට එන දඬු දෙක අතින් අල්ලාගත යුතුය.පියාපත් පාලනය කිරීම පාදවලින් සිදු කරයි.







ඩා වින්චිගේ සරල ග්ලයිඩර් සැලැස්ම

පහත දැක්වෙන්නේ ඩා වින්චි ඇඳි සරල ග්ලයිඩරයක සටහනකි.එහි සරල බව නිසා බොහෝ විට එය ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන්නට ඇති.


පහත වීඩියෝව BBCහි වාර්තා වැඩසටහනකින් ලබාගෙන තිබෙන අතර එහි දැක්වෙන්නේ ඩා වින්චිගේ ග්ලයිඩරය ප්‍රතිනිර්මාණය කිරීමකි.ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඩා වින්චි ජීවත්ව සිටි සමයේ ඔහුට සපයා ගැනීමට හැකිවූවා යැයි උපකල්පනය කරන අමුද්‍රව්‍යයි.ඊට අමතරව එක් කර තිබෙන්නේ සුක්කානමක් පමණි.ඩා වින්චි ග්ලයිඩරය නිර්මාණය කිරීමේදී වායුගතික විද්‍යාවේ සමහර මූලධර්මයන්ද සොයාගෙන තිබෙන බව සමහරුන්ගේ අදහසයි.ඒ නිසා ලියනාඩෝ ඩා වින්චි වායුගති විද්‍යාවේ පීතෘවරයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.



Assassin's Creed වීඩියෝ ක්‍රීඩාවේ එන ඩා වින්චිගේ ග්ලයිඩරය




source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7 Reviewed by HarshaLulzSec on May 27, 2018 Rating: 5

නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උත්සන්න වේ

May 26, 2018
කියෙව් රජයට පක්ෂපාතී හමුදා ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ ආරක්ෂක හමුදා යටතේ තිබෙන ගොර්ලොව්කා නගරය දෙසට ගමන් කිරීමත් සමග මේ සතියේ නැගෙනහිර යුක්‍රේනයේ තත්ත්වය නරක අතට හැරිණි.

ගොර්ලොව්කා යනු ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ පාලනය යටතේ තිබෙන නගරයකි.එය එරට අගනුවර වන ඩොනෙක්ස් නගරයට උතුරු දෙසින් පිහිටා තිබේ.යුද්ධයට පෙර එහි ජනගහනය දෙලක්ෂ පනස් හයදහසක් පමණ විය.

මැයි මස 21දා කියෙව් රජයට(යුක්‍රේනය)පක්ෂපාතී හමුදා කාලතුවක්කු සහ මැෂින් තුවක්කු ප්‍රහාරවල සහාය ඇතිව ගොර්ලොව්කා හි උතුරු දෙසින් පිහිටි ගොල්මොව්ස්කි ජනාවාසයේ රැඳී සිටින ඩොනෙස්ක් රජයේ හමුදා වෙත කඩා වැදිණි.ඔවුන් ඩොනෙක්ස් රජයේ හමුදාවේ ආරක්ෂක වලලු ඉක්මවා යෑමට අසමත් වූ නමුත් ඩොනෙක්ස් රජයේ සෙබලෙක් මරා දමා තිදෙනෙක් අල්ලා ගැනීමට සමත් ව තිබේ.අවම වශයෙන් කියෙව් රජයේ හමුදා සෙබලුන් 10දෙනෙක් මියගොස් 4 දෙනෙක් මිය ගිය බව ඩොනෙක්ස් රජය පාර්ශ්වය සඳහන් කරයි.

මැයි මස 22දා කියෙව් රජයේ හමුදා සෙබලුන් කණ්ඩායමක්,යුද ටැංකි සහ බීඑම්පී සන්නද්ධ රථවල සහාය ඇතිව ගොර්ලොව්කා හි වයඹ දෙසින් පිහිටා තිබෙන චිගරි ජනාවාසය දෙසට ඇදිණි.සට්සෙවො ජනාවාසයේ සහ දකුණුදිග පතල් ආශ්‍රිතව වෙඩි හුවමාරු සිදුවිය.වාර්තාවලට අනුව සටන්වලදී කියෙව් රජයට පක්ෂපාතී සෙබලුන් දෙදෙනෙක් මියගොස් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

මැයි මස 23දා ගොර්ලොව්කා හි කඩින් කඩ සටන් පැවතිණි.මෙම සටන් වලදී අවම වශයෙන් කියෙව් රජයට පක්ෂපාතී හමුදාවේ සෙබලුන් 31 දෙනෙක් මියගොස් 40 දෙනෙක් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.


මෙම සතිය ආරම්භයේ පටන් යුක්‍රේන සන්නද්ධ හමුදාවල කාලතුවක්කු ඒකක ගොර්ලොව්කා සහ ආසන්න ජනාවාස වලට එල්ල කරන ප්‍රහාර ඉහළ දැමීය.කාලතුවක්කු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන්ට සහ ඔවුන්ගේ නිවාස වලට හානි සිදුව තිබේ.

යුක්‍රේන නිලධාරීන්ට අනුව කියෙව් රජයට පක්ෂපාතී හමුදා දියත් කල මෙහෙයුම්වල අරමුණු වන්නේ,

  • ගොර්ලොව්කා අවට උස් බිම්වල පාලනය සියතට ගැනීම.
  • උස්බිම්වල පාලනය ලබා ගැනීම හරහා නගරය හුදකලා කිරීම සහ ඩොනෙක්ස් රජයේ හමුදාවලට ප්‍රදේශයෙන් පසුබැස යෑමට බලකිරීම.
  • අල්ලා ගත් ප්‍රදේශ පාවිච්චි කර එනැකියෙව් සහ ඩිබල්ට්සියෙව්න් යන ප්‍රදේශවල සිටින ඩොනෙක්ස් රජයේ හමුදාවලට එරෙහිව මෙහෙයුම් සිදු කිරීම.

ඩොනෙක්ස් මහජන සමූහාණ්ඩුවත් ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවත් අතර පිහිටා ඇති ප්‍රධානතම කාර්ය සංවිධානය සහ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් වන්නේ ඩිබල්ට්සියෙව්න් නගරයයි.2015 වර්ෂයේ පැවති සටනේදී කියෙව් රජයේ හමුදාවන්ට දරුණු පරාජයක් හිමිවිය.සටනේදී සෙබලුන් සියගණනක් මිය ගොස්,විශාල පිරිසක් තුවාල ලැබීය.තවත් පිරිසක් ඩොනෙක්ස් සහ ලුගාන්ස්ක් රජයන්ගේ හමුදාවල සිරකරුවන් බවට පත් විය.යුක්‍රේනයේ සැලසුම වූයේ ඩොනෙක්ස් සහ ලුගාන්ස්ක් සමූහාණ්ඩු එකිනෙක වෙන් කිරීම වුවද එය අසාර්ථක විය.

කෙසේවෙතත් මෙම ළදරු රාජ්‍යයන් දෙක අතර ගමනාගමන අඩාල කිරීමට යුක්‍රේන නායකත්වය දරන උත්සාහයන් අතහැර දමා නැත.දැනට ඔවුන් කඩාකප්පල්කාරී කණ්ඩායම් එම අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා යොදවා තිබේ.මැයි 21දා ඉවැනොව්කා ප්‍රදේශයේ පාලමක් පුපුරවා හරිමින් යුක්‍රේනයේ කඩාකප්පල්කාරීන් කණ්ඩායමක් ලුගන්ස්ක් සහ ක්‍රස්නිය ලච් අතර සෘජු සැපයුම් මාර්ගය ඛණ්ඩනය කලේය.

ක්‍රස්නිය ලච් ප්‍රසිද්ධියක් උසුලන්නේ ලුන්ගන්ස්ක් රජයේ හමුදාවලට අයත් අවි ගබඩා ස්ථානගත කර තිබෙන ප්‍රදේශයක් ලෙසයි.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව යුක්‍රේන හමුදා ස්ටැනිට්සියා ලුගන්ස්කියා ප්‍රදේශයේ සැලකිය යුතු සෙබලුන් ප්‍රමාණයක් සහ යුද ටැංකි ඇතුලුව යුදෝපකරණ රැසක් ඒකරාශි කර තිබේ.

නොබෝදා ඇතිවූ ගැටුම් සම්බන්ධව යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානය දෙපාර්ශවයටම චෝදනා කල අතර ඔවුනොවුන් කලින් පොරොන්දු වූ පරිදි කටයුතු කල යුතු යැ‍යි කියා සිටියද යුක්‍රේන හමුදාවල ආක්‍රමණකාරී ක්‍රියාමාර්ග විවේචනය නොකලේය.

මෙම වසරේ මැයි-ජූනි අතර කාලයේදී නැගෙනහිර යුක්‍රේනයේ බරපතල ගැටුමක් සිදු විය හැකි යැ‍යි කලින් අනතුරු අඟවා තිබිණි.පසුගිය දින කිහිපය තුල වාර්තා වූයේ එහි පළමු අධියරයයි.රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟවලියේ ආරම්භයත් සමග යුක්‍රේන හමුදා නැගෙනහිර යුක්‍රේනය ඉලක්ක කරගෙන ආක්‍රමණයක් දියත් කරාවි යැ‍යි අනුමාන කල හැකිය.ජාත්‍යන්තර නිරික්ෂකයෝ සහ යුක්‍රේනයේ පාර්ශ්වකරුවෝ ,යුක්‍රේන රජයේ ආක්‍රමණකාරී ක්‍රියා කලාපය නවත්වන්නට බල නොකල හොත් 2018 වර්ෂයේ ග්‍රීෂ්ම සෘතුවේ නැගෙනහිර යුක්‍රේනය තුල අලුත් සංග්‍රාමයක් ආරම්භ වේවි.





source:southfront.org


නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උත්සන්න වේ නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උත්සන්න වේ Reviewed by HarshaLulzSec on May 26, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 25

May 25, 2018
මැයි මස 24දා ඊශ්‍රායල  යුද ගුවන් යානා නිරිතදිග හෝම්ස් ප්‍රදේශයේ අල්-ඩබා ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර කිහිපයක් එල්ල කලේ යැයි සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර වාර්තා කරයි.සිරියානු ගුවන් ආරක්ෂක බලකා එම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් එස්-200 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති යොදාගෙන මිසයිල දෙකක් නිකුත් කර තිබේ.

