රුසියානු ගුවන් හමුදාව සිරියාවේ දෙවසරක්

February 14, 2018

සිරියාවේ සිටින රුසියානු හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීම ආරම්භ කරන්න යැ‍යි රුසියානු ජනාධිපති විලැඩ්මීර් පුටීන් ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී තිබුණේ පසුගිය වර්ෂයේදීය.මෙම ඉසව්වේ ආරම්භය සනිටුවන් කරමින් රුසියානු ජනාධිපති හ්මෙයිමින්  ගුවන් හමුදා කඳවුරට පැමිණියේ පසුගිය දෙසැම්බර් මාසයේය.රුසියානු ගුවන් හමුදාව සිරියාවේ මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ 2015 සැප්තැම්බර් මස 30දාය.2017 සැප්තැම්බර් මස 22 වන විට නිකුත් කර තිබූ දත්ත වලට අනුව රුසියානු යුද ගුවන් යානා කඳවුරෙන් බැහැරට ගොස් පහරදීම් 30,000 වැඩි ගණනක්ද,පහරදීම් 92,000 පමණද සිදු කර තිබේ.මෙම ප්‍රහාර හමුවේ මුලිනුපුටා දැමූ ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 58,000 පමණ වෙතැයි රුසියානු වාර්තා වල දැක්වේ.



 රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේදී රුසියානු සෙබලුන් ඇමතූ අයුරු.රුසියානු හමුදා සිරියාවෙන් ඉවත් කරගන්නා බවට ඔහු එහිදී ප්‍රකාශ කරන ලදි.2017 දෙසැම්බර් මස 11.




රුසියානු ගුවන් හමුදාව 2015 සැප්තැම්බර් මස 30දා සිරියාවේ යුද මෙහෙයුම් ආරම්භ කරන ලදි.ප්‍රහාරක යානා පහරදීමක් සඳහා යැවීමට සූදානම් කරන වන සෙබලුන්,2015 ඔක්තෝම්බර් 22.




 රුසියානු ඇන්ටනොව්-124 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරු ධාවන පථයෙන් පිටත් වන අයුරු.2015 දෙසැම්බර් 16.
 



 රුසියානු සුකොයි-34 බෝම්බ හෙළන යානයක් සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ නවතා තිබෙන අයුරු,2015 දෙසැම්බර් 16.




 රුසියානු එස්-400 දිගු දුර ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතීන් මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙන අයුරු,2015 දෙසැම්බර් .




 රුසියානු සෙබලෙක් මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ එලිමහනේ සිය ශරීර සුවතාවය වෙනුවෙන් ව්‍යායාමවල නිරත වන අයුරු,2016 පෙබරවාරි 24.




 මධ්‍යධරණී මුහුදට පැමිණි රුසියානු කළු මුහුදු නෞකා බල ඇණියට අයත් මිසයිල ප්‍රහාරක නෞකාවක් සිරියාවේ ජබාත් අල් නුස්රා ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත කෲස් මිසයිල ප්‍රහාර දියත් කරන අයුරු,2016 අගෝස්තු 18.




 රුසියානු නියමුවෙක් සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ සුකොයි-25 ගොඩබිම් ප්‍රහාරක ජෙට් යානයකට ප්‍රවේශ වන අයුරු,2016 මාර්තු 15.




 ගුවනේ තෙල් පිරවීමක් සිදුකරන Tu-95MS උපාය මාර්ගික බෝම්බ හෙළන යානයක් සිරියානු ගුවනේ.




 Uran-6 නම් බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ රොබෝ යන්ත්‍රය යළිත් ඇන්ටනොව්-124 යානයකට පටවන අයුරු.මේවා සිරියාවේ පැල්මයිරා නගරය ආශ්‍රිත බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ මෙහෙයුම් වෙනුවෙන් රුසියාව ලබා දුන් යන්ත්‍රයි,2016 මාර්තු 29.




 රුසියානු හමුදාවේ බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ විශේෂඥයෝ,2016 අප්‍රේල් 2.




 රුසියානු බහුකාර්යය හෙලිකොප්ටරයක් වන  යානයක්  සිරියාවේ පැල්මයිරා හි,2016 අප්‍රේල් 10.




 පැල්මයිරා ප්‍රදේශයට ඉහළින් පියාසර කරන හෙලිකොප්ටරයක් සිටින සන්නද්ධ සෙබලෙක්,2017 සැප්තැම්බර් 15.




 හෝම්ස් හි යුද මුක්ත කලාපයේ මුර පොළකදී ජනතාවට රුසියානු මානුෂීය ආධාර බෙදාදෙන සෙබලුන්,2017 සැප්තැම්බර් 13.




