සිරියානු යුද්ධයේ අවි-7

April 30, 2018
කෲස් මිසයිල සිරියානු යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව බහුලව භාවිතා කරන අවියකි.කෲස් මිසයිලවලින් වඩාත් කැපී පෙනෙන ප්‍රහාර එල්ල කරන ලද්දේ අලුතින් පත්වූ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අණ පරිදිය.සිරියාවේ සිවිල් ජනයා ඉලක්ක කරගෙන රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ යන චෝදනාවට ලක්වූ බෂාර් අල් ෂාඩ්ගේ රජයෙන් පළි ගැනීමක් වශයෙන් එක්සත් ජනපද සිරියානු ගුවන් හමුදා කඳවුරකට 2017 අප්‍රේල් මස 7දා කෲස් මිසයිල ප්‍රහාර 59ක් එල්ල කරන ලදි.ඉන්පසුව තවත් එවැනිම විෂ වායු ප්‍රහාරයක් සිරියාවේ ඩූමා නගරයට එල්ල වූ බවට 2018 වර්ෂයේ අප්‍රේල් මස 7 වාර්තා පළවිය.ඊට ප්‍රතිචාර වශයෙන් සිරියාවේ ස්ථාන තුනක් ඉලක්ක කරගෙන  එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් ත්‍රිත්වය ඒකාබද්ධ කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ අප්‍රේල් මස 14දාය.

පළමුවරට භාවිතය:2014 සැප්තැම්බර් අග,එක්සත් ජනපද හමුදාව විසින් සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටි අල්කයිඩා මෙහෙයුම්කරුවන් පිරිසක්/කොරාසන් කණ්ඩායම ඉලක්ක කරගෙන කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි.එක්සත් ජනපද බලධාරීන්ට අනුව මෙම කණ්ඩායම සිරියාවෙන් පිටත සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධය.

බලපෑම:කෲස් මිසයිල යනු ඉතා දුරින් වූ ඉලක්ක වෙත නිරවද්‍යව ප්‍රහාර එල්ල කල හැකි අවියක් බව සිරියානු යුද්ධයේදී එක්සත් ජනපදය සහ රුසියාව නැවත වතාවක් තහවුරු කරන ලදි.තවද ප්‍රහාර සඳහා ප්‍රමාණවත් මිසයිල සංචිතයක් තමන් සතු බවද ඔප්පු කලහ.


එක්සත් ජනපදය:ටොමහොක් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිල වලට ගමන් කල හැකි උපරිම දුර සැතපුම් 1,500ක් තරම් වේ.එක් මිසයිලයක් ඇ.ඩො. මිලියන 1.5ක් පමණ මිලය.2014 සැප්තැම්බර් මාසයේදී අරාබි මුහුදේ තිබූ පිලිපීන් නම් කෲසර් වර්ගයේ නෞකාවෙන් සහ රතු මුහුදේ තිබූ අර්ලිග් බර්ක් නම් ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකාවෙන් ටොමහොක් කෲස් මිසයිල 47ක් දියත් කරන ලදි.

ටොමහොක් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිලයක්





ප්‍රංශය:2015 දෙසැම්බර් 15දා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානයෙන් ගුවන් ගත වූ රැෆල් නම් ප්‍රහාරක ජෙට් යානාවලින් SCALP/ස්ට්‍රෝම් ෂැඩෝ නම් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කරන ලදි. SCALP/ස්ට්‍රෝම් ෂැඩෝ මිසයිලයක් මිල ඇ.ඩො. 930,000ක් පමණ වේ.ලිබියානු යුද්ධයෙන් පසුව ප්‍රංශය කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල ප්‍රථම අවස්ථාව මෙයයි.මෙවර ඔවුන්ගේ ඉලක්කය වූයේ උතුරු ඉරාකයේ ISIS ත්‍රස්තවාදීන්ය.

SCALP කෲස් මිසයිල දෙකකින් සන්නද්ධ Rafale ප්‍රහාරක යානයක්





බ්‍රිතාන්‍යය:බ්‍රිතාන්‍ය යුද ගුවන් යානා(ටෝර්නේඩෝ ජෙට් යානා)2016 ජූනි මාසයේදී ප්‍රථම වරට ස්ට්‍රෝම්ෂැඩෝ කෲස් මිසයිල යොදාගෙන උතුරු ඉරාකයේ ඉලක්ක වෙත පහර දුන්නේය.





රුසියාව:3M14T 'කලිබ්‍ර' නම් ගොඩබිම්-ප්‍රහාරක කෲස් මිසයිල භාවිතා කරයි.2015 ඔක්තෝම්බර් මාසයේදී රුසියාව කෲස් මිසයිල 26ක් දියත් කරන ලදි.ඉන් මිසයිල 4ක් පමණ වයඹදිග ඉරානයට කඩා වැටුණු බව එක්සත් ජනපද බලධාරීන් ප්‍රකාශ කරන ලදි.එම වසරේම නොවැම්බර් 23-24 දිනවල තවත් කෲස් මිසයිල ප්‍රහාරක අනතුරු ඇගවීම් නිසා ඉරාකය ඊසානදිග ප්‍රදේශයේ ගුවන් තොටුපොලවල් වසා දමන ලදි.

රුසියානු 'කලිබ්‍ර' කෲස් මිසයිලයක්

මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබූ රුසියානු සබ්මැරීනයකින් කෲස් මිසයිල දියත් කරන අයුරු,2015 දෙසැම්බර් 8





source:defenseone.com


සිරියානු යුද්ධයේ අවි-7 සිරියානු යුද්ධයේ අවි-7 Reviewed by HarshaLulzSec on April 30, 2018 Rating: 5

යැංකි ගුවන් හමුදාවේ මෙහෙයුම් වියදම වැඩිම ගුවන් යානා

April 30, 2018
ලොව විශාලතම ගුවන් හමුදාව හිමි එක්සත් ජනපදය ගෝලීය ගුවනේ ආධිපත්‍යය තමන් සන්තකයේ තබා ගැනීමට දරන වියදම නම් සුළු පටු නොවේ.සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ යුද ගුවන් යානා බොහොමයක මෙහෙයුම් වියදම ඔවුන්ගේ ප්‍රතිවාදියා වන රුසියාවට වඩා ඉහළය.ඇමෙරිකාව සතු ඉහළම මෙහෙයුම් වියදම සහිත ගුවන් යානා දහය අතරින් අඩුම වියදම සහිත යානයේ ගුවන් පැයක මෙහෙයුම් වියදම ඇ.ඩො.58,000 පමණය.එම වියදම ලැයිස්තුවේ ඉහළටම යද්දී ඇ.ඩො. ලක්ෂයද ඉක්මවා යයි.

