දෙවන ලෝක යුද්ධයේ ගණන් හිලව්

May 05, 2017
මිත්‍ර පාර්ශ්වික රටවල ජනගහනය බිලියන භාගයකි.අක්ෂ බලවතුන්ගේ ජනගහනය මිලියන එකසිය පනහක් විය.මෙම අනුපාතය නිසා ජර්මනියට තනිවම ප්‍රබල සටනක් කරන්නට සිදුවිය.ජර්මනිය ,බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයට එරෙහිව කෙසේවෙතත් ,ජර්මනිය බ්‍රිතාන්‍යය ,එක්සත් ජනපදය සහ සෝවියට්දේශයට එරෙහිව සටන් කිරීම යනු සැබවින්ම පරාජයකි.


නිල් පැහැයෙන් අක්ෂ බලවතුන්ගේ රටවල් සහ යටත් විජිත, තද කොළ පැහැයෙන් මිත්‍ර පාර්ශ්වික රටවල් සහ ඔවුන්ගේ යටත් විජිත, ලා කොළ පැහැයෙන්-පර්ල් වරාය ප්‍රහාරයෙන් පසුව මිත්‍ර පාර්ශ්විකයන්ට එකතුවූ රටවල්, අළු පැහැයෙන් යුද්ධයට සම්බන්ධ නොවූ රටවල්




දෙවන ලෝක යුද්ධයේ මරණවලින් 3/2 ක් සෝවියට් දේශයට(27,000,000) සහ චීනයට(15,000,000)දරන්නට සිදුවිය.තුන්වැනියට වැඩිම මරණ වැඩිම සිදුවූයේ ජර්මනියටයි.ඔවුන්ගේ ගණන 8,000,000ක් පමණ වේ.





ජර්මන් මරණවලින් 5/4ක්ම සිදුවූයේ නැගෙනහිර සටන් පෙරමුණේදීය.නැගෙනහිර සටන් පෙරමුණ යනු ජර්මානුවන් සෝවියට් දේශයට එරෙහිව දියත් කල සටනෙන් පසු මතුවූ සෝවියට් ප්‍රතිරෝධයයි.ස්ටාලින්ග්‍රාඩ් සටනින් ඇරඹි රුසියානුවන්ගේ ජයග්‍රාහී ගමන 1945දී බර්ලීනයෙන් අවසන් වන තෙක් නාසීන් ඔවුන් සිදුකල ඓතිහාසික වරදට වන්දි ගෙවන්න සිදුවිය.බ්‍රිතාන්‍යය කාලය දුන්හ,එක්සත් ජනපදය යුදෝපකරණ දුන්හ,සෝවියට් දේශය රුධිරය දුන්හ යනුවෙන් පැරණි කියමනක් තිබේ.





පළමු ලෝක යුද්ධයේදී සිදුවූ මරණවලින් 95%ක් හමුදා මරණයි.නමුත් දෙවන ලෝක යුද්ධයේදී හමුදා මරණ ප්‍රතිශතය 33%ක් දක්වා පහත වැටුණි.ජපානයේ සහ ජර්මනියේ උපායමාර්ගය වූයේ සිවිල් ජනගහනය වැනසීමයි.මිත්‍ර පාර්ශ්වික රටවල්ද අවසානයේදී තම ගුවන් මෙහෙයුම්වලදී මෙම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන ලදි.







බ්‍රිතාන්‍යයන් වැඩිම පිරිසක් මියගියේ ගුවන් යානා තුලය(60,000ක් පමණ).එය හදිසි ප්‍රහාරවලින්(බ්‍රිතාන්‍යයට ගුවනින් බෝම්බ හෙළීම) මියගිය ගණනට(40,000 පමණ) වඩා වැඩිය.බ්‍රිතාන්‍යට එරෙහිව සිදූ බෝම්බ හෙළීමේ මෙහෙයුම්වලින් මියගිය සිවිල් වැසියන් ගණනට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ගුවන් සෙබලුන්ද මියගියහ.