සිරියානු අරාබි හමුදාවේ නායකත්වය නිල  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ඊශ්‍රායල ගුවන් හමුදාව මධ්‍යම සිරියාවේ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර පහර දුන් බවත් සිරියානු ගුවන් ආරක්ෂක බලකා එම ප්‍රහාරය ව්‍යර්ථ කල බවත්ය.

වෙනත් වාර්තා වලින් කියවුනේ ප්‍රති මිසයිල ප්‍රහාර දියත් කිරීමට හේතු වූයේ ව්‍යාජ අනතුරු ඇඟවිමක් බවයි.නමුත් මෙම කරුණ තවමත් සනාථ කර නොමැත.

අල්-ඩබා ගුවන් හමුදා කඳවුර සිරියාවේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ගේ එක් මූලස්ථානයක් ලෙස ප්‍රසිද්ධය.

එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ගුවන් යානයක් අල්-බුක්මල්,අල්-මයාඩීන් සහ ටී2 පොම්පාගාර සේවා ස්ථානයට ප්‍රහාර එල්ල කලේ යැ‍යි සිරියානු රජයේ මාධ්‍ය සහ හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ඒකකය මැයි 24දා වාර්තා කරන ලදි.

හොම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සිරියානු රජයේ හමුදාවට යටතේ පවතින ස්ථානවලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතරේ ත්‍රස්තවාදීන්ට සහාය දැක්වීමක් ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය මෙම ප්‍රහාර දියත් කලේ යැ‍යි එම වාර්තාවලින් චෝදනා කෙරේ.

නමුත් එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.ඉන්පසුව රුසියානු රජයේ මාධ්‍ය වන රුසියා ටුඩේ රූපවාහිනිය සහ ස්පුට්නික් නිවුස් වෙබ් අඩවිය රුසියානු හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් සඳහන් වාර්තා කර තිබුණේ සිරියානු රජයේ හමුදා ඉලක්ක කර එක්සත් ජනපදය ඇතුලු මිත්‍ර සන්ධානය ප්‍රහාර එල්ල නොකල බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය තවමත් අපැහැදිලිය.

මැයි මස 24දා අල්-ෆයිඩාහ් ප්‍රදේශයේදී ජාතික ආරක්ෂක බලකා හි සාමාජිකයෝ පිරිසකට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟව සිට ප්‍රහාරයක් එල්ල කර තිබේ.තහවුරු නොකල වාර්තාවලට අනුව ජාතික ආරක්ෂක බලකාහි නසර් අල්-කෆ් රාන් කණ්ඩායමට අයත් සාමාජිකයෝ 30ක් ප්‍රහාරය නිසා මරණයට පත්ව ඇත.

මැයි 22දා ටී3 පොම්පාගාරය ආසන්නයේ ස්ථානගතව සිටි සිරියානු අරාබි හමුදාව,ජාතික ආරක්ෂක බලකා සහ අනෙකුත් කණ්ඩායම් වලට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලහ.මැයි 23දා අල්-මයාඩීන් වෙතද එවැනිම ප්‍රහාරයක් එල්ල විය.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවල සඳහන් කරන්නේ මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමතර හමුදා ප්‍රදේශයට යැවීමටත් හෝම්ස් කාන්තාරයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් දියත් කිරීම සඳහා සූදානම් වීමටත් සිරියානු අරාබි හමුදාව ක්‍රියා කරමින් සිටින බවයි.

ඩාරා පළාතේ කැරලිකරුවෝ සාමදානයකට අකමැති වුවහොත් මෙම මෙහෙයුම කල් දමන්නට සිරියානු රජයේ හමුදාවන්ට සිදුවේ.එසේ වුවහොත් සිරියානු අරාබි හමුදාව පළමුව ඩාරා කැරලිකරුවන්ට එරෙහිව මෙහෙයුම් අවසන් කර දෙවනුව හෝම්ස් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දෙසට අවධානය යොමු කරාවි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 25 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 25 Reviewed by HarshaLulzSec on May 25, 2018 Rating: 5

රුසියාවේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම

May 25, 2018
මැයි මස 22දා රුසියාව සතු ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ යූරි ඩොල්ගොරුකි සබ්මැරීනය බුලාවා බැලස්ටික් මිසයිල 4ක් දියත් කරමින් සාර්ථක අත්හදා බැලීමක් සිදු කරන ලදි.මිසයිල දියත් කිරීම රුසියාවේ වයඹදිග ප්‍රදේශයේ සුදු මුහුදේ දී සිදු කල අතර ඒවා පතිත වූයේ ඈත පෙරදිග කැම්චැට්කා අර්ධද්වීපයේ පිහිටි කූරා නම් මිසයිල අත්හදා බැලීමේ භූමියටයි.

2018 මැයි 22දා සිදුකල බුලාවා බැලස්ටික් මිසයිල අත්හදා බැලීම


මිසයිල නිකුත් කිරීම සිදු කෙරුණේ සබ්මැරීනය ජලය තුල සම්පුර්ණයෙන් ගිලී ගිය මොහොතකයි.අත්හදා බැලීම සාර්ථක වීමත් සමග ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ න්‍යෂ්ඨික බලැති බැලස්ටික් මිසයිලවලින් සන්නද්ධ සබ්මැරීනවල සහ බුලාවා මිසයිල පද්ධතියේ සංග්‍රාමික සූදානම තහවුරු කෙරුණු බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

බොරෙයි පන්තියේ සබ්මැරීනයක් බැලස්ටික් මිසයිල එකකට වැඩි ගණනක් එකවර දියත් කල ප්‍රථම වතාව මෙයයි.


බොරෙයි පන්තියේ සබ්මැරින සතු ප්‍රමුඛතම අවිය වන්නේ ආර්-30 බුලාවා අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයයි.රුසියානු නාවික හමුදාව සතු ඩෙල්ටා 3,ඩෙල්ටා 4 සහ ටයිපූන් යන පන්තිවල සබ්මැරීන බොරෙයි පන්තියේ සබ්මැරීනවලින් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය.

ප්‍රොජෙක්ට් 955 හි ප්‍රධානතම සබ්මැරිනය වන්නේ යූරි ඩොල්ගොරුකිය.

රුසියාව දැනට බොරෙයි පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීන 3ක් සක්‍රීය සේවයේ යොදවා තිබේ.නියස් ව්ලැඩිමීර් නම් හතරවන සබ්මැරීනය මේවන විට අත්හදා බැලීම් චාරිකාවල යොදවා තිබේ.එක් සබ්මැරීනයකට බුලාවා මිසයිල 16 රැගෙන යා හැකිය.බුලාවා මිසයිලයකට න්‍යෂ්ඨික අවි ශීර්ෂ 6 ගෙන යා හැකි අතර ගමන් කල හැකි උපරිම දුර කි.මී. 11,000ක් යැ‍යි කියවේ.

බුලාවා මිසයිලවල සැබෑ දත්ත නිල වශයෙන් හෙළි කර නොමැත.විවිධ මුලාශ්‍රවලට අනුව බුලාවා බැලස්ටික් මිසයිලය අධියර තුනකින් යුතු, ඝන-ඉන්ධන භාවිතා කරන රොකට්වලින් බලගැන්වේ.උස මීටර් 12.1කි.විෂ්කම්භය මීටර් 2කි.

2017 වර්ෂයේදී සිදුකල බුලාවා බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක්



source:sputniknews.com


රුසියාවේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම රුසියාවේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම Reviewed by HarshaLulzSec on May 25, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 24

May 25, 2018
ඩීර් එසෝර් පළාතේ අල්-මයාඩීන් හි බටහිර ප්‍රදේශයට එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ ලීවා අල්-කුඩ්ස්(අෂාඩ් රජයට පක්ෂපාතී පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක්)සමත් වූ අතර එහිදී ත්‍රස්තවාදීන් 8 වත් මිය ගොස් තිබේ.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව දැනට හෝම්ස් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අණදෙන නිලධාරීන් 1,500 පමණ සිටියි.ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යෑම නිසා කලින් අපේක්ෂා කලාටත් පෙර ඔවුන්ව සහමුලින්ම වනසා දැමීම සඳහා සිරියානු රජයේ හමුදා මෙහෙයුමක් දියත් කිරීමටත් ඉඩ තිබේ.

දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ට එරෙහි සිරියානු අරාබි හමුදාවේ යුද මෙහෙයුම සඳහා ඉරාන හමුදා සහභාගී නොවේවි යැ‍යි ජෝර්දානයේ ඉරාන තානාපති මොජ්ටාබා ෆෙර්ඩොසිපෘවර් ප්‍රකාශ කලේය.තවද සාමකාමී විසඳුමක් ලබා ගැනීමට සිරියානු රජය සහ කැරලිකරුවෝ කතිකා කරන බවද ඔහු කීය.එසේ නොහැකි වුවහොත් සිරියානු අරාබි හමුදාව යුදමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරාවි.