බොයින් සමාගමේ ඊ-4බී නයිට්වොච් ගුවන් යානය

ඊ-4 නයිට්වොච් යනු එක්සත් ජනපද ගුවන් හමුදාව සතු වැඩිම මෙහෙයුම් වියදම සහිත ගුවන් යානයයි.නමුත් එය නිතරම භාවිතා කරන යානයක් නොවේ.නයිට්වොච් යනු විධාන සහ පාලන වර්ගයේ යානයකි.ජාතික ආපදාවකදී එක්සත් ජනපද ජනපතිවරයා සහ කැබිනට් මණ්ඩල සාමාජිකයින් මෙම යානය භාවිතා කරන බව කියවේ.ඊ-4 යානයේ ප්‍රමාණයෙන් විශාල නිසා සහ එහි තාක්ෂණික හැකියාවන් ඉහළ නිසා මෙහෙයුම් වියදම අසාමාන්‍යය ලෙස ඉහළ ගොස් තිබේ.තවද විද්‍යුත් චුම්භක ස්පන්දන,තාපජ සහ න්‍යෂ්ඨික ප්‍රහාර වලින් ආරක්ෂාවීමට අවශ්‍ය හැකියාවන් සහිත මෙම යානයට ගුවනේදී ඉන්ධන පුරා ගැනීමටද හැකියාව තිබේ.එහි ගෙන යා හැකි උපරිම මගීන් සංඛ්‍යාව 112ක් වේ.


නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම ප්‍රහාරක යානය වන එෆ්-35 යානය පැයක් පියාසර කරවීමට අවශ්‍ය වියදම එය මෙම ලැයිස්තුවේ 7වන ස්ථානය තෙක් පහළ දමා තිබීම පුදුමයට කරුණකි.නමුත් එෆ්-35 වැඩසටහන තවමත් 100%ක් අවසන් කර නොමැති නිසා ඉදිරියේදී මෙම වියදම ඉහළ යෑමටද හැකියාව තිබේ.පැයක මෙහෙයුම් වියදම අවම යානා දෙක වන්නේ ප්‍රඩේටර් ඩ්‍රෝන් ප්‍රහාරක යානය සහ ඒ-10 යානයයි.පිළිවෙලින් මෙම යානා දෙකෙහි ගුවන් පැයක වියදම වන්නේ ඇ.ඩො.1,500 සහ ඇ.ඩො.11,500ක්ය.


ඒ-10 තන්ඩර්බෝල්ට්2 යානය යනු ඇමෙරිකානු ගුවන් යානා ඉතිහාසයේ සුවිශේෂී යානයකි.මෙය පියාඹන යුද ටැංකියක් වැනිය.අවම පහසුකම් සහිත දුර බැහැර ප්‍රදේශවල සිට මෙහෙයුම් කිරීමේ හැකියාව තිබෙන මෙම යානය ඇමෙරිකානු ගුවන් නියමුවන්ගේත් ඉහළ ප්‍රසාදයක් දිනාගත් යානයකි.නමුත් නුදුරේදීම මෙම යානය වෙනුවට එෆ්-35 යානය ආදේශ කිරීමට නියමිතය.එෆ්-35 යනු නඩත්තුව සඳහා ඉහළ වියදමක් සහ දැනුමක් අවශ්‍ය යානයකි.මෙම ආධුනිකයාගේ පැයක මෙහෙයුම් වියදම ඒ-10 යානයක මෙහෙයුම් වියදම මෙන් තුන් ගුණයක් පමණ වේ.

ඒ-10 තන්ඩර්බෝල්ට්2 යානයක්

ප්‍රඩේටර් ඩ්‍රෝන් ප්‍රහාරක යානයක්
පහත දැක්වෙන්නේ 2012 වර්ෂයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර්වල ගුවන් පැයක මෙහෙයුම් වියදම් ලැයිස්තුවකි.මෙම වියදම් පසුකාලීනව පහළ බැස තිබෙන බව ඉහත රූප සටහන් වලින් පෙනෙන්නට තිබේ.

A-10C 'වර්තෝග්'  ප්‍රහාරක යානය - ඇ.ඩො.17,716




AC-130U 'ස්පූකි' ප්‍රවාහන ගුවන් යානයක්/ගන් ෂිප් - ඇ.ඩො.45,986




 B-1B 'ලාන්සර්' බෝම්බ හෙළන යානය - ඇ.ඩො.57,807




B-2A 'ස්පිරිට්' ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය - ඇ.ඩො.169,313




B-52H 'ස්ට්‍රාටෝෆෝට්‍රස්' බෝම්බ හෙළන යානය - ඇ.ඩො.69,708




C-130J 'හර්කියුලීස්' භාණ්ඩ ප්‍රවාහන යානය - ඇ.ඩො.14,014




C-17 'ග්ලෝබ්මාස්ටර්' භාණ්ඩ ප්‍රවාහන යානය - ඇ.ඩො.23,811




C-20B විශේෂ පුද්ගලයින්(පෙන්ටගනයේ ඉහළ පෙලේ නිලධාරීන් සඳහා)සඳහා වූ යානය - ඇ.ඩො.32,212




C-32A විශේෂ පුද්ගලයින්(උප ජනපති සහ කැබිනට් මණ්ඩල සභිකයින් සඳහා)සඳහා වූ යානය - ඇ.ඩො.42,936