බ්‍රිතාන්‍යය සටනේදී ජර්මානුවන් ටොන් 18,000ක් බර බෝම්බ හෙළා තිබේ.1944දී ජර්මනියට හෙළා තිබෙන බෝම්බවල බර ටොන් 900,000ක් වෙතැයි කියවේ.යුද්ධයේ මුල් කාලයේදි ජර්මනිය බ්‍රිතාන්‍යයට බෝම්බ හෙළන ලදි.යුද්ධයේ අවසන් සමයේ බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ජර්මනියට බෝම්බ හෙළන ලදි.යුද්ධය අවසානයට ලගාවන විට ගුවන් හමුදාවන් ප්‍රසාරණය විය,බෝම්බවල බලය සහ ප්‍රමාණය විශාල විය.තවද නියාමක බෝම්බ නිර්මාණය වීමේ හමුවේ නිරවද්‍යව ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබිණි.


දෙවන ලෝක යුද්ධය තුල බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා ගුවන් හමුදාවන් ජර්මනියට හෙලූ බෝම්බවල බර


මිත්‍ර පාර්ශ්විකයන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක්වූ ඩ්‍රෙස්ඩන් නගරයේ සිවිල් වැසියන්ගේ මළසිරුරු



දෙවන ලෝක සංග්‍රාමය තුල විදේශයන්හිදී එක්සත් ජනපදයට ගුවන් යානා 45,581ක් අහිමිවිය.ඉන් යානා 22,948ක් විනාශ වූයේ සටන්වලදීය.


දෙවන ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපදයට සිදුවූ ජීවිත හානිය





හිට්ලර්ගේ නියමය පරිදි 1939-1945 සමයේ යුදෙව්වන් මිලියන 6ක් පමණ මරාදමන ලදි.ස්ටාලින් විසින් යුක්‍රේන ජාතිකයින් මිලියන 7ක් මරාදමන ලදි(1932-1933).යුරෝපය තුල යුදෙව් සංහාරය සඳහා ගෑස් ,වෙඩි තැබීම සහ නිරාහාරව තැබීම යන ක්‍රම භාවිතා කරන ලදි.සමහරුන් මෙම සිද්ධීන් සිදුනොවූ බවට තර්ක කරන්නේ ප්‍රමාණවත් සාක්ෂි රහිතවයි.





ඩෙන්මාර්කයේ යුදෙව් ජනගහනයෙන් 0.7%ක් සමූලඝාතනය කරන ලදි.පෝලන්තයේ යුදෙව්වන්ගෙන් 90% ඝාතනයට ලක්විය.මේ අයුරින් යුරෝපයේ ජර්මනිය යටත් කරගත් රටවල විවිධ ප්‍රතිශතවලින් යුදෙව් සංහාරය සිදුවිය.





දෙවන ලෝක යුද සමයේදී යූ බෝට්ස් හෙවත් ජර්මන් සබ්මැරීනවල ජර්මානුවන් 40,000ක් පමණ සේවය කර තිබේ.ඔවුන්ගෙන් 28,000ක් මියගියහ.එක්සත් ජනපද සබ්මැරීනවල 16,000ක් දෙනා සේවය කල අතර ඉන් 3,506ක් මියගියහ.






දෙවන ලෝක යුද්ධයේ ගණන් හිලව් දෙවන ලෝක යුද්ධයේ ගණන් හිලව් Reviewed by HarshaLulzSec on May 05, 2017 Rating: 5

නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය

May 05, 2017

1918 නොවැම්බර් 9


ක්‍රයිසර් විල්හෙල්ම්(ජර්මන් අධිරාජ්‍යයා)රජකමින් ඉවත් වේ.ජර්මන් සමූහාණ්ඩුව නිර්මාණය කරයි(1919-1933)


ක්‍රයිසර් විල්හෙල්ම්




1919 ජූනි 28

ජර්මනිය සහ මිත්‍ර පාර්ශ්විකයන් අතර වර්සයිලිස් ගිවිසුම අත්සන් කරේ.