නොබෝදා මුදා ගත් උතුරුදිග හෝම්ස් ප්‍රදේසහ්යේ සිටි නිදහස් සිරියානු හමුදා කැරලිකරුවෝ 300කට වැඩි ගණනක් මැයි මස 23දා තම පෞද්ගලික අවි සමග යටත් වූයේ ඩැමැස්කස් රජය සමග ඇති කර ගත් සාමදාන ගිවිසුමේ ප්‍රකාරවයි.රජයේ මාධ්‍යවලට අනුව මෙම කැරලිකරුවන්ගේ සමහරෙක් සිරියානු අරාබි හමුදාව සම්බන්ධ වීමටත් අනෙක් පිරිස සිවිල් සමාජයට එක්වීමටත් නියමිතය.

කෙසේවෙතත් කරන ලද අපරාධ කරණ කොටගෙන කැරලිකරුවන් 500කට පමණ පොදු සමාව දීමට රජය අකමැත්ත ප්‍රකාශ කර තිබේ.ඔවුන්ට සිය පවුල්වල සාමාජිකයෝ සමග උතුරුදිග සිරියාවට යෑමට ඉඩ දී ඇත.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ තුර්කිය,ඉරානය සහ රුසියාව එකඟ වූ නිරීක්ෂණ මුරපොළවල් පිහිටුවීම අවසන් කල බව රුසියානු ජෙනරල්වරුගේ කාර්යය මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක කර්නල් ජෙනරල් සර්ගෙයි රුඩ්කොයි මැයි 23දා හෙළිදරවු කලේය.ඒ අනුව තුර්කිය නිරීක්ෂණ මුරපොලවල් 12ක්,ඉරානය 7ක් සහ රුසියාව 10ක්ද පිහිටුවා තිබේ.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාපය වටා පිහිටුවන ලද නිරීක්ෂණ මුරපොළවල් කොළ:ඉරානය  රතු: රුසියාව  කහ:තුර්කිය


සිරියානු සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධානී මේජර් ජෙනරල් යුරි එව්ටුෂෙන්කෝගේ හෙළිදරවු කිරීමට අනුව ඩැමැස්කස් නගරාසන්නයේ නැගෙනහිර ගූටා ප්‍රදේශය මුදා ගැනීමෙන් අනතුරුව නැවත පදිංචියට පැමිණි පිරිස 66,257ක් වේ.2018 අප්‍රේල් 25දා සිට නැගෙනහිර කලාමූන් වෙත නැවත පැමිණි සිවිල් වැසියන්ගේ ගණන 7,000 ඉක්මවයි.2017 නොවැම්බර් මස 1දා පටන් හෝම්ස් පළාත නැවත පදිංචිය සඳහා පැමිණි පිරිස 13,763ක්ද ඩීර් එසෝර් පළාතේ යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරට යළි පැමිණි සිවිල් වැසියන් ගණන 46,792ක් බවද ඔහු සඳහන් කළේය.

එම මධ්‍යස්ථානයෙන් පසුගිය මාසය තුල පමණක් සිරියානු ජනතාවට ලබාදුන් ආහාර,පානීය ජල බෝතල් සහ අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 95කි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 24 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 24 Reviewed by HarshaLulzSec on May 25, 2018 Rating: 5

සිරියානු හමුදා නොනැවතී ඉදිරියටම

May 24, 2018
යාර්මුක් සරණාගත කඳවුර අත්පත් කර ගැනීමෙන් පසු සිරියානු රජය ඩැමැස්කස් පළාත සම්පුර්ණයෙන් සිය පාලනයට නතු කරගන්නට සමත් විය.සිරියාව පළාත් 14කට බෙදා තිබෙන අතර දැනට ඉන් පළාත් හතක පාලනය බලය සිරියානු රජය සතු වේ.

දැන් ඩැමැස්කස් කලාපයේ කැරලිකරුවන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ තර්ජනය සම්පුර්ණයෙන්ම අවසන්ය.සිරියානු හමුදාව ඉන්පසුව අවධානය යොමු කරන්නේ ඩාරා පළාත වෙතටයි.මේවන විටත් දැවැන්ත හමුදාවක් ඩාරා පෙරමුණේ නැගෙනහිර කොටසට යවා තිබෙන බව වාර්තා වේ.


ඉරාන-සිරියා ඒකාබද්ධ හමුදා සමග පසුගිය සමයේ ඊශ්‍රායලය ගැටුම් ඇති කර ගත්තේය.ඊශ්‍රායල විරෝධී සන්ධානයක් වන ඉරානය,සිරියාව සහ ලෙබනන සටන්කාමී කණ්ඩායමක්/ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයෙහි එකමුතුව 80 දශකයේ පටන් ඊශ්‍රායලය එරෙහිව ක්‍රියාත්මක වේ.නමුත් ඔවුන් යම් වාසියක් අත්කර ගන්නේ 2003 වර්ෂයේදී ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමත් සහ සිරියාවේ සිවිල් යුද්ධයත් සමගයි.

දකුණුදිග සිරියාවේ ඩාරා පළාතේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත් කිරීමට නියමිත සිරියානු හමුදා මෙහෙයුම් ඊශ්‍රායලය තම රාජ්‍යයට තර්ජනය ලෙස ගනී නම් පුදුම විය යුතු නැත.ඊශ්‍රාය විරෝධී හමුදා ගෝලාන් උස් බිම් හි ඊශ්‍රායල-සිරියා දේශසීමාවට ළඟා වන විට,පසුගිය මැයි 10 සිදුකාලක් මෙන් ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල විය හැකිය.ඩාරා පළාතේ බටහිර ප්‍රදේශය හෝ කුනීට්‍රා පළාත පළමුව මුදා ගන්නවා වෙනුවට ඩාරා පළාතේ නැගෙනහිර කොටස වෙත සිරියානු හමුදාවේ අවධානය යොමු කර තිබෙන්නේ මේ හේතුව නිසාය.


2011 වර්ෂයේදී ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයේදී ඊශ්‍රායලය කටයුතු කලේ සතුරාගේ සතුරා තම මිතුරා ලෙස සලකාය.ගෝලාන් උස්බිම් ආසන්න දේශසීමාවේ කැරලිකරුවන් සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මේ දක්වා සුරක්ෂිතව පසුවූයේ ඊශ්‍රායලය නිසාවෙනි.ඩාරා සහ කුනීට්‍රා පළාත්වල රැදී සිටින සිරියානු හමුදා ඒකක නිරන්තරයෙන් ඊශ්‍රායලයේ ප්‍රහාරවල ඉලක්කයක් වූ බව රහසක් නොවේ.කැරලිකරුවන්ට ඊශ්‍රායල පාර්ශ්වයෙන් වෛද්‍ය පහසුකම් ආදිය සැපයූ බව ප්‍රසිද්ධ කරුණකි.දැනට වාර්තා වන පරිදි ඩාරා ඇතුලු දකුණුදිග සිරියාවේ යුද මෙහෙයුම් සඳහා ඉරාන හමුදා හෝ ඉරාන සටන්කාමීන් සහභාගී නොවේ.එහි අරමුණ ඊශ්‍රායලය ප්‍රකෝප කිරීමකින් තොරව අදාල ප්‍රදේශ නතු කර ගැනීමයි.කෙසේවෙතත් සටනකින් තොරව කැරලිකරුවන් සතු භූමියේ පාලනය ලබා ගැනීමට රුසියාව සහ සිරියානු රජය උත්සාහ කරාවි.




source:syrianwardaily.com


සිරියානු හමුදා නොනැවතී ඉදිරියටම සිරියානු හමුදා නොනැවතී ඉදිරියටම Reviewed by HarshaLulzSec on May 24, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 23

May 24, 2018
හෝම්ස් පළාතේ පැල්මයිරා නගරයට ආසන්නයේ පිහිටි ටී3 පොම්පාගාර සේවා ස්ථානය අවට සිටි සිරියානු අරාබි හමුදාවට මැයි මස 22දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය.ප්‍රහාරය ආරම්භ වූයේ පුපුරණද්‍රව්‍ය සහිත රථයක් හමුදාව රැඳී සිටි ස්ථානය වෙත කඩා වැදී පිපිරී යෑමෙන් පසුවයි.ඉන්පසුව ත්‍රස්තවාදීන්ගේ පාබල හමුදා ආක්‍රමණය දියත් කරන ලදි.කෙසේවෙතත් ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සිරියානු අරාබි හමුදාව සමත් විය.

රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ප්‍රහාරයෙන් සෙබලුන් 14ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර වාහන කිහිපයක් විනාශ වී හෝ හානියට පත්ව තිබේ.ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරන්නේ මිය ගිය සෙබලුන් ගණන අවම වශයෙන් 30 වත් වන බවයි.

යුප්‍රටීස් නිම්නයේදී මීට පෙර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ලැබූ පරාජයෙන් පසුව ඔවුන් රජයේ හමුදාවලට එල්ල කල ප්‍රබලම ප්‍රහාරය මෙයයි.හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ රැඳීසිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඒකක තවමත් සැලකිය යුතු තර්ජනයක් බව මෙයින් පැහැදිලිවේ.

දකුණුදිග ඩැමැස්කස් පොකට්ටුවෙන් ඉවත්ව යන ත්‍රස්තවාදීන්ගේ අවසන් නැවතුම මෙම කාන්තාර ප්‍රදේශය වීමට ඉඩක් ඇත.එසේ වුවහොත් මෙම තර්ජනය තවත් ඉහළ යා හැකිය.

යාර්මූක් ප්‍රදේශය මුදා ගැනීමෙන් පසුව සිරියානු හමුදාව යුද ටැංකි,කාලතුවක්කු,රොකට් විදින ඇතුලුව යුද ශක්තියෙන් වැඩි ප්‍රතිශතයක් දකුණුදිග සිරියාවට යවා ඇත.සිරියානු හමුදාවේ විශිෂ්ඨ අණදෙන නිලධාරියෙක් වන ජෙනරල් සුහෙයිල් අල්-හසන්ගේ පැමිණීම ඩාරා පළාතේ කැරලිකාර කණ්ඩායම් අතර එකඟත්වයක් ඇති කිරීමට හේතුවක් බව වාර්තා වේ. 

