අල්කයිදා සහ ISIS හි නිර්මාතෘ

January 30, 2017

අල්කයිදාව මෙන්ම ISIS සංවිධානයත් ඇමෙරිකා එක්සත් ජනපද නිර්මාණයක් වන අතර මෙම ත්‍රස්ත මෙවලම සැලසුම් කලේ තෙල්වලින් පොහොසත් මැදපෙර දිග බෙදෙන්නට සහ ජයගන්නට මෙන්ම කලාපය තුල වැඩෙමින් පවතින ඉරානයේ බලය එරෙහිව ක්‍රියාත්මක වන්නටය.ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ආධාර දීම සම්බන්ධව එක්සත් ජනපදය සතුව දිගු ඉතිහාසයක් තිබෙන අතර ඉතිහාසය නොසලකා හරින සහ ප්‍රධාන පෙලේ නාලිකා ඔස්සේ පුවත් නරඹන බොහෝදෙනාට මෙම කරුණ විශ්මය දනවන්නකි.

සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී එක්සත් ජනපදය ඉස්ලාමීය සටන්කාමීන්ට හමුදා ආධාර සැපයීය
CIA සංවිධානය පළමුවරට අන්තවාදී ඉස්ලාමය සමග පෙළ ගැසෙන්නේ සීතල යුද සමයේය.ඉන්පසු ඇමෙරිකාව, ලෝකය ඉතා සරලව දකියි.එහි එක් පාර්ශ්වයක් සෝවියට් දේශය සහ සෝවියට් අවිය ලෙස ඇමෙරිකාව සලකන තුන්වන ලෝකයයි.අනෙක් පස බටහිර ලෝකය සහ සෝවියට් දේශයට එරෙහිව තමන්ගේ මිත්‍ර පාර්ශ්වය වන යුදකාමී දේශපාලනික ඉස්ලාමයයි.

රොනල්ඩ් රේගන් යටතේ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂක,ජෙනරාල් විලියම් ඔඩම් පසුකාලයේ ප්‍රකාශ කර සිටියේ "එක්සත් ජනපදය බොහෝ කාලයක සිට ත්‍රස්තවාදය භාවිතා කර තිබෙනවා" කියාය.1978-79 සමයේ සෙනට් සභාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව නීතියක් සම්මත කරගන්නට උත්සාහ කලහ,එනම් ඔවුන් නිර්මාණය කල සියලුම වර්ගයේ ත්‍රස්තවාදයන්ට එරෙහිව.


සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී(1979-1989)ඇමෙරිකාව ලබා දුන් ගුවන් යානා නාශක අවි යොදාගෙන සෝවියට් හෙලිකොප්ටර් 300 ගණනක් විනාශ කරන්නට ඉස්ලාමීය සටන්කාමීන් සමත් වේ.
සෝවියට් දේශයේ ව්‍යාප්තවාදයට බාධකයක් ලෙස සහ අරාබි රටවල් තුල මාස්ක්වාදය පැතිරයාම වැළැක්වීමට 1970 දශකයේදී CIA සංවිධානය ,ඊජිප්තුව තුල මුස්ලිම් සහෝදරත්වය යොදාගන්නා ලදි.එක්සත් ජනපදය එළිපිටම ඉන්දුනීසියාවේ සුකර්නෝට එරෙහිව ඉස්ලාමයට ආධාර කල අතර පාකිස්තානයේ සුල්ෆිකාර් අලි බූතෝට එරෙහිව ජමාට්-ඊ-ඉස්ලාමී ත්‍රස්ත කණ්ඩායමට සහාය ලබාදුන්නේය.අවසානයේදී ඔවුන් අල්කයිදාවටද උදවු කලේය.

CIA සංවිධානය ඔසාමා බින් ලාඩන්ට උපත ලබා දුන් අතර ඔහුගේ සංවිධානය 1980 දශකයේදී පෝෂණය කරන්නටද වග බලා ගත්තේය.හිටපු බ්‍රිතාන්‍ය විදේශ ලේකම් රොබින් කූක්ට අනුව අල්කයිදාව යනු අවිවාදයෙන් තොරව බටහිර බුද්ධි අංශ ඒජන්සිවල නිර්මාණයකි.රොබින් කූක්ට අනුව අල්කයිදා යන්නේ තේරුම the database යන අරාබි අර්ථයයි.එනම් එය දහස්ගණන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සමන්විත පරිගණක දත්ත සමුදායකි.ඔවුන් සෞදි අරාබියේ මූල්‍ය ආධාර මත CIA සංවිධානය විසින් පුහුණුකල ඇෆ්ගනිස්තානයේ රැදී සිටි රුසියානු හමුදා පරාජය කිරීමට යොදාගත් ඉස්ලාමීය ගරිල්ලන්ය.

අල්කයිදාව සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වන ප්‍රදේශ
එක්සත් ජනපදය සහ අල්කයිදාව අතර සම්බන්ධය හැමවිටම ආදරය-තරහ අතර දෝලනය වූවකි.එය තීරණය වූයේ අදාල කලාපය තුල ඇමෙරිකානු ලැදිකමට ආධාර කිරීම හෝ නොකිරීම මතයි.එහිදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව එම ත්‍රස්ත කණ්ඩායමට අරමුදල් සැපයීම හෝ ඔවුන්ව ඉලක්ක කර පහරදීම සිදුකරයි.එසේ වුවද ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සම්පාදකයෝ කියා සිටින්නේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධවන්න කියාය.ඔවුන් දැන දැනම එය විදේශ ප්‍රතිපත්ති අවියක් ලෙස යොදාගනියි.


අල්කයිදාවේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්(වම්පස) ISIS සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩාඩි(දකුණු පස)
ISIS යනු අල්කයිදාවට සමාන ,එක්සත් ජනපදයේ නවතම අවියයි.ඇත්ත වශයෙන්ම දැන් එය තම ස්වාමියාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.ඇමෙරිකානු මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට පෙර එය ජාත්‍යන්තරය තුල එතරම් විවේචනයට ලක් නොවීය.දැන් ඔවුන් එක්සත් රාජධානියට සමාන භූමි ප්‍රමාණයක් යටත් කරගෙන සිටියි.


ISIS සංවිධානයේ වර්තමාන ව්‍යාප්තිය දැක්වෙන සිතියමක්
ISIS සංවිධානය මෙතරම් ඉක්මණින් වැඩෙන්න මෙන්ම දැවැන්ත ප්‍රදේශයක පැතිර යන්නට ඉඩ ලැබුණේ කෙසේද යන්න තේරුම් ගැනීමේදී එම සංවිධානයේ ඇමෙරිකානු ආධාර සහිත මූලයන් දෙස අවදානය යොමුකිරීම කලයුතුය.2003 වසරේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සහ යටත් කරගැනීම තුලින් ISIS වැනි මූලධර්මවාදී සුන්නි කණ්ඩායම් වලට බලය තහවුරු කරගන්නට අවශ්‍ය පුර්ව තත්ත්වයන් නිර්මාණය කරන ලදි.ඇමෙරිකාව ඉතා අඥාණව සදාම් හුසේන්ගේ අනාගාමික රාජ්‍ය සංවිධානය විනාශ කර එය බහුතර ෂියා පාලනයකට ලබාදුන්නේය.එක්සත් ජනපදයේ ක්‍රියාව සුන්නි ප්‍රදේශ තුල විශාල වශයෙන් විරැකියාව වර්ධනය කරන ලදි.සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම සහ කර්මාන්තශාල වසා දැමීම ඔස්සේ නිදහස් වෙළදපොල රැකියා අවස්ථා බිහිකරාවි යන්න ඇමෙරිකාවේ බලාපොරොත්තුව විය.ඇමෙරිකානු සහාය ලබන ෂියා ආණ්ඩුව යටතේ වැඩ කරන පන්තියේ සුන්නිවරුන්ගේ රැකියා ලක්ෂ ගණනක් අහිමිවිය.මෙය දකුණු අප්‍රිකාවේ පාලනය වෙනස් වූ පසු සුදු අප්‍රිකානුවන්ට තම වත්කම් එලෙසම තබාගන්නට ඉඩ දුන්නා සේ නොව ඉහළ පන්තියේ සුන්නිවරුන්ගේ වත්කම් සහ දේශපාලන බලය ක්‍රමයෙන් යටත් කරගැනීමක් සිදුවිය.ඇමෙරිකානු ප්‍රතිපත්තිය වූයේ ආගමික සහජීවනය සහ එකමුතුබව ඇතිකිරීම නොව ඉරාකයේ පවතින ඉස්ලාමීය නිකායික බේදය අවුස්සා සුන්නිවරුන්ගේ අතෘප්තිය සංසිදවීමට අවශ්‍ය පරිසරය ඇතිකර දීම සහ අල්කයිදාවට ඉරාකයේ මූලය අත්පත් කරදීමයි.