 රුසියාවේ වොරොනෙස් කලාපයට ගොඩ බැස්ස සිරියාවේ සිට පැමිණි පළමු සුකොයි-34 ෆයිටර් බෝම්බ හෙළන යානා කාණ්ඩයේ නියමුවන් පිළිගැනීම වෙනුවෙන් පැවැත්වූ උත්සවය,2016 මාර්තු 15.




Source:tass.com


රුසියානු ගුවන් හමුදාව සිරියාවේ දෙවසරක් රුසියානු ගුවන් හමුදාව සිරියාවේ දෙවසරක් Reviewed by HarshaLulzSec on February 14, 2018 Rating: 5

සිංගප්පුරු ගුවන් ප්‍රදර්ශනය - 2018

February 14, 2018

2008 වර්ෂයේදී ආරම්භ වූ සිංගප්පූරු ද්වීපාර්ශවීය ගුවන් ප්‍රදර්ශනය මෙවර පැවැත්වූයේ පෙබරවාරි මස 6-11 කාලයේදීය.ඒ සඳහා ගුවන් තරණය ක්ෂේත්‍රයේ සමාගම් 1000කට වැඩි ගණනක් එක්විය.පහත දැක්වෙන්නේ ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේදී ලබාගත් ඡායාරූප කිහිපයකි.


Embraer E-190 E2 වාණිජ ගුවන් යානයේ ඉදිරිපස කොටසේ ව්‍යාඝ්‍රයෙක්ගේ මුහුණ පින්තාරු කර තිබෙන අයුරු.




කොරියානු සමූහාණ්ඩුවේ  ගුවන් හමුදාව  සතු ටී-50 ජෙට් යානා ගුවන් කරණම් පෙන්වන අයුරු.මේ සඳහා සහභාගි වූයේ බ්ලැක් ඊගල්ස් නම් ගුවන් කරණම් කණ්ඩායමයි.




ඇමෙරිකානු එෆ්-35බී ෆයිටර් ජෙට් යානයක්




සිංගප්පුරු සමූහාණ්ඩුවේ ගුවන් හමුදාව එෆ්-15එස්ජී ෆයිටර් ජෙට් යානයක්,එෆ්-16 ෆයිටින් ෆැල්කන් යානයක් පසුකර පියාසර කරන අයුරු.




එයාර් බස් ඒ350-1000 ගුවන් යානයක රෝල්ස්-රෝයිස් ජෙට් එන්ජිමක්




දකුණු කොරියාවේ බ්ලැක් ඊගල්ස් ගුවන් කරණම් කණ්ඩායම




චීනය විසින් ඉදිරිපත් කර තිබූ Wing Loong II නම් ප්‍රහාරක ඩ්‍රෝන් යානය




එයාර් බස් A350-1000 XWB ගුවන් යානයක පියාපතක්




රාජකීය තායි ගුවන් හමුදාවේ JAS-39 Gripen ප්‍රහාරක යානයක්




එෆ්-35බී ෆයිටර් ජෙට් යානයේ නියමු කුටිය




සුකොයි එම් එස්-21 සහ සුපර් ජෙට් 100 ගුවන් යානාවල කුඩා ප්‍රමාණයේ ආදර්ශ මොඩල




සිංගප්පූරු සමූහාණ්ඩුවේ සුපර් පූමා හෙලිකොප්ටරයේ දොර අසල සවි කර තිබෙන මැෂින් තුවක්කුව.




සිංගප්පුරු ගුවන් හමුදාවේ එෆ්-15එස්ජී ෆයිටර් ජෙට් යානයක්




Source:tass.com


සිංගප්පුරු ගුවන් ප්‍රදර්ශනය - 2018 සිංගප්පුරු ගුවන් ප්‍රදර්ශනය - 2018 Reviewed by HarshaLulzSec on February 14, 2018 Rating: 5

රුසියාවේ යුද ටැංකි සංචිතය

February 14, 2018

ඇමෙරිකානු ඒබ්‍රම්ස් යුද ටැංකියේ හැකියාවන් ඉක්මවා යතැයි කියන අලුත් යුද ටැංකිය රුසියානු හමුදාව සතුය.එය රුසියාව සතු යුද ටැංකි සංචිතයේ එක් යුද ටැංකියක් පමණි.මොස්කව් රජය ඔවුන්ගේ ටී-14 අමාටා සංග්‍රාමික යුද ටැංකිය අනාවරණය කලේ 2015 වර්ෂයේදීය.එතැන් පටන් එය බටහිර රටවල දැඩි අවධානයට ලක් විය.එය සතුව තිබෙන්නේ සුමට කුහරයක් සහිත මි.මී. 125 විශ්කම්භයක් සහිත ප්‍රධාන අවියකි.අනාගතයේදී එම අවිය වෙනුවට න්‍යෂ්ඨික උණ්ඩ නිකුත් කල හැකි මි.මී.152 අවියක් ආදේශ වේවි යැ‍යි අදහස් පළවේ.කෙසේ වෙතත් 2019 වන තෙක් අමාටා යුද ටැංකිය හමුදාවට එක් නොවේවි.ඒ අතරතුර ටී-72බී3 සහ ටී-80යූ යුද ටැංකි රුසියානු යුද ටැංකි සංචිතයෙන් 2,700 පමණ නියෝජනය කරයි.