1919 ජනවාරි 5

ජර්මන් කම්කරු පක්ෂය(DAP) නිර්මාණ කෙරේ





1919 සැප්තැම්බර් 12

ජර්මන් කම්කරු පක්ෂයේ ඔත්තු බලන්නට ජර්මන් හමුදාව ඇඩොල්ෆ් හිට්ලර්ව පිටත් කර යවයි.ඔහු එහි සාමාජිකත්වය ලබාගනියි.ඔහු එම පක්ෂයේ 55වන සාමාජිකයා විය.

හිට්ලර්ගේ සාමාජික කාඩ්පත





1920 පෙබරවාරි 24

ජර්මන් කම්කරු පක්ෂය එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය(NSDAP) ලෙස වෙන්ස් කරයි.එනම් නාසි පක්ෂය යන කෙටි නමින් එය හැඳින්වීම ආරම්භ වේ.





1921 ජූලි 29

හිට්ලර් නාසි පක්ෂයේ නායකයා බවට පත්වේ.ඔහු der Fhrer යන නමින් හඳුන්වනු ලැබේ.





1921 නොවැම්බර් 4

ස්ටෝම්ටෲපර්ස් SA (Sturm Abteilung) හෙවත් නාසි පක්ෂයේ සන්නද්ධ අංශය නිර්මාණය කෙරේ.ඔවුන් දුඹුරු කමිසකරුවන් නමින් හඳුන්වයි.

SA





1923 නොවැම්බර් 8
හිට්ලර් සහ නාසි පක්ෂය බැවේරියානු ආණ්ඩුව පෙරළීමට ගත් උත්සාහය අසාර්ථක වේ.ඔවුන්ගේ නායකයන් අත් අඩංගුවට ගෙන රාජ්‍යද්‍රෝහීත්වය යටතේ සිරකරනු ලැබේ.

Munich (Beer Hall) Putsch





1924 පෙබරවාරි 26
හිට්ලර්ට එරෙහි නඩු විභාගයේදී ඔහු වසර 5කට සිරගත කරන්නට නියෝග කලද මාස 10කින් ඔහු නිදහස් කරයි.එම කාලයේදී ඔහු නම් ප්‍රකාශනය ලියයි.





1925 අප්‍රේල්

SS (Schutzstaffel) හෙවත් පසුකාලයකදී නාසි පක්ෂයේ සන්නද්ධ අංශය වූ හිට්ලර්ගේ ශරීරාක්ෂකයන් වූ කලු කමිසකරුවන් නිර්මාණය කෙරිණි.

SS





1926 ජූලි 4

හිට්ලර් යූත් හෙවත් නාසි පක්ෂයේ තරුණ අංශය නිර්මාණ කෙරේ.ජර්මන් නාසි පක්ෂය ආරම්භයේදී එය සතුව තරුණ අංශයක් තිබුණද පසුව හිට්ලර් එම අංශය පක්ෂයේ සන්නද්ධ අංශය සමග සම්බන්ධ කරන ලදි.





1927 අගෝස්තු 20

නාසි පක්ෂයේ පළමු වාර්ෂික සම්මන්ත්‍රණය නුරම්බර්ග්හි පැවැත්විණි.





1929-1930

මහා ආර්ථික අවපාතය-මෙම ආර්ථික අවපාතය නිසා බොහෝ ජර්මානුවන්ට රැකියා අහිමිවිය.දුප්පත්කම උත්සන්න විය.නාසි පක්ෂයට ලැබෙන සහාය වැඩිවිය.






1930
හිට්ලර්ගේ තරුණ කණිෂ්ඨ ශාඛා ඇතිකෙරිණි.ඒවා සඳහා බදවා ගත් පිරිමි ලමුන් වයස අවුරුදු 10-14 අතරත්,ගැහැණු ලමුන් වයස අවුරුදු 10-18 අතර විය.





