ඇඩොල්ෆ් හිට්ලර් - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

January 10, 2018

දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසුව ලෝකය ඇසුවේ ඒකපාර්ශ්වික විශ්වාස නොකල හැකි කතාවකි.මේ කතාව සාමාන්‍යය පවුලකින් පැමිණි චිත්‍රශිල්පියෙක් වීමේ ආශාවන් පසුවූ නමුත් පාලකයෙක් ලෙස නැගී සිටි පිරිමි ළමයෙක් ගැනයි.ලැබෙන තෙක් බලා නොසිට ස්ව උත්සාහයෙන් ලබාගත හැකි ඉහළම බලය වෙත ගමන් කල ඔහු ලොව පහළවූ බලවත්ම පුද්ගලයෙක් බවට පත්විය.මේ වාර්තා වැඩසටහනින් ඉදිරිපත් කරන්නේ බහුතරයකට කෲර ඒකාධිපතියෙක් වූ ,ස්වල්පදෙනෙකුට ආරක්ෂකයෙක් ලෙස පෙනුන ඇඩොල්ෆ් හිට්ලර් ගැන නොකියූ කතාවයි.


TruthWillOut Films ඔස්සේ ඉදිරිපත් කල මෙම වාර්තා වැඩසටහන පැය 6 පුරා දිවෙන ඔබ කිසිදා නොඇසූ දෙවන ලෝක යුද්ධයේ සැඟවූ සත්‍යය එළිදරව් කරයි.පළමු ලෝක යුද්ධය පරාජය වීමෙන් පසුව නැගී සිටිමින් සිටි ජර්මනිය අල්ලා ගැනීමට කොමියුනිස්ට්වාදීන් දැරූ උත්සාහයන් අතරේ,විරැකියාවෙන්,දුඛිත වී සිටි ජර්මානුවන් සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගී සිටීම මේ ඔස්සේ දිගහැරේ.හිට්ලර්ගේ පෞද්ගලික ජීවිතය,ඔහු කවුද,ඔහුගේ පවුල් පසුබිම,ඔහුගේ චිත්‍ර ශිල්පිය සහ බලය ලබාගැනීමට අරගල කල අයුරු මින් ඉදිරිපත් කෙරේ.

සැඟවුණු ඉතිහාසයේ නැවත සලකා බැලිය යුතු තැන්;රූස්වෙල්ට්ගේ පර්ල් වරාය කුමන්ත්‍රණය,සෝවියට් කෲරත්වය,පාවාදීම සහ සියලු පැතිවලින් ද්‍රෝහීවීම.යුද්ධයේ සැබෑ වටිනාකම?



අධ්‍යක්ෂණය සහ තිරරචනය: Dennis Wise
ධාවන කාලය: පැය 5 මිනිත්තු 50


පූර්ව ප්‍රචාරක පටය




අන්තර්ගතය

Click Here to Enlarge






























Source:Thegreateststorynevertold.tv

ඇඩොල්ෆ් හිට්ලර් - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව ඇඩොල්ෆ් හිට්ලර් - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව Reviewed by HarshaLulzSec on January 10, 2018 Rating: 5

මහ සයුරේ පාවෙන දැවැන්තයෝ

January 09, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනපතිවරයා ලෙස පත් වු වහාම ඔහුගේ පාලන තන්ත්‍රය හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වූයේ උතුරු කොරියාවයි.උතුරු කොරියාව තම මිසයිල සහ න්‍යෂ්ඨික අවි වැඩසටහන් 2017 වර්ෂය තුල සීඝ්‍ර වර්ධනයක් කරා ගෙන ගියේ උතුරු කොරියා-ඇමෙරිකානු යුද අවධානමක් නිර්මාණය කරමින්ය.වාසනාවකට දෙරටේ නායකයින් එකිනෙකාට අනතුරු ඇඟවීම් සිදුකරනවා විනා ගැටුමක් ඇති කර ගැනීමට ක්‍රියා නොකලහ.උතුරු කොරියාවේ ක්‍රියා කලාපයට ප්‍රතිචාර ලෙස ඒ ආසන්න මුහුදු කලාපයට ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම් තුනක්  යවන්නට ජනපති ට්‍රම්ප් 2017 වර්ෂයේදී පියවර ගෙන තිබිණි.