ටී-34 යුද ටැංකි මොඩල අතරින් එහි ටී-34-85 සංස්කරණය 1940 දී හඳුන්වා දෙන්නේ මි.මී. 85 ප්‍රධාන අවියක් සහිතවයි.නමුත් මේ දිනවල ටී-34-85 යුද ටැංකිය සොයා ගත හැකි වන්නේ කෞතුකාගාර තුලදී පමණි.කෙසේවෙතත් මෙම යුද ටැංකි කිහිපයක් රුසියානු සහාය ලබන යුක්‍රේන බෙදුම්වාදීන් විසින් භාවිතා කල බවට වාර්තා වී තිබේ.





1950 දශකයේ මැද භාගයේදී හඳුන්වාදුන් ටී-55 යුද ටැංකිය මි.මී.100 ප්‍රධාන අවියකින් සමන්විතය.එහි උපරිම වේගය  පැයට සැතපුම් 30-34 අතර විය.වසර ගණනාවක් තිස්සේ මෙම යුද ටැංකි නවීකරණය කිරීම් රැසකට ලක්විය.දැන් ටී-55 යුද ටැංකිය රුසියානු හමුදාවේ සේවයෙන් විශ්‍රාම යවා තිබුණත් සංචිතවල 2,800 පමණ තිබෙන බව සඳහන් වේ.





1961 වර්ෂයේදී හඳුන්වා දුන් ටී-62 යුද ටැංකිය මි.මී.115 ප්‍රධාන අවියකින් සමන්විත අතර ඊට පැයට සැතපුම් 31 උපරිම වේගයෙන් ගමන් කල හැකිය.එයද රුසියානු හමුදාවේ සේවයේ නොපවතින අතර සංචිත වල ටී-62 යුද ටැංකි 2,500ක් පමණ තිබෙන බව සඳහන්ය.





ටී-64 යුද ටැංකියද 1960 දශකයේ මුල් භාගයේ හඳුන්වා දුන්නකි.මි.මී.125 ප්‍රධාන අවියක් පැයට සැතපුම් 27-34 උපරිම වේගයක් සහිත මෙහි වේගය අදාල මොඩලය අනුව වෙනස් වේ.ටී-55,ටී-62 මෙන් ටී-64 යුද ටැංකියද විශ්‍රාම යවා තිබෙන මුත් සංචිතවල 2000 පමණ ප්‍රමාණයක් තිබේ යැයි කියවේ.





1992 වර්ෂයේදී නිෂ්පාදනය කිරීම ආරම්භ කල ටී-90ඒ යුද ටැංකිය මි.මී. 125 සුමට කුහරයක් සහිත 2A46M වර්ගයේ ප්‍රධාන අවියකින් සන්නද්ධය.දැන රුසියානු හමුදාව සේවයේ යොදවා තිබෙන ටී-90ඒ යුද ටැංකි සංඛ්‍යාව 350 යැයිද සංචිතවල 200ක් ද තිබේ යැ‍යි සඳහන් වේ.





ටී-80යූ යුද ටැංකි සේවයට එන්නේ 1985 වර්ෂයේදීය.එය 1976 වර්ෂයේදී හඳුන්වාදුන් ටී-80 යුද ටැංකිය වඩාත් දියුණුතම මොඩලයයි.ටී-80යූ යුද ටැංකියට එහි මි.මී.125 ප්‍රධාන අවියෙන් 9M119 Refleks නම් යුද ටැංකි නාශක නියාමක මිසයිල නිකුත් කල හැකිය.දැනට රුසියානු හමුදාව මෙම යුද ටැංකි 450ක් සේවයේ යොදවා තිබේ.තවත් 3000 පමණ ප්‍රමාණයක් සංචිත වල ඇතැයි සැලකේ.





2013 වර්ෂයේදී පමණ වැඩිදියුණු කල ටී-72බී3 යනු ටී-72 යුද ටැංකියේ නවතම මොඩලයයි.එය සතුවත් 9M119 Refleks යුද ටැංකි නාශක නියාමක මිසයිල නිකුත් කිරීමේ හැකියාව තිබේ.රුසියානු හමුදාවේ ටී-72 යුද ටැංකි 1,900 සක්‍රීය සේවයේ ඇත.තවත් යුද ටැංකි 7,000ක් සංචිතවල තිබේ.