1930 සැප්තැම්බර්

නාසි පක්ෂය මැතිවරණවලින් ඡන්ද 18.3%ක් ලබාගන්නා ලදි.ඔවුන් දෙවන විශාලතම පක්ෂය බවට පත්විය.





1932 ජූලි

නාසි පක්ෂය් මැතිවරණ වලින් ඡන්ද 37.4%ක් ලබාගන්නා ලදි.ඔවුන් විශාලතම පක්ෂය බවට පත්වේ.






1933 ජනවාරි 30

ජනපති හින්ඩන්බර්ග් විසින් ජර්මනියේ චාන්ස්ලර් ලෙස හිට්ලර් පත් කරයි.






1933 පෙබරවාරි 3

හිට්ලර් නාසි පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති නියම කරයි.ඔහුගේ මූලික අරමුණ ජර්මන් ජාතිය ප්‍රමුඛස්ථානයට ගෙන ඒම.





1933 පෙබරවාරි 27

රයිච්ස්ටැග් ගොඩනැගිල්ල(ජර්මන් අධිරජ නිවස ) ගිනිගනියි.එහි වරද ජර්මන් කොමියුනිස්ට් පක්ෂය වෙත යොමුවිය.ප්‍රථිපලය එම පක්ෂය තහනම් වීම සහ හිට්ලර්ගේ නාසි පක්ෂයට බහුතර බලය ලැබීමයි.






1933 මාර්තු 5

කොමියුනිස්ට් පක්ෂය තහනම් වූ වහාම මැතිවරණයක් කැඳවූ හිට්ලර් 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනියි.




1933 මාර්තු 23
කිසිවෙකුගේ උපදෙස් නොඅසා තමන්ට අවශ්‍ය පරිදි ජර්මනිය පාලනය කරන්නට එම ප්‍රතිපලය අවස්ථාව සලසා දුන්නේය.





1933 අප්‍රේල් 26

නාසි රහස් පොලිසිය(පොලිස් හමුදාව) හෙවත් ගෙස්ටාපෝ නිර්මාණය කෙරේ.






1933 අප්‍රේල් 26
නාසීන් ජර්මන් රජය අල්ලාගනියි





1933 මැයි 2

වෘත්තීය සංගම් තහනම් කෙරේ.





1933 මැයි 10
ජර්මන් නොවන ග්‍රන්ථ 25,000ක් පුලුස්සා දමයි.මෙම ක්‍රියාවන්ට ජෝෂප් ගෙබ්බල්ස් ගේ සහාය ලැබුණි.






1933 ජූලි 14
නාසි පක්ෂය හැර සියලු පක්ෂ තහනම් කෙරේ.




1933 ඔක්තෝම්බර්

ජර්මනිය ජාතීන්ගේ සංගමයෙන් ඉවත්වෙයි.





1934 ජූනි 30

SA හෙවත් නාසි පක්ෂයේ මුල්ම සන්නද්ධ අංශයේ නායකයන් 150ක් ඝාතනය කරයි.හි බොහෝ සාමාජිකයින් කොමියුනිස්ට්වාදීන් විය.හිට්ලර්ගේ ප්‍රතිපත්ති ඔවුන්ගේ සමාජවාදී අදහස් සමග නොගැලපුණි.තවද හි හමුදාබලයට තමන් බලයෙන් ඉවත් කරන්නට පවා හැකියාවක් තිබෙන බවට හිට්ලර් ඇතුලු නායකයින් තුල බියක් තිබිණි.ඒ අනුව හිට්ලර්ගේ SS යොදාගෙන SA අවලංගු කරන ලදි.





1934 අගෝස්තු 2

ජනපති හින්ඩන්බර්ග් මියයයි.හිට්ලර් ජනපතිධූරය සහ චාන්සලර් තනතුර එකතු කර Fuhrer නමින් තනතුරක් නිර්මාණය කරගනියි.