එක්සත් ජනපදයේ කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව

2017 ජනවාරි 5 වනදා වන විට ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම් වල පිහිටීම



2017 වර්ෂයේදී චීනය එරට තුලදී නිෂ්පාදනය කරන ලද පළමු ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කරන ලදි.නාවික හමුදාවේ ඊළඟ-පරම්පරාවේ ගුවන් යානා ප්‍රවාහන නෞකා ගිල්වා දමන්නට ඇමෙරිකාවේ සතුරන්ට හැකිවේද?පිළිතුර විවාදාත්මකය.සමහර ජාතීන් එම කාර්යය සපුරාගන්නට අවශ්‍ය අවි,තාක්ෂණය දියුණු කරමින් සිටින බව රහසක් නොවේ.අලුතින් නිර්මාණය කෙරෙන එවැනි උපක්‍රම හඳුනාගෙන ඒවා පැරදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හමුදා බුද්ධ අංශ සාමාජිකයින්,පර්යේෂකයින් චීන හමුදා ජර්නල් නිතර නිරීක්ෂණය කරයි.

පහත දැක්වෙන්නේ නූතන ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට තිබෙන ප්‍රධාන තර්ජන සහ ඒවාට එරෙහිව ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ගයි.



උගුල් මගහැර යෑම



උගුල්:ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් විනාශ කිරීමේ පළමු පියවර වන්නේ නෞකාව ඇරලවීම සහ ඊට ආරක්ෂාව සපයන නෞකා/සබ්මැරීන ව්‍යාකූලත්වයට පත් කිරීමයි.එහිදී අනුගමනය කල හැකි ලාභදායි මාර්ගය රැවටීමට ලක් කිරීමයි.හොඳින් පුහුණු කල වෙස්වලාගත් පිරිසක් මසුන් අල්ලන ට්‍රෝලර් යාත්‍රා සමග යැවීම එක් ක්‍රමයකි.එහිදී නාවික ප්‍රහාරක කණ්ඩායමේ ආරක්ෂක නෞකා සහ ගුවන් යානා නොමඟ යැවීමට ප්‍රමාදිත රේඩියෝ සංඥා නිකුත් කිරීම සඳහා වැඩසටහන් ගත කල බෝයාවන් මුහුදේ එළීම සිදුකරයි.


ඊ-2සී හෝක්අයි:මෙවැනි රැවටීම් පරාජය කිරීමට ගුවන් යානා ප්‍රවාහන නෞකා විසින්ම ඔත්තු බැලීමේ යානා ගුවන් ගත කරයි.මෙම යානා සතුව තිබෙන අධි-බලැති රේඩාර් පද්ධතිය යොදාගෙන සතුරු නෞකා සහ ගුවන් යානාවල පැමිණීම තහවුරු කර ගත හැකිය.




ඩ්‍රෝන් යානා විනාශ කිරීම



ප්‍රති-රේඩාර් ඩ්‍රෝන්:මිනිසුන් රහිත පියාසර කල හැකි ගුවන් යානාවලට,ගුවන් යානා ප්‍රවාහන නෞකාවක පරිවාර නෞකා රැවටීමට ලක් කල හැකිය.2004 වර්ෂයේදී ඊශ්‍රායලය විසින් චීනයට විකිණූ හාර්පි නම් ඩ්‍රෝන් යානය රේඩාර් සංඥා සොයා ගොස් රේඩාර් පද්ධතිවලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි.රේඩාර් පද්ධති නොමැතිව පරිවාර නෞකාවලට සතුරු නෞකා-නාශක මිසයිල සොයා ගැනීම සහ බිම හෙළීම කල නොහැක්කකි.


ආර්ලෙයි බර්ක් ඩ්‍රිස්ට්‍රෝයර්:ඩ්‍රෝන් යානා වැනි කුඩා වස්තුවක් ඇතුලුව එකවර බහුවිධ තර්ජන හඳුනාගත හැකි පරිදි මෙම නෞකාවල(Destroyer) සංවේදක උසස් කිරීමට ඉංජිනේරුවන් සමත්ව තිබේ.phased-array රේඩාර් වලට එකවර ඉලක්ක 100ක් ලුහුබැදීමේ හැකියාව තිබේ.මෙම රේඩාර් පද්ධතිය S-Band සංඛ්‍යාත පරාසය තුල ක්‍රියාත්මක අතර ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ ප්‍රශස්ත මට්ටමින් භාවිතා කල හැකිය.ඩ්‍රෝන් යානා පහරදීමට පෙර හඳුනාගෙන විනාශ කිරීම මෙම නෞකාවල කාර්යයි.