C-5B ගැලෙක්සි භාණ්ඩ ප්‍රවාහන යානය - ඇ.ඩො.78,817




CV-22B ඔස්ප්‍රයි හෙලිකොප්ටරය - ඇ.ඩො.83,256




E-3B වාසර පුර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන ගුවන් යානය - ඇ.ඩො.39,587




E-4B පියාඹන මූලස්ථානය - ඇ.ඩො.163,485




F-15C 'ඊගල්' ප්‍රහාරක යානය - ඇ.ඩො.41,921




F-16C 'වයිපර්' ප්‍රහාරක යානය - ඇ.ඩො.41,921




F-22 'රැප්ටර්' ප්‍රහාරක යානය - ඇ.ඩො.41,921




HH-60G 'පේව් හෝක්' හෙලිකොප්ටරය - ඇ.ඩො.24,475




KC-10A ගුවනේදී ඉන්ධන සපයන යානයක් - ඇ.ඩො.21,170




MC-130H විශේෂ මෙහෙයුම් යානය - ඇ.ඩො.32,752




MQ-1B 'ප්‍රඩේටර්' ඩ්‍රෝන් යානය - ඇ.ඩො.3,679




MQ-9A 'ඊපර්' ඩ්‍රෝන් යානය - ඇ.ඩො.3,679




RQ-4B 'ග්ලෝබල්හෝක්' ඔත්තු බලන ඩ්‍රෝන් යානය - ඇ.ඩො.49,089




T-38C 'ටැලන්' ගුවන් නියමුවන් පුහුණු කිරීමේ ජෙට් යානය - ඇ.ඩො.9,355




T-6A 'ටෙක්සන්' ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානය - ඇ.ඩො.2,235




U-2 ඩ්‍රැගන් ලේඩි ඔත්තු බලන යානය - ඇ.ඩො.30,813




UH-1N හියුව් හෙලිකොප්ටරය - ඇ.ඩො.13,634




VC-25A එයාර් ෆෝස් වන් ජනපති ප්‍රවාහන යානය - ඇ.ඩො.161,591





source:businessinsider.com


යැංකි ගුවන් හමුදාවේ මෙහෙයුම් වියදම වැඩිම ගුවන් යානා යැංකි ගුවන් හමුදාවේ මෙහෙයුම් වියදම වැඩිම ගුවන් යානා Reviewed by HarshaLulzSec on April 30, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 27

April 29, 2018
සිරියානු අරාබි හමුදාව,ලිවා අල්-කුඩ්ස්(සිරියානු රජයට පක්ෂපාතී පලස්තීන සටන්කාමීන් කණ්ඩායාමක්),පලස්තීන විමුක්ති හමුදාව සහ රජයට පක්ෂපාතී අනෙකුත් කණ්ඩායම් අප්‍රේල් මස 27දා දකුණු ඩැමැස්කස් හි කර්මාන්තශාලා සහිත ප්‍රදේශය අල්ලා ගැනීමට සමත් වූ අතර අල්-අසාලි සහ අල්-කාඩම් යන ප්‍රදේශවලට ඇතුල්වී ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග දරුණු සටන්වල නිරත ව සිටිති.

යාර්මුක් සරණාගත කඳවුර තුල සහ අල්-හජාර් අල්-ආස්වඩ් දිස්ත්‍රික්ක වල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වලට සිරියානු ගුවන් හමුදා ප්‍රහාර එල්ල කරන ලද්දේ යැ‍යි ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරයි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අනුබද්ධිත අමාක් නම් පුවත් ආයතනයට අනුව අල්-කඩාම්,ටැඩමොන් සහ යාර්මුක් කඳවුර යන ප්‍රදේශවල සටන්වලින් රජයේ හමුදාවේ සෙබලුන් සිව්දෙනෙක් සහ එක් නිලධාරියෙක් මරා දමන්නට ත්‍රස්තවාදීන් සමත්ව තිබේ.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් 7ක එකතුවක් වන හෝරාස් අල්-ඩීන් සහ නිදහස් සිරියානු හමුදාව,සිරියානු අරාබි හමුදාව යටතේ තිබෙන උතුරුදිග හමා හි අල්-හමාමෙයාට් ගම්මානයට අප්‍රේල් මස 26දා ප්‍රහාර දුන්හ.කැරලිකරුවෝ ගම්මානය තාවකාලිකව අල්ලා ගන්නට සමත් වුවද සිරියානු අරාබි හමුදාවෙන් අල්ල වූ තදබල කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් පසු බැස ගියහ.කෙසේවෙතත් මෙම සටනේදී රජයේ හමුදා සතුවූ 'ග්වොස්ඩිකා' ස්වයංප්‍රචාලන හොවිත්සරයක් සහ සන්නද්ධ රථයක් කැරලිකරුවන් විසින් විනාශ කරන ලදි.

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානයේ රුසියානු සහ සිරියානු නියෝජිතයෝ සහ අප්‍රේල් 7දා ඩූමා නගරයේ රසායනික අවි ප්‍රහාරයේ සාක්ෂිකරුවෝ එක්ව අප්‍රේල් මස 26දා නෙදර්ලන්තයේ හේග් නගරයේදී මාධ්‍ය හමුවක් පත්වන ලදි.සාක්ෂිකරුවන්ට අනුව වයිට් හෙල්මට්ස් සංවිධානය ප්‍රසිද්ධ කල වීඩියෝපටයේ අඩංගු හානියක් නොවූ ගෑස් සිලින්ඩරය එම සංවිධානයේ රංගනයකි.

හේග් නගරයට ගෙන්වන ලද දාහත්දෙනා අතරින් හයදෙනෙක්, රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානයේ තාක්ෂණික විශේෂඥයෝ විසින් සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන ලදි.