ISIS ත්‍රස්තවාදීන් විසින් ඉරාක හමුදා සමාජිකයින් ඝාතනය කරන අයුරු 
ISIS ත්‍රස්තවාදීන් ඇමෙරිකානු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම
ඉස්ලාම් බහුතරය සහිත රටවල නිකායික බේදය මතුවීම අවම කිරීමට සහජීවනය අවියක් ලෙස යොදාගැනීම කල හැකි මුත් එය ප්‍රායෝගික නොවන බව බොහෝ මුස්ලිම් රටවල වර්තමාන තත්ත්වයන් සලකා බලද්දී පෙනී යන කරුණකි.නමුත් මුස්ලිම් සුලුතරය සහිත රටවල සහජීවනය යොදාගැනීම දිවිනසා ගැනීමකි.මන්ද මුසලුන් යනු සහජීවනය පෙන්වා යටිකූටු වැඩ කරන ජාතියක් නිසාය.

ISIS සංවිධානය ඉරාකය තුල මුලදී ක්‍රියාත්මක වූයේ අල්කයිදාවේ ශාඛාවක් ලෙසයි.2010 වසරෙන් පසුව එම කණ්ඩායම ISIS යන නමින් සිරියාව කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වේ.

සිරියාවේ Tartus හි රුසියානු නාවික හමුදා කඳවුරක් පිහිටා තිබේ
මේවන විට සිරියාව තුල ප්‍රධාන වශයෙන්ම යුද්ධ කිහිපයක් ක්‍රියාත්මකය.එකක් සිරියානු ආණ්ඩුව සහ කැරළිකරුවන් අතරය.අනෙක ඉරානය සහ සෞදි අරාබිය අතරය.තවත් එකක් ඇමෙරිකාව සහ රුසියාව අතර ක්‍රියාත්මකය.මෙහි තුන්වැන්න නවතම සීතල යුද ගැටුමක් වන අතර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදකයෝ රුසියාවේ මිතුරෙක් වන සිරියාවේ ජනපති බෂාර් අල් අෂාඩ්ට එරෙහිව ඉස්ලාමීය කැරලිකරුවන් සන්නද්ධ කිරීමේ අවදානම භාරගත්හ.මේ වන විට මෙම සිරියානු කැරලිකරුවන්ගෙන් වැඩි පිරිසක් ISIS ත්‍රස්තවාදීන් බවට පත්ව තිබෙන අතර ඔවුන් අත ඇමෙරිකානු M 16 රයිපල්ද තිබේ.
 
ඇමෙරිකානු M-16 රයිපල් සහිතව සිටින ISIS ත්‍රස්තවාදීන්
ඇමෙරිකාවේ මැද පෙරදිග ප්‍රතිපත්ති නිර්මාණය වන්නේ තෙල් සහ ඊශ්‍රායලය වටාය.ඉරාකය ආක්‍රමණය වොෂින්ටනයේ තෙල් පිපාසය ස්වල්ප ලෙස සංසිදවීමකි.නමුත් දැනට ක්‍රියාත්මක සිරියාව තුල ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක යනු ඊශ්‍රායලය සතුටු කිරීමකි.එහි අරමුණ ඊශ්‍රායලයේ අසල්වැසි සතුරන් වන ලෙබනනයේ හිස්බුල්ලා සහ පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධාන ඉවත් කිරීම වන අතර සිරියාවේ සහ ඉරානයේ සහාය මෙම සංවිධාන 2කට තීරණාත්මක සාධකයකි.

ISIS යනු සිරියානු ආණ්ඩුව පෙරළා දමන්නට ඇමෙරිකාව යොදා ගත් ත්‍රස්ත උපාංගයක් පමණක් නොව එය ඉරානයට පීඩනයක් එල්ල කරන්නද යොදාගත්තා.

අවසන් වරට ඉරානය විසින් වෙනත් ජාතියක් ආක්‍රමණය කලේ 1738දීය.1776 වසරේ නිදහස ලැබූ දා පටන් එක්සත් ජනපදය හමුදා ආක්‍රමණ සහ මෙහෙයුම් 53ක් සිදුකර තිබේ.බටහිර මාධ්‍ය පෙන්වාදෙන පරිදි සහ ඔබ විශ්වාස කරන පරිද්දේ කලාපීය ආරක්ෂාවට ඉරානයෙන් තර්ජනයක් නොමැත.2012 වසරේ ප්‍රකාශයට පත් කල බුද්ධි අංශ වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ තිබෙන බුද්ධි තොරතුරු ඒජන්සි 16ම අනුමත කර සිටියේ ඉරානයේ න්‍යෂ්ඨික අවි වැඩසටහන 2003 වසරේදී අවසන් කල බව සනාථ කල බවයි.සත්‍යය නම් ඉරානයේ ඕනෑම න්‍යෂ්ඨික පරමාර්ථයක් (සැබෑ හෝ සංකල්පිත) ඇමෙරිකාවේ විරෝධය ඉරානය දෙසට එල්ල වීමට හේතුවක් බවයි.
 
පහත සිතියමෙන් පෙන්වා තිබෙන්නේ මැදපෙරදිග කලාපයේ විශේෂයෙන්ම ඉරාන ගල්ෆ් මුහුද අවට ප්‍රදේශයේ පිහිටා තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරුය.මෙම කඳවුරු සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,කුවේට්,බහරේන්,ඕමානය සහ ඉරාකය යන රටවල පිහිටුවා තිබේ.මීට අමතරව ඉරානයේ අසල්වැසි රාජ්‍යයක් වන ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු හමුදා කඳවුරු තිබෙන බව අමතක නොකල යුතුය.

නිල් පැහැයෙන් නාවික කඳවුරුද රතු පැහැයෙන් ගුවන් හමුදා කඳවුරුද පෙන්වා තිබේ
සෝවියට් දේශයෙන් කැඩී ගිය ජෝර්ජියා රාජ්‍යයේ සිට ඊශ්‍රායලයට හමුදා මෙහෙයුම් දියත් කිරීමේ හැකියාවක් තිබේ.

ඉරානය තුල බලුකිස්ථාන්,කුර්දි සහ තුර්ක්මෙනිස්ථාන් ජනවර්ග වාසය කරයි.ඉන් සමහරකට ඉරාන රජය සමග අමනාපකම් තිබේ.මෙම සාධකය ඉරාන රජය තුල පීඩනයක් යෙදවීමට භාවිතා කිරීමේ හැකියාවන් සම්බන්ධව ඇමෙරිකානු-ඊශ්‍රායෙල සන්ධානය උනන්දු වන බවට සැකයක් නැත.

ඉරානය අවට ඇමෙරිකානු හමුදා බලය
ඇමෙරිකාව ISIS සංවිධානය තෙවැදෑරුම්ව භාවිත කරයි.පළමුවැන්න මැදපෙරදිග තම සතුරන්ට පහර දෙන්නට,දෙවැන්න විදේශයන් තුල එක්සත් ජනපද හමුදා මැදිහත්වීම් සිදු කිරීමට අවශ්‍ය බව මවා පෙන්වන්නට.තෙවැන්න ත්‍රස්ත තර්ජනය පෙන්වා තම රට තුල පෙර නොවූ විරූ අයුරින් ඔත්තු බැලීමේ හැකියාව දියුණු කිරීම සාධාරණීකරණය කරන්නට.

ISIS සංවිධානය ඉරාකයේදී අත්පත් කරගත් ඇමෙරිකානු හමීව් රථ,යුද ටැංකි.බර අවි සහ ට්‍රක් රථ සමග
රජයේ රහස්‍යබාවය සහ ඔත්තු බැලීමේ හැකියාව සීඝ්‍රයෙන් වැඩි කිරීමෙන් ඔබාමා රජයට තම රටවැසියන්ගේ ඔත්තු බැලීමට ඇති හැකියාවද වැඩිවේ.ආවේක්ෂණ හැකියාව වැඩි කරගන්නට ඔවුන් ත්‍රස්තවාදය නිදහසට කරුණක් ලෙස යොදා ගනියි.

ත්‍රාසයට එරෙහිව යුද්ධය යනු අතිවිශාල භයානක ඇමෙරිකානු හමුදාවක් නඩත්තු කිරිමේ රැවටිල්ලයි.එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ වඩාත් බලවත්ම කණ්ඩායම් දෙක වන්නේ එක්සත් ජනපදයේ මැදපෙර දිග ප්‍රතිපත්ති හසුරවන ඊශ්‍රායලය සහ එම කණ්ඩායමේ ක්‍රියාවලින් ලාභ උපයාගන්නා එක්සත් ජනපද හමුදා නිෂ්පාදන කර්මාන්තයයි.2001 වසරේදී ඔක්තෝම්බර් හි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ත්‍රාසයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කල පසු එය ඇමෙරිකානු බදුගෙවන්නන් මත ඇ.ඩො. ත්‍රිලියන 6.6ක් පමණ බදු බර පටවන ලද අතර ඔවුන්ගේ පුත්‍රයන් සහ දියණිවරුන් දහස්ගණනකට මරු කැඳවන ලදි.නමුත් එම යුද්ධ ඔස්සේ වොෂින්ටනයේ හමුදා ප්‍රභූන්ට ඩොලර් බිලියන ගණනක් උපයා දුනි.