සබ්මැරීන සොයාගැනීම



ඩීසල් සබ්මැරීන:නොගැඹුරු මුහුදේදී මේවා නිශ්ශබ්ද,මාරක තර්ජන ලෙස ක්‍රියා කරයි.අනාවරණය කරගැනීම අසීරුය.ඒවා සතු සිස්ලර් මිසයිලවලට අතිධ්වනි වේගයෙන් ඉලක්කය කරා ගමන් කල හැකිය.ඉරානය සතුව රුසියාවේ නිශ්පාදිත සම්බැරීන තිබේ.පාකිස්ථානය ප්‍රංශ-ස්කෝපියන් සබ්මැරීන මිලදීගෙන තිබේ.චීනයද සබ්මැරීනවලට මහත් ලැදියාවක් දක්වන අතර 2006 වර්ෂය තුලදී ඔවුන් ඩීසල් සබ්මැරීන 14ක් නිපදවූ බව කියවේ.


එස් එච්-60 සීහෝක්:මෙම හෙලිකොප්ටර් ධ්වනි බෝයාව නම් සංවේදක උපාංගයක් ජලය තුලට ඇතුල් කර කිමිදෙමින් ඇති සබ්මැරීන ශබ්දය,සෝනාර්,උෂ්ණත්වය හෝ චුම්භක සංඥා ඔස්සේ අනාවරණය කර ගනියි.




ගුවන් ආරක්ෂාව



සුකොයි-30 ෆ්ලෑන්කර්:රුසියාවේ නිෂ්පාදිත යුද ගුවන් යානා සැලසුම් කර තිබෙන්නේ ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම්වලට පහරදීමට හැකි අයුරිනි.සුකොයි-30 යානය එය සතු මිසයිල යොදාගෙන ගුවන් යානා ප්‍රවාහන නෞකාවල ආරක්ෂක උපක්‍රමවලට පහර දෙයි.එහි සුපර් ෆ්ලෑන්කර් නම් දියුණු සංස්කරණයක් අපනයනය කිරීමට 2011 වර්ෂයේදී රුසියාව සැලසුම් කර තිබිණි.


එෆ්-35සී ලයිට්නින් 2:ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වටා තිබෙන ගුවන් සීමාව ආරක්ෂා කිරීමේදී එෆ්-35සී යානය නාවික හමුදාවට බොහෝ ප්‍රයෝජනවත් වේවි.ස්ටෙල්ත් ප්‍රහාරක යානයක් වන එය සතුරු රේඩාර්වලට හසුවන්නට පෙර පහරදී පලා යෑමේ හැකියාවෙන් යුක්තය.නමුත් එය එෆ්-18ඒ සුපර් හෝර්නට් යානය මෙන් ගුවන් සටනේ දක්ෂයෙක්ද යන්න තවමත් සනාථ වී නැත.කෙසේ වෙතත් එෆ්-35සී යානා ආදේශ කිරීමට නියමිතව තිබුණේ 2015 වර්ෂයේදීය.




මිසයිල නැවැත්වීම



නෞකා නාශක බැලස්ටික් මිසයිල:චීනය සතුව මධ්‍යම දුර නෞකා-නාශක බැලස්ටික් මිසයිලවලට ගුවන් යානා ප්‍රවාහන නෞකා ඉලක්ක කල හැකිය.ඔවර් ද හොරයිසන් රේඩාර් පද්ධති භාවිතා කිරීමෙන් කි.මී. සිය ගණනක් සහ දහස් ගණනක් අතර ඇති නෞකා පවා අනාවරණය කරගත හැකිය.එහිදී රේඩාර් තරංග අයන ගෝලයෙන් පරාවර්තනය වී දිගු දුරක් ගමන් කරයි.චීනයේ නිෂ්පාදිත ඩොන්ග් ෆන්ග්-21 මිසයිලය සැලසුම් කර තිබෙන්නේ එය තුලම රැගෙන යන රේඩාර් පද්ධතියකින් ගුවන් යානා ප්‍රවාහන නෞකා සොයාගත හැකි අයුරිනි.මෙම මිසයිල ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරයි.