"අනෙක් අයට සූදානමින් සිටියද,විශේෂඥයෝ ඔවුන්ගේ නියමයන් පරිදි කටයුතු කලහ.ඔවුහු අහඹු ලෙස පුද්ගලයෝ හයදෙනෙක් තෝරා ගෙන ඔවුන් සමග කතා කලෝය.ප්‍රශ්න කිරීම්වලින් පසුව විශේෂඥයෝ කියා සිටියේ තමන් සම්පුර්ණයෙන්ම තෘප්තිමත් බවත්,වෙනත් ප්‍රශ්න කිරීම නොමැති බවත්ය.

එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ඇතුලු රටවල් මෙම ඉසව්ව වර්ජනය කර තිබිණි.නෙදර්ලන්තයේ ප්‍රංශ තානාපති පිලීප් ලාලියට් එය හැදින්වූයේ "අශික්ෂිත කෝලමක්" ලෙසයි.

සිරියාව තුල සිය ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික අවි සහ සන්නිවේදනයන් රුසියාව විසින් අවහිර කලේ යැ‍යි එක්සත් ජනපදය මැසිවිලි නගයි.විශේෂ මෙහෙයුම් ආඥාවේ ප්‍රධානී ජෙනරල් රේමන්ඩ් තෝමස් ට අනුව සිරියාව ආසන්නයෙන් පියාසර කල එක්සත් ජනපදයේ ඊසී-130 කොම්පාස් කෝල් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික ගුවන් යානය පවා රුසියානුවන් විසින් බල රහිත තත්ත්වයට පත් කර තිබේ.

අප්‍රේල් 14දා ඇමෙරිකාව ප්‍රමුඛ පක්ෂය සිරියාවට එල්ල කල මිසයිලවලින් වැඩි ප්‍රමාණයක් සිරියානු ගුවන් ආරක්ෂක බලකා විසින් බිම හෙළුවේ යැ‍යි රුසියානු හමුදාව නිවේදනය කිරීමෙන් පසුව,එම කාර්යයේදී රුසියාව ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධති යොදාගෙන සිරියානුවන්ට සහාය වූයේ යැ‍යි යන අදහස සමහර විශේෂඥයෝ වහාම ඉදිරිපත් කලහ.ජෙනරල්වරයාගේ කීම ඉහත අදහස වක්‍රාකාරයෙන් තහවුරු කිරීමක් ලෙසද සැලකිය හැකිය.

සිය මිසයිල 105ම ලබා දුන් ඉලක්ක වෙත පතිත වූයේ යැයි පෙන්ටගනය කරන ප්‍රකාශ බොරුවක් බවට පත් කරමින්,ගුවන් යානා නාශක අවි වල ප්‍රහාරයට ලක් වූ කෲස් මිසයිලවල කොටස් වල සජීව නිදර්ශන මෙන්ම ඡායාරූපද ඉදිරිපත් කරන්නට රුසියානු හමුදාව අප්‍රේල් මස 25දා ක්‍රියා කලේය.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 27 සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 27 Reviewed by HarshaLulzSec on April 29, 2018 Rating: 5

සිරියාවට එස්-300 ගුවන් ආරක්ෂක පද්ධති ලැබෙයිද

April 29, 2018
කොමර්සන්ට් නම් රුසියානු පුවත්පත අප්‍රේල් මස 23දා එරට හමුදා රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ රුසියාව නුදුරේදීම සිරියාවට එස්-300පීඑම්යූ-2 'ෆේවරට්' මිසයිල ආරක්ෂක පද්ධති ලබා දෙනු ඇතැයි කියාය.

එස්-300 පීඑම්යූ-2 'ෆේවරට්' යනු රුසියානු එස්-300 මිසයිල ආරක්ෂක පද්ධතියේ අපනයන මොඩලයකි.එහි පරාසය කි.මී. 195 ක් වන අතර 48N6E2 නම් මිසයිල වර්ගය භාවිතා කරයි.මෙම මිසයිලය ගුවන් යානා,කෲස් මිසයිල,ඩ්‍රෝන් යානා,බැලස්ටික් මිසයිල මෙන්ම අන්තර් මහද්වීපික මිසයිල බිම හෙළීමට පවා යොදා ගත හැකිය.

රුසියානු මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වන අයුරු සරලව


1.දිගු දුර ආවේක්ෂණ රේඩාර් මගින් උපරිම වශයෙන් කි.මී. 300 පරාසයක් ඇතුලත තොරතුරු රැස් කල හැකිය.එම තොරතුරු පාලන රථයට සම්ප්‍රේෂණය  කරයි.

2.ඉලක්කය හඳුනාගෙන ගැනීමත්,මාර්ගෝපදේශනය සපයන රේඩර් පද්ධතියට මිසයිල නිකුත් කිරීමට නියෝග ලබා දෙන්නේ පාලන රථයෙනි.

3.දියත් කිරීමේ දත්ත බලමුළුවේ මිසයිල නිකුත් කරන රථ හයට යවනු ලැබේ.ඒවා සෑම් මිසයිල 2ක් දියත් කරනු ලැබේ.

4.මාර්ගෝපදේශන රේඩාර් පද්ධතිය මිසයිලවලට නිවැරදිව ඉලක්කය කරා ලගා වීමට මග පෙන්වයි.මෙම රේඩාර් පද්ධතියට සමකාලීනව මිසයිල 12ක් දක්වා එකිනෙකට වෙනස් ඉලක්ක 6ක් වෙත ගෙන යෑමට මග පෙන්වීය හැකිය.


පුවත්පත් වාර්තාවට අනුව මෙම ගුවන් ආරක්ෂක පද්ධති සිරියාවට ලබා දෙන්නේ මුදලක් අය කිරීමෙන් තොරවයි.එහි අරමුණ සිරියාව ආවරණය වන සේ බහු-ස්තරීය ගුවන් ආරක්ෂාවක්  පිහිටුවීමට සිරියානු හමුදාවට සහාය වීමයි.