මැදපෙරදිග සහ කැස්පියන් කලාපවල එක්සත් ජනපද හමුදා කඳවුරු
මෙම යුද්ධ නිසා ඇමෙරිකානු සමාගම් 70කට වැඩි ගණනක් සහ තනි තනි පුද්ගලයන් පසුගිය වසර තුන තුල ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සේවය කරන්නට ඇ.ඩො. බිලියන 27ක් කොන්ත්‍රාත්තු ලෙස උපයාගත් බව හි මෑත කාලීන අධ්‍යනයන්ගෙන් හෙළිව් තිබේ.එම අධ්‍යනයන්ට අනුව මෙම සමාගම්වලින් 75%ක පමණ සිටින සේවකයන් හෝ මාණ්ඩලික සාමාජිකයින් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂවල කාරක සභා ශාඛාවල ,කොන්ග්‍රසය හෝ හමුදාවේ ඉහළ තනතුරු දරන්නන්ට සේවය කල හෝ ඔවුන් සමග සමීප සම්බන්ධකම් සහිත අයයි.

1997 එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තු වාර්තාවකට අනුව "එක්සත් ජනපදය සිදුකරන විදේශ මැදිහත්වීම් සහ එක්සත් ජනපදයට එරෙහි ත්‍රස්ත ප්‍රහාර ඉහල යෑම අතර අන්‍යෙන්‍ය සමබන්ධයක් පෙන්වන බව" කියා තිබේ.ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ඇමෙරිකාවට ජය ගත හැකි එකම ක්‍රමය වන්නේ ත්‍රස්තවාදීන් පෙළඹවීම සහ ඔවුන්ට සම්පත් ලබාදීම නැවැත්වීමයි.ත්‍රස්තවාදය යනු රෝග ලක්ෂණයයි.මැද පෙරදිග ඇමෙරිකානු අධිරාජ්‍යවාදය යනු පිලිකාවයි.සරලව ,ත්‍රාසයට එරෙහිව යුද්ධය යනු ත්‍රස්තවාදයයි.



Source:Globalresearch.ca
අල්කයිදා සහ ISIS හි නිර්මාතෘ අල්කයිදා සහ ISIS හි නිර්මාතෘ Reviewed by HarshaLulzSec on January 30, 2017 Rating: 5

ස්වස්තිකය සහ එහි ඉතිහාසය

January 28, 2017



ස්වස්තිකය යනු ලොව ජීවත්වූ කෲරතම මිනිසෙක් භාවිතා කල,මිලියන ගණනක් මනුෂයින් ඝාතනය කල සහ ලොව ඇතිවූ විනාශකාරීම යුද්ධවලින් එකක් නිරූපණය කල ලාංඡනයකි.නමුත් ඇඩොල්ෆ් හිට්ලර් යනු මෙම ලාංඡනය භාවිතා කල පළමු මිනිසා නොවේ.ඔහුට පෙර බලවත් ලාංඡනයක් ලෙස මෙය වසර දහස් ගණනකට පෙර භාවිතා කර තිබේ.වීවිධ සංස්කෘතීන් සහ විවිධ මහද්වීප තුල ස්වස්තිකය යොදාගෙන තිබේ.ඉන්දියාවේ සහ වෙනත් ආසියානු රටවල හින්දූන් සහ බෞද්ධයන් මෙය වැදගත් ලාංඡනයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ යොදා ගනියි.ස්වස්තිකය තවමත් පන්සල්,බස් රථ ,කුලී රථ සහ පොත්වල පිටකවර වල දක්නට ලැබේ.එය පුරාණ ග්‍රීසියේ මෙන්ම ට්‍රෝයි නගරයේද පාවිච්චි කර තිබෙන්නේ වසර 4000කට පමණ පෙර දීය.

පුරාණ ඩෘවිඩ් සහ කෙල්ටික් ජන වර්ගවල කලා නිර්මාණවල තිබී ස්වස්තික ලාංඡන සොයාගෙන තිබේ.නෝඩික් ගෝත්‍රයන් සහ මුල් කාලීන ක්‍රිස්තියානුවන් මෙය භාවිතා කර තිබේ.නමුත් ස්වස්තිකය ලාංඡනයක් ලෙස මෙතරම් වැදගත් සහ හිට්ලර් එය භාවිතා කරන්නට හේතුව කුමක්ද?ස්වස්තිකය යනු සංස්කෘත වචනයකි.එහි තේරුම යහපත් පැවැත්ම,සෞභාග්‍යය ආදියයි.කෙසේ නමුත් විවිධ රටවල ස්වස්තිකයට වෙනස් නම් භාවිතා කරයි.Wan ලෙස චීනයේද,Manji ලෙස ජපානයේද,Fylfot ලෙස එංගලන්තයේද,Hakenkreuz ලෙස ජර්මනියේද,Tetraskelion ලෙස ග්‍රීසියේද එය හඳුන්වනු ලැබේ.



  
සංස්කෘත විශාරදයෙක් වන P. R. Sarkar මහතා 1979 වසරේදී කියා තිබෙන්නේ මෙම වචනයේ ගැඹුරු අර්ථය "ස්ථිර ජයග්‍රහණය" යන්න බවයි.එසේම ඔහුට අනුව ඕනෑම සලකුණක් එය අඳින ආකාරය අනුව ධනාත්මක සහ ඝෘණාත්මක තේරුමක් තිබේය.හින්දු දහමට අනුව දක්ෂිණාවර්ත ස්වස්තිකය විෂ්ණු දෙවියන් සහ හිරු නියෝජනය කරයි.වාමාවර්ත ස්වස්තිකය කාලි සහ මායාව නිරූපණය කරයි.පෞරාණික සම්ප්‍රදායන්ට අනුව සංකේතයකට ද්විත්ව තේරුම් තිබේ.උදාහරණයකට පස්කොන් තරුව ගත හොත් එහි යටිකුරු ස්වරූපය ඝෘණාත්මක වන අතර උඩුකුරු ස්වරූපය ධනාත්මක තේරුමක් සහිතය.



 පැරණිතම ස්වස්තික සලකුණ යුක්ක්‍රේනයේ මෙසීන් හිදී සොයාගෙන තිබෙන අතර එය ඇත් දළයෙන් නිමවූ ප්‍රතිමාවක කැටයක් කරන ලද්දකි.එය වසර 12,000ක් පමණ පැරණි බවයි කියවෙන්නේ.ස්වස්තිකය භාවිතා කල පැරණිතම සංස්තෘතිය ලෙස නවශිලා යුගයේ දකුණුදිග යුරෝපය හඳුන්වා දිය හැකිය(වසර 8000කට පෙර).එය අද කාලයේ සර්බියාව,ක්‍රොයේෂියාව,බොස්නියාව සහ හර්ෂ්ගොවිනා යන රටවල් අයත් භූමිභාගයයි.බෞද්ධාගම තුල ස්වස්තිකය සෞභාග්‍යය සංකේතවත් කෙරිණි.එය බුද්ධ ප්‍රතිමාවල යටි පතුලේ සහ හදවතේ කැටයම් කර තිබෙනවා දැකිය හැක.




 මෙය රෝමයේ ක්‍රිස්තියානි උමං සොහොන් තුල දක්නට ලැබේ.එසේම ඉතියෝපියාවේ ගුප්ත Lalibela ශෛලමය පල්ලි තුලද ලෝකය පුරා තවත් පල්ලි තුලද ස්වස්තිකය දැකගත හැකිය.




 උතුරු ඇමෙරිකාවේ දකුණු එ.ජ. ප්‍රදේශවල ජීවත්වූ Navajo නම් ජන වර්ගය ස්වස්තිකය භාවිතා කරන ලදි.ග්‍රීසියේ විසූ පයිතගරස් නම් නාමය යටතේ ස්වස්තිකය යොදාගෙන තිබෙන අතර එය දිව්‍යලෝකය සහ පොළොව අතර බැඳීමක් ලෙස සලකන ලදි.දකුණු බාහුව ස්වර්ගයටද වම් බාහුව පෘතුවිය දෙසට යොමුව තිබේ.එය ෆිනීසියන්වරුන් සුර්යයා නිරූපණය කිරීමය සංකේතයක් ලෙස යොදාගෙන තිබේ.