ඊජස් කෲසර්:නෞකා-මූලික බැලස්ටික් මිසයිල ආරක්ෂණ දැන් දිගු දුරක් පැමිණ තිබේ.ටයිකොන්ඩ්‍රෙගා පන්තියේ සමහරක් ඊජස් කෲසර් නෞකා එස් එම්-2මිසයිල රැගෙන යයි.ඒවාට අවසන් අධිරයේ පියාසර කරන බැලස්ටික් මිසයිල අවි ශීර්ෂ බිම හෙළීමේ හැකියාව තිබේ.නවතම එස් එම්-3 මිසයිලවලට මධ්‍යම අධියරයේදී එම කාර්යය කල හැකිය.


Source:popularmechanics.com

මහ සයුරේ පාවෙන දැවැන්තයෝ මහ සයුරේ පාවෙන දැවැන්තයෝ Reviewed by HarshaLulzSec on January 09, 2018 Rating: 5

පුරාවෘත්තයක් වූ සෝවියට් යුද ටැංකිය

January 08, 2018


දෙවන ලෝක යුද සමයේ පුරාවෘත්තයක් වූ සෝවියට් යුද ටැංකිය වන්නේ ටී-34ය.1939 දෙසැම්බර් මස 19දා රතු හමුදාව විසින් ටී-34 යුද ටැංකිය නිෂ්පාදනය කිරීම අනුමත කරන ලදි.දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් ආරක්ෂක හමුදාවල කොදුනාරටිය බවට පත් වූයේ මෙම යුද ටැංකියයි.යුද්ධය ආරම්භයේදී සෝවියට් යුද ටැංකි සංචිතයෙන් 4% ක් වූ ටී-34 යුද ටැංකි,යුද්ධය අවසන් වන විට ඉන් 55% පමණ ප්‍රතිශතයක් අත්කර ගෙන තිබිණි.


යූරල් බර යන්ත්‍ර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයෝ ටී-34 යුද ටැංකියක් එකලස් කරන අයුරු,1942.





දෙවන ලෝක යුද සමයේ වඩාත් කාර්යක්ෂම,ඵලදායි සහ බලගතු යුද ටැංකි සැලැස්ම ලෙස ටී-34 යුද ටැංකි නිතරම සම්මානයට පාත්‍ර වේ.





මෙම යුද ටැංකි සැලැස්ම යටතේ ටී-34 යුද ටැංකි නිපදවීම ලාභදායි මෙන්ම වේගවත්ව කල හැකි විය.





සැලැස්මේ තිබූ සරල බව නිසා යුද සමය තුල ටී-34 යුද ටැංකි විශාල ප්‍රමාණයක් සංග්‍රාම භූමියට යවන්නට හැකියාව ලැබුණි.





1944 වර්ෂයේදී සෙවස්ටොපොල් නගරය නිදහස් කර ගැනීමෙන් පසුව වීදියක දැක ගන්නට ලැබුණු ටී-34 යුද ටැංකියක්.





මුල් සමයේ ටී-34 යුද ටැංකි සතුව තිබුණේ මි.මී.76.2 විෂ්කම්භයක් සහිත ප්‍රධාන අවියකි.ඒ නිසා ඒ යුද ටැංකි ටී-34/76 යන නමින් හැදින්වීය.





ටී-34 යුද ටැංකිය හොඳින් ආනත වූ සන්නාහයකින්,බලවත් එන්ජිමකින් සහ පළල් ට්‍රැක්ස් වලින් සමන්විත විය.





1944 වර්ෂයේදී ටී-34 යුද ටැංකියේ දෙවන ප්‍රධානතම සංස්කරණය වන ටී-34/85 හෙවත් මි.මී.85 විෂ්කම්භයක් සහිත ප්‍රධාන අවියක් දරන යුද ටැංකිය නිෂ්පාදනය කිරීම ඇරඹීය.ඒ ජර්මනිය යුද බිමට එවූ නවතම යුද ටැංකි සමග කරට කර සටන් දීම සඳහාය.මෙහි දැක්වෙන්නේ ගංගාවක් තරණය කරන ටී-34/85 යුද ටැංකියකි,1944.





1944 වර්ෂයේදී මුදා ගත් මින්ස්ක් නගරයේ වීදි ඔස්සේ ඉදිරියට ඇදෙන සෝවියට් යුද ටැංකි.ඉදිරියෙන් එන්නේ ටී-34 යුද ටැංකියකි.





ටී-34 යුද ටැංකියේ විවිධ සංස්කරණ දෙවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව පුලුල්ව අපනයන කරන ලදි.2010 වර්ෂය වනවිටත් සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක් මෙම යුද ටැංකි සේවයේ යොදවා තිබිණි.