එස්-300පීඑම්යූ-2 පද්ධති මෙම බහු-ස්තරීය ගුවන් ආරක්ෂක ජාලයට එකතු වීමෙන් පසුව ඩැමැස්කස් සහ එරට ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කරගෙන එල්ල වන මිසයිල ප්‍රහාර වලට එරෙහිව අමතර ආරක්ෂාවක් ලැබේ.කොමර්සන්ට් හි මූලාශ්‍ර සඳහන් කරන්නේ එස්-300 පද්ධති ලබා දීම "දේශපාලනික" තීරණයක් බවයි.

තම හමුදා කඳවුරුවල ආරක්ෂාව වෙනුවෙන් ගුවන් ආරක්ෂක ජාලයක් කලින්ම පිහිටුවන්නට රුසියාව ක්‍රියා කර තිබිණි.සිරියානු හමුදා ඉලක්ක කර එල්ල වූ කිසිදු ප්‍රහාරයක් නිල වශයෙන් එම ගුවන් ආරක්ෂක ජාලය මගින් ව්‍යර්ථ නොකර නැත.කෙසේවෙතත් ප්‍රාදේශීය සහ නිල මූලාශ්‍රවලට අනුව සිරියානු ගුවන් ආරක්ෂක බලකා සෙබලුන් පුහුණු කිරීමේදී සහ ඔවුන්ට උපදෙස් ලබාදීමේදී රුසියානු හමුදාව සක්‍රීයව දායකත්වය සපයන අතර සිරියාවේ ගුවන් ආරක්ෂක හැකියාවන් නවීකරණය සඳහාද සහාය ලබාදෙයි.

S-300PMU-2

රුසියාව සිරියානු ගුවන් ආරක්ෂක බලකාවලට පැන්ට්සියර්-එස්1 කෙටි-මධ්‍ය පරාස ගුවන් ආරක්ෂක පද්ධති 40ක් ලබා ඇතැයි රුසියානු හමුදා මූලාශ්‍ර අප්‍රේල් මාසයේ මුලදී අනාවරණය කලහ.පැන්ට්සියර්-එස්1 පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ යුදමය වශයෙන් වැදගත් මර්මස්ථාන සහ එස්-300 වැනි දිගු දුර ගුවන් ආරක්ෂක පද්ධතීන් වලට රැකවරණය සැපයීමටයි.

එස්-300 පද්ධතීන් ලබා ගැනීම සඳහා ඩැමැස්කස් රජය මොස්කව් රජය සමග ගිවිසුමකට එළඹියේ 2010 වර්ෂයේදීය.කෙසේවෙතත් ඉන්පසුව කලාපයේ ඇති වුනු ව්‍යාකූල දේශපාලනික සහ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම කොන්ත්‍රාත්තුව යට ගියේය.මෙම ගනුදෙනුව සම්බන්ධව සිය අසතුට ප්‍රකාශ කල ප්‍රධානතම රට වූයේ ඊශ්‍රායලයයි.

අප්‍රේල් මස 14දා එක්සත් ජනපදය,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් එක්ව සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග සිරියාවට එස්-300 පද්ධති සැපයීමේ තීරණය සම්බන්ධව සලකා බැලීමක් කරන්නට රුසියාවට සිදුවිය.

එවැනි තීරණයක් ගත හොත් එය සිරියාව සම්බන්ධව අලුත් අර්බුදයකට මුලාරම්භය විය හැකිය.ඊශ්‍රායලය සහ එහි ගජ මිත්‍රයා වන එක්සත් ජනපදය එම තීරණයට එරෙහිව ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් දක්වනු ඇත.මන්ද කලාපය තුල මොවුන්ගේ හමුදාමය-රාජතාන්ත්‍රික උපාය මාර්ගවලට එය සෘජු තර්ජනයක් වන බැවිනි.සිරියාවට එස්-300 පද්ධති ලබා දුන් හොත් ඒවා ස්ථානගත කරන ස්ථානවලට පහරදී විනාශ කරන්නට නොපැකිලෙන්නේ යැ‍යි ඊශ්‍රායල අමාත්‍යවරයෙක් පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබිණි.එවැනි ක්‍රියාවකින් ඊශ්‍රායල ගුවන් හමුදාවත්,සිරියානු ගුවන් ආරක්ෂක බලකාත් අතර තවත් ගැටුමක් නිර්මාණය වේවි.

සිරියානු ගුවන් ආරක්ෂක බලකාවල කාර්යක්ෂමතාවය ඉහල යෑමත් සමග ඊශ්‍රායල විශේෂඥයින් සහ නායකත්වය නිරන්තරයෙන් සිරියාවට තර්ජනය කරමින් හඬ අවදි කරමින් සිටිති.පහත දැක්වෙන්නේ ඊශ්‍රායලයට කඩා වැටුණු එරට ගුවන් හමුදාවට අයත් එෆ්-16අයි ෆයිටර් ජෙට් යානයේ කොටස්ය.


ඔවුන්ගේ කතා විලාශයේ ඝෝෂාව ඉහළ ගියේ 2018 පෙබරවාරි 10දා සිරියාවට එරෙහි මෙහෙයුමක් අතරතුර  ඊශ්‍රායල ගුවන් හමුදාවේ එෆ්-16අයි ෆයිටර් ජෙට් යානයක් බිම හෙළීමෙන් පසුවයි.සිරියාවට එස්-300 පද්ධති ලැබීම හරහා ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවේ ඉලක්කවලට මෙන්ම එරට ස්ථානගත කර තිබෙන ඉරාන හමුදාවලට එරෙහිව සිදු කරන මෙහෙයුම් තවදුරටත් අවම වීමයි.එස්-300 පද්ධති හරහා සිරියානු ගුවනේ ඊශ්‍රායල ගුවන් ආධිපත්‍යය අහිමි වීම ඊට හේතුවයි.