1934 සැප්තැම්බර්

හිට්ලර් ජාතික සමාජවාදී කාන්තා සංවිධානය අමතමින් කාන්තාවගේ භූමිකාව "කාන්තාවගේ ලෝකය ඇගේ සැමියා,පවුල සහ දරුවන් සහ නිවසයි" ලෙස විස්තර කරයි.







1935 පෙබරවාරි 26
වර්සයිලිස් ගිවිසුමේ වගන්තියක් කඩ කරමින් ජර්මන් ගුවන් හමුදාව නිර්මාණය කරන්නට හිට්ලර් හර්මන් ගෝරින් හට අණකරයි.





1935 මාර්තු

ජර්මන් හමුදාව විශාල කිරීමට හිට්ලර් තීරණය කරයි.බලයෙන් හමුදා සේවයට බඳවා ගැනීම ඇරඹේ.





1935 සැප්තැම්බර් 15

ජර්මන් ආර්ය ජනවර්ගය සහ යුදෙව්වන් අතර සම්බන්ධකම් තහනම් කෙරේ.





1936 මාර්තු 7

රයින්ලන්තය යළි ජර්මනියට ඈදා ගැනේ.






1936 අගෝස්තු 1
බර්ලින් ඔලිම්පික් උළෙල ඇරඹේ.





1936 ඔක්තෝම්බර් 25

ජර්මනිය සහ ඉතාලිය අතර අක්ෂ සංධානය ඇතිවේ.





1936 නොවැම්බර් 25

ජපානය සහ ජර්මනිය අතර කොමියුනිස්ට් විරෝධී ගිවිසුමක් ඇතිවේ.





1936 දෙසැම්බර්

හිට්ලර්ගේ තරුණ සන්ධානයේ සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්‍ය කිරීමේ නීතියක් ඇතිකෙරේ.






1938 මාර්තු 14
ජර්මනිය ඕස්ට්‍රියාව ආක්‍රමණය කරයි.






1938 සැප්තැම්බර් 30
මියුනිච් සම්මුතිය-මිත්‍ර පාර්ශ්විකයන් විසින් නාසි ජර්මනිය සංසිදවිමට චෙකස්ලෝවැකියාවේ සදටන්ලෑන්ඩ් ප්‍රදේශ පවරාදීම.






1938 නොවැම්බර් 
යුදෙව් සාප්පු සහ දේවස්ථාන විනාශ කරයි.යුදෙව් ජනගහනය අවම කිරීම ඇරඹේ.





1939 මාර්තු 15

හිට්ලර් චෙකස්ලෝවැකියාව ආක්‍රමණය කර යටත් කරගන්නේ මියුනිච් සම්මුතිය උල්ලංඝනය කරමින්ය.





1939 මාර්තු 31

පෝලන්තය සම්බන්ධව වගබලා ගන්නා බව කියමින් බ්‍රිතාන්‍යය ප්‍රකාශයක් නිකුත් කරයි.මෙහි අරුත ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කල හොත් බ්‍රිතාන්‍යය පෝලන්තයේ ආරක්ෂාවට ඉදිරිපත්වන බවයි.






1939 අගෝස්තු 23

නාසි-සෝවියට් ගිවිසුම - මෙහිදී පෝලන්තය ජර්මනිය සහ සෝවියට් දේශය අතර බෙදා ගැනීම සඳහා එකඟත්වයක් ඇතිවිය.





1939 අගෝස්තු 25

බ්‍රිතාන්‍යය-පෝලන්ත ආරක්ෂක ගිවිසුම-මෙහි එක් රටක් තවත් යුරෝපා රටක් විසින් ආක්‍රමණය කල හොත් අනෙක් රටේ හමුදාව ආක්‍රමණිකයාට එරෙහිව සටන් කල යුතුබව සඳහන් විය.