 ස්කොට්ලන්තයේ තිබෙන ෆිනීසියානු Craig-Narget පාෂාණයේ සහ ෆිනීසියානු උසස් පුජකවරියක්ගේ ලෝගුවකද ස්වස්තිකය දක්නට ලැබේ.නමුත් නාසීන් විසින් මෙම ජීවිතය සහ සෞභාග්‍යය නිරූපණය කල වසර දහස් ගණනක් පූජනීය සංකේතයක් ලෙස යොදාගත් ස්වස්තිකය ඝාතන,වද බන්ධන සහ විනාශයන් උදෙසා යොදා ගැනීම තුලින් ඒ කෙරෙහි මිනිසුන් තුල බියමුසු පිළිකුලක් ජනිත කරවිය.


 Source:worldarcheology.blogspot.pt
ස්වස්තිකය සහ එහි ඉතිහාසය ස්වස්තිකය සහ එහි ඉතිහාසය Reviewed by HarshaLulzSec on January 28, 2017 Rating: 5

චීනුන්ගේ ක්ලෝනකරණය සහ අනුකරණය

January 27, 2017


චීනය යනු වර්තමානයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා තාක්ෂණය අතින් පහල තැනක සිටින රටක් වුවත් ඔවුන් පසුගිය සමයේ සීග්‍රයෙන් බටහිර දියුණු තාක්ෂණයන් තම රටේ ශක්තිය වර්ධනය කරගන්නට බහුලව යොදාගන්නා ලදි.ඔවුන් නුදුරු අනාගතයේදි එක්සත් ජනපදය සෑම අතින් ඉක්මවා යන රාජ්‍යයක් බවට පත්වේවි යැයි සමහරුන් විශ්වාස කරයි.පසුගිය දශක කිහිපය තුල ඔවුන්ගේ අනුකරණ සංස්කෘතිය(copycat culture) නිසා ජාත්‍යන්තරය තුල දැඩි අවදානයකට පාත්‍රවිය.සමහර බටහිර නිරීක්ෂකයන් විශ්වාස කරන්නේ මෙම සංස්තෘතිකමය ආකෘතිය කොන්ෆියුසියස්වාදය තුල මුල් බැසගත් එහි අනුගාමිකයන් සම්ප්‍රදායිකව උගත් දේ නැවත නැවත අත්හදාබලමින් දියුණු කිරීම මත පදනම් වූවක් බවයි.

Northrop Grumman X-47B

චීනය මෙම ක්ලෝනකරණය තුල වඩාත් විශිෂ්ඨත්වයට පත්ව තිබෙන්නේ අවි පද්ධති නිෂ්පාදනයේදීය.චීනය ඔවුන්ගේ හමුදා ශක්තිය ප්‍රසාරණය කරන්නටත් වැඩෙමින් ඇති ඔවුන්ගේ කලාපීය බලය ආරක්ෂා කරගන්නටත් අනෙකුත් රටවල අවි අනුකරණය කරනු ලැබේ.ඇමෙරිකානු යුද ගුවන් යානා වන ලොක් හීඩ් මාර්ටින් සමාගමේ F-35 Joint Strike ප්‍රහාරක යානය සහ Northrop Grumman X-47B නම් නියමුවන් රහිත ප්‍රහාරක යානයේ ස්වරූපයට ඉතා සමාන අනුකරණයන් චීනය සතුව තිබේ.මෙම අනුකරණවලට අවශ්‍ය සමහරක් තාක්ෂණයන් ලබාගෙන තිබෙන්නේ චීනය සතු ප්‍රබල සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේය.

චීනයේ ගෝස්ට්නෙට් සයිබර් ඔත්තු බැලීමේ ජාලයේ ඉලක්ක බවට පත්වූ රටවල්

එක්සත් ජනපද ආරක්ෂක බලධාරීන්ට අනුව චීනයේ හමුදා හැකර්වරුන් විසින් සාර්ථකව අතිශය රහසිගත තාක්ෂණික තොරතුරු සහිත වාර්තාවන් විවිධ අවස්ථාවල සොරාගෙන තිබේ.මෙම තාක්ෂණයන් පසුකාලීනව චීනය නිපදවූ අවි සඳහා යොදාගෙන තිබෙන බවට සාක්ෂි පවා ලැබි තිබේ.

එ.ජ. බලධාරීන්ට අනුව චීනය එ.ජනපදයේ මිත්‍ර රාජ්‍යවලින් ඇමෙරිකානු අවි රහසිගතව මිලටගෙන තිබේ.මේ හේතුව නිසාම ලොක්හීඩ් මාර්ටින් සමාගමේ F-22 රැප්ටර් නම් ස්ටේල්ත් වර්ගයේ ප්‍රහාරක යානා අපනයනය නොකිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.

රුසියාවේ සුකොයි-27 යානය(Su-27) සහ චීනයේ ෂෙන්යැන්ග් ජේ-11බී (Shenyang J-11B)

චීනය රුසියාවේ සුකොයි-27 යානය(Su-27) අනුකරණය කරමින් ෂෙන්යැන්ග් ජේ-11බී (Shenyang J-11B)නම් යානය නිපදවා තිබේ.චීනුන් සොරාගත් තාක්ෂණය වැඩිදියුණු කිරීමට චීනයට අවි අලෙවියෙන් ලැබෙන මුදල් රුසියාව දිගටම යොදවනු ලැබේ.චීනය සතුව මේවන විට එක්සත් ජනපද ප්‍රහාරක යානා,ප්‍රෙඩේටර් වර්ගයේ ඩ්‍රෝන් යානා(Predator),හම්ව් රථ,යුද ටැංකි සහ පාබල හමුදා අවිවල අනුකරණ පිටපත් තිබෙන බව හෙළිව තිබේ.

එක්සත් ජනපදයේ F-35 යානය සහ එහි චීන අනුකරණය Shenyang J-31
එසේවුවත් චීනයේ මෙම අවිවල අනුකරණ පිටපත් ඒවාහි මූලාකෘති තරම් ප්‍රබල හැකියාවන්ගෙන් යුක්ත යැයි කිව නොහැකිය.එක්සත් ජනපදයේ හමුදා සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින චීනයේ සයිබර් ඔත්තු බැලිමේ සංග්‍රාමය ඔවුන්ගේ හමුදාමය ශක්තිය ,අවි පද්ධති සීග්‍රයෙන් දියුණු කරන්නටත් එක්සත් ජනපදයේ පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා වන F-22 සහ F-35 යානාවල දර්ශකයන් සමග චීන ප්‍රහාරක යානා සම තැන් ගැනීමටත් විශාල උපකාරයක් කරාවි යන්නයි.

චීනය සමාජවාදී රටක් වුවද ඔවුන් දැන් බටහිර ධනවාදී ආර්ථික ක්‍රමය දරුකමට ගෙන ඒ මත ඔවුන්ගේ ආර්ථිකය නිර්මාණය කර තිබේ.චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට එක්සත් ජනපදයේ මට්ටමට ලඟාවීමට හෝ යුරෝපයේ මට්ටමට සමාන වීමට හෝ හැකිවුවහොත් චීනයට ඔවුන්ගේ හමුදා පර්යේෂණ ඇතුලු අනෙකුත් හමුදාමය අයවැය වෙනුවෙන් යෙදවිය හැකි මුදල් ප්‍රමාණය එක්සත් ජනපදයට වඩා තුන්ගුණයකින් වැඩි කිරීමේ හැකියාවක් ලැබේවි.එසේම චිනයට ඔවුන්ගේ හමුදා පුහුණු කිරීම් සහ පද්ධති දියුණු කිරීමට වැඩි මුදලක් සහ ශ්‍රමයක් වැය කරන්නට හැකිවේවි.එවිට සමාන හමුදා පද්ධති,අවි පද්ධති සමග චීනයට එක්සත් ජනපද හමුදා සමග සමතැන් ගන්නට හැකිවේවි.(විශේෂඥයින්ට අනුව චීනය හමුදා ශක්තිය අතින් එක්සත් ජනපදයට වඩා වසර 5ක් පිටුපසින් පසුවේ).මෙය දෙවන ලෝක යුද්ධයේදී රුසියාව ජර්මනිය පරාජය කිරීමට සමාන කල හැකිය.ජර්මනිය සතුව ප්‍රමාණවත් අවි පද්ධති හෝ තාක්ෂණික ප්‍රබලත්වයක් රුසියාවේ සංඛ්‍යාවන්ට සමාන වන්නට නොතිබිණි.



Source:USNI
චීනුන්ගේ ක්ලෝනකරණය සහ අනුකරණය චීනුන්ගේ ක්ලෝනකරණය සහ අනුකරණය Reviewed by HarshaLulzSec on January 27, 2017 Rating: 5

කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය

January 27, 2017
මීට වසර 41 කට පෙර යොම් කිපූර් යුද්ධයේදී ඊශ්‍රායලයේ 401 වන සේනාංකය සිනායි හි සටන් කරමින් ඊජිප්තු හමුදා ඊශ්‍රායලයට ඇතුලු වීම නවතා දමන ලදි.එම සේනාංකයේ එවක සිටි තරුණ හමුදා නිලධාරියෙක් වූයේ දකුණු පෙරමුණේ සටන් වැදුණු ලුතිනන් කර්නල් අවි ගුර්ය.යුද්ධය සමයේ ඔහු තම කැමරාව යොදාගෙන ලබා ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.