Source: tass.com

පුරාවෘත්තයක් වූ සෝවියට් යුද ටැංකිය පුරාවෘත්තයක් වූ සෝවියට් යුද ටැංකිය Reviewed by HarshaLulzSec on January 08, 2018 Rating: 5

සබ්මැරීන දඩයම-හඳුන්වාදීම

January 06, 2018

පිදුරු ගොඩක ඉදිකටුවක් සොයනවා වගේ යනුවෙන් කියමනක් ඔබ අසා ඇති.සිතන්න ඔබ එවැනි පිදුරු ගොඩවල් දහස් ගණනක් තුල එක් ඉදිකටුවක් සොයන්නේ යැ‍යි කියා.ඔබට ඉදිකටුව හසුවන සැම විටම එය ඔබෙන් පලායන්නේ නම් හෝ ඔබේ ඇගිලිවල ඇනෙන්නේ නම් ? දැන් ඉදිකටුව ,සබ්මැරීනයක් යැ‍යිද පිදුරු ගොඩවල් මහා සාගරය යැ‍යිද උපකල්පනය කරන්න.මහා සාගරයේ සබ්මැරීනයක් සොයා යෑම ප්‍රති-සබ්මැරීන සංග්‍රාමය නමින් හඳුන්වයි.මෙය නාවික සංග්‍රාම වල අතිශය අභියෝගාත්මක සහ භයානකම අධියරයකි.මෙහෙදී ඔබට භාවිතා කරන්නට වෙන්නේ ඔබේ දෘෂ්ඨිය නොව ශ්‍රවණ හැකියාවයි.

ජර්මනිය U-boat යන නමින් හැඳින්වූ සබ්මැරීන

සබ්මැරීන් සොයාගැනීමෙන් පසුව ඒවා සංග්‍රාම සඳහා යොදාගැනීම බරපතල ලෙස නොසලකා හැර තිබිණි.සබ්මැරීනය සංග්‍රාම සඳහා විප්ලවකාරී ලෙස යොදාගැනීම ගෞරවය හිමිවන්නේ ජර්මානුවන්ටය.ඔවුන් සබ්මැරීන හැඳින්වූයේ U-boat(Unterseeboot)නමින්ය.ජර්මනිය පළමු සහ දෙවන ලෝක යුද සමයන්හිදී සබ්මැරීන මෙහෙයුම් සඳහා යෙදවීය.එහිදී ජර්මන් හමුදා සබ්මැරීන සිය ගණනක් යොදාගෙන නාවික සහ වෙළඳ නෞකා හඹා ගොස් ප්‍රහාර එල්ල කරන ලදි.එම සිද්ධීන් නිසා සබ්මැරීන සොයා වැනසීමේ ක්‍රමවේදයන් වේගයෙන් සංවර්ධනය විය.ඉන්පසු ගෙවී ගිය සෑම දශකයක් පසාම සබ්මැරීනවල වේගය,නිහඬබව සහ මාරාන්තික බව දියුණුවිය.සබ්මැරීනවලට එරෙහි උපාය උපක්‍රමවලද සීඝ්‍ර වෙනසක් සිදුවූයේ න්‍යෂ්ඨික සබ්මැරීන පැමිණීමත් සමගයි.

USS Nautilus - ලොව පළමු න්‍යෂ්ඨික සබ්මැරීනය

න්‍යෂ්ඨික සබ්මැරීන යනු දියයට සංග්‍රාමවල විප්ලවයයි.ඇමෙරිකා එක්සත් ජනපදය,රුසියාව ආදී ප්‍රබල රටවල් සතුව තිබෙන දියුණුතම න්‍යෂ්ඨික සබ්මැරීනවලට ඉන්ධන නොමැතිව මාස ගණනක් වුවද සාගර පතුලේ සිටිය හැකිය.ඒවා සම්ප්‍රදායික ඩීසල් සබ්මැරීනවලට වඩා වේගවත්ය.තවද ඒවාට ඩීසල් සබ්මැරීන ගමන් කරන ගැඹුර මෙන් දෙගුණයක් ගැඹුරට කිමිදීමට හැකිය.මෙම හේතු නිසා න්‍යෂ්ඨික සබ්මැරීනවලට එරෙහිව උපාය මාර්ග සැලසුම් කිරීම අසීරු වී තිබේ.