සිරියානු රජය සහ රුසියානු හමුදාව සමග සාමදාන ගිවිසුමකට පැමිණීමේ අරමුණින් යුතුව නාහජ් සහ මාහ්ජෙ ගම්මානවල රැඳී සිටින කැරලිකරුවෝ රජයේ පාර්ශ්වයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි කියවේ.

රජයට පක්ෂපාතී සමහර මූලාශ්‍රවලට අනුව නාහජ්හි කැරලිකරුවන් කොටසක් සිය අවි රජයේ හමුදාවන්ට භාර දීමට පටන් ගෙන ඇත.මෙම වාර්තා තවමත් සනාථ කර නොමැත.

ඩාරා හි කැරලිකරුවෝ සාමදාන ගිවිසුමකට එළඹීම ප්‍රතික්ෂේප කල හොත් සහ අවි බිම තැබීමට අකමැති වුවහොත් ප්‍රදේශය මුදා ගැනීමට යුද මෙහෙයුමක් ඇරඹීම අනිවාර්යෙන්ම සිදුවෙතැයි සිරියානු විශේෂඥයින්ගේ මතයයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව සතු එෆ්-35 අයි ස්ටෙල්ත් ෆයිටර් ජෙට් යානා සිරියාව එල්ල කල ප්‍රහාර සඳහා සහභාගී වූයේ යැ‍යි එරට ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරල් අමිකන් නෝර්කන් විසින් මැයි 22දා  හර්ස්ලියාහි පැවති  ගුවන් හමුදාවේ සම්මන්ත්‍රණයකදී පැවසීය.

"අපි මුළු මැද පෙරදිග කලාපය පුරාවට එෆ්-35 යානා පියාසර කරවනවා.එය අපේ මෙහෙයුම් හැකියාවන්ගේ කොටසක් බවට පත්ව තිබේ.මැද පෙරදිග ප්‍රහාර සඳහා පළමුවරට එෆ්-35 යානා භාවිතා කරන්නේ අපි.දැනටමත් ඒවා දෙවරක්ම වෙනස් පෙරමුණු වෙත පහරදීමට භාවිතා කර තිබෙනවා" - අමිකන් නෝර්කන්

සිරියාවට අවසන් වරට එල්ල කල ඊශ්‍රායල ප්‍රහාරය සඳහා එෆ්-35 අයි යානා භාවිතා නොකල බවත් ඊට කලින් දෙවතාවක් එය භාවිත කල බවත් මේජර් ජෙනරල්   අමිකන් නෝර්කන් කීය.

දැනට ඊශ්‍රායලය සතුව එෆ්-35අයි ෆයිටර් ජෙට් යානා 9ක් තිබේ.2024 වන විට සම්පුර්ණ ජෙට් යානා ගණන 50 දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 23 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 23 Reviewed by HarshaLulzSec on May 24, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 22

May 23, 2018
මැයි 21 වනදා සිරියාවේ කමෙයිමිම් ගුවන් හමුදා කඳවුර දෙසට පියාසර කරමින් තිබූ හඳුනානොගත් ඉලක්ක වෙත රුසියානු පැන්ට්සියර්-එස් ගුවන් ආරක්ෂ පද්ධතිවලින් මිසයිල ප්‍රහාර 4ක් එල්ල කල බව ප්‍රාදේශීය මුලාශ්‍ර හෙළි කරයි.

ඊට පෙර දිනෙක එක් ඩ්‍රෝන් යානා බිම හෙළු බව රුසියානු හමුදාව ප්‍රකාශ කරන ලදි.එම සිදුවීමෙන් රුසියානු හමුදාවට කිසිදු හානියක් නොවූ බව සඳහන් වේ.

අප්‍රේල් මස 24දා සිදු වූ මීට සමාන සිද්ධියකදී බෝම්බ වලින් සන්නද්ධ ඩ්‍රෝන් යානා දෙකක් බිම හෙළන්නට රුසියානු හමුදාව සමත් විය.

දිගින් දිගටම රුසියානු හමුදා කඳවුරුවලට එල්ල වන ඩ්‍රෝන් ප්‍රහාර වලින් පෙනී යන්නේ සිරියාවේ තත්ත්වය වෙනස් වීමේ ලකුණකි.

මධ්‍යම සිරියාවේදී කැරලිකරුවන් ලැබූ යුදමය පරාජයෙන් පසුව ඔවුන්ගේ කඩාකප්පල්කාරී මෙහෙයුම් වල ඉහළ යෑමක් පෙනේ.මාධ්‍ය අවධානය ලබා ගැනීම සහ විදේශීය අනුග්‍රාහකයන්ගෙන් සහාය ලබා ගැනීම එහි අරමුණු වේ.

සිරියානු විශේෂඥයින්ගේ මතය වන්නේ ඉදිරියේදී මුදා ගත් ප්‍රදේශ තුල ත්‍රස්ත ප්‍රහාරවල වර්ධනයක් සිදු විය හැකි බවයි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු සතුව තිබූ දකුණුදිග ඩැමැස්කස් හි පොකට්ටුව මුළුමනින්ම මුදා ගැනීමට රජයේ හමුදා සමත් වූ බව සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය මැයි 21දා නිවේදනය කලේය.රජයේ පාර්ශ්වයට අනුව රජය සහ ත්‍රස්තවාදීන් අතර කිසිදු ගිවිසුමක් ඇතිවී නැත.කෙසේවෙතත් බිම් මට්ටමින් ලැබෙන ඡායාරූප සහ වීඩියෝ පට වලට අනුව නම් අදාල ප්‍රදේශයේ සිටි ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ඉවත් ව යෑමට අවස්ථාව ලබාදී තිබේ.

ඩාරා පළාතේ කැරලිකරුවන්ට එරෙහිව දියත් කිරීමට සැලසුම් කර තිබෙන යුද මෙහෙයුමේ සූදානම සහ අනෙකුත් කාරණා සම්බන්ධව සොයා බැලීම සඳහා ටයිගර් බලකා හි අණදෙන නිලධාරියා වන ජෙනරල් සුහෙයිල් අල්-හසන් දකුණුදිග සිරියාව වෙත පැමිණි බවට වාර්තා පළ වේ.නමුත් මෙම වාර්තා තවමත් සනාථ කර නොමැත.

ජෙනරල් සුහෙයිල් අල්-හසන්

සිරියානු සමගිසන්ධානය සඳහා වූ රුසියානු මධ්‍යස්ථානය සහ රජයේ හමුදා හෝම්ස් පළාතේ සාෆරානා ජනාවාසයේ සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් නේටෝ සංවිධානයේ රටවල්වල නිපදවන ලද අවි සංචිත සහ පුපුරණද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගත් ගොඩනැගිලි සොයා ගැනීමට සමත් ව තිබේ.

එහි තිබූ සොයාගත් ද්‍රව්‍ය අතර ගෑස් ආවරණ රැසක්,විදේශවල නිෂ්පාදිත අවි(ටෝව්-2 යුද ටැංකිනාශක නියාමක මිසයිල)ආදිය අඩංගු විය.මැයි මස 21දා සොයා ගත් මෙම අවි සංචිත සහ ගොඩනැගිලි හයිට් ටහිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට අයත් ව තිබූ ඒවාය.

සිරියානු රජයේ ඉල්ලීමක් මත සිරියාවට යැවූ ඉරාන හමුදා තවදුරටත් සිරියාවේ තබා ගන්නා බවත් ඉරානයට තමන්ගේම ස්වාධීන ප්‍රතිපත්ති තිබෙන නිසා කිසිවෙකුට ටෙහෙරාන් රජය අසවල් දේ කල යුතු යැ‍යි බල කල නොහැකි බව ඉරානයේ විදේශ අමාත්‍ය ප්‍රකාශක බරාම් කසෙමි පැවසීය.

සිරියානු රජයේ අවසරයක් නොමැතිව සිරියාවට ඇතුල් වූවන් පමණක් රට හැර යා යුතු යැ‍යි ඔහු පැවසුවේ වක්‍රාකාරයෙන් එක්සත් ජනපදය,ප්‍රංශය සහ තුර්කිය යන රටවලද ඇගිල්ල දිගු කරමින්ය.

මයික් පොම්පියෝ

ඒ අතරතුර එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉරානයට තර්ජනය කරමින් කියා සිටියේ 'ඉතිහාසය තුල බලවත්ම සම්බාධකවලට' මුහුණ දීමට ඉරාන රජයට සිදුවේවි කියාය.මීට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කොන්දේසි 12ක් ඉදිරිපත් කරන ලදි.සිරියාවෙන් හමුදා ඉවත් කර ගැනීම,ඉරාකයේ සිටින ඉරාන සහාය ලබන ෂියා සටන්කාමීන් නිරායුද කිරීම,හිස්බුල්ලා සංවිධානයට උදව් කිරීම නැවැත්වීම සහ මිසයිල වැඩසටහන අවසන් කිරීම යන ප්‍රධාන කාරණා එම කොන්දේසි 12ට ඇතුලත් විය.