මෙම යුද්ධය සමයේ ඊශ්‍රායලය සතුව තිබුණේ ඇමෙරිකානු එම්-60 යුද ටැංකිය.ලු.ක. ගුර් මෙහෙයවූ මෙම යුධ ටැංකිය කිලෝමීටරයක් පමණ දුරින් වූ ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවක් මෙහි දැක්වේ.





" යුද්ධය ආරම්භ වූ පසු මා සිටියේ ඉදිරි පෙරමුණේ සූවස් ඇල ප්‍රදේශයේ උප අණදෙන්නා ලෙසයි.පැය කිහිපයකට පසුව මගේ අණදෙන්නා මියගිය අතර හමුදා කණ්ඩයේ අණදෙන්නා ලෙස මා පත් කෙරිණි." -ලුතිනන් කර්නල් අවි ගුර්






නිලධාරී අවි ගුර්ගේ හිටපු අණදෙන නිලධාරියා වූ ලු.ක.එමැනුවෙල් සකාල්




යොම් කුපුර් යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලය සතුව ප්‍රහාරක ගුවන් යානා 358ක්,යුධ ටැංකි 2100ක් සහ නාවික යාත්‍රා 37ක් තිබිණි.නමුත් ඊජිප්තුව සහ සිරියානු හමුදා සතුව ප්‍රහාරක ගුවන් යානා 998ක් ,යුධ ටැංකි 5350ක් සහ නාවික යාත්‍රා 137ක් තිබිණි.

"වර්ග කි.මී. 143ක් ආරක්ෂා කිරීමට තිබුණේ යුධ ටැංකි 30කි.සතුරු හමුදා සෙබලුන් 30කට සිටියේ එක් ඊශ්‍රායල සෙබලෙක් පමණි.නමුත් අපි ඊශ්‍රායල සෙබලුන්.අප ඉදිරියේ දහස්ගණනක් සිටියද අපි පලාගියේ නැත.වීරයන් මෙන් සටන් කලෙමු" -ලුතිනන් කර්නල් අවි ගුර්



 රාත්‍රියේ පවා අපට විමසිල්ලෙන් පසුවන්නට විය.ඊජිප්තු හමුදාවේ කාලතුක්කුවල ප්‍රබලත්වය අපේ ඒවා මෙන් තිස්ගුණයක් ප්‍රබල විය

 
"මම යුද ටැංකිය වෙත යද්දී කැමරාවක්ද රැගෙන ගියා.අපි ගමන් කරන්නට පටන් ගත් විට ඊජිප්තු ගුවන් යානා අපිට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.සූවස් ඇල තරණය කල ඊජිප්තු යුධ ටැංකිවල ප්‍රහාරවලට මෙන්ම ඊජිප්තු කොමාන්ඩෝ බලකායේ යුධ ටැංකි නාශක ප්‍රහාරවලටද අපිට මුහුණ දෙන්නට සිදුවිය." -ලුතිනන් කර්නල් අවි ගුර්




ඊශ්‍රායල යුද ටැංකියක් ප්‍රහාර එල්ල කරන අයුරු






"දෙවන දිනයේදී දස දහස් ගණන් ඊජිප්තු හමුදා සූවස් ඇල තරණය කර සියගණන් යුධ ටැංකිත් සමග ඊශ්‍රායලයට ඇතුල්විය.මම දැක්කා මගේ යාලුවන් මිය යනවා.ඔවුන් තුවාල ලබනවා.නමුත් අපි දිගටම සටන් කලා" -ලුතිනන් කර්නල් අවි ගුර්




කැලිබර් .3 මැෂින් තුවක්කුවකි.මේ තුවක්කුවෙන් තත්ත්පර 10ක් එක දිගට වෙඩි තැබිය හැකිය.ඊජිප්තු කොමාන්ඩෝ බලකායන්ට එරෙහිව මෙම අවිය යොදාගන්නා ලදි.




"දින කිහිපයකට පසුව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රති ප්‍රහාර මාලාවක් එල්ල කරන ලදි.එහිදී අපිට සූවස් ඇල හරහා යන්නට නියෝග ලැබිණි.මා පළමුවරට මගේ ඩෝග් ටැග් එක රැගෙන ගියේ එදිනය.ඒ මා ජීවත් වේවිදැයි විශ්වාසයක් නොතිබුණු නිසාය.හේතුව? මගේ ටැංකිය ධාවනය කල යුතුව තිබුණේ සූවස් ඇල හරහා ඉදිකල ස්ථායි පාලමක් ඔස්සේය.එසේම ඔබ පාලම මැද මඟ හිටිය හොත් ඔබට වමට හෝ දකුණට යා නොහැකිය.එවිට ඔබ ලෙහෙසියෙන්ම සතුරන්ගේ පහසු ඉලක්කයක් බවට පත්වේ."  -ලුතිනන් කර්නල් අවි ගුර්


 ඊජිප්තු මිසයිල ස්ථානගත කර තිබූ ස්ථානයක් ඊශ්‍රායල හමුදාව අතට පත්වූ පසු
 








මෙම ඡායාරූපය ලබාගත්තේ මගේ ටැංකියේ තුවක්කුකරුය.එය ලබාගත්තේ මවිසින් අපිට උතුරින් වූ ප්‍රදේශයේ සටන් කල පාබල හමුදා කණ්ඩයේ අණදෙන නිලධාරියා අමතන මොහොතකදීය.එවිට අප සිටියේ ඊජිප්තුව ඇතුලතය.නමුත් විශාල ප්‍රදේශයක් අල්ලා සිටින්නට අපට තිබුණේ ටැංකි සුලු ප්‍රමාණයකි.-ලුතිනන් කර්නල් අවි ගුර්





 ඇමෙරිකානු එම්-60 යුද ටැංකි මත සිටින ඊශ්‍රායල සෙබලුන්













































යුද්ධය අවසන් කාලයේ ඊශ්‍රායල හමුදා විසින් ඊජිප්තුවේ තුන්වන හමුදාව වටලනු ලැබීය,401 වන සේනාංකය මෙම යුද්ධයේ විශිෂ්ඨතම ජයග්‍රහණයන් ලබාගැනීමට දායක විය.ඊජිප්තු තුන්වන හමුදාව වටකිරීම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවීය.නමුත් එය විශ්වාස කල නොහැකි දෙයක්විය.








Source:idfblog.com
කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය කැමරා කාචයෙන් දුටු යොම් කිපූර් යුද්ධය Reviewed by HarshaLulzSec on January 27, 2017 Rating: 5

රහස් හමුදා

January 27, 2017

රහස් හමුදාවන් පසුගිය දශකය තුල සුලභ සිද්ධියක් බවට පත්වූ අතර විශාල සහ බලවත් ජාතීන් ඔවුන්ගේ භූ-දේශපාලනික ඇලුම්කම් හේතුවෙන් ඇති කරගත් සංග්‍රාමවලදී කැපී පෙනෙන ස්ථානයක් හිමි කරගත්තේය.රහස් හමුදා සමහර අවස්ථාවල ස්ටෙල්ත් හමුදා හෝ සෙවනැලි හමුදා යන නමිවලින්ද හඳුන්වයි.නමුත් මෙම හමුදාවල පැවැත්ම නීතිවිරෝධීය.කෙසේවෙතත් නූතනයේ සංකීර්ණ බහුධ්‍රැවීය ලෝකය පාලනය කිරීමේදී මෙවැනි හමුදාවල මැදිහත්වීම ලෝක බලවතුන් විසින් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි.


ප්‍රොක්සි හමුදා සහ රහස් හමුදා

ප්‍රොක්සි හමුදාවක් යනු තුන්වන පාර්ශ්වයක ජාතියක් විසින් පුහුණු කල,අවි සපයා දෙන සහ සේවය වෙනුවෙන් ගෙවීම් කරන හමුදාවකි.තුන්වන පාර්ශ්වයේ ජාතිය/රට මෙම මැදිහත්වීම සිදුකරන්නේ විරුද්ධ පක්ෂය සම්බන්ධව තිබෙන මතවාදීමය,ආගමික,දේශපාලනික හෝ වෙනත් හේතුවක් මත විය හැකිය.තම අරමුණ ඉටුකරගැනීමට ඔවුන් දේශීය හෝ කලාපීය සටන්කරුවන් යොදාගනියි.මෙය එක් ආකාරයක සාම්ප්‍රදායික නොවන සංග්‍රාමයකි.මෙම උපක්‍රමයේ තිබෙන වාසි වන්නේ තුන්වන පාර්ශ්වයට ඔවුන්ගේ මිනිස් ශ්‍රමය,ජීවිත හෝ කාලය සතුරු රාජ්‍යයට එරෙහිව යොදවන්නේ නැතිව සිය අරමුණු ඉටුකරගැනීමට ඉඩ ලැබීමයි.