ටී-14 අමාටා යුද ටැංකිය පැමිණෙන්නේ අධි ප්‍රවේගී මි.මී.125 ප්‍රධාන අවියක් සහිතවයි.ඊට ලේසර් නියාමක මිසයිලයක් සැතපුම් 7.4 දුරකට එල්ල කිරීමේ හැකියාව තිබුණද ඇමෙරිකානු M1A2 SEP V3 ඒබ්‍රම්ස් යුද ටැංකියේ එම පරාසය සැතපුම් 2.4 සීමාවේ.


ටී-14 අමාටා යුද ටැංකිය දුරස්ථ පාලක කොතකින් සමන්විතය.ඒ නිසා එහි කාර්ය මණ්ඩලයට සුරක්ෂිතව සිටිමින් යුද ටැංකිය පාලනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.එය පුර්ණ දුරස්ථපාලන යුද ටැංකියක් වීමට එක් පියවරක් පසුපසින් සිටියි.ටී-14 යුද ටැංකි ඒ අතින් සියලුම බටහිර යුද ටැංකි වලට වඩා ඉහළ තැනක සිටියි.කෙසේවෙතත් යුද ටැංකියේ වටිනාකම ඉහළ නිසා කාලයක් යන තුරු ප්‍රමාණවත් යුද ටැංකි ප්‍රමාණයක් නිපදවන්නට රුසියාව අසමත් වේවි යැයි විශේෂඥයින් පවසා ඇත.


Source:businessinsider.com

රුසියාවේ යුද ටැංකි සංචිතය රුසියාවේ යුද ටැංකි සංචිතය Reviewed by HarshaLulzSec on February 14, 2018 Rating: 5

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් යුදෝපකරණ

February 11, 2018

සිරියානු අරාබි හමුදාවේ ටයිගර් නම් බලකා විසින් ඊසාන දිග හමා,ගිණිකොන දිග ඉඩ්ලිබ් සහ නිරිතදිග  ඇලැපෝ ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකල මෙහෙයුම්වලින් අල්ලා ගත් යුදෝපකරණ රැසක් මෙම මස 9 වනදා ප්‍රදර්ශනය කරන ලදි.ඒවා අතර රුසියානු කොන්කෘස් යුද ටැංකි නාශක නියාමක මිසයිල විදින 10ක්,ඇමෙරිකානු ටොව් යුද ටැංකි නාශක මිසයිල විදින 3ක්,රුසියානු මෙටිස්-එම් යුද ටැංකි නාශක මිසයිල විදින 4ක් ද තිබිණි.ඊට අමතරව එම මිසයිල විදින සඳහා භාවිතා කරන  දුසිම් ගණනක් මිසයිල සහ තාපජ දර්ශන පථද ප්‍රදර්ශන භූමියේ තිබිණි.

රුසියාවේ නිෂ්පාදිත Konkurs යුද ටැංකි නාශක මිසයිල විදින


ඇමෙරිකාවේ  නිෂ්පාදිත TOW යුද ටැංකි නාශක මිසයිල විදින


ටයිගර් බලකා විසින් ත්‍රස්තවාදීන් සමග මෑතකදී සිදුකල සටන් වලදී අත්පත් කරගත් ටී-55 යුද ටැංකි 2ක්,හානියට පත්වූ බීඑම්පී -1 පුද්ගල ප්‍රවාහන සන්නාහ සන්නද්ධ රථයක්,හානියට පත් වූ ග්‍රාඩ් රොකට් විදින රථයක් සහ තවත් වාහන 4ක්ද ප්‍රදර්ශනයේ දක්නට ලැබිණි.ඊට අමතරව ආර්පීජී-7 අවි,ඒජීඑස්-17 ස්වයංක්‍රීය අත් බෝම්බ විදින,එස්පීජී-9 වාංගු රහිත රයිෆල් සහ බලවත් ස්නයිෆර් රයිෆල් ආදී සුළු අවි විශාල ප්‍රමාණයක් ටයිගර් බලකා අතට පත්ව තිබේ.මෙහි දැක්වෙන්නේ ඊට අදාල ඡායාරූප කිහිපයකි.

T-55 යුද ටැංකි දෙකක්

SPG-9 අවියක්

හානි වූ BMP-1 රථයක්

හානි වූ Grad රොකට් විදින රථය

මැෂින් තුවක්කු










Source:southfront.org

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් යුදෝපකරණ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගත් යුදෝපකරණ Reviewed by HarshaLulzSec on February 11, 2018 Rating: 5
Powered by Blogger.