මෙම කොන්දේසි සහ තර්ජනයන් හරහා මයික් පොම්පියෝ ඉරානයට බල කර සිටින්නේ කලාපය තුල ස්වාධීන ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කිරීමෙන් වළකින්න කියාය.එක්සත් ජනපදය ඉදිරිපත් කල කොන්දේසි ඉරානය විසින් පිළිනොගන්නා බව සක්සුදක් සේ පැහැදිලිය.කෙසේවෙතත් එක්සත් ජනපදය සහ ඉරානය අතර ආතතිය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 22 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 22 Reviewed by HarshaLulzSec on May 23, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 21

May 22, 2018
සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් දකුණු ඩැමැස්කස් පොකට්ටුවේ සම්පුර්ණයෙන්ම සියතට ගැනීමට සමත්ව තිබේ.සිරියානු අරාබි හමුදාව දැනටමත් අල්-හජාර් අල්-අස්වාඩ් දිස්ත්‍රික්කයම  සහ ඉතිරි ප්‍රදේශත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇත.

මැයි මස 19දා සිරියානු අරාබි හෞදාව සහ ප්‍රදේශයේ ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තාවකාලික සටන් විරාමයකට පැමිණියහ.මැයි මස 20දා මෙම ප්‍රදේශයට බස් රථ ගණනාවක් ඇතුල් වූයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යටත් වීමට සූදානම් යන්න අඟවමින්ය.ප්‍රදේශයෙන් ත්‍රස්තවාදීන් ඉවත්ව යෑම මැයි මස 21 දා ආරම්භ වූ බව වාර්තා වේ.

සිරියානු රජය සහ හමුදාව සම්බන්ධව ප්‍රතිරූපයට සිදුවන බලපෑම නිසා මෙම සිදුවීම වාර්තා නොකිරීමටත්,ප්‍රතික්ෂේප කිරීමටත් සිරියානු රජයේ මාධ්‍ය ක්‍රියා කරයි.රක්කා,මැන්බිජ් සහ ටැබ්කාහ් යන ප්‍රදේශවලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මේ ආකාරයෙන් කොටු වූ විට එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ත්‍රස්තවාදීන් සමග සාමදානයකට පැමිණි පසුබැසීමට අවස්ථාව ලබා දුන් අතර එම සිදුවීම් වසන් කරන්නට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සහ බටහිර ප්‍රධාන පෙළේ ජනප්‍රිය මාධ්‍ය කටයුතු කලහ.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සඳහා බලහත්කාරයෙන් ප්‍රාදේශීය ජනපදිකයන් බදවා ගැනීමට එරෙහිව ජනතාව මැයි මස 20දා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන ලදි.සිරියානු විපක්ෂයට පක්ෂපාතී බලාඩි නිවුස් නම් පුවත් ජාලයට අනුව සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා(ප්‍රධාන වශයෙන්ම කුර්දි සටන්කාමීන්ගෙන් සමන්විත) අල්-සරායා සහ ඩ්වාරාට් අල්-හඩ්රාහ් දිස්ත්‍රික්කවල වසා තිබූ සමහර කඩ සාප්පුවලට වෙඩි ප්‍රහාර එල්ල කල අතර තවත් බොහොමයක දොරටු බිද දමා ඇතුල් වී තිබේ.

උතුරුදිග සිරියාවේ ප්‍රාදේශීය ජනපදිකයන් සහ සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා අතර ඇතිව තිබෙන නොසන්සුන්තාවයට මෙය උදාහරණයකි.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යනු බහුජාතීය කණ්ඩායමක් යැ‍යි එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය ප්‍රකාශ කලද මෙම ප්‍රදේශයේ සැබෑ දේශපාලනික සහ හමුදා බලය කේන්ද්‍රගතවී තිබෙන්නේ කුර්දි ප්‍රජාතාන්ත්‍රික එක්සත් පක්ෂය සමග සම්බන්ධ කුර්දි සංවිධාන කිහිපයක් අතේය.


එදිනම සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු හජින් නගරය අල්ලා ගැනීමට නැවතත් ප්‍රයත්නයක් දරන ලදි.වාර්තාවලට අනුව මෙවර ප්‍රහාරය සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ යුද ගුවන් යානා සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සහාය ලැබී තිබේ.

යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සතු ප්‍රධානතම බලකොටුව වන්නේ හජින් නගරයයි.එහි ත්‍රස්තවාදීන් 1,500ක් පමණ සැඟවී සිටිති යැ‍යි විශ්වාස කෙරේ.

එක්සත් ජනපදය නායකත්වය දරන මිත්‍ර සන්ධානයේ සාමාජිකයෙක් වන ප්‍රංශය සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට වෙඩි බලය සැපයීම සඳහා පසුගියදා කාලතුවක්කු බතරොයි 6ක් ස්ථාපනය කලේ යැ‍යි වාර්තා වේ.

මීට පෙර උතුරුදිග සිරියාවේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යටතේ තිබෙන ප්‍රදේශවල ප්‍රංශය සිය හමුදා ශක්තිය ඉහළ දැමීය.රක්කා නගරයට බටහිර දෙසින් අලුතින් හමුදා කඳවුරක් ඉදි කිරීමට ප්‍රංශය සූදානම් වන බවට වාර්තා පළ වේ.එය සත්‍යයක් නම් එම කඳවුරත් සමග උතුරුදිග සිරියාවේ තිබෙන ප්‍රංශ හමුදා කඳවුරු ගණන 6ක් දක්වා ඉහළ යාවි.

යුප්‍රටීස් ගංගාවේ නැගෙනහිර ඉවුරේ ප්‍රංශ සහ ඇමෙරිකානු හමුදා ශක්තිය ප්‍රසාරණය වීමෙන් පැහැදිලි වන්නේ සිරියානු රජයට එම ප්‍රදේශ නැවත ඈදා ගැනීමට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ලෙසියෙන් ඉඩක් නොදෙන බවයි.

කෙසේවෙතත් සිරියාවේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය.අෂාඩ් රජයට එරෙහි අනෙකුත් කැරලිකාර කණ්ඩායම් වොෂින්ටනය සහ එහි මිත්‍රයන් විසින් මේවන විටත් අතහැර දමා තිබේ.

ඉඩ්ලිබ්,ඇලපෝ,ලටාකියා සහ හමා යන පළාත්වල කැරලිකරුවන් සතු ප්‍රදේශවලට සපයන සහාය නවතා දමන්නට ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාකරාවි යැ‍යි සීබීඑස් නිවුස් ආයතනය මැයි මස 19දා වාර්තා කර තිබුණේ රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින්ය.

අන්තවාදය ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ක්‍රියා කිරීම,ස්වාධීන සමාජයන්ට සහ මාධ්‍යයන්ට සහාය දීම,අධ්‍යාපනය ඉහළ නැංවීම ආදිය වෙනුවෙන් වයඹදිග සිරියාවට සැපයූ ඩොලර් මිලියන 60 ආධාර කපා හරිනු ඇතැයි සීබීඑස් නිවුස් ආයතනය පවසයි.

සෘජු යුදමය ක්‍රියාමාර්ග රහිතව මධ්‍යම සහ උතුරුදිග සිරියාවේ බිම්මට්ටමේ සිට සිය බලපෑම ව්‍යාප්ත කිරීමට එක්සත් ජනපදයට ඉන්පසුව භාවිතා කල හැකි එකම මෙවලම වන්නේ බෙදුම්වාදී කුර්දීන්ගෙන් සමන්විත සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා පමණි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 21 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 21 Reviewed by HarshaLulzSec on May 22, 2018 Rating: 5

සබ්මැරීන අංගනය

May 21, 2018
මෙම ලිපියෙන් විමසා බලන්නේ රුසියාව සතු අතිශය බලවත් සහ වඩාත් හොඳින්ම සන්නද්ධ සබ්මැරීන පහ සම්බන්ධවයි.


අකුලා සබ්මැරීන

ප්‍රොජෙක්ට් 971 Shchuka-B නමින් හඳුන්වන මෙහි නේටෝ නාමය අකුලාය.Shchuka-B යනු තුන්වන පරම්පරාවේ බහුකාර්යය න්‍යෂ්ඨික සබ්මැරීන පන්තියකි.පළමු Shchuka-B සබ්මැරීනය 1984 වර්ෂයේදී හඳුන්වා දී තිබේ.ඊට පැවරී තිබෙන කාර්යය වනුයේ නෞකා ආරක්ෂා කිරීම සහ සතුරු සබ්මැරීන ලුහුබැද ගොස් විනාශ කිරීමයි.එය සතුව ටෝර්පිඩෝ ටියුබ් 8ක් තිබෙන අතර ඒවායින් මිසයිල-ටෝර්පිඩෝ නිකුත් කල හැකිය.ඊට අමතරව මෙම සබ්මැරීන කෲස් මිසයිල නිකුත් කිරීමේ හැකියාවෙන්ද යුක්තය.අකුලා සබ්මැරීන ස්ටෙල්ත් තාක්ෂණයෙන් අනූන අවම ශබ්දයක් නිකුත් කරමින් යාත්‍රා කල හැකි මාරක අවි ලෙස හැඳින්විය හැකිය.




පාල්ටස් සහ වර්ෂාවියෙන්කා සබ්මැරීන

ප්‍රොජෙක්ට් 877 පාල්ටස් සහ ප්‍රොජෙක්ට් 636 වර්ෂාවියෙන්කා යනු කිලෝ පන්තියේ ඩීසල්-විදුලි සබ්මැරීන දෙකකි.මෙම පන්තියේ නිශ්ශබ්දතම සබ්මැරීන දෙක වන්නේ මේවාය.වර්ෂාවියෙන්කා සබ්මැරීනය නේටෝ සංවිධානය විසින් කළු කුහර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.එය නිර්මාණය කර තිබෙන්නේ සතුරු සබ්මැරීන තමන් සොයාගැනීමට ප්‍රථමයෙන් පහර දී විනාශ කිරීමටය.පාල්ටස් සබ්මැරීනය මෙන්ම වර්ෂාවියෙන්කා සබ්මැරීනයද මි.මී.533 ටෝර්පිඩෝ හයකින් සහ සැතපුම් 2000 දුර ඉලක්කයක් පවා විනාශ කිරීමට සමත් කලිබ්‍රා-පීඑල් කෲස් මිසයිලවලින් සන්නද්ධ වේ.පාල්ටස් සහ වර්ෂාවියෙන්කා සබ්මැරීන රැසක් ඇල්ජීරියාව,වියට්නාමය,ඉන්දියාව සහ චීනය යන රටවල නාවික හමුදා විසින් භාවිතා කරයි.




