Featured Posts

[Aviation][feat1]

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියාවට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයේ ප්‍රතිඵල

January 24, 2019
ජනවාරි මස 20දා සිරියාවේ ඩැමැස්කස් නගරයේ සිරියානු සහ ඉරාන හමුදා ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵල දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප පෙළක් ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් නම් සමාගම විසින් මුදා හැර තිබිණි.
චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියාවට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයේ ප්‍රතිඵල චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියාවට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයේ ප්‍රතිඵල Reviewed by HarshaLulzSec on January 24, 2019 Rating: 5

සිරියානු පැන්ට්සියර්-එස් ගුවන් ආරක්ෂක අවි පද්ධතියකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය-විශ්ලේෂණය

January 23, 2019
israeli-attack-on-syrian-patsir-s-air-defense-system

ජනවාරි මස 20දා සිරියාවට එල්ල කල ගුවන් ප්‍රහාර මාලාව අතරතුර සිරියානු ගුවන් ආරක්ෂක බලකා සතු පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක අවි පද්ධතියක් විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් ජනවාරි මස 21දා මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

විශේෂඥයින්ට අනුව ප්‍රහාරය සඳහා ඊශ්‍රායලය භාවිතා කර තිබෙන්නේ හාරොප් නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයයි.එය ප්‍රති-විකිරණ ඩ්‍රෝන් යානයකි.එනම් ගුවන් විදුලි සංඥා විමෝචනය කරන ඉලක්ක තනිව සොයා ගෙන යා හැකි හෝ මිනිස් පාලනය යටතේ ක්‍රියා කල හැකි යානයකි.

 IAI Harop
හාරොප් ඩ්‍රෝන් යානය

මෙම වීඩියෝව මාධ්‍යවල දැඩි අවදානයට ලක් වුවද මුඛ්‍යධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා නොවන කරුණු සමහරක්ද තිබේ.

ප්‍රධානතම කරුණ වන්නේ මෙම විඩියෝපටය නිර්මාණය කර තිබෙන්නේ අවම වශයෙන් තවත් වීඩියෝපට දෙකක් උපයෝගී කරගෙන වීමයි.මෙය විඩියෝපටයේ තත්ත්පර 17 සහ 22 යන කාලවලදී දැකගත හැකිය.


වීඩියෝවේ පළමු කොටසේ පෙන්වන්නේ ඊශ්‍රායල ඉලක්ක වෙත පහර දෙන සක්‍රීය තත්ත්වයේ තිබෙන පැන්ට්සියර්-එස්1 පද්ධතියකි.දෙවන කොටසේ අක්‍රීය තත්ත්වයේ තිබෙන පැන්ට්සියර්-එස්1 පද්ධතියකට සෘජු ප්‍රහාරයක් එල්ල වන අයුරු දැකගත හැකිය.

  • අවි පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ නැත.
  • එහි රේඩාර් ඇන්ටෙනා අක්‍රීය කර තිබේ.
  • උණ්ඩ සහ මිසයිල නැවත පිරවීමට ප්‍රවාහනය කල රථයක් ඒ ආසන්නයේ දැකගත හැකිය.

මෙම කරුණුවලින් පෙනෙන්නේ වීඩියෝවේ දෙවන කොටසේ දැක්වෙන්නේ අක්‍රීය පැන්ට්සියර්-එස්1 අවි පද්ධතියක් බවයි.





පෙනෙන හැටියට ඊශ්‍රායලයට අවශ්‍යව තිබෙන්නේ සක්‍රීය තත්ත්වයේ පැවති පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක අවි පද්ධතියකට තමන් පහර දුන් බව පෙන්වීමයි.එහි අරමුණ මෙම රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියට සක්‍රීය අවස්ථාවකදී සතුරු ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ හැකියාව හෝ නොමැති බවට මතයක් ප්‍රචාරය කිරීමයි.මෙම වීඩියෝව සිරියානු යුද්ධයේදී සිය ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා ඊශ්‍රායල මාධ්‍ය යොදාගනියි.




source:southfront.org


සිරියානු පැන්ට්සියර්-එස් ගුවන් ආරක්ෂක අවි පද්ධතියකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය-විශ්ලේෂණය සිරියානු පැන්ට්සියර්-එස් ගුවන් ආරක්ෂක අවි පද්ධතියකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය-විශ්ලේෂණය Reviewed by HarshaLulzSec on January 23, 2019 Rating: 5