මෙහි තිබෙන අවාසි වන්නේ ප්‍රොක්සි හමුදාවේ පාලනය ගිලිහී යෑම,මූල්‍යමය සහ යුදෝපකරණ ආධාර සැපයීම කාර්යක්ෂමව සිදුනොවීම මත ප්‍රොක්සි හමුදාවට රාජ්‍යයේ ආධිපත්‍ය ලබාගැනීම අපහසුවීම ආදියයි.අනෙකුත් අවාසි ලෙස අවි සහ අවි තාක්ෂණයන් ප්‍රගුණනය,සටන් ශිල්ප ක්‍රම,උපක්‍රම සහ අනෙකුත් නිපුණතා දේශීය ජනයාට ලැබීම දැක්විය හැකිය.සංග්‍රාම භූමිය තුල අත්දැකීම් බහුල පැරණි සටන්කරුවන් සහ නව නිපුණතා එහි සමබරතාවය ඇතිකරයි.
අසල්වැසි රාජ්‍යයන් තුනක් අතර ඇතිවන ප්‍රොක්සි සංග්‍රාමයක් ආදර්ශනය කිරීම
රහස් හමුදා වෙනස් වන්නේ ඔවුන් සෘජුවම වෙනත් රාජ්‍යයක් විසින් මෙහෙයවන එනම් රටක සෘජු අණදීම මත ක්‍රියාත්මක වන නමුත් නිල වශයෙන් රහස් හමුදාවත් අදාල රාජ්‍යයක් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව පවසන ඒකක (සෙබලු,වාහන,ගුවන් යානය,ඩ්‍රෝන් යානා ආදිය)වේ.රහස් හමුදා ඒකක ඒවා ක්‍රියාකාරී වන කාලයේදී පෞද්ගලික හමුදා ක්‍රොන්ත්‍රාත්කරුවන්,දේශීය සටන්කරුවන් හෝ කැරලිකාර කණ්ඩායම් හෝ මුහුණු ආවරණය කරගත් නාඳුනන ඒකක ලෙස ක්‍රියාත්මක වේ.

මෙම රහස් හමුදා ඒකක කුඩාය.සාමාන්‍යයෙන් පුද්ගලයින් 1000-4000 වැඩිනොවේ.මෙවැනි ඒකක රහසිගත ආක්‍රමණ,ප්‍රති-කලාපීය උපක්‍රම සහ දැඩි ශික්ෂණය,පුහුණුව(විශේෂ බලකා) ආදියට විශේෂඥතාවයක් දක්වයි.ඔත්තු සේවා සහ අනෙකුත් සේවාවන් රහස් හමුදා සමග ඉතා සමීපව කටයුතු කරන්නේ අදාල ප්‍රදේශය තුල ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහාය.රහස් හමුදාවක් තබා යන අඩි පාරක්/සළකුණක් ඔවුන්ට අනවශ්‍ය අවධානයක් ලබාදෙයි.දීර්ඝ කාලීන හමුදාවකට ඔවුන්ගේ සංවරණය වඩා හොදින් ආරක්ෂා කල හැකිය.

රුසියානු සෙබලුන් යැයි සැක කරන මුහුණු ආවරණය කරගත් භට කණ්ඩායමක්-ක්‍රිමියාව
මෙම ඒකකවල සහාය පිණිස දියුණු යුද තාක්ෂණයන් වන ඩ්‍රෝන්,ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික ප්ලැට්ෆෝම්ස්,සංඥා බුද්ධි තොරතුරු ග්‍රහණය කර ගත හැකි උපක්‍රම,අතිනිරවද්‍ය වෙඩි බලය සහ උපායමාර්ගිකව වැදගත් අවි වන යුද ටැංකිනාශක අවි,ගුවන් යානානාශක අවි ආදිය සපයන්නේ විශේෂිත අරමුණක් ඉෂ්ඨ කරගැනීම සඳහාය.

අවුල් සහගත වාතාවරණයන් වන සිවිල් සමාජයේ නොසන්සුන්කම,සිවිල් යුද්ධ,ජාත්‍යන්තර අවි ගැටුම් ආදියේදී කලාපයේ තිබෙන උපායමාර්ගික වැදගත්කම ආරක්ෂා කිරීම,ආණ්ඩු පෙරළීම,රාජ්‍යයන් අසමත් කිරීම/බිඳ වැට්ටවීම සහ අනෙකුත් ක්‍රියාමාර්ගවලදී රහස් හමුදාවන් යෙදවීම හොඳම උපක්‍රමය වේ.






ප්‍රොක්සි හමුදාවන්ගෙන් ස්ටෙල්ත් හමුදාවන්ට මාරු වීම



ප්‍රබල රාජ්‍යවලට විදෙස් රටවලට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් සිදුකිරීමට නොහැකි අවස්ථාවලදී ඔවුන් පහත දැක්වෙන විකල්ප වෙත යොමුවේ.


-ගුවන්/පියාසර නිෂේධන කලාප - උදා:ලිබියාවට නේටෝව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට මෙම උපක්‍රමය භාවිතා කරන ලදි.

-ගොඩබිම් ආක්‍රමණ

-ප්‍රොක්සි සංග්‍රාම - උදා:සිරියාව තුල එක්සත් ජනපදය සිදුකරන මැදිහත්වීම,නැගෙනහිර යුක්‍රේනයේ රුසියානු මැදිහත්වීම.

-සම්බාධක - උදා:ඉරානය,උතුරු කොරියාව යන රටවල න්‍යෂ්ඨික වැඩසටහන්වලට එරෙහිව සම්බාධක පැනවීම,රුසියාව විසින් ක්‍රිමියාව ඈදාගැනීම සහ යුක්‍රේනයේ සිදුකරන මැදිහත්වීමට එරෙහිව සම්බාධක පැනවීම.

-ඉලෙක්ට්‍රොනික් සහ සයිබර් සංග්‍රාමික මෙහෙයුම් - උදා:ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන කඩාකප්පල් කිරීමට දියත් කලා යැයි කියන යැංකි-ඊශ්‍රයෙල ඒකාබද්ධ සයිබර් මෙහෙයුම

-මානසික සංග්‍රාම සහ මාධ්‍ය ප්‍රචාරණ - තමන් සතු පුළුල් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය අධිකාරයේ සහාය ඇතිව එක්සත් ජනපදය මෙවැනි මෙහෙයුම් දියත් කරයි

-යුද උපදේශකයින් හෝ සාමසාධක හමුදා - උදා:යුද උපදේශකයින් යෙදවීම සම්බන්ධව් එක්සත් ජනපදය ප්‍රසිද්ධියක් උසුලයි.

-රහස් හමුදා ඒකක - උදා:එක්සත් ජනපදය ඉරාකයේ මෙවැනි ඒකක යෙදවූ බව හෙළිව තිබේ.


ගොඩබිම් ආක්‍රමණයක් හෝ බෝම්බ් හෙළීම නිසා සිවිල් වැසියන්ට සිදුවන හානිය වළක්වාගැනීමට ජාතීන් විසින් ඉලක්ක කරන රට තුල ප්‍රොක්සි හමුදා පුහුණු කිරීම,අවි සැපයීම සහ සම්බන්ධීකරණය සිදුකරයි.කෙසේවෙතත් දේශීය හමුදා විශ්වාස කල නොහැකි හෝ ඇති තරම් දක්ෂතා නොපෙන්වන්නේ නම් තම අරමුණ ඉටුකරගැනීමට තුන්වන පාර්ශ්වය සෘජු මැදිහත්වීමක් සිදුකරයි.


යම් රටකට විශේෂ බලකා හෝ ඉහළ මට්ටමේ පුහුණුවක් සහිත සෙබලුන් යෙදවීමේ හැකියාව තිබුණද ඔවුන්ගේ ක්‍රියාකාරකම් එළිදරවු වීම,ජාත්‍යන්තර නීතියේ අවහිර කිරීම් සහ මාධ්‍ය ඔස්සේ තොරතුරු කාන්දුවීම් ආදිය නිසා එම රට ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත්වීමේ ඉඩක් තිබේ.කෙසේවෙතත් එවැනි අහිතකර තත්ත්වයන් යටතේ පවා මෙවැනි රහස් හමුදා ඒකක සේවයේ යොදවනු ලබන්නේ ඔවුන්ගේ අනන්‍යතාවයන් පවා සඟවාලමින්ය.යම් ආකාරයකින් මෙවැනි කණ්ඩායමක මෙහෙයුම් අසාර්ථක වී ලෝකයා ඉදිරියේ අනාවරණය වුවහොත් සැකයට ලක්වන රට ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කිරීම සුලබව සිදුවන දෙයකි.ඒ නිසා මෙවැනි ඒකකවලට 'කැපකිරීම' යනු අනිවාර්යය අංගයකි.