බොරෙයි පන්තියේ සබ්මැරීන

ප්‍රොජෙක්ට් 955 බොරෙයි පන්තියේ උපායමාර්ගික න්‍යෂ්ඨික - බලැති මිසයිල සබ්මැරීනය සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව සැලසුම් කල ප්‍රථම රුසියානු සබ්මැරීනයයි.බොරෙයි සබ්මැරීන න්‍යෂ්ඨික අවි සහිත බැලස්ටික් මිසයිල සහ ප්‍රති-සබ්මැරීන සහ නෞකා නාශක ටෝර්පිඩෝ වර්ග ගණනාවක් නිකුත් කල හැකි ටෝර්පිඩෝ ටියුබ් වලින් සමන්විතය.ඊට නාවික සැතපුම් 30 උපරිම වේගයකින් ජලය ඇතුලතදී යාත්‍රා කල හැකිය.මීටර් 480 උපරිම ගැඹුරකට ප්‍රවේශ විය හැකි මෙම සබ්මැරීනවලට දින 90 කාලයක් දිය යට සිටීමට පුලුවනි.දැනට බොරෙයි පන්තියේ සබ්මැරීන 3ක් රුසියාව සතුය.2020 වන විට තවත් සබ්මැරීන 8ක් නාවික හමුදාවට එකතුවීමට නියමිතව තිබේ.




යාසෙන් පන්තියේ සබ්මැරීන

ප්‍රොජෙක්ට් 885 යාසෙන් පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීන රුසියාව සතු මිලෙන් අධිකතම සහ නූතනම සහ හතරවන පරම්පරාවට අයත් බහුකාර්යය සබ්මැරීන වේ.මෙම පන්තියේ පළමු වන සබ්මැරීනය වන සෙවරෝඩ්වින්ස්ක් උතුරුදිග නාවුක හමුදා බල ඇණියට එක්වූයේ 2014 තරම් මෑතකදීය.තනිවම ඉලක්කය සොයා යා හැකි ටෝර්පිඩෝ සහ කෲස් මිසයිල වලින් සන්නද්ධ මේ සබ්මැරීනවල කඳ රබර් ආලේපිත අවම-ආකර්ෂණ ශක්තියක් සහිත ලෝහයෙන් සාදා තිබෙන නිසා සතුරන් ඉදිරියේ අදෘෂ්‍යමාන වේ.




source:sputniknews.com


සබ්මැරීන අංගනය සබ්මැරීන අංගනය Reviewed by HarshaLulzSec on May 21, 2018 Rating: 5

අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6

May 20, 2018
ලියනාඩෝ ඩා වින්චිගේ නිර්මාණ පෙළහර ගැන ලියවෙන ලිපි පෙලේ 6 වන ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වන්නේ.මෙහිදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ ඩා වින්චි ගුවන ජය ගැනීමේ අරමුණින් සැලසුම් කල නිර්මාණ කිහිපයක් ගැනයි.

ලියනාඩෝ ඩා වින්චි තම ජීවිතය අවසන් වන්නට පෙර පියාඹන යන්ත්‍රයක් නිර්මාණය කරන්නට බලාපොරොත්තු තබාගෙන සිටින්නට ඇති.ඔහු නිරන්තරයෙන් තමන්ගේ මුල් නිර්මාණවල කටු සටහන් යාවත්කාලීන කරන ලදි.වවුලන්ගේ සහ පක්ෂීන්ගේ පියාඹීම ඔහුගේ සිත් වශී කරන්නට සමත් වූ බවට සාක්ෂි ලෙස පිටු සියගණනක් පුරා ඇදි පක්ෂීන්ගේ පියාපත්වල සහ පියාපත්වල චලන ඉරියව්වල කටුසටහන් දැක්විය හැක.

ඩා වින්චි විසින් සැලසුම් කල පියාඹන යන්ත්‍ර සහ පියාසැරියට අවශ්‍යවන සමහරක් යාන්ත්‍රණයන් කිහිපයක් පහත දැක්වේ.ඉදිරි ලිපි ඔස්සේ ඒවා සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.

-හෙලිකොප්ටර් සංකල්පය

-ග්ලයිඩරය

-පැරෂූටය

-ගොඩබැස්වීමට අවශ්‍ය ගියරය




ඩාවින්චිගේ හෙලිකොප්ටරය

ලියනාඩෝ තමන් ජීවත්ව සිටි කාලයට වඩා ශතවර්ෂ ගණනාවක් දුර සිතූ අයෙක් බව ලෝකයාට ප්‍රත්‍යක්ෂ කල නිර්මාණයක් වූයේ මෙම හෙලිකොප්ටරයේ සැලැස්මයි.එය නූතන හෙලිකොප්ටරයකට සමාන යන්ත්‍රයක් සැලසුම් කල පළමු අවස්ථාවයි.පුරාණ චීනයේ උණුසුම් වායු බැලූන සහ ගිනිකෙළිවල උපකාරයෙන් ගුවන් ගත විය හැකි යාන්ත්‍රයක් අත්හදා බැලුවද එය හෙලිකොප්ටරයට සමාන නොවීය.

ඩා වින්චි ඇදි හෙලිකොප්ටරයේ කටු සටහන

මෙම සැලසුම නිර්මාණය කර තිබෙන්නේ 1493 වසරේය.එනම් හෙලිකොප්ටරයක් සාර්ථකව ගුවන් ගත කිරීමට වසර 450කට පෙරය.එහි ප්‍රධාන තල දෙක මීටර් 2ක විශ්කම්භයක් සහිත වූ අතර ඒවා ප්‍රධාන ව්‍යුහය සමග බට යොදාගෙන සම්බන්ධ කර තිබිණි.

ඩා වින්චිගේ හෙලිකොප්ටර් සංකල්පය මේපල් ගසේ බීජ මත පදනම්ව නිර්මාණය කරන්නට ඇති.මෙම බීජ ඉහල සිට බිමට පතිත වන විට පාවී යන ස්වභාවය ඩා වින්චිගේ අවදානයට ලක්වන්නට ඇති.එසේම එම සංකල්පයට ආකිමිඩීස් ඉස්කුරුප්පුවද පදනම් කරගන්නට ඇති.මෙම ඉස්කුරුප්පු පොම්පය පුරාතන ග්‍රීසියේ විසූ ආකිමිඩීස් නම් ලියනාඩෝට සමාන තවත් ප්‍රාඥයෙක් විසින් සොයාගන්නා ලදි.

මේපල් ශාකයේ බිජයක් සහ එය පොලොවට වැටෙන අයුරු

ආකිමිඩීස්ගේ ඉස්කුරුප්පුව සහ ආකිමිඩීස්


හෙලිකොප්ටර් සංකල්පය ක්‍රියාවේ යෙදවීම

ඩා වින්චිගේ හෙලිකොප්ටරය සැලසුම් කර තිබෙන්නේ මිනිස් බලයෙන් ක්‍රියා කරන පරිදිය.නමුත් අවාසනාවට ඒ සමයේ එන්ජින් සොයාගෙන නොතිබුණි.ඒ සමයේ තමන් පවා ගුරුත්වයට එරෙහිව ඉහලට ඔසවන්න ප්‍රමාණවත් බලයක් නිපදවීමේ හැකියාවට තරමක් භෝ මිනිසා ලංව නොතිබුණි.

මිනිසුන් දෙදෙනෙක් මෙම යන්ත්‍රයේ වක්‍රාකාර කොටසේ සිට එහි තිබෙන දැවයෙන් තැනූ දණ්ඩ ග්‍රහණය කරගෙන මධ්‍යයේ වූ දණ්ඩ වටා ගමන් කල යුතුව තිබිණි.එවිට යන්ත්‍රයේ තිබෙන තල භ්‍රමණය වෙමින් ඉහළට ගෙනයයි.නමුත් මිනිසුන් දෙදෙනාගේ බර උසවන්නට තරම් ඔවුන් සැපයූ ඉපිලුම් බලය ප්‍රමාණවත් නොවේ.මේ සඳහා එම කාලයේ යොදාගත හැකිව තිබූ සැහැල්ලුම අමුද්‍රව්‍ය වන්නේ තල සඳහා කැන්වස් රෙදි,සැකිල්ල වෙනුවෙන් පයින් දැවද යොදාගන්නට ඇති.මෙම අමුද්‍රව්‍යවල බරත් එහි ක්‍රියාකරුවන්ගේ බරත් එසවීමට තරම් ඩා වින්චිගේ හෙලිකොප්ටරයට ප්‍රමාණවත් බලයක් නිපදවීමට නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.