ටයිගර් බලකා ප්‍රධානියා සහ රුසියානු විශේෂ බලකා

January 23, 2019

සිරියානු අරාබි හමුදාවේ ටයිගර් බලකා හි අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් සුහෙයිල් අල්-හසන් වයඹදිග හමා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි ඉදිරි ආරක්ෂක වළලුවල සංචාරයක නිරත වන අයුරු දැක්වෙන ඡායාරූප සහ විඩියෝපට කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

පසුගිය සතියේ ටයිගර් බලකා හි ඒකක කිහිපයක් වයඹදිග හමා ප්‍රදේශයට යැවීය.සිරියානු හමුදාවේ මූලාශ්‍රයක් පවසා තිබුණේ ජනරජ ආරක්ෂක හමුදා සහ රජයට පක්ෂපාතී අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්ද එම ප්‍රදේශයට යවා තිබේ.




සුහෙයිල් අල්-හසන් යනු සිරියානු ටයිගර් බලකා හි අණදෙන නිලධාරියා වන අතර සිරියානු යුද්ධයේ වඩාත් කැපී පෙනෙන සිරියානු හමුදාවේ නායකයෙකි.2015 වර්ෂයේදී සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීමත් සමග රුසියානුවන්ගේ සහාය  හිමිවූ රජයට පක්ෂපාතී ප්‍රධානතම හමුදා කණ්ඩායම් අතර 5 වන ප්‍රහාරක හමුදාව සහ ටයිගර් බලකාය ප්‍රධාන වේ.අල්-හුසෙන් ජෙනරල්වරයා ඉදිරි ආරක්ෂක වළලුවල සංචාරය කරද්දී ඔහුගේ ආරක්ෂාව සඳහා රුසියානු විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් යොදවා සිටින අයුරු සුලභ දසුනකි.













source:southfront.org


ටයිගර් බලකා ප්‍රධානියා සහ රුසියානු විශේෂ බලකා ටයිගර් බලකා ප්‍රධානියා සහ රුසියානු විශේෂ බලකා Reviewed by HarshaLulzSec on January 23, 2019 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 21

January 23, 2019
syrian-war-report-jan-21-2019-kurdish-political-leadership-reveals-10-demands-to-damascus

ඇමෙරිකාවට පක්ෂපාතී සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් පිහිටුවන ලද උතුරුදිග සිරියාවේ ජ්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුව නම් රජය හරහා ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන සිරියාවේ භූමි ප්‍රදේශය නීත්‍යානුකූල කර ගැනීමට සඳහා කරුණු 10කින් සමන්විත ඉල්ලීම් ලැයිස්තුවක් ඩැමැස්කස් රජයට වෙත ඉදිරිපත් කර තිබේ.

සිරියාව ඒකීය රාජ්‍යයක් ලෙස තබා ගනිමින් සුළුතරය සඳහා යම් අයිතීන් ප්‍රමාණයක් ලබා ගැනීම කලින් ඔවුන්ගේ අරමුණ වුවද පසුගියදා ඉදිරිපත් කල ඉල්ලීම් ඊට හාත්පසින්ම වෙනස්ය.

උතුරුදිග සිරියාවේ ප්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුව ස්වයංපාලන පාලනතන්ත්‍රයක් ලෙස සිරියානු දේශපාලන පද්ධතියට එක් කර ගැනීම.

  • උතුරුදිග සිරියාවේ ප්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුව සිරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන බවට ඇපවීම.
  • සිරියානු ජාතික ධඡය සමග උතුරුදිග සිරියාවේ ප්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුවේ ධඡය භාවිතා කිරීම .
  • උ.සි.ප්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුවට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම.
  • කුර්දි බහුතරය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවලට සිරියානු දේශසීමාව පාලනය කිරීමට ඉඩදීම.
  • සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යටතේ පාලනය වන ප්‍රදේශයේ ප්‍රධාන ආරක්ෂක හමුදාව ලෙස උ.සි.ප්‍ර.සමූහාණ්ඩුවේ "ආසියෂ්" නම් පොලිස් බලකාය තබා ගැනීමට ඉඩ දීම.
  • සිරියාවේ ධනය එරට සියලු පළාත්වලට සාධරණ ලෙස බෙදා දීම.

යන කාරණා එම ලැයිස්තුවේ ඇතුලත් වේ.