අනෙක් අතට එස්-300 පද්ධති ලබාදීම, සිරියානු අර්බුදය ඉහළින් ඉදිරියට යන රාජ්‍යතාන්ත්‍රික අවහිරය එරෙහිව යොදාගත හැකි වැදගත් තුරුම්පුවක්ද වනු ඇත.සිරියාව-ඉරානය-රුසියාව යන මිත්‍ර සන්ධානය සහ තුර්කිය අර්බුදය නිරාකරණය කිරීමේදී බිම් මට්ටමින් සැලකිය යුතු පරිශ්‍රමයක් දැරීය.අනෙක් පසින් එක්සත් ජනපදය-ඊශ්‍රායලය පක්ෂය දිගින් දිගටම ඔවුන්ගේ පරිශ්‍රමයන් අඩාල කිරීමට උත්සාහ දරන ලදි.කෙසේවෙතත් විවෘත යුදමය ගට්ටනයකට යා  යෑම වළක්වා ගැනීමට නම් දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණීම අවශ්‍ය වේ.වෙනස් විකල්ප සෙවීමට යෑමෙන් ප්‍රතිවාදීන්ට තමන්ගේ වාසිය උදෙසා පීඩනය එල්ල කිරීමට අවස්ථාව ලැබේ.




source:southfront.org


සිරියාවට එස්-300 ගුවන් ආරක්ෂක පද්ධති ලැබෙයිද සිරියාවට එස්-300 ගුවන් ආරක්ෂක පද්ධති ලැබෙයිද Reviewed by HarshaLulzSec on April 29, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 26

April 27, 2018
නැගෙනහිර කලාමූන් පොකට්ටුවේ සිටි අවසාන කැරලිකරුවන් කණ්ඩායම ඉවත්ව යෑමෙන් පසුව සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් අප්‍රේල් මස 25දා ප්‍රදේශයේ සම්පුර්ණ පාලනය පිහිටුවන ලදි.කෙසේවෙතත් සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රදේශයේ පාලනය භාර ගත් බවට නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැත.

ඩැමැස්කස් රජය සමග සමාදාන වීමේ එකඟතාවයට මත ප්‍රදේශයේ කැරලිකරුවෝ විශාල පිරිසක් රැදි සිටිති.ඔවුන් ප්‍රදේශය තුලම රැදී සිටීමට කැමැත්ත පළ කර තිබේ.ඔවුන්ගෙන් සමහරක් රජයට පක්ෂපාතී ජාතික ආරක්ෂක බලකාවලට එක් වේවි.

දකුණු ඩැමැස්කස් හි යාර්මුක් කඳවුර අවට සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට,රජයේ හමුදා යොදන පීඩනය දිගටම පත්වාගෙන යයි.ප්‍රධානතම සටන් පවතින්නේ මඩනියාහ් ප්‍රදේශයේය.තම සාමාජිකයන් විසින් රජයේ හමුදාවට යටත් යුද ටැංකි 3කට හානි කිරීමට සමත් වූ බව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය කියයි.

පසුගිය සතියේ කුර්දි ජනතා ආරක්ෂක ඒකක විසින් නිවේදනය කලේ ඔවුන්ගේ සාමාජිකයෝ එල්ල කල ප්‍රහාරවලින් තුර්කි හමුදාවේ සහ නිදහස් සිරියානු හමුදාවේ සාමාජිකයෝ 12ක් මරුමුවට පත් වූ බවයි.

කුර්දි හමුදාවලට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ,එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා නුදුරේදීම නැගෙනහිර සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානමින් සිටියි.කෙසේවෙතත් සමහර සිරියානු විශේෂඥයින්ට අනුව ඉරාක-සිරියා දේශසීමා ආසන්නයේ තිබෙන ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් සහමුලින්ම විනාශ කිරීමක් සඳහා වොෂින්ටනය උත්සාහ නොදරාවි,මන්ද එක්සත් ජනපද හමුදාවට නීතිවිරෝධීව සිරියාවේ රැඳී සිටීමට තිබෙන හේතුව ඉවත් කර ගන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති නිසාය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 25දා මාධ්‍ය හමුවකදී එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යන රටවල් සිරියාව ඉලක්ක කරගෙන අප්‍රේල් මස 14දා එල්ල කල මිසයිල ප්‍රහාරය සම්බන්ධ තවත් විස්තර හෙළි කරන්නට මාධ්‍ය හමුවක් පත්වන ලදි.

එහිදී විනාශ වූ මිසයිලවල කොටස් සහ ටොමහොක් කෲස් මිසයිලයක් ඇතුලුව පුපුරා නොගිය කෲස් මිසයිල දෙකක් ප්‍රදර්ශනය කලේය

අප්‍රේල් මස 25දා මාධ්‍ය හමුවේදී රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හෙළිකල තොරතුරු වල සාරාංශයක්,

  • එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එල්ල කල මිසයිල වලින් 22ක් ඉලක්ක වෙත පතිත විය.
  • සිරියානු අගනුවර සහ ඩුවාලි,ඩුමයිර්,බ්ලායි සහ මාසෙහ් යන ගුවන් කඳවුරු ආවරණය කල සිරියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් මිසයිල 46ක් බිම හෙළන ලදි.
  • හෝම්ස්  හි ගුවන් ආරක්ෂක කලාපය තුල වූ ප්‍රදේශ තුනකට එල්ල වූ මිසයිල 20ක් බිම හෙළන්නට සමත් විය.
  • අනෙක් මිසයිලවලට ඔවුන්ගේ ඉලක්ක වෙත ළගාවන්නට නොහැකි වූයේ බොහෝවිට තාක්ෂණික හේතු නිසාවෙනි..

මෙම ප්‍රහාරය සම්බන්ධව පෙන්ටගනය ඉදිරිපත් කල වාර්තාවට අනුව රටවල් ත්‍රිත්වය විසින් මිසයිල 105ක් නිකුත් කල අතර ඒ සියල්ල ඉලක්ක වෙත පතිත විය.පෙන්ටගනයේ ප්‍රකාශක එරික් පහොන් අප්‍රේල් මස 25 දා ප්‍රකාශ කලේ මෙය "රුසියානු අසත්‍ය ප්‍රචාර ව්‍යාපාරයට එක් උදාහරණයක්" පමණක් බවයි.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 26 සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 26 Reviewed by HarshaLulzSec on April 27, 2018 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 25

April 26, 2018
සිරියාවේ ලැටාකියා පළාතේ පිහිටා තිබෙන මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට අප්‍රේල් මස 24දා එල්ල වූ සන්නද්ධ ඩ්‍රෝන් ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට රුසියානු හමුදා සමත් විය.