ඩොල්ෆින් ක්ලාස් ඩීසල් සබ්මැරීන - ඊශ්‍රායල මේවාහි දියුණු කල සංස්කරණ භාවිතා කරයි

මුල් කාලීන සබ්මැරීනවලට ඒවාහි බැටරි ආරෝපණය කරගැනීමට දින කිහිපයකට වරක් ජලය මතුපිටට පැමිණීමට සිදුවූ නිසා සතුරන්ට අනාවරණය වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගන්නා ලදි.නමුත් නුතන සබ්මැරීනවලට දීර්ඝ කාලයක් සාගර පතුලේ සැඟවී සිටීමට පුලුවනි.ඒවාහි වේගයද වැඩිවී තිබෙන නිසා සබ්මැරීන දඩයම් කිරීමට පෙරට වඩා දියුණු අවි දැන් අවශ්‍ය වී තිබේ.

Depth charges

ටෝර්පිඩෝ

සබ්මැරීන විනාශ කිරීමට යොදාගන්න ප්‍රාථමික අවි වන්නේ ඩෙප්ත් චාර්ජස්(Depth charges) සහ ටෝර්පිඩෝය.ඩෙප්ත් චාර්ජස් යනු දැන් ක්‍රමයෙන් අභාවයට යන අවියකි.නමුත් ටෝර්පිඩෝ භාවිතය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් තිබේ.මුල් කාලීන ටෝර්ෆිඩෝ සතුව ඉලක්කය සොයායෑමේ හැකියාවක් නොතිබුණි.නමුත් නූතන ටෝර්පිඩෝ සතුව ඉලක්කය සොයා යෑමේ හැකියාව තිබේ.

Depth charges යනු අධිබලැති පුපුරණද්‍රව්‍ය අඩංගු බෝම්බයකි.සතුරු සබ්මැරීනයක් අනාවරණ වූ විට එම බෝම්බයක් අදාල ස්ථානයට විසිකරනු ලබයි.එය ජලයට යටට ගමන් කර යම් ගැඹුරකදී පිපිරී යන සේ නිර්මාණය කර තිබේ.


සබ්මැරීන සොයාගැනීමට භාවිතා කරන ප්‍රාථමික සංවේදකය වන්නේ සෝනාර්ය.එහිදී ශබ්ද තරංග යොදාගෙන ජලය තුල තිබෙන වස්තූන් හඳුනා ගනියි.පසුගිය දශක ගණනාවක් තිස්සේ සෝනාර් තාක්ෂණයද සෑහෙන දියුණුවක් අත් කරගෙන තිබේ.

සබ්මැරීන දඩයම ලිපියේ හඳුන්වාදීම මෙලෙස නිමා කරමි.මෙම ලිපියේ තවත් කොටසකින් හමුවෙමු.


Source:defencyclopedia.com

සබ්මැරීන දඩයම-හඳුන්වාදීම සබ්මැරීන දඩයම-හඳුන්වාදීම Reviewed by HarshaLulzSec on January 06, 2018 Rating: 5

යුද ටැංකි අංගනය-2

January 05, 2018

ශීතල යුද සමයේ නිපදවූ එතරම් සාර්ථක නැති ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියක් වූ ටී-80(T-80) යුද ටැංකි 3000ක් පමණ යළි රුසියානු හමුදාවේ සේවය පිණිස කැදවන්නට ක්‍රෙම්ලිනය තීරණය කර තිබෙන බව පසුගිය මාසයේදී මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.ටී-80 යනු 1976 වර්ෂයේදී සේවයට එක් කල තුන්වන පරම්පරාවේ සෝවියට් යුද ටැංකියකි.

T-80U-E1 මොඩලය

මෙතරම් යුද ටැංකි ප්‍රමාණයක් හමුදාවට යළි එක් කර ගැනීම විශ්මය දනවන දෙයක් යැයි පෙනුනද එහි සැඟවුන සත්‍යය වන්නේ රුසියානු ආර්ථිකයට දැන් එහි යුද ශක්තිය නංවා ගැනීමට ප්‍රමාණවත් මුදලක් වැය කිරීමට නොහැකිවීමයි.ඊට ප්‍රධාන හේතුව තෙල් මිල පහළ යෑමයි.මිලෙන් වැඩි ටී-14 අමාටා(T-14) යුද ටැංකි ප්‍රමාණවත් සංඛ්‍යාවක් වසරකට නිපදවන්නට රුසියාවට නොහැකි නිසා කාලයක් ගතවන තෙක් එම අඩුව පිරවීමට මෙම පියවර ගෙන තිබෙන බව විශේෂඥ මතයයි.සේවයෙන් ඉවත් කර තිබූ පැරණි ටී-80 යුද ටැංකි,එහි නවතම සංස්කරණය වන ටී-80බීවී(T-80BV) මට්ටමට උසස් කර හමුදා සේවයට එක් කරනු ඇත.සයිබීරියානු නගරයක් වන ඔම්ස්ක් හි පිහිටා ඇති රජයේ යුද ටැංකි සැලසුම් සහ ඉංජිනේරු පහසුකම් සහිත සමාගමක් වන Omsktransmashහි එම නවීකරණ කටයුතු සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