මෙම ලැයිස්තුව සාරාංශ ගත කලහොත් උතුරුදිග සිරියාවේ ප්‍රජාතන්ත්‍රික සමූහාණ්ඩුව ඩැමැස්කස් රජයෙන් ඉල්ලා සිටින්නේ අර්ධ-ස්වාධීන කුර්දි රාජ්‍යය සහ එහි හමුදාව නීත්‍යානූකූලව පිළිගන්නා ලෙසත් එම රාජ්‍යය මධ්‍යම රජයේ අය වැයෙන් නඩත්තු කරන ලෙසත්ය.


මීට පෙර උතුරුදිග සිරියාවේ වාතාවරණය සම්බන්ධව කුර්දි නායකත්වය ඩැමැස්කස් රජය සමග පැවැත් වූ සාකච්ඡාවලදී ඔවුන්ගේ නිල ස්ථාවරය මෙම ඉල්ලීම් වලින් ප්‍රකාශ වන්නේ නම් මේ දක්වා සාකච්ඡාවලදී සැලකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබෙන්නේ ඒ නිසාවෙනි.

අෆ්රින් සිද්ධියේදී එවැනි ස්ථාවරයක සිටීම නිසා කුර්දි සන්නද්ධ කණ්ඩායම් සමග දේශපාලනික විසඳුමක් සොයා ගැනීමේ ඩැමැස්කස් රජයේ සියලු උත්සාහයන් අසාර්ථක වී එම තුර්කිය දියත් කල යුද මෙහෙයුමක් හරහා කුර්දි හමුදාවන්ගෙන් මුදාගන්නට ඉඩ ලැබිණි.මෙම සිදුවීමම නැවත වරක් මැන්බිජි හි සිදු විය හැකිය.
 රුසියානු හමුදා පොලිසියේ ඒකක තවදුරටත් සිරියාවේ මැන්බිජ් නගරයේ බටහිර කොටසේ මුර සංචාරයේ යෙදෙමින් සිටිති.මෙම මුර සංචාර සිදු කෙරෙන්නේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි අල්-බාබ් හමුදා කවුන්සිලය සමග සහයෝගයෙනි.රුසියානු හමුදා පොලිස් ඒකක මෙම ප්‍රදේශයට කැඳවන්නේ 2018 දෙසැම්බර් මාසයේදීය.ඒ ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් කර ගන්නේ යැයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවයි.


තුර්කිය ප්‍රමුඛ හමුදාවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කල බව අෆ්රින් විමුක්ති හමුදා ජනවාරි මස 18දා නිවේදනය කලේය.ඔවුන්ගේ ප්‍රකාශයට අනුව අෆ්රින් විමුක්ති හමුදාහි සටන්කරුවන් ජින්ඩරෙස් ගම්මානය ආසන්න්යේ කඳවුරකට ජනවාරි මස 17දා එල්ල කල ප්‍රහාරයකින් අරාර් අල්-ෂාම් සටන්කාමී කණ්ඩායමේ සටන්කරුවන් 5 දෙනෙක් සහ තුර්කි හමුදා සෙබලුන් 2ක් තුවාල ලැබීය.

කලාපය තුල තුර්කියට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායම් සහ තුර්කි රජයේ හමුදා ඉලක්ක කර සිදු කරන ප්‍රහාර සම්බන්ධව වගකීම තමන් මත පැටවීම වළක්වා ගැනීම සඳහා කුර්දි මහජන ආරක්ෂක ඒකක විසින් අෆ්රින් විමුක්ති හමුදා නම් සන්නාමය නිර්මාණය කරන ලදි.මීට පෙර ජනවාරි 16 සහ 15 යන දිනවල එල්ල කල ප්‍රහාරවලින් තුර්කියට පක්ෂපාතී සටන්කාමීන් දෙදෙනෙක් මිය ගොස් 6 දෙනෙක් තුවාල ලැබීය.


ජනවාරි මස 7-13 අතර කාලයේදී සිය යුද ගුවන් යානාවල ප්‍රහාරවලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 200ක් විනාශ කල බව ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය ජනවාරි මස 19 දා සඳහන් කලේය.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අල්-කෂ්මාහ්,සිරාට් මාසූඩ් සහ අල්-ෂාෆාහ් යන ප්‍රදේශ අත්පත් කර ගත් බව සන්ධානය තහවුරු කලේය.