වාර්තාවලට අනුව,බෝම්බ වලින් සන්නද්ධව පැමිණි ඩ්‍රෝන් යානා 2ක් කඳවුරට පහරදීමට පෙර රුසියානු පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති වල ප්‍රහාර හමුවේ විනාශ විය.සමහර මූලාශ්‍ර සඳහන් කරන්නේ ඊට අමතරව කඳවුරට රොකට් ප්‍රහාරද එල්ල වූ බවත් ,ඒවාද ගුවනේදී විනාශ කල බවත්ය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුව නිකුත් කල ප්‍රකාශයක සඳහන් වූයේ "මූලාරම්භය නොදන්නා කුඩා ප්‍රමාණයේ ගුවන් ඉලක්ක" ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් බිම හෙලුයේය කියාය.

රුසියානු කඳවුරුවලට නැවත නැවත එල්ල වන ඩ්‍රෝන් ප්‍රහාර වලින් පෙන්නේ සිරියාවේ ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායම්වලට,සිරියානු අරාබි හමුදාවට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය තරම් සම්පත් අවම බවයි.මෙවැනි ප්‍රහාර හරහා ඔවුන් අත්පත් කර ගැනීමට උත්සහා දරන අරමුණ වන්නේ,ප්‍රහාරයන් මාධ්‍ය ඔස්සේ උලුප්පා දක්වමින් ඒ හරහා ඔවුන්ගේ විදේශීය අනුග්‍රාහකයන්ගෙන් අමතර අරමුදල් සහ සහාය ලබා ගැනීමයි.

කැරලිකරුවන්ට එවැනි මාධ්‍ය ආවරණයක් ලබා ගත හැක්කේ රුසියානු ගුවන් හමුදා කඳවුරට සහ එහි තිබෙන ගුවන් යානාවලට හානියක් කල හැකි සාර්ථක ප්‍රහාරයකින් පසුවයි.

කැරලිකරුවෝ ඉවත්ව යෑමෙන් පසුව නැගෙනහිර කලාමූන් හි ජේරුඩ් නගරයේ පාලනය සිරියානු අරාබි හමුදාව අතට පත් විය.ඉතිරි ප්‍රදේශවල පාලනය ලබා ගැනීම සඳහා වූ එකඟතාවය ඇති කර ගැනීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් තිබේ.

දකුණුදිග ඩැමැස්කස් හි ජෝරා පළතුරු වගා බිම් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ,සිරියානු අරාබි හමුදාවේ සහ මිත්‍ර සටන්කාමී කණ්ඩායම්වල මෙහෙයුම දිගටම ක්‍රියාත්මකය.කෙසේවෙතත් තවම ප්‍රධාන මට්ටමේ ජයග්‍රහණයක් අත් කරගන්නට හමුදාව සමත්ව නැත.රජයේ හමුදාවල ඉදිරි ගමන එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයක් දැක්වීම ඊට හේතුවයි.

අප්‍රේල් 14දා එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සිරියාවට එල්ල කල දැවැන්ත ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස රුසියාව,සිරියානු හමුදාවට  එස්-300 ගුවන් ආරක්ෂක පද්ධති සැපයීමට සූදානම් යැ‍යි පළවන වාර්තා සම්බන්ධව ඊශ්‍රායලය අසතුට පළ කර තිබේ.ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යය ඇවිග්ඩෝර් ලීබ්‍රමන් කියා සිටියේ තම රටට තර්ජනයක් වන ඕනෑම අවියක් ඊශ්‍රායල හමුදා විසින් කුඩු පට්ටම් කර දමන බවයි. 

"රුසියානුවන් සිරියාවට ලබා දෙන ආත්මාරක්ෂක අවි අපිට එරෙහිව භාවිතා නොකරාවි යන්න අපිට වැදගත්ය.ඒවා අපිට විරුද්ධව භාවිතා කල හොත්,අපි ඔවුන්ට එරෙහිව ක්‍රියා කරනවා." යැ‍යි ලීබ්‍රමන් පැවසු බව වයිනෙට් පුවත්පතේ සඳහන්ය."කිසිවෙක් අපිට පහර දුන්හොත්,එහි තිබෙන්නේ එස්-300,එස්-700 වුවත් අපි පළිගන්නවා," -ඇවිග්ඩෝර් ලීබ්‍රමන්

ඊශ්‍රායලය සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොදැමුවද අපේ රට ඉලක්ක කරන දියුණු අවි පද්ධති සිරියාවට ගෙන එන්නට ඉරානයට ඉඩ නොදෙන්නේ යැ‍යිද ඔහු පැවසීය.

එක්සත් ජනපදයේ CENTCOMහි අණදෙන ජෙනරල් නිලධාරී ජොසෙප් වෙටෙල් ඊශ්‍රායල ආරක්ෂක අංශවල ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීම සඳහා රහසිගත සහ අපේක්ෂා නොකල සංචාරයක නිරත වී තිබේ.සමහර විශේෂඥයින් අනුමාන කරන්නේ මෙම හදිසි ඊශ්‍රායල සංචාරයේ අරමුණ වන්නට ඇත්තේ,සිරියාවට එස්-300 මිසයිල ආරක්ෂක පද්ධති ලැබුනොත් ඊළගට ගන්නා ක්‍රියාමාර්ග විය හැකි බවයි.





source:southfront.org



සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 25 සිරියානු යුද වාර්තාව - 2018 අප්‍රේල් 25 Reviewed by HarshaLulzSec on April 26, 2018 Rating: 5

ට්‍රම්ප්ගේ "ස්මාට්" මිසයිලවල සුන්බුන්

April 26, 2018
රුසියානු ජෙනරල්වරුන්ගේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක කර්නල් ජෙනරල් සර්ගෙයි රඩ්ස්කොයි අප්‍රේල් මස 25දා පවත්වන ලද මාධ්‍ය හමුවකදී,අප්‍රේල් 14 දා සිරියාවට එල්ල කල මිසයිල ප්‍රහාරය සම්බන්ධව පෙන්ටගනය ඉදිරිපත් කල විස්තරය බොරුවක් යැ‍යි සනාථ කරන සාක්ෂි ඉදිරිපත් කරන ලදි.