නමුත් ඩා වින්චිගේ මෙම සැලැස්ම පරිකල්පනයේ ශ්‍රේෂ්ඨ නිර්මාණය ලෙස තවමත් පිලිගැනේ.මෙවැනි යන්ත්‍රයක් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ එන්ජින් නිර්මාණය වන්නේ 1800 සියවසේ අවසන් කාලයත් 1900 සියවසේ මුල් කාලයත් අතරය.නමුත් වාෂ්ප එන්ජින් සොයාගත් සමයේ ඒවා ගුවන් යානා ආදියට යොදා ගැනීමට යෝග්‍ය නොවූයේ අධික බර(ඉන්ධනත් සමග) නිසාය.තවද වාෂ්ප එන්ජින් වලට හුමාලය නිපදවීමට ජලයද විශාල වශයෙන් අවශ්‍ය විය.වර්තමානයේදී හෙලිකොප්ටර් සැහැල්ලු ලෝහයක් වන ඇලුමිනියම් යොදාගෙන නිර්මාණය කරයි.




source:Leonardodavincisinventions.com


අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6 අනාගතය දුටු මහා ප්‍රාඥයා - 6 Reviewed by HarshaLulzSec on May 20, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 මැයි 18

May 18, 2018

මැයි මස 17දා ඊශ්‍රායලය විසින් යටත් කරගෙන සිටින ගෝලාන් උස්බිම් හි මිසයිල අනතුරු ඇඟවීම් සක්‍රීය විය.ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය එක් මිසයිලයක් දියත් කරන ලදි.සිද්ධිය සම්බන්ධව අනුමානයන් කිහිපයක්ම ඉදිරිපත් විය.

සමහර මූලාශ්‍රවලට අනුව අයන් ඩෝම් පද්ධතිය දකුණුදිග සිරියාවෙන් ඉල්ල වූ රොකට්ටුවක් බිම හෙළා ඇත.තවත් අනුමානයක් වන්නේ ගෝලාන් උස්බිම්වලට ඉහළ අහසේදී ඩ්‍රෝන් යානයක් බිම හෙලූ බවයි.කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශ කලේ ඊට හේතුව සදොස් අනතුරු ඇඟවීමක් කියාය.

දකුණුදිග සිරියාවට වැටුණු අයන් ඩෝම් පද්ධතිය නිකුත් කල මිසයිලයේ කොටස්

ඊශ්‍රායලය සහ සිරියාව අතර ආතතිය එහි උච්චත්වයට ලගා වූයේ මැයි 10 දාය.එදින ගෝලාන් උස්බිම්වල ඊශ්‍රායල ඉලක්ක වෙත සිරියාවෙන් රොකට් 50කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ගුවන් හමුදා සිරියානු සහ ඉරාන හමුදා ස්ථානගතව සිටි ස්ථාන වෙත දැවැන්ත ප්‍රහාරයක් දියත් කලේය.

ඒ අතරවාරයේ සිරියානු අරාබි හමුදාව දකුණුදිග සිරියාවේ කැරලිකරුවන්ට එරෙහිව හමුදා මෙහෙයුමක් සඳහා සූදානම් වන්නේ යැ‍යි වාර්තා පළ වේ.ඊසානදිග ඩාරා හි ලජාට් කලාපයේ සිටින කැරලිකරුවන්ට යටත් වන්නටත් ඔවුන්ගේ අවි භාර දී සාමදාන ගිවිසුමකට එකඟ වන්න යැ‍යි සඳහන් අත් පත්‍රිකා හෙලිකොටර් යොදාගෙන බෙදා හරින්නට සිරියානු ගුවන් හමුදාව මැයි 16 දා ක්‍රියා කර තිබේ.

ලජාට් වෙත හෙළන ලද අත් පත්‍රිකාවක්

ඩැමැස්කස් අවට සිටින සිරියානු අරාබි හමුදාවේ ඒකක ඩාරා සහ අල්-කුනීට්‍රා පළාත්වල යුද මෙහෙයුමක් සඳහා සැබවින්ම සූදානම් වන්නේ යැ‍යි හමුදාවේ නිලධාරියෙක් මැයි මස 17දා සවුත්ෆ්‍රන්ට් වෙබ් අඩවියට ප්‍රකාශ කලේය.එවැනි යුද මෙහෙයුමක් දියත් කලහොත් සිරියාව සහ ඊශ්‍රායලය අතර තවත් ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වීමට ඉඩ තිබේ.දකුණුදිග සිරියාවේ කැරලිකරුවන් සතු භූමිය රජයේ හමුදා අතට පත් වීම වැළැක්වීමට ටෙල් අවිව් රජය සුවිශේෂී ප්‍රයාසයන් දරන ලදි.ඊශ්‍රායලය කැරලිකාර කණ්ඩායම් වලට සෘජුවම සැපයුම් ලබා දුන් අතර කැරලිකරුවන් සමග සිරියානු අරාබි හමුදාව සටන් වදින අවස්ථාවල රජයේ හමුදාවලට බෝම්බ හෙලුවේය.නමුත් දැන් එම උත්සාහයන් සියල්ල දුහුවිල්ලක් බවට පෙරළී ඇත.

දකුණුදිග ඩැමැස්කස් හි ටැඩමාන් දිස්ත්‍රික්කයත් යාර්මූක් සරණාගත කඳවුරත් අතර වූ පලස්තීන වටරවුම වෙත ළගා වන්නටත් අල්-හජාර් අල්-අස්වඩ් දිස්ත්‍රික්කයේ වයඹදිග කොටසෙහි ගොඩනැගිලි ගණනාවක් අල්ලා ගන්නටත් සිරියානු අරාබි හමුදාව සහ අනෙකුත් මිත්‍ර කණ්ඩායම් සමත් විය.


පසුගිය සමයේ සටන් වලින් ලැබූ ජයග්‍රහණ දෙස බැලීමේදී කිවහැක්කේ රජයේ හමුදාවල ඉදිරි ගමන වළක්වාලන්නට තරම් සම්පත් වලින් පොහොසත් නැති ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්,ඔවුන් දකුණුදිග ඩැමැස්කස් හි ගත කරන අවසන් සති කිහිපය මෙය බවයි.


මැයි මස 17දා සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ් රුසියාවේ සෝචි නගරයට පැමිණ ජනපති ව්ලැඩ්මීර් පුටීන් හමුවිය.දේශපාලනික ක්‍රියාවලියේ ප්‍රගතිය ඇතුලුව සිරියාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධව නායකයන් දෙදෙනා සාකච්ඡා කර තිබේ.මෙම හමුව සිදුවන්නේ මැයි 14,15 යන දිනවල කසක් අගනුවරදී සිරියානු අර්බුදය සම්බන්ධව අස්ටාන් සාකච්ඡා වල තවත් වටයක් අවසන් වීමෙන් පසුවයි.





source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 මැයි 18 සිරියානු යුද වාර්තාව - 2018 මැයි 18 Reviewed by HarshaLulzSec on May 18, 2018 Rating: 5

ඇමෙරිකානු අවි සිරියාවේ ත්‍රස්තවාදීන් අතට පත් වූ හැටි

May 18, 2018
මධ්‍යස්ථ විපක්ෂය හෙවත් සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට එක්සත් ජනපදය විසින් සපයන ලද යුදෝපකරණ සහ උණ්ඩ අවසානයේදී අල්කයිඩා සංවිධානයේ ශාඛාවක් වන අල් නුස්රා සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය අතට පත් වූ බව ඇමෙරිකානු රූපවාහිනී නාලිකාවක් වන ෆොක්ස් නිවුස් ආයතනය වාර්තා කරයි.

මේජර් අනස් ඉබ්‍රහීම් ඔබෙයිඩ් නැතිනම් අබු සෙයිඩ් නැමැත්තා සමග මැයි මස 16දා ෆොක්ස් නිවුස් රූපවාහිනී නාලිකාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට අනුව අදාල ගනුදෙනුවේ තැරව්කරුවා ඔහුය.උතුරු ඇලැපෝ සිට බටහිර ඇලැපෝ වෙත තමා සහ තම සෙබලුන් පැය 2ක් ඇතුලත ආරක්ෂිතව ගෙන යාමට අබු සෙයිඩ් අල් නුස්රා ත්‍රස්තවාදීන් සමග එකඟතාවයකට පැමිණ තිබේ.ඊට හිලව් පිණිස ඔහු ට්‍රක් රථ 5ක් සමග උණ්ඩ තොගයක් ත්‍රස්තවාදීන්ට ලබා දී ඇත.

මෙම ට්‍රක් රථ සහ උණ්ඩ 2015 වර්ෂයේදී එක්සත් ජනපදය විසින් නිකුත් කරනු ලබන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සංවිධානය පරාජය කිරීම සඳහා 'මතවාදීමය වශයෙන් මධ්‍යස්ථ' නව හමුදාවක් නිර්මාණය කිරීම උදෙසාය.හමුදාව පුහුණු කිරීම සහ සන්නද්ධ කිරීමට ඇ.ඩො. මිලියන 500 ක් වටිනා වැඩසටහනක් එක්සත් ජනපදය විසින් හඳුන්වා දී තිබේ.

අබු සෙයිඩ් 2012 වර්ෂයේදී සිරියානු රජයේ හමුදාවෙන් ඉවත් වී විපක්ෂයේ කැරලිකරුවන් හා එක් වූ අතර පසුකාලීනව එහි නොගැළපීම් සහ අදක්ෂකම් ඉස්මතු වන්නට විය.තුර්කියේ පුහුණුව ලැබීමෙන් පසුව 54 දෙනෙකුගෙන් සමන්විත පළමු කැරලිකරුවන් කණ්ඩායම 2015 ජූලි මාසයේදී සිරියාව එන අතරේ අල් නුස්රා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක් විය.සමහර කැරලිකරුවෝ පැහැර ගැනීමට ලක් වූ අතර එක්සත් ජනපදය ඔවුන්ට ලබා දුන් අවිද ත්‍රස්තවාදීන් විසින් සොරා ගන්නා ලදි.

මේජර්  අනස් ඉබ්‍රහීම් ඔබෙයිඩ් සංග්‍රාම භූමියේදී කොමාන්ඩර් අබු සෙයිඩ් නමින් හඳුන්වයි

අබු සෙයිඩ් සිරියාවට යැවූ දෙවන කැරලිකරුවන් කණ්ඩායමේ  සාමාජිකයෙක් විය.නමුත් ඔවුන්ට සිරියාවට යෑමට සිදුවුනේ අවි රහිතවයි.ඒ ත්‍රස්තවාදීන් සැඟව සිට සිදු කරන ප්‍රහාර නිසා රැගෙන යන අවි අහිමි වීමේ අවධානම හේතුවෙනි.