 උතුරු හමා ප්‍රදේශයේදී අන්තවාදී සටන්කාමීන් සමග ඇති වූ ගැටුම්වලදී ඉන්දුනීසියානු ත්‍රස්තවාදියෙක් මරා දමන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව රජයට පක්ෂපාතී ක්‍රියාකාරියෙක් ජනවාරි මස 18දා අනාවරණය කලේය.ත්‍රස්තවාදියා අබු මුජහිඩ් අල්-අන්ඩුනිසි යන නමින් හඳුනාගෙන තිබේ.ඔහු හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ විශේෂ බලකා සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබේ.මෙම ඒකකය රුසියා-තුර්කි යුද මුක්ත කලාප එකඟතාවය උල්ලංඝනය කිරීමේ සිදුවීම් ගණනාවකට වගකිව යුතුය.


හායට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ පාලනය යටතේ තිබෙන ඉඩ්ලිබ් නගරයේ ජනවාරි 18 සහ 19 යන දිනවලදී  බෝම්බ පිපිරීම් දෙකක් සිදු විය.පළමු බෝම්බය මෝටර් රථයක් තුල පිපිරී ගිය අතර එහිදී සටන්කාමීන් සහ සිවිල් වැසියන් 15 දෙනෙක් මිය ගොස් නවදෙනෙක් තුවාල ලැබීය.දෙවන පිපිරීම නිසා කාන්තාවන්,ළමුන් සිව්දෙනෙක් ඇතුලුව 8 දෙනෙක් තුවාල ලැබීය.

 ඉඩ්ලිබ් නගරයේ සිය මුරපොලක් ඉලක්ක කරගෙන සිදු වූ බෝම්බ පිපිරීමට පළිගැනීමක් වශයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 12 දෙනෙක් ජනවාරි මස 20දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම විසින් ඝාතනය කරන ලදි.මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ජනවාරි මස 18දා ඉඩ්ලිබ් නගරයේ දකුණු පිවිසිමේ අල්-මුටාලක් මුරපොලට එල්ල විය.එහිදී හයාට් ටරිර් අල්-ෂාම් සාමාජිකයෝ ඇතුලුව පුද්ගලයින් 15 දෙනෙක් මරණයට පත් විය.

ත්‍රස්තවාදීන් කණ්ඩායම ඝාතනයට පෙර ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සාර්මින් නගරයේ සිදු කල මෙහෙයුමකදී තවත් ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානමින් පසුවූ තිදෙනෙක් අත් අඩංගුවට ගන්නට හයාට් ටරිර් අල්-ෂාම් හි ආරක්ෂක අංශ සමත් වූ බව ඊබ්බා නම් පුවත් සේවය වාර්තා කර තිබිණි.




හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සමග අලුතින් ඇති කර ගත් එකඟතාවයකට අනුව තුර්කියට පක්ෂපාතී අරාර් අල්-ෂාම් කණ්ඩායමේ සටන්කාමීන් සිය ගණනක් වයඹදිග හමා ප්‍රදේශයට යළි කැඳවා තිබේ යැ‍යි නීඩා සිරියානු පුවත් සේවය ජනවාරි මස 19දා වාර්තා කලේය.මීට පෙර අරාර් අල්-ෂාම් කණ්ඩායම හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ඉදිරියේ පරාජය වී ප්‍රදේශයෙන් පසුබැස ගියහ.


 රුසියානු උපදේශකයන් සහ ලිවා අල්-කුඩ්ස් නම් රජයට පක්ෂපාතී පලස්තීන සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයින් පෙනී සිටින ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.එහි සඳහන් වූයේ ලිවා අල්-කුඩ්ස් සාමාජිකයෝ දින 45ක පුහුණු පාඨමාලාවක නිරත වන බවයි.









source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 21 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 21 Reviewed by HarshaLulzSec on January 23, 2019 Rating: 5

යුද ටැංකියක් හඳුනා ගනිමු- තුර්කියේ අල්ටායි යුද ටැංකිය

January 22, 2019
altay_turkish_main_battle_tank

අල්ටායි ව්‍යාපෘතිය හසුරවනු ලබන්නේ තුර්කියේ යුදෝපකරණ කර්මාන්ත උදෙසා වූ ආරක්ෂක අමාත්‍යාංශයේ උප මහ ලේකම් කාර්යාලය විසින්ය.එයට ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වශයෙන් මග පෙන්වන්නේ ඔටෝකර් සමාගමයි.
යුද ටැංකියක් හඳුනා ගනිමු- තුර්කියේ අල්ටායි යුද ටැංකිය යුද ටැංකියක් හඳුනා ගනිමු- තුර්කියේ අල්ටායි යුද ටැංකිය Reviewed by HarshaLulzSec on January 22, 2019 Rating: 5

සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක්

January 22, 2019
israel-conducts-massive-strike-on-iranian-targets-in-syria

ජනවාරි මස 20දා ඊශ්‍රායලයෙන් ඩැමැස්කස් නගරයේ දකුණු ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් සිරියානු අරාබි ගුවන් ආරක්ෂක බලකා විසින් ව්‍යර්ථ කරන ලදි.
සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක් සිරියාවේ ඉරාන ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක් Reviewed by HarshaLulzSec on January 22, 2019 Rating: 5

රුසියාවේ බැස්තියන්-පී වෙරළාරක්ෂක මිසයිල පද්ධතිය - කෙටි සටහනක්

January 20, 2019
brief-look-at-russias-bastion-p-coastal-defense-missile-system

බැස්තියන්-පී යනු රුසියානු නාවික හමුදාව යටතේ සේවයේ යොදවා තිබෙන වෙරළාරක්ෂක මිසයිල පද්ධතියකි.මෙහි "පී" අක්ෂරයේ අරුත "ජංගම" යන්නයි.මෙම මිසයිල පද්ධතියේ ප්‍රධාන භූමිකාව වන්නේ ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායම්,යුද නෞකා සහ ගොඩබෑම් යාත්‍රාය.සිරියානු යුද්ධයේදී බැස්තියන්-පී මිසයිල යොදාගෙන ගොඩබිම් ඉලක්කවලට පහර දුන්හ.
රුසියාවේ බැස්තියන්-පී වෙරළාරක්ෂක මිසයිල පද්ධතිය - කෙටි සටහනක් රුසියාවේ බැස්තියන්-පී වෙරළාරක්ෂක මිසයිල පද්ධතිය - කෙටි සටහනක් Reviewed by HarshaLulzSec on January 20, 2019 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 18

January 19, 2019
 syrian-war-report-jan-18-2019-syrian-military-reinforces-positions-in-northwestern-hama

වයඹදිග හමා හි සටන්කාමීන්ගේ පාලනය යටතේ තිබෙන කලාට් අල්-මඩියක් නගරය ආසන්නයේ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ටයිගර් බලකායේ ඒකක කැදවා ඇතැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර කිහිපයක් ජනවාරි මස 17 දා වාර්තා කර තිබිණි.මෙම ප්‍රදේශය ඉදිරියේ සිදු කිරීමට නියමිත ඉඩ්ලිබ් යුද මෙහෙයුමේ ආරම්භක ස්ථානයක් යැ‍යි ඉන් සංඥා කරයි.
සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 18 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 18 Reviewed by HarshaLulzSec on January 19, 2019 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 17

January 18, 2019
syrian-war-report-jan-17-2019-4-americans-killed-3-injured-in-isis-attack-in-manbij

ජනවාරි මස 16 දා ඇලපෝ පළාතේ මැන්බිජ් නගර මධ්‍යයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු විය.මුල්ම වාර්තාවලට අනුව ප්‍රහාරයක් පුද්ගලයන් 25 කට වැඩි පිරිසක් මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි කියවේ.ප්‍රහාරයෙන් ඇමෙරිකානු හමුදා සෙබලුන්ටත් හානි සිදු වූ බව වාර්තාවල සඳහන් වේ.ප්‍රහාරයෙන් මිනිත්තු කිහිපයකට පසුව මැන්බිජ් වෙත ගොඩබැස්ස වූ එච්-92 හෙලිකොප්ටර් යානයකින් තුවාල ලැබූවන් ඉවත් කර ගෙන තිබේ.
සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 17 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 17 Reviewed by HarshaLulzSec on January 18, 2019 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 16

January 17, 2019
syrian-war-report-jan-16-2019-chemical-attack-preparations-in-idlib-de-escalation-zone

අලුත් රසායනික අවි ප්‍රහාරයක් සඳහා සටන්කාමීන් ඉඩ්ලිබ් පළාතේ මාරෙට් අල්-නුමන් ප්‍රදේශයේ සූදානම් වෙමින් සිටින බව ජනවාරි මස 15 දා ඉන්ටර් ෆැක්ස් නම් පුවත් ආයතනය වාර්තා කර තිබුණි.