රහස් හමුදා දියත් කරන අවස්ථා

 වඩාත් ප්‍රකටම සිද්ධිය වන්නේ එකඳු උණ්ඩයක් හෝ වැය නොකර රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්වීපය යටත් කරගැනීමයි.2014 වර්ෂයේදී යන ප්‍රතිපත්තිය යටතේ රුසියාව ක්‍රිමියාවේ සිදුකල හමුදාමය මැදිහත්වීමේදී සිවිල් ගුවන් යානයක් ලෙසින් වෙස් ගෙන පැමිණි ගුවන් යානයකින් ගොඩබට රුසියානු සෙබලුන් කණ්ඩායමක් ක්‍රිමියානු ගුවන් තොටුපොලේ තිබූ යුක්‍රේන ආරක්ෂක මුරපොලවල බලය අල්ලාගන්නා ලදි.පැය කිහිපයක් තුල තවත් රුසියානු සෙබලුන් ගුවන් මගින් ක්‍රිමියාවට පැමිණ වරායවල්,රාජ්‍ය ගොඩනැගිලි,බැංකු සහ අනෙකුත් වැදගත් මර්මස්ථානවල පාලනය තමන් අතට ගත්හ.ඔවුන් මුහුණු ආවරණය කරගත් නාඳුනන සෙබලුන් විය.යුක්‍රේන සෙබලුන් යටත්වීම,විසුරුවා හැරීම සහ පසුබැසීම කරන තෙක් විදී ඔස්සේ මුර සංචාරය කරන්නට මෙම හමුදා කණ්ඩායම් ක්‍රියා කලේය.මෙම ක්ෂණික එහෙත් රහසිගත ආක්‍රමණය හරහා කුඩා හමුදා කණ්ඩායමකට විශාල භූමි ප්‍රදේශයක් යටත් කරගන්නට අවස්ථාව සලසා දුන්නේ වසර ගණනක් තිස්සේ යුක්‍රේනය සහ ක්‍රිමියාව සම්බන්ධව එකතු කරගත් බුද්ධි තොරතුරුවලට අනුවයි.මෙහිදී රහස් හමුදා ඒකක විසින් සාර්ථකව යුක්‍රේන හමුදාව නිෂ්ප්‍රභ කර ක්‍රිමියාව සුරක්ෂිත කරන්නට සමත්විය.රුසියානු හමුදා ඒකක සිය ප්‍රතිපක්ෂයට සහ සන්නද්ධ යුක්‍රේන හමුදා ඒකක වලට එරෙහිව විවෘතව වෙඩි තබන්නට නොයෑම මත ඔවුන් කොතරම් සංයමයකින් කටයුතු කරන,ඉහල වෘත්තීයමය ස්වභාවයක් පෙන්වන යම් ආකාරයක විශේෂ බලකා ඒකක බව ප්‍රදර්ශනය විය.


රුසියානු සෙබලුන් යැ‍යි සැක කරන භට පිරිස් ක්‍රිමියාවේ ගුවන්තොටුපොලක-වාර්තාකාරිය අසන ප්‍රශ්නවලට සෙබලාගෙන් ප්‍රතිචාරයක් නැත
තවද යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ අවට ප්‍රදේශයේ යුක්‍රේන හමුදාව සමග ගැටෙන නැගෙනහිර යුක්‍රේනයේ කැරලිකරුවන් අතර මේ හා සමාන රහස් හමුදා ඒකක සිටින බවට ආරංචි ලැබේ.මෙම කැරලිකාර කණ්ඩායම් පිරිස් බලයෙන් සහ වෙඩි බලය අතින් යුක්‍රේන හමුදාවට වඩා ඉදිරියෙන් සිටි බවද කියවේ.


ඉරානයේ සහාය ඇතිව ඉරාකයේ ක්‍රියාත්මක මාඩි හමුදාව නම් ෂියා හමුදාව
වඩාත් සුලභව දක්නට ලැබෙන නමුත් මාධ්‍ය ඔස්සේ අවධානයට ලක් නොවන රහස් හමුදා භාවිතාවක් සිදුකරන රටක් වන්නේ ඉරානයයි.ඉරානය සිරියාවේ සහ ඉරාකයේ ෂියා රජයන් විසින් සුන්නි ත්‍රස්තවාදීන්ගෙන් සමන්විත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව සිදුකරන යුද්ධය සඳහා ඉරාන විප්ලවකාරි හමුදාවේ සාමාජිකයින් යොදවා තිබේ.මෙම හමුදාව සතුව නාවුක,ගුවන් සහ ගොඩබිම් සටන් සඳහා විශේෂයෙන් පුහුණු කල ඒකක පවතියි.සිරියාවේ සහ ඉරාකයේ සිටින මෙම හමුදා කණ්ඩායම් සටන්කාමී ඒකක,ගෝත්‍රිකයින්,කැරලිකරුවන් හෝ සිරියානු හෝ ඉරාක හමුදාවේ සාමාජිකයින් ලෙස වෙස්වලාගෙන සිටියි.මේ නිසා ඉරාන විප්ලවාදී හමුදාවේ ඒකක සතුරු අත් අඩංගුවට පත්වීම වළක්වා ගත හැකි අතර එවැනි රහස් හමුදා තමන් විසින් දියත් නොකලබව පහසුවෙන්ම ප්‍රතික්ෂේප කිරීමටද ඉරාන රජයට අවස්ථාව ලැබේ.ඇමෙරිකාව ඉරාකය අල්ලාගෙන සිටි සමයේ ඉරානය විසින් මේ හා සමාන ඒකක දේශීය ෂියා සටන්කරුවන්(උදා:මාඩි හමුදාව) සමග යෙදවූ බවට සාක්ෂි තිබේ.නමුත් ඔවුන් ඉරාකයේ සිටි ඇමෙරිකානු හමුදාවට එරෙහිව සටන්වලට සහභාගී වූ බව අසන්නට ලැබෙන්නේ සුළුවෙනි.


ඉරාන විප්ලවකාරී හමුදාවේ සාමාජිකයින් සිරියාවේ සටන් කිරීම සඳහා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව පුහුණුව ලබන අයුරු
හිතාමතා අවධානය ලබානොදුන් නමුත් ඉතා ප්‍රසිද්ධ රහස් හමුදා දියත් කිරීමක් එක්සත් ජනපදය විසින් 2014 වර්ෂයේ පටන් ඉරාක හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ජයග්‍රහණ රැසක් ලබාගැනීමත් සමග සිදුකෙරිණි.මෙම අවිනිශ්චිතතාවය තවත් වැඩිවූයේ ඉරාක අගමැතිවරයා නව රජයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කරමින් සිටි නිසාය.නමුත් ඇමෙරිකා බලපෑම මත ඔහුට තීරණය වෙනස් කරන්නට සිදුවිය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග සටන සාර්ථක කරගන්නට ඉරාක හමුදාවේ සහාය සඳහා 1300ක පමණ 'උපදේශකයෝ' පිරිසක් ඉරාකයට යවන්නට එක්සත් ජනපදය තීරණය කලේය.සිය හමුදා ඉරාකයෙන් ඉවත් කරගැනීමෙන් පසුව එරට තුල ඇමෙරිකාවේ පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් නිරන්තරයෙන් ගැවසුනි.ඉතා වැදගත් ස්ථාන වන තෙල් පිරිපහදු සහ ඉහළ මට්ටමේ ඉරාක රජයේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණේ මෙම පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන්ටය.එක්සත් ජනපදය ,ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී සිය රාජ්‍යතාන්ත්‍රිකයින්,තානාපති කාර්යාල ආදි මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා කුලියට ගත්තේ කලක් බ්ලැක්වෝටර්/එක්ස් ඊ යන නමින් වලින් හැඳින්වූ දැන් ඇකඩෙමි නම්වන පෞද්ගලික හමුදා සමාගමේ භට පිරිස්ය.මොවුන් සැබවින්ම කුලී හේවායන් වුවද එක්සත් ජනපදය එම නම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරයි.බ්ලැක්වෝටර් සමාගම ඇරඹුණේ හිටපු සීල් සෙබලුන් දෙනෙක්ගේ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසයි.බොහෝවිට මෙහි සේවය කරන්නේ ඇමෙරිකානු හමුදාවෙන් ඉවත්ව ගිය සෙබලුන්ය.සීඅයිඒ සංවිධානයද මෙම සමාගමෙන් විවිධ මෙහෙයුම් සඳහා කුලී හේවායන් සේවයේ යොදාගන්නා බව කියවේ.ඉරාක හමුදාවට අතිශය වැදගත් කාර්ය සාධන සහාය ලබාදීමට මෙම පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් භාවිතා කරයි.ඊට හේතුව එවැනි විදේශ හමුදාවලට නූතත අධි-තාක්ෂණික මෙවලම් නඩත්තු කිරීමේ හැකියාව අවම තත්ත්වයක පැවතීමයි.නමුත් බ්ලැක්වෝටර් වැනි කුලී හේවායන් සපයන සමාගම්වලට ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ පුහුණුව තිබේ.නමුත් මෙම කුලී හේවායන් බැදී සිටින්නේ අදාල සමාගම් සමග මිස රජය සමග නොවන නිසා අදාල ඇමෙරිකාව වැනි රටක් මොවුන් යොදාගෙන වෙනත් රටක දියත් කරන මෙහෙයුම් අනාවරණය වුවද පහසුවෙන්ම සිය මැදිහත්වීම ප්‍රතික්ෂේප කල හැකිය.