අවි සම්බන්ධ ගැටලුව අවසන් වීමෙන් පසුව කැරලිකරුවෝ සැප්තැම්බර් මස 19දා සිරියාව බලා ගමන් අරඹයි.නමුත් ඔවුන්ගේ ගමන් මලුවල තිබී සිරියානු ජාතික කොඩි සොයා ගන්නට තුර්කි දේශසීමා ආරක්ෂකයෝ සමත් වීමත් සමග අලුත් ප්‍රශ්නයක් මතු වේ.මන්ද ඔවුන් රැගෙන යා යුතුව තිබුණේ සිරියානු විපක්ෂයේ ධඡයන්ය.අවසානයේ දී කැරලිකරුවන්ට තුර්කියේ තිබෙන ඔවුන්ගේ කඳවුරුවලට නැවත හැරී යන්නට සිදුවේ.එක්සත් ජනපදයේ පුහුණුකරුවෝ මෙම 'ධඡයන්ගේ පැටලවීම' සම්බන්ධව වගකීම භාර ගත් බව අබු සෙයිඩ් පැවසීය.ඊළඟ දිනයේ කැරලිකරුවන්ට ප්‍රශ්නයක් නොමැතිව සිරියාවට ඇතුල් වන්නට ඉඩ ලැබේ.

නමුත් කැරලිකරුවන්ගේ චිත්ත ධෛර්යය සම්බන්ධව ප්‍රශ්නයක් තිබූ බව අබු සෙයිඩ් පවසයි.එක් කැරලිකරුවෙකුට මාසයක් සඳහා ඇ.ඩො. 250ක මුදලක් ගෙවීමට එකඟ වී තිබුණත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව එම ගෙවීම පැහැර හැරීමට පටන් ගනියි.ඒ හරහා කණ්ඩායමේ සාමාජිකයන් ගණන 72 සිට 25 දක්වා පහත වැටේ.

අබු සෙයිඩ් ගේ යුදෝපකරණ ගබඩාව

අබු සෙයිඩ් ආපසු යෑමට තීරණය කරයි.නමුත් ඒ සඳහා ඔහු අල් නුස් රා ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ ඇති භූමියක් හරහා යා යුතුවේ.තමන්ට නිවෙස් බලා යෑමට අවශ්‍ය ආරක්ෂිත මාර්ගයක් සැපයීම වෙනුවෙන් ඔහු ට්‍රක් රථ පහක් සමග උණ්ඩ තොගයක් අල් නුස් රා ත්‍රස්තවාදීන්ට ලබාදෙන්නේ එහිදීය.ඉන් මාසයකට පසුව වැඩසටහන නවතා දමන්නට පෙන්ටගනය ක්‍රියා කරයි.

ඇමෙරිකානුවන් පණිවුඩ මගින් දන්වා සිටින්නේ අබු සෙයිඩ් සමග තවදුරටත් ගනුදෙනු කිරීමට සූදානම් නැති බවයි.නමුත් ඇමෙරිකානුවන්ට අහිමි වූ අවි යළි ලබාගන්නට නොහැකි යැ‍යි ඔහු කීය.

ෆොක්ස් නිවුස් රූපවාහිනී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී අබු සෙයිඩ් සතු ඇමෙරිකානු එම්-16 සහ එම්-24 රයිපල් අවි,උණ්ඩ ,මෝටාර් උණ්ඩ සහ මැෂින් තුවක්කු පෙන්වා තිබේ.අබු සෙයිඩ් දැනට නිදහස් සිරියානු හමුදාවේ අණදෙන නිලධාරියෙක් ලෙස ක්‍රියා කරයි.

අබු සෙයිඩ් ගේ යුදෝපකරණ ගබඩාව

2012 වර්ෂයේදී ඔබාමා පාලන තන්ත්‍රය එරට මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය හරහා 'ටිම්බර් සිකමෝ' නමින් වැඩසටහනක් ආරම්භ කලේය.එහි අරමුණද කැරලිකරුවන් සන්නද්ධ කිරීමයි.මෙම මෙහෙයුම උතුරුදිග සිරියාවේ තුර්කි දේශ සීමාව හරහාද දකුණින් ජෝර්දාන දේශසීමා හරහාද ක්‍රියාත්මක් විය.නමුත් සිරියානු විපක්ෂයට අනුව මෙම වැඩසටහනද අසාර්ථකය.මන්ද එලෙස සැපයුණු අවිද අවසානයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ හෝ අල් නුස්රා ත්‍රස්තවාදීන්ගේ අතට පත් විය.

මෙම වැඩසටහනේ මුල් සමයේදී සැහැල්ලු අවි පමණක් සපයන ලදි.නමුත් සිරියානු යුද්ධය ක්‍රමයෙන් ප්‍රචණ්ඩ වෙද්දී එක්සත් ජනපදය තෝරා ගත් කැරලිකරුවන්ට එරට නිෂ්පාදිත බීජීඑම්-71 ටෝව් නම් යුද ටැංකි නාශක මිසයිලද ලබා දුන්නේය.එක්සත් ජනපදයේ සහාය ලැබූ නිදහස් සිරියානු හමුදාවේ හෙසෙම් නම් කණ්ඩායම 2014 වර්ෂයේදී ටෝව් මිසයිල භාවිතා කරන ලදි.

කලින් හෙසෙම් කණ්ඩායමේ මාධ්‍ය ක්‍රියාකාරියෙක් වූ අසාම් සිඩාන් නැමැත්තා කීවේ "සමහර අවස්ථාවල සිරියානු හමුදාවේ ඉදිරි ගමන වළක්වන්නට අපිට ටෝව් මිසයිල උපකාරී වුනා..නමුත් එය ප්‍රමාණවත් වුනේ නැහැ." කියාය.

"වරක් නිකුත් කර තිබුණේ ටෝව් මිසයිල 10ක් පමණි,නමුත් රජයේ හමුදා පරාජය කරන්නට ඒවා ප්‍රමාණවත් නොවීය.ප්‍රශ්නය තවත් නරක් වූඒ අල් නුස් රා ත්‍රස්තවාදීන් අපිට පහරදීමට පටන් ගැනීමත් අපේ අවි සොරා ගැනීමත් සමගයි."  - අසාම් සිඩාන්

සී අයි ඒ සංවිධානයේ කැරලිකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන යටතේ පුහුණුව ලැබූ සුහෙයිල් අල්හමුඩ්

2012 මාර්තු මාසයේදී සිරියානු හමුදාවෙන් පළා ගිය සෙබලෙක් වන සුහෙයිල් අල්හමුඩ් මිසයිල සම්බන්ධව විශේෂඥයෙක්ය.තමන්ට ලැබුණු සහාය මද වූ නිසා කැරලිකරුවෝ ඉච්ඡභංගත්වයට පත් බව ඔහු කීය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කල සාර්ථක ප්‍රහාර කිහිපයකින් පසුව  2014 වර්ෂයේ අවසන් භාගයේදී දෝෂ සහිත ටෝව් මිසයිල සැපයුමක් ලැබුණේ යැ‍යිද ඒවා සෞදි අරාබියේ අතිරික්ත සංචිතවලින් ගෙන එන්නට ඇතැයිද සුහෙයිල් අල්හමුඩ් පැවසීය.එම මිසයිල සැතපුම් දෙකක් දුර ඉලක්ක වෙත පහරදෙන්නට හැකි ඒවා වූ නමුත් පාවිච්චි කිරීමේදී ඒවා අඩි 150 ඉක්ම නොවූ බවද සඳහන් වේ.

කැරලිකරුවන් සතු ටෝව් මිසයිල විදින ගණනාවක් අල් නුස් රා ත්‍රස්තවාදීන් සොරකම් කල අතර ඒවායින් සමහරක් කළු කඩවල ඇ.ඩො. 30,000 වැනි මිලකට අලෙවූ බවත් අල්හමුඩ් කියයි.

ඇමෙරිකානු සහාය ලබන සිරියානු කැරලිකරුවන්ගේ අවි කළු කඩවල විකිණිමට තිබේ

සිරියානු කැරලිකරුවන්ට අවි සැපයීමේ වැඩසටහන අවසන් කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 ජූලි මාසයේදී නිවේදනය කලේය.ඊට හේතුව එම වැඩසටහන අසාර්ථක වීම මිස එක්සත් ජනපදය තවදුරටත් සිරියානු රජය පෙරළීමට උත්සාහ නොදරන්නේය යන්න නම් නොවේ.එක්සත් ජනපදය මෙම වැඩසටහන සඳහා දරන ලද සම්පුර්ණ වියදම රහසිගත වුවත් එය ඇ.ඩො. බිලියනය ඉක්මවා යන්නේ යැයි සඳහන් වේ.

එක්සත් ජනපද ආණ්ඩු පෙරළීමේ ඉතිහාසය තුල ක්‍රියාත්මක කල තවත් අසාර්ථක මෙහෙයුමක් වන සිරියානු කැරලිකරුවන් සන්නද්ධ කිරීමේ වැඩසටහන ගැන අදහස් දැකීමෙන් වැළකී සිටීමට සී අයි ඒ සංවිධානය ක්‍රියා කරයි.




source:southfront.org


ඇමෙරිකානු අවි සිරියාවේ ත්‍රස්තවාදීන් අතට පත් වූ හැටි ඇමෙරිකානු අවි සිරියාවේ ත්‍රස්තවාදීන් අතට පත් වූ හැටි Reviewed by HarshaLulzSec on May 18, 2018 Rating: 5
Powered by Blogger.