එම වාර්තාවට අනුව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සම්බන්ධ අජ්නඩල් අල්-කොකේසස්,ජයිස් අල්-ඊසා සහ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය යන සටන්කාමීන් කාණ්ඩ ලටාකියා,ඉඩ්ලිබ්,ඇලපෝ සහ හමා යන පළාත්වල රසායනික අවි ප්‍රහාර දියත් කිරීමට සූදානම් වෙමින් සිටියි.ප්‍රහාර එල්ල කිරීම බලාපොරොත්තු වන්නේ කාලතුවක්කු සහ මෝටාර් උණ්ඩවල විෂ වායු අන්තර්ගත කිරීමෙන්ය.ඊට අමතරව ඩ්‍රෝන් යානා ඔස්සේ විෂ රසයානික හෙළීමට සැලසුම් කර තිබේ.
සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 16 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 16 Reviewed by HarshaLulzSec on January 17, 2019 Rating: 5

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:ඊශ්‍රායල ප්‍රහාර ප්‍රතිඵල සහ ඉරානයේ චන්ද්‍රිකා දියත් කිරීම

January 16, 2019
iran-is-getting-ready-to-put-two-new-satellites-into-orbit

ඉරානය අලුත් චන්ද්‍රිකා 2ක් කක්ෂ ගත කරන්නට සූදානම් යැ‍යි එරට අභ්‍යාවකාශ ඒජන්සියේ ප්‍රධානියාගේ උපදේශකයෙක් වන සෙයීඩ් හොසෙයින් මුසාවි ඉරාන මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබුණේ ජනවාරි මස 14දාය.ඔහුට අනුව කක්ෂ ගත කිරීමට සූදානම් කර තිබෙන්නේ පායම්(පණිවුඩය) සහ ඩූස්ති(මිත්‍රත්වය) යන නම් වලින් හඳුන්වන චන්ද්‍රිකා දෙකයි.තවදුරටත් ඔහු කියා සිටියේ ඉරානය,චන්ද්‍රිකා දියත් කිරීමේ පද්ධති නිපදවිය හැකි මැදපෙරදිග ප්‍රමුඛ රාජ්‍යයක් බවයි.මේ සඳහා භාවිතා කරන අභ්‍යාවකාශ තාක්ෂණය කිසිදු විදෙස් රටකින් ලබා ගත් එකක් නොව ඉරානය තනිවම අත්පත් කර ගත් දෙයක් යැ‍යි හොසෙයින් මුසාවි පැවසීය.
චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:ඊශ්‍රායල ප්‍රහාර ප්‍රතිඵල සහ ඉරානයේ චන්ද්‍රිකා දියත් කිරීම චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:ඊශ්‍රායල ප්‍රහාර ප්‍රතිඵල සහ ඉරානයේ චන්ද්‍රිකා දියත් කිරීම Reviewed by HarshaLulzSec on January 16, 2019 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 15

January 16, 2019

ඊසානදිග සිරියාවේ කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි තුර්කි හමුදා මෙහෙයුමකට සහාය දක්වන බව හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ නායක  අබු මොහම්මඩ් අල්-ජුලානි ජනවාරි මස 14දා අම්ජාඩ් නම් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබේ.
සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 15 සිරියානු යුද වාර්තාව - 2019 ජනවාරි 15 Reviewed by HarshaLulzSec on January 16, 2019 Rating: 5

ගාසා තීරය:අසාර්ථක වූ ඊශ්‍රායල බුද්ධි අංශ මෙහෙයුම-හමාස් සංවිධානයේ හෙළිදරව්ව

January 15, 2019
hamas-reveals-details-of-failed-israeli-intelligence-operation-in-gaza-video-photos

ඊශ්‍රායල බුද්ධි අංශ විසින් 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ගාසා තීරය ඉලක්ක කරගෙන දියත් කල අසාර්ථක මෙහෙයුම සම්බන්ධ අලුත් තොරතුරු රැසක් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ජනවාරි මස 12දා හෙළි කරන ලදි.මෙම මෙහෙයුමෙන් පසුව දෙපාර්ශ්වය අතර ගැටුම් ඇවිලී ගියහ.
ගාසා තීරය:අසාර්ථක වූ ඊශ්‍රායල බුද්ධි අංශ මෙහෙයුම-හමාස් සංවිධානයේ හෙළිදරව්ව ගාසා තීරය:අසාර්ථක වූ ඊශ්‍රායල බුද්ධි අංශ මෙහෙයුම-හමාස් සංවිධානයේ හෙළිදරව්ව Reviewed by HarshaLulzSec on January 15, 2019 Rating: 5
Powered by Blogger.