බ්ලැක්වෝටර් සමාගමේ කුලී හමුදා


රහස් හමුදා දෙකක් ගැටුනොත්... 


රටවල් දෙකක් විසින් දියත් කරන රහස් හමුදා ඒකක දෙකක් එකිනෙකා සමග ගැටීම වර්තමානයේදී සැබවින්ම සිදුවිය හැක්කකි.මේවන විට සිරියාව සහ යුක්‍රේනයේ පවතින තත්ත්වය ඊට කදිම අවස්ථාවක් සලසා දී තිබේ.මෙවැනි ඒකක අතර සිදුවන සෘජු ගැටුම් ,උදාහරණයක් ලෙස ;බ්ලැක්වෝටර්/එක්ස් ඊ/ ඇකඩෙමි කුලී හමුදා(හිටපු ඇමෙරිකා විශේෂ බලකා සෙබලුන්)මුහුණු ආවරණය කරගත් රුසියානු විශේෂ බලකාවලට එරෙහිව කරන සටනක් දෙපාර්ශ්වයේ වෘත්තීයමය සහ ඉහළ මට්ටමේ නිපුනත්වය නිසා දේශීය හමුදා අතර දකිනවාට වඩා දක්ෂ,චණ්ඩ සහ සම්බන්ධීකරණයක් සහිත මෙම තීරණාත්මක එකක් විය හැකිය.


යුක්‍රේනයේදී කැමරාවට හසුවූ බ්ලැක්වෝටර් කුලී හමුදාවේ සාමාජිකයින් යැයි සැක කෙරෙන පිරිසක්
යුක්‍රේනයේ නව රජයට ආරක්ෂාව සැපයීමට බ්ලැක්වෝටර්/එක්ස් ඊ/ඇකඩෙමි කුලී හමුදා යොදවා තිබෙන බවට සාක්ෂි තිබේ.මෙම පෞද්ගලික හමුදා ඒකකවලට අනවශ්‍ය අවධානයක් ලබානොගෙන සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන පෙර ලබාදුන් ස්ථානයවලට ලගාවීමේ හැකියාව තිබේ.යුක්‍රේනයට කුඩා නේටෝ පුහුණු හමුදාව ගෙන ඒමේ සැලස්මක් තිබෙන බව කියවේ.මෙම කුඩා හමුදාව යුක්‍රේන හමුදාව ඉහළ නංවා නැගෙනහිරට ගොස් 1000 පමණ වන මුහුණු ආවරණය කරගත් රුසියානු සෙබලුන් සමග ගැටෙන දිනය කාලය විසින් තීරණය කරාවි.

 

සිරියාව යනු ඇමෙරිකානු සහ රුසියානු පෞද්ගලික/රහස්/ස්ටෙල්ත්/සෙවනැලි හමුදා එකිනෙකා සමග ගැටීමට හැකි තවත් රටකි.නීතියට අනුව අෂාඩ් පලවා හැරීමට ඇමෙරිකානු හමුදාවට මැදිහත්වීමක් කරන්නට නොහැකිය.නමුත් ඔවුන් විසින් වසර ගණනක් තිස්සේ පෝෂණය කරන රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සමග පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් යෙදවීමට එම බාධා බලනොපායි.නමුත් මේවන විටත් සිරියාව තුල ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මර්ධනය කරන මුවාවෙන් ඇමෙරිකාව සිය විශේෂ බලකා එරට තුල දියත් කර තිබේ.සිය සෙබලුන් ගොඩබිම් සටන් සඳහා යොදවා සිටින බව රුසියාව ප්‍රතික්ෂේප කලද අන්තර්ජාලය ඔස්සේ කලින් කලට ප්‍රසිද්ධ වන වීඩියෝ පට ඔස්සේ එම ප්‍රකාශ සත්‍ය නොවන බව පෙනෙන්නට තිබේ.ඇමෙරිකානු පෞද්ගලික හමුදා සමාගම්වලින් සපයන කුලී හේවායන් ජෝර්දානයේ සහ තුර්කියේ කඳවුරු වලදී අෂාඩ් විරෝධී කැරලිකරුවන් පුහුණු කරන බව ප්‍රසිද්ධ කරුණකි.

බ්ලැක්වෝටර් කුලී හමුදා විසින් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදාවලට කාර්ය සම්පාදනය ඇතුලු ගුවන් භාණ්ඩ සැපයීමට කටයුතු කල අයුරු


Source:tactdb.blogspot.com
රහස් හමුදා රහස් හමුදා Reviewed by HarshaLulzSec on January 27, 2017 Rating: 5

දින හයේ යුද්ධයේ නොදුටු සේයාරූ

January 26, 2017
දින හයේ යුද්ධය(1967 ජූනි 5-10)යනු ඊශ්‍රායල ආරක්ෂක හමුදා තම ශක්තිය ලොවටම විදහා දැක්වූ තවත් එක් අවස්ථාවකි.යුද්ධයට පෙර සහ යුද්ධය අතරතුර ලබාගත් ඡායාරූප කිහිපයක් ඔබට වෙත ගෙන එන්නයි මේ සූදානම.මෙම ඡායාරූපවල සිටින්නේ ඊශ්‍රායලයේ නිදහස වෙනුවෙන් සටන් කල වීරයන්ය.ඔවුන්ගෙන් සමහරෙක් ප්‍රසිද්ධ චරිතය,සමහරෙක්ව බොහෝදෙනා හඳුනන්නේද නැත.නමුත් ඒ සියලුදෙනා ඊශ්‍රායලය වෙනුවෙන් සටන් වැදුණි.


 1967 ජූනි 1:සටන් කිරීමට වඩා අසීරුම දේ තම පවුලෙන් ඈත්ව සිටීමයි.තම පවුල් වලින් ලැබුණු ලිපි සහ පාර්සල් විවෘත කර බලන සෙබලුන්





 1967 ජූනි 11:දින හයේ යුද්ධය තුලදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා සෙබලුන් 264,000ක් රැස්කරන ලදි.සමහරු සිනාමුසු මුහුණුන් යුතුවත් සමහරුන් වෙහෙසට පත්වත් සිටියි.දින හයේ යුද්ධය අවසන් වී දිනකට පසු සිනායි අර්ධද්වීපයේ දකුණු කොටසේ ඉදිරියට ඇදුණු හමුදාව නියෝග වලට කන්දෙන ආකාරය.






 සමහර අවස්ථාවල ප්‍රසිද්ධ හමුදා නායකයන්ට පවා වෙහෙස නිවා ගැනීමට වේලාවක් අවශ්‍ය වේ.ඊශ්‍රායෙල හමුදාවේ ජෙනරාල්වරු වූ එසර් වයිස්මන්,මෝෂේ දයාන් සහ මොටි හොඩ් සූවස් ඇල ඉවුරේ සිටින අයුරු.






 1967 ජූනි 1:මිනිසාගේ හොඳම මිතුරා .සෙබලුන් ඔවුන්ගේ සුරතල් බලු පැටවුන් සමග නෙගෙව් හි.






 1967 ජූනි 7:බිහිසුණු සටනකින් පසුව,ඊශ්‍රායෙල සෙබලුන් පැරණි ජෙරුසලම් නගරය මුදාගැනීමෙන් පසුව ගල් බැම්මකට පිටුපා වෙහෙස නිවාගන්නා අයුරු.







 යිට්චැක් රොබින් ඊශ්‍රායෙල අගමැති වීමට පෙර ඊශ්‍රායල හමුදාවේ ප්‍රධානියෙක්ව සිටියේය.රොබින් හෙලිකොප්ටර් නියමුවෙක් සහ ගුවන්හමුදා සෙබලෙක් සමග සිටින අවස්ථාවක්






 Source:idfblog.com
දින හයේ යුද්ධයේ නොදුටු සේයාරූ  දින හයේ යුද්ධයේ නොදුටු සේයාරූ Reviewed by HarshaLulzSec on January 26, 2017 Rating: 5
Powered by Blogger.