T-80BV යුද ටැංකියක්

1976-1992 සමයේ නිපදවූ ටී-80 යුද ටැංකි සෝවියට් දේශයේ ටී-72 යුද ටැංකිය මෙන් නොව ටී-80 යුද ටැංකිය සතුව තිබෙන්නේ ගෑස් ටර්බයින් එන්ජිමකි.මෙහි තිබෙන වාසිය වන්නේ ඩීසල් එන්ජිමක් සහිත ටී-72 යුද ටැංකියට වඩා බලවත් වීමයි.වේගය අතින්ද එය ඉදිරියෙන් සිටියි.නමුත් එහි ඉන්ධන පරිභෝජනය ඉහළය.

T-80U යුද ටැංකියක්

සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව ටී-80 යුද ටැංකිවලින් බහුතරයක් රුසියාවට හිමිවිය.ඉතිරිය යුක්‍රේනය,බෙලරුසියාව සහ කසක්ස්ථානයට හිමිවිය.1995 වසර වන විට රුසියාව සතුව ටී-80 යුද ටැංකි 3000ක් පමණ තිබිණි.රුසියානු හමුදාව ටී-80 යුද ටැංකියට වඩා ටී-72(T-72) යුද ටැංකියට ආශා කලේය.පසුව එම ස්ථානය ටී-90(T-90) යුද ටැංකියට හිමිවිය.ටී-90 යුද ටැංකි සමග ඊළඟට රුසියානු හමුදාවට එක්වන්නේ ටී-14 අමාටා යුද ටැංකියයි.

T-80BV යුද ටැංකි

ටී-80 යුද ටැංකියේ කීර්තිය යළි ගොඩගත නොහැකි තැනට පහත දමන්නට හේතුවූයේ පළමු චෙච්නියානු යුද්ධයයි.එහිදී ටී-80 යුද ටැංකියේ දුර්වලතා සහ රුසියානු හමුදාවේ යුද ටැංකි සංග්‍රාමික උපක්‍රමවල අඩුපාඩු ආදිය නිසා යුද්ධය සඳහා යෙදවූ ටී-80 යුද ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් අහිමිවිය.එහි ප්‍රතිඵලය වූයේ රුසියාවට ටී-80 යුද ටැංකි අලෙවි කරගන්නට පවා අසීරු තත්ත්වයකට පත්වීමයි.සාපේක්ෂව මිල අධික වීමත් ඉන්ධන පරිභෝජනය අධික වීමත් නිසා ආර්ථික වශයෙන් ලාභදායි ටී-72 යුද ටැංකි භාවිතා කරන්නට රුසියානු හමුදාව යොමුවිය.

T-80BV යුද ටැංකි

ටී-80 යුද ටැංකිය, ටී-72 යුද ටැංකියට සමාන වුවද එය කලින්ම විශ්‍රාම යැවීමට හේතු වූයේ අධික ඉන්ධන පරිභෝජනයයි.වාර්තාවලට අනුව නවීකරණය කරන ලද ටී-80 මොඩල ,ටී-80බීවී මොඩල ලෙස ලබන වසරේදී දියත් කෙරෙනු ඇත.වැඩිදියුණු කල ටී-80බීවී යුද ටැංකිවලට එක් කල නව අංගයක් වන්නේ ටී-72 බී3 සහ ටී-90 යුද ටැංකිවල තිබෙන සොස්නා-යූ නම් වෙඩි පාලන පද්ධතියයි.ඊට අමතරව ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහයක් ,බලශක්ති උත්පාදකය සහ එන්ජින් ක්‍රියාරම්භකයද අලුත් කර තිබේ.රුසියානු මූලාශ්‍රයට අනුව ටී-80 බීවී යුද ටැංකි රුසියානු හමුදාව තුල වැදගත් චරිතයක් නිරූපණය කර තිබේ.ටී-80 යුද ටැංකි 3000ක් නවීකරණය කිරීමේ වැඩසටහන 2002 වසර තෙක් දිව යන්නකි.නමුත් එය ක්‍රියාවට නැංවීම ප්‍රමාද වී තිබේ.එම කාලයේ පටන් රුසියාව එම වැඩසටහන සඳහා ඒකාබද්ධ සංග්‍රාමික මැදිරියක්,නවතම යුද ටැංකි ප්‍රධාන කාලතුවක්කුවක් සහ ඊට අවශ්‍ය අතිශය කාර්යක්ෂම උණ්ඩද නිපදවා තිබූ බව කියවේ.