පුපුරා නොගිය සහ සිරියානු ගුවන් ආරක්ෂක බලකායේ ප්‍රහාරවලින් බිම පතිත වූ කෲස් මිසයිලවල කොටස් මාධ්‍ය හමුවේදී ඡායාරූප සහ විඩියෝපට යොදාගෙන හෙලිදරවු කරන ලදි.ඒවා අතර පුපුරා නොගිය ටොමහොක් කෲස් මිසයිලයක් සහ ගුවන් යානාවලින් හෙළන ලද ඉහළ නිරවද්‍යතාවයකින් ඉලක්ක වෙත පතිත වන මිසයිලයක්ද විය.

"සමහර මිසයිලවලට කලින් සැලසුම් කර තිබූ ඉලක්ක වෙත ළඟාවන්නට නොහැකි වූයේ තාක්ෂණික ගැටලු හේතුවෙනි.එයින් දෙකක්,ටොමහොක් කෲස් මිසයිලයක් සහ ගුවනින් හෙළන කෲස් මිසයිලයක් මොස්කව් වෙත රැගෙන එන ලදි.ඔබට මේ ස්ලයිඩ් එකෙහි ටොමහොක් කෲස් මිසයිලයේ අවි ශීර්ෂය දැක ගැනීමට පුලුවනි" -කර්නල් ජෙනරල් රඩ්ස්කොයි


පහත දැක්වෙන්නේ ඇමෙරිකානු ටොමහොක් කෲස් මිසයිලයක කොටස්ය





ඇමෙරිකානු ටොමහොක් කෲස් මිසයිලයක කොටස් යැ‍යි සැලකෙන තවත් ඡායාරූප






කර්නල් ජෙනරල්වරයා කියා සිටියේ රුසියානු විශේෂඥයෝ මෙම මිසයිල අධ්‍යයනය කරමින් සිටින බවයි.

"මෙම කාර්යයේ ප්‍රතිඵල රුසියානු අවි පද්ධති වැඩිදියුණු කිරීම සඳහා යොදා ගනිවි" -කර්නල් ජෙනරල් රඩ්ස්කොයි

ගුවනේදී බිම හෙලූ කෲස් මිසයිලවල සුන්බුන් ද මෙම මාධ්‍ය හමුවේදී ප්‍රදර්ශනය කරන ලදි.


 ගුවන් යානාවලින් දියත් කරන ස්ට්‍රෝම් ෂැඩෝ කෲස්  මිසයිලයක කොටස්





පෙන්ටගනයේ නිවේදනයට අනුව අප්‍රේල් මස 14දා එක්සත් ජනපදය,මහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සිරියාව ඉලක්ක කරගෙන කෲස් මිසයිල 105ක් දියත් කර තිබේ.මිසයිල සියල්ලම සැලසුම් කල පරිදි ඉලක්ක වල ගැටුණු බවත් කිසිදු මිසයිලයක් ගුවනේදී බිම හෙලුවේ නැති බවත් පෙන්ටගනය පැවසීය.


නමුත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ කෲස් මිසයිල 71ක් සිරියානු ගුවන් ආරක්ෂක බලකා විසින් ගුවනේදී වෙඩි තබා බිම හෙලූ බවයි.


 අප්‍රේල් 25දා කර්නල් ජෙනරල් රඩ්ස්කොයි ඉදිරිපත් කල තොරතුරු මෙසේය.

  • මිසයිල 22ක් පමණක් සිරියාවේ ඉලක්ක වෙත පතිත විය.
  • මිසයිල 46ක් සිරියානු ගුවන් ආරක්ෂක බලකා විසින් බිම හෙළන ලදි.
  • ඉතිරි මිසයිල ඔවුන්ගේ ඉලක්ක වෙත පිවිසීමට අසමත් වූයේ තාක්ෂණික දෝෂ හේතුවෙන් විය හැකිය.


 පෙන්ටගනයේ විස්තරයට අනුව,

  • මිසයිල 76 ක් බර්සාහ් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයට පතිත විය.
  • මිසයිල 22ක් හිම් ෂින්ෂාර් රසායනික අවි ගබඩා භූමියට පතිත විය.
  • මිසයිල 7ක් හිම් ෂින්ෂාර් රසායනික අවි බංකරයට පතිත විය.

කර්නල් ජෙනරල් රඩ්ස්කොයිට අනුව ප්‍රහාරයේ ඉලක්කයන් වූ කිසිදු ගොඩනැගිල්ලක් රසායනික අවි නිපදවීමට හෝ  ගබඩා කිරීමට අෂාඩ් රජය විසින් භාවිතා නොකලේය.

ඔහු තවදුරටත් කියා සිටියේ රුසියාව තවත් ගුවන් ආරක්ෂක පද්ධති සිරියාවට සැපයීමටත්,සිරියානු ගුවන් ආරක්ෂක බලකා සෙබලුන් පුහුණු කිරීම නොනවත්වා කර ගෙන යෑමටත් ක්‍රියා කරන බවයි.


කෲස් මිසයිල සුන්බුන්වල තවත් ඡායාරූප,මේවාහි සුදු පැහැයෙන් සලකුණු කර තිබෙන්නේ සිරියානු ගුවන් ආරක්ෂක මිසයිල ගැටීම නිසා සිදුවූ හානීන්ය.

 












ට්‍රම්ප්ගේ "ස්මාට්" මිසයිලවල සුන්බුන් ට්‍රම්ප්ගේ "ස්මාට්" මිසයිලවල සුන්බුන් Reviewed by HarshaLulzSec on April 26, 2018 Rating: 5
Powered by Blogger.