1939 සැප්තැම්බර් 1

ජර්මනිය ගොඩබිමින් සහ ගුවනින් වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් පෝලන්තය ආක්‍රමණය කලේය.පෝලන්තය සටන් කල මුත් ඔවුන් ඉතා ඉක්මණින් පරාජය වූ අතර ජර්මනිය පෝලන්තය යටත් කරගන්නා ලදි.





1939 සැප්තැම්බර් 3

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.





1940 අප්‍රේල් 9

ජර්මනිය විසින් ඩෙන්මාර්කය සහ නෝර්වේ යන රටවල් ආක්‍රමණය කර යටත් කරගන්නා ලදි.





1940 මැයි 10

නෙදර්ලන්තය,බෙල්ජියම,ලක්සැම්බර්ග් සහ ප්‍රංශය ජර්මනියේ ආක්‍රමණයට ලක්විය.පසුව එම රටවල්ද යටත් කරගන්නා ලදි.





1940 ජූලි 10

බ්‍රිතාන්‍යයට ගුවනින් පහර දෙන්නට හිට්ලර් අණ කල අතර පසුව ඔවුන්ගේ ගුවන් හමුදාව බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව අතින් පරාජය විය.





1940 ඔක්තෝම්බර්

දිවා රාත්‍රී දෙකෙහිම ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍යයට බෝම්බ හෙළන්නට වූ අතර බ්‍රිතාන්‍යය ගුවන් හමුදාවේ සාර්ථක ප්‍රතිප්ප්‍රහාර මධ්‍යයේ හිට්ලර්ගේ බ්‍රිතාන්‍යය ආක්‍රමණ සැලසුම් අතහැර ගන්නා ලදි.





1941 අප්‍රේල් 6

යුගෝස්ලෝවියාව සහ ග්‍රීසිය ජර්මන් හමුදා අතට පත් විය.






1941 ජූනි 22
ඔපරේෂන් බාර්බඩෝසා හෙවත් ජර්මනියේ රුසියා ආක්‍රමණය ඇරඹිණි.






1941 දෙසැම්බර් 5

ජර්මනියේ ඉදිරිගමන රුසියානු ශීත සෘතුව නිසා අඩාල විය.රුසියානුවන්ගෙන් ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල වීම ඇරඹිණි.





1941 දෙසැම්බර් 11

ජපානය පර්ල් වරායට පහර දීමත් සමග එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කල අතර පෙර කී ජර්මන්-ජපාන ගිවිසුමට අනුව ජර්මනිය ජපානයට සහාය දක්වමින් එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලදි.





1942 නොවැම්බර් 5

ජර්මන් හමුදා උතුරු අප්‍රිකාවේ දෙවන එල් අල්අමින් සටනෙන් පරාජය විය.






1943 පෙබරවාරි 2
ජර්මන් 6වන හමුදාව ස්ටාලින්ග්‍රාඩ් සටනින් පරාජය ලැබීය.





1943 මාර්තු 4

මිත්‍ර හමුදා පළමුවරට ජර්මන් නගරවලට බෝම්බ හෙළන ලදි.





1944 ජූනි 6

මිත්‍ර හමුදා ප්‍රංශයේ නොමැන්ඩි වෙත ලඟා විම.





1944 ජූලි 20

හිට්ලර් ඝාතන තැතක් අසාර්ථක වීම.






1945 අප්‍රේල් 30
 
හිට්ලර් දිවිනසා ගත්බව නිවේදනය කිරීම





1945 මැයි 2

ජර්මනිය යටත්විමත් සමග යුරෝපය තුල යුද්ධය අවසන් විම
 
 
 
 
 
 
1945 නොවැම්බර් 20

නුරම්බර්ග් යුද අපරාධ නඩු විභාගය ඇරඹීම.
නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය නාසි ජර්මනියේ ආරම්භය සහ අවසානය Reviewed by HarshaLulzSec on May 05, 2017 Rating: 5
Powered by Blogger.