T-80U යුද ටැංකියක ප්‍රධාන කොටස්

රුසියානු ටී-80බීවී යුද ටැංකිය හැකියාව/ආරක්ෂාව අතින් නේටෝ යුද ටැංකි වන ඇමෙරිකානු එම්1 ඒ2 ඒබ්‍රම්ස්,ජර්මනියේ ලිපර්ඩ් 2ඒ7 සහ බ්‍රිතාන්‍යයේ චැලෙන්ජර් 2 ආදියට පහළින් පසුවේ.රුසියානු රජයේ ටී-80 යුද ටැංකි නවීකරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වන්නේ ඒවා ආක් ටික් සහ ඈත නැගෙනහිර සහ සයිබීරියාව යන ප්‍රදේශවල තත්ත්වයන්ට ගැලපෙන සේ උසස් කිරීමයි.මන්ද ශීත දේශගුණයක් සහිත කලාපවලදී ඩීසල් එන්ජින් සහිත යුද ටැංකිවලට වඩා ගෑස් ටර්බයින් එන්ජිමක් ඇති යුද ටැංකි වඩා සාර්ථකව ක්‍රියාත්මක වේ.නමුත් ආක්ටික් කලාපය,සයිබීරියාව ආදී රුසියානු හමුදා දිස්ත්‍රික්ක තර්ජිත ප්‍රදේශ නොවේ.එසේ නම් රුසියාව මෙම යුද ටැංකි නවීකරණ වැඩසටහන දියත් කර තිබෙන්නේ නෝර්වේ දේශසීමා ආශ්‍රිතව නේටෝ හමුදාවට එරෙහිව යොදවන්නට යැ‍යි සැක කල හැකිය.

පසුගිය සමයේ රුසියාවේ ආරක්ෂක වියදම වෙනස් වූ අයුරු

දැනට සේවයේ යොදවා තිබෙන රුසියාව සතු ටී-80 යුද ටැංකිවල, ටී-80යූ මොඩල ප්‍රමාණය සම්බන්ධව නිල සංඛ්‍යාලේඛන නොමැත.නමුත් විශ්වාස කරන පරිදි එම ගණන 550 පමණ වේවි.ඒවාද 2020 පමණ වන විට විශ්‍රාම යැවීමට නියමිතව තිබේ.එසේ නම් රුසියාව මෙතරම් පැරණි යුද ටැංකියක් යළි සේවයට ගෙන එන්නේ ඇයි?හේතුව මුදල්ය.2017 වර්ෂයේදී රුසියාවේ ආරක්ෂක වියදම 12% ප්‍රතිශතයකින් පහළ හෙළීමට තීරණයක් ගෙන තිබේ.2018 වර්ෂයේ පටන් වසරක් පාසා ටී-14 අමාටා යුද ටැංකි 120ක් බැගින් නිපදවන්නට සැලසුම් කර තිබෙන බව ක්‍රෙම්ලිනය සඳහන් කර තිබුණද එම ඉලක්කය සපුරා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් තිබේද යන්න පිළිබඳව සැක සංකා තිබේ.කෙසේවෙතත් රුසියානු ආර්ථිකය යළි යහපත් අතට හැරෙන තුරු අමාටා යුද ටැංකි අඩු ගණනක් බැගින් මිලදී ගන්නට රජය සැලසුම් කර තිබේ.


T-80 යුද ටැංකිය - වාර්තා වැඩසටහනක්





Source:popularmechanics.com

යුද ටැංකි අංගනය-2 යුද ටැංකි අංගනය-2 Reviewed by HarshaLulzSec on January 05, 2018 Rating: 5
Powered